~~ඇමරිකන් හමුදාවේ බිහිසුණු ලේසර් ට‍්‍රක් ş
මහ පොළොවේ යුද බිම්වල ගැටුම්වලට අලූත් තාක්ෂණයෙන් විවිධ දේ නිපදවෙනවා. ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක අවි නිෂ්පාදන සමාගමක් නව අවියක් සහිත ගොඩබිම් රථයක් තනා තියෙනවා.
බෝයිං සමාගම කියන විදියට රෝද අටක් ඇති අශ්ව බල 500ක් ජවයක් සහිත මේ ට‍්‍රක් රථයේ සවි කර ඇති කිලෝවොට් 10ක විශේෂ ලේසර් මෙවලම මගින් ආලෝකයේ වේගයෙන් ප‍්‍රහාර එල්ල කරන්න පුළුවන්. සාමාන්‍ය හමුදා කණ්ඩයක් සමග ගෙන යා හැකි මෙම ට‍්‍රක් රිය අසාමාන්‍ය බලයක් ඇති එකක්.
සාමාන්‍ය වාහනයක් ලෙස පෙනුනත් මෙහි සවිකර ඇත්තේ මෙතෙක් අත්හදා බලා පවා නැති අධි බලැති ලේසරයක්. මේ ට‍්‍රක් රථය හඳුන්වා ඇත්තේ අධි බලැති ලේසර ජංගම නිදර්ශකය (The High Energy Laser Mobile Demonstrator - HEL MD) කියායි. එය දැන් ක්ෂේත‍්‍රයේ අත්හදා බැලීම්වලට සූදානම් කරලයි තියෙන්නෙ. ඒ ප‍්‍රහාරක අවිය කෙතරම් ප‍්‍රබල ද කියා අපට එවිට දැන ගත හැකිවේවි.
මේ නවීන ලේසර් යුද්ධ රථය අනාගතයේ යුද පිටිය භීතියෙන් පුරවාවි.
ඇමරිකානු හමුදා බොහෝ කල් ඉඳලා බලාපොරොත්තු වෙන් හිටියේ බිමින් යන වාහනයකට සවි කළ හැකි ලේසර් අවියක් නිපදවීම ගැනයි. එවැනි අවියකින් සතුරු මිසයිල ආලෝකයේ වේගයෙන් විනාශ කළ හැකියි. ඒත් ඒ කටයුත්තට අදාළ ව්‍යාපෘතිය නිම කිරීම බලාපොරොත්තු වුණාට වඩා ප‍්‍රමාද වුණා.
ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ නව අවිය, සතුරු රොකට් ප‍්‍රහාරවලින්, ෂෙල් වෙඩිවලින්, මිසයිලවලින්, දුරස්ථව මෙහෙය වන මිනිසුන් රහිත යානාවලින් එල්ල වන ප‍්‍රහාරවලින් ඔවුන්ගේ පාබල හමුදාව ආරක්ෂා කර දෙන්නට සමත් වේවි කියා.
ඇමරිකන් හා මිත‍්‍රපාක්ෂික හමුදා කණ්ඩවලට දැනට, සතුරු රොකට්, ෂෙල්වෙඩි හා මෝටාර්වලට එරෙහිව ඇත්තේ සීමිත විකල්ප කීපයක් විතරයි. කෙටි දුර මිසයිල අහසේ රැුඳෙන්නේ තත්පර කීපයක් විතරයි. ඒ නිසා එවායින් ගැලවෙන්න ආරක්ෂක ස්ථානවලට යන්නවත් ප‍්‍රතිමිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන්න තරම් වෙලාවක් ඉතිරි වන්නේ නැහැ. ප‍්‍රතිප‍්‍රහාර ලෙසින් කාලතුවක්කු හා බර අවි ප‍්‍රහාර විශාල වශයෙන් එල්ල කිරීමේ දී සහයට එන මිත‍්‍රපාක්ෂිකවලට හමුදාවලට හානි විය හැකි ඉඩකඩත් වැඩියි.
නමුත් මේ නව ලේසර් ධාරාව ආලෝකයේ වේගයෙන්, එනම් තත්පරයකට සැ. 186,000ක් වේගයෙන්, ඉතාම නිවැරදිව ඉලක්කයකට ක්ෂණිකව එල්ල කළ හැකිවීම නිසා අනාගත යුද බිමේ මේවා පෙරළියක් කරනු සිකුරුයි.
බෝයිං ඍජු බලශක්ති පද්ධති ආයතනයේ උප සභාපති හා මෙම වැඩසටහනේ අධ්‍යක්ෂ මයික් රින් කියන්නේ, ”බෝයිං ආයතනයේ මේ නව ලේසර වැඩසටහන සඳහා යොදා ගෙන තියෙන්නෙ ඝන ද්‍රව්‍ය භාවිතයෙන් ලේසර් නිකුත් කරන තාක්ෂණයයි. එසේ කරන්න හේතුව රොකට්වලට, ෂෙල් වෙඩිවලට, මෝටාර් ප‍්‍රහාරවලට, ගුවනින් එන මිනිසුන් රහිත යානාවලින් කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව ආලෝකයේ වේගයෙන් ආරක්ෂක පියවර ගැනීමට යුදහමුදාවට ඉඩ සලසා දෙන්නටයි.” කියායි.
”මේ නව පද්ධතියේ අධි බලැති ලේසර් ධාරාව මේ අංශයෙන් අප ලැබූ විශේෂ ප‍්‍රගතියක්” ඔහු වැඩි දුරටත් කියනවා.
මෙහි ක්ෂේත‍්‍රයේ කෙරෙන අත්හදා බැලීම් ආදියත් බෝයිං සමාගම සමග ඇමරිකානු හමුදාව ඇති කර ගෙන ඇති කොන්තරාත්තුවේ කොටසක්. ඒ වැඩසටහන් බාර නිලධාරි බ්ලේන් බියර්ඞ්ස්ලි කියන්නේ, ”දෙවැනි අදියරේදි අපට අවස්ථාව ලැබෙනවා අපත් ඇමරිකානු හමුදාවේ අභ්‍යවකාශ හා මිසයිල ආරක්ෂක අංශයත් එක්ව වසර ගණනාවක් තිස්සේ කළ මේ ශ්‍රේෂ්ඨ කාර්යයේ ප‍්‍රතිඵල පෙන්වා දෙන්න හැකි වෙනවා” කියලයි.
”අපේ කණ්ඩායම මහත් උද්යෝගයෙන් තමයි ඉන්නෙ, මේ පෙරළිකාර පද්ධතියට සටන් බිමේදී මිනිස් ජීවිත බේරා ගනිමින් සිය කාර්යය ඉටු කරදීමට ඇති හැකියාව පෙන්වා දෙන්නට මේ අවස්ථාව එනතෙක්.” ඔහු වැඩිදුරටත් කියනවා.
පෙන්ටගනයට බොහෝ කල් සිට ඕනැකමක් තිබුණා ලේසර් අවි නිපදවන්නට. ඒ විද්‍යා ප‍්‍රබන්ධ කතාවල නිතරම හමුවන ජනපි‍්‍රය අවියක් ලෙස එය නිපදවන්නට නෙවෙයි.
ලේසර් අවි තැනීමට යෝජනා කරන අය කියන්නේ ඇදහිය නොහැකි වේගයකින්, ඉතාමත් නිවැරදිව කි‍්‍රයා කිරීමට ඊට ඇති හැකියාවත්, සාපේක්ෂව ඇති අඩු වියදමත්, කෙළවරක් නැති අවි ආයුධ හා වෙඩි උණ්ඩ භාවිතය අඩු කිරීමට ඉන් ලැබෙන පිටිවහලත් නිසා ඒ අවි භාවිතය සුදුසු බවයි. ඒ සඳහා අවශ්‍ය එකම දෙය විදුලි බලය පමණයි.
ඒත් මෙය යුද බිමට සරිලන පරිදි සකසා ගැනීම පර්යේෂකයන්ට ලොකු අභියෝගයක් වුණා. මෙහිදී අවශ්‍ය වන සිසිල් කිරීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම හා භාවිතයට පහසු වන සේ ප‍්‍රමාණය කුඩා කිරීම ඒ අභියෝග අතර කැපී පෙනුණා.
මෑත කාලයේදී රේතියෝන් හා නෝර්ත්‍රොප් ග‍්‍රම්මන් වැනි වෙනත් ආරක්ෂක අවි නිපදවන්නන් නැව්වල සවි කොට ගුවන්යානා බිම හෙළන්නට හා කුඩා යාත‍්‍රා ආදිය විනාශ කරන්නට හැකි ආකාරයේ ලේසර් අවි තැනුවා.
ඇමරිකන් හමුදාව ලේසර් අවි ගැන අත්හදා බැලීම් ආරම්භ කළේ හැත්තෑ ගණන්වල සිටයි. ඒත් මෑත වසර කීපය තුළ තමයි, අධි බලැති ලේසර් කිරණ අවියක් ලෙස නිසි ආකාරයට භාවිත කිරීමේ හැකියාව ඇති කර ගැනීමට පුළුවන් වුණේ.
කලින් පැවති ක‍්‍රමවල දී මෙසේ යොදා ගත්තේ රසායනික පදනම් කර ගත් ලේසර් කිරණ වූ බැවින් එහි අතුරු ප‍්‍රතිඵලයක් හැටියට අපද්‍රව්‍ය ලෙස මාරක වායු වර්ග නිකුත් කෙරුණා. බොහෝම මෑතකදී විද්‍යාඥයන් විසින් ඝන ද්‍රව්‍ය පදනම් කර ගත් ලේසර් කිරණ සංවර්ධනය කරනු ලැබීම නිසා සුසංගත කිරණ ධාරා ජනනය කළ හැකි ක‍්‍රම රාශියක් බිහිවුණා. ඒ ආලෝක විමෝචන දියෝඩය (LED) වැනි ඒවායි.
බෝයිං ආයතනය නිපදවා ඇති මේ කි.වෝ. 10 ලේසර දහර පෙන්ටගනය අපේක්ෂා කරන මට්ටමටම නැතත් මෙය කි.වෝ. 100 දක්වා වැඩි දියුණු කර ගත හැකි වෙතැයි ඔවුන් විශ්වාස කරනවා. බෝයිං සමාගම කියන්නේ ඔවුන්ගේ මේ පද්ධතියට අනාගතයේදී මෙයට වඩා ප‍්‍රබල ලේසර් දහරක් නිකුත් කළ හැකි වැඩි දියුණු කළ උපකරණ සවි කළ හැකි බවයි.
ඉස්සුවෙ : http://www.malkakulu.com/2012/10/blog-post_18.html