දෙපැත්තක් තියනවා.
මානව හිමිකම් වගේ දේවල් පාවිච්චි කරන්නේ පොඩි රටවල් පාලනය කරන්න සහ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න. එතකොට උන් කියන විදිහට නටන්න සිද්ධ වෙනවා. අනික උන් ඕන වෙලාවක අත ඇරලා දාන්න ඉඩ තියෙනවා.
ලංකාව වගේ රටක් ඇමෙරිකාවට හේත්තු වුනොත් උන් අපිව පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මිලිටරි කටයුතු සඳහා. පොම්පියෝ ඉල්ලුවෙත් ඒකම තමා. උන් අනික් රටවලට ඇරලා එක මොහොතක අත ඇරලා දැම්මම අපි අනාතයි.
මේක තමා ඉන්දියාවට දැන් වෙලා තියෙන්නේ. බිඩ්න් ඉන්දියාවට පොඩි ගේමක් දීල උන් තරහින් ඉන්නේ.
අනික් අතට චීනය වගේ රටවල් එක්ක ඉන්න එකේ අවුලක් තියනවා. මොකද ප්රජාතන්ත්රවාදය කියන එක අඩුයි. මිනිස්සුන්ගේ නිදහස සාපේක්ෂව අඩුයි. ඒකාධිපති ක්‍රම, පවුල් පාලන වගේ දේවල් වෙන්න තියන ඉඩ තියනවා. ඇත්තටම නං මානව හිමිකම් කියන දේවල් වල ලොකු වටිනාකමක් තියනවා. ඒත් ඒවා මේ බටහිර සහ පෙරදිග කඳවුරු දෙකෙන්ම දුෂණය කරලා තියෙන්නේ.
ඇත්ත කිව්වොත් ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ ඔය දෙකම නෙවෙයි. ඉන්දියාව ළඟ පිහිටීම.
මම විශ්වාස කරන්නේ අපිට දියුණු වෙනවනං නියම ක්‍රමය පන්සිල් රකින සමාජයක තියනවා. ඒත් එහෙම එකක් කවද හැදෙයිද?