ඇමරිකාවේ බුෂ් මහත්තය

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ඇමරිකාවේ බුෂ් මහත්තය

    george_w_bush_portrait_220925.jpg


    මේකයි සිද්ධිය බුෂ් මහත්තය ඇමරිකාවේ සැහෙන්න ප්‍රසිද්ධ බොරු ෂෝ එක දාල වැඩ අනාගන්න පොරක් විදිහටලු..
    ඔන්න ඉතින් දවසක් බුෂ් මහත්තයයි , ෆුට් බෝල් ගහන රොනාල්ඩෝ අයියයි , සින්දු කියන මැඩෝනා අක්කයි, අති උතුම් පාප්තුමයි , පහේ පන්තියේ මල්ලි කෙනෙකුයි
    කොහේදෝ ගිහිල්ල එන ගමන් එකම ප්ලේන් එකේ එන්න සෙට් උනාලු. (මේක පොඩි ප්ලේන් එකක් නියමුවයි මේ කස්ටියයි විතරයි ඉන්නේ)
    දැන් කට්ටිය කතා කර කර එනවා …..හරි…..
    මැඩෝනා අක්කා කියනවා එයාගේ සින්දු ගැන…එයා කොච්චර දක්ෂද සින්දු කියන්න… එයා දිනපු සම්මාන ගැන එහෙම.
    එතකොට රොනල්ඩෝ අයියා කියනවා එයා ෆුට් බෝල් ගහල දිනපු ඒවා….. අමාරු මැච් ගහල ටීම් එක බේරලා දුන්න ඒවා ගැන.
    පාප් තුමා කට්ටියටම දෙවියන් වහන්සේ ගැන තමා දේශනාව….
    පොඩි එකා ඉතින් මොනවා කියන්නද? මෑන්ස් බලාගෙන ඉන්නවලු.
    ඔය අස්සේ බුෂ් කියනවලු පොඩි එකට.. ” මේ ඒයි… චූටි මල්ලි, දන්නවද, මම තමයි ලෝකේ ඉන්න ස්මාර්ට්ම පොර , මම නැතුව අපේ රටේ කිසිම කෙනෙක්ට කිසිම දෙයක් හරියට කරගන්න තියා හිතාගන්නවත් බෑ…” “මම වැඩක් කලොත් ආයේ එකේ අහන්න දෙයක් නෑ ලෙසටම තියනවා” කියල….
    ඔහොම දැන් කියෝ කියෝ එනකොට නියමුවා කෑගහගෙන දුවගෙන ආවලු “මල කෙලියයි….. මේ හුචක්කුවේ ලෙඩක්, දැන් අපි කඩාවැටෙනවා….ඔක්කොමල්ල පැරිෂුට් දාගෙන පනින්න… “
    එහෙම කියල මිනිහ පැරිෂුට් එකක් අරන් පැන්නලු.
    දැන් මාර කෙස් එකලු බලද්දී, පස් දෙනෙක් ඉතුරු වෙලා හිටියට පැරිෂුට් තියෙන්නේ හතරයි..
    මැඩෝනා අක්කා අඩ අඩා කියනවලු “අනේ මම මැරුනොත් සංගීත ලෝකේ විනාසයි… ඒක හින්ද මම පැරිෂුට් එකක් අරන් පනිනම් ” කිව්වා වගේම එයා එකක් අරන් පැන්නලු…
    රොනල්ඩෝ අයියත් පැරිෂුට් එකක් අරන් පනින්න කලින් කිව්වලු “ෆුට් බෝල් වල අනාගතේ ගැන හිතලයි මම පනින්නේ ….” කියල…එයත් පැන්නලු..
    බුෂ් මහත්තය ආවලු… “ඇමෙරිකාව මම නැත්නම් ඉවරයි.. ඒක හින්ද වැඩි කතා ඕන නෑ. ඔන්න මමත් එකක් ගත්ත..” කියල එකක් අරන් පැන්නලු….
    දැන් අනේ.. ඉතුරු වයසක පාප් වහන්සේයි, අර පහේ පන්තියේ මල්ලියි විතරයි.
    පාප් වහන්සේ ළමයට කතා කරලා කියනවලු.. “දරුවා… මම වයසයි… තව ටික කාලයයි ජීවත් වෙන්නේ… ඒක හින්ද ඔයා මේ ඉතුරු වෙලා තියන පැරිෂුට් ඒක අරන් පනින්න..”
    එතකොට පොඩි ඒක කියනවලු “අවුලක් නෑ පාප් තුමනි අපි දෙන්නම පනිමු… පැරිෂුට් දෙකක් තියනවා අපිට… ලෝකේ ස්මාර්ට් පොර මගේ ස්කූල් බැග් ඒක තමයි අරන් පැනල තියන්නේ..



    කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
    REP දුන්නට තරහ වෙන්නේ නෑ

     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් ඕක කොහෙන්ද කොපි කරේ කියලා දන්නවා......
     
    • Like
    Reactions: shelan

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අනුන්ගෙන් ගෙඩි පිටින් කොපි කරලා රෙප් ඉල්ලන්න ලැජ්ජ නැද්ද බන්.....:eek::eek::eek::eek:
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    අනුන්ගෙන් ගෙඩි පිටින් කොපි කරලා රෙප් ඉල්ලන්න ලැජ්ජ නැද්ද බන්.....:eek::eek::eek::eek:

    ithin machan u link ekath daala tyenawane......:)
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අනුන්ගෙන් ගෙඩි පිටින් කොපි කරලා රෙප් ඉල්ලන්න ලැජ්ජ නැද්ද බන්.....:eek::eek::eek::eek:

    එකේ කතාව ලිව්වේ කවුද කියලත් බලල එන්න :):):)
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    I guess this is not an idea of a sri lankan guy ................. this is a translated Joke............ any way good post LOl