ඇමරිකාවේ වෙසෙන ඕනෑම කාළකන්නියෙකුට ළඟම ඇති තුවක්කු කඩයට ගොස් හැඳුනුම්පත හා මුදල් දික් කර තුවක්කුවක් හෝ තුවක්කු ගණනාවක් මිලට ගැනීමේ "අයිතිය" ඇත.
මීට කළින්ද මෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර මෙවර මෙන්ම කිඹුල් කඳුළු සැලීම් දැකිය හැකි විය. නමුත් මෙවැනි කොතරම් අහිංසකයින් මිය ගියද ඇමරිකානුවෝ කිසිදිනක "ආයුධ දැරීමේ ඊනියා අයිතිය" අත් හරින්නේ නැත. ඇමරිකාව බිහි කළේද, එක්සත් කළේද, පවත්වාගෙන ගියේද, පවත්වාගෙන යන්නේද ආයුධ බලයෙනි.
ඇමරිකාවේ මෙවන් කියමනක් ඇත -- "If guns are outlawed, only outlaws will have guns"
නමුත් මේ මැට්ටන්ට නොතේරෙන දෙය නම් ඕනෑම රටක outlaws ලාට ආයුධ ඇති බවයි. (නමුත් පාසල් වල වෙඩි තබන අමනයන් බිහි කිරීමට සමත් වී ඇත්තේ රටවල් කීයද?)
මේ අහිංසකයන් වෙනුවෙන් හෙළන සියළු ඇමරිකන් කඳුළු කිඹුල් කඳුළු පමණි. ඔබාමාද කිඹුල් කඳුළු හලනු දැකිය හැක. ආයුධ සීමා කිරීමට ඔහුට කොන්දක් තිබේද?