ඇමරිකාවේ Graphite බයියෝ 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    එක පාරයි වැරදුනේ.. ‘ග්‍රැෆීන්’ කියා පනස් වතාවකට වඩා හරියට කියා තිබෙනවා..- අනුර ඇමරිකාවේ සිට

    image_1490817007-65f93c27f6.jpg


    තමන් ග්‍රැෆීන් වෙනුවට ග‍්‍රැපයිට් ලෙසින් පැවසීමෙන් සිදුවූ වචනයක අත්වැරදීම අද වන විට සමාජය තුළ විශාල කතාබහකට ලක්ව ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    නමුත් තමන් තමන් එම වචනය නිවැරදි ආකාරයෙන් පනස් වතාවට වඩා පවසා ඇතත් ඒ ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වූයේ නැතැයිද ඒ මහතා පැවසීය.


    ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය

    නමුත් වඩා ප‍්‍රබල වන්නේ තමා අතින් සිදුවූ වචනයක වරද ද ලංකාවට සිදු වී ඇති වරද දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.