Youtube බලල නිගමන වලට එන මෝඩ යක්කු එක්ක තර්ක කරල වැඩක් නැති නිසා මේ නොකර සද්ද ඉන්නේ..seven eleven එකකට super market එකක් කියල කියන මෝඩ යකෙක් ලියපු ලිපියක් නිසා මේක ඇදෙන දුර ඇත්තටම විහිළුවක්...ඔය ලිපිය කියවපු ගමන් මුල් පිටුවේම මම රිප්ලයි එක දැම්මේ ජීවිතේ බේරාගෙන ඔකේ රස්සාව කරපන් කියලයි.. බැලුවාම මේක copy paste කියල දැක්කාම ත්‍රෙඩ් එකට රිප්ලයි ලියන එක තේරුමක් නැහැ කියල හිතන් උන්නේ.. එත් දැන් බැලුවාම මේ මෝඩ යකෙක් ලියපු ලිපියක් නිසා කව්රුහරි මුළු ඇමෙරිකාව ගැනම කළු පාටින් බලනවානම් එක මෝඩ වැඩක්.. Seven Eleven එකකට super market කියන එකෙක් මම හිතන්නේ නැහැ ලංකාවේ food city එකකටවත් ගිහින් ඇති කියල.. මු මේ කියන seven eleven කියන එක ලංකාවේ තියන food city එකක 1/8 තරම් වත් නැති පොඩි කඩයක්.. එහෙව් එකෙකුගේ මෝඩ ලිපියක් අල්ලාගෙන අපේ youtube වීරයෝ කියන දේවල් ඇහුවාම අධෝමුකයෙනුත් හිනා.. උඹල පව් බන්.. ලංකාව වගේ සිය දහස් ගුණයක් ලොකු රටක් ගැන හිතින් හිතල වීඩියෝ බලල තීරණ ගන්න එපා බන්.. අවුරුදු පහකට කලින් මමත් ඇමෙරිකාවට එද්දී දකින්න හිතුවේ Hollywood films වල පෙන්නන අමෙරිකාවක්.. එත් සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස්...
මොලේ තියන ඕනෑම කෙනෙකුට දියුණු වෙන්න ඕන තරම් පාරවල් සහ අවස්ථාවල් මේ රටේ තියනවා.. ඔය ලිපිය ලියපු seven eleven එකේ වැඩ කරන එකා වගේම මමත් මේ රටට ආපු ගමන් මමත් මාස තුනක් මගේ සුදුසුකම් වලට රස්සාවක් හෙව්ව .. එත් ලැබුනේ නැහැ.. ඊට පස්සෙ කඩේක රස්සාවක් ලැබුන.. පලවෙනිරස්සාව ලැබුනෙ කඩේක තමයි.. ..මට පඩිය ලැබුනෙ පැයට ඩොලර් 6.50යි..කරේ කම්කරු රස්සාවක්.. ලංකාවේදී වාහන දෙක තුනක් පාවිච්චි කරපු , පයින් එක හැතක්මයක් නොගිය මම උදේ හවස වැඩට ගියේ පයින්.. හිම වැටෙන දවස්වලට රෑ දෙකට වැඩ ඉවරවෙලා ආවේ පයින්..උදේ හවස දෙපැත්තට හැතැක්ම 6ක් පයින් ගියේ..අද මගේ පඩිය පැයට ඩොලර් 20 ක් + over time (පැයකට පැය එකහමාරක් )+ company vehicle + laptop + company paid phone + company fuel .. දැන් මට පැයට 20ක් ලැබුන කියල මම එතන ලගින්නෙත් නැහැ ඉහලට යන්න උත්සහ නොකර..දැන් තියන experience එක අනුව වෙන කොම්පැනියකට යනවනම් පැයට 25 ක් ඉල්ලලා යන්න පුළුවනි.. තව අවුරුදු පහක් යද්දී මට මගේම කියල කොම්පැනියක් තියේවි..ඒ තමයි මගේ ටර්ගට් එක..ඒ තමයි මේ රටේ තියන පහසුව සහ නිදහස..
ඔය seven eleven එකා වගේම තමුන්ගේ වුර්තියට අදාළ රස්සාව හොයන්නේ නැතුව හිටියනම් මමත් තාමත් 6.50 ට වැඩ .. ලෝකේ කොයි රටක හිටියත් වුර්තියක් ඉගෙනගෙන නැති නැති මිනිස්සුන්ට ඒ රටවල් අපායවල් තමයි.. මේ රටෙත් මෙහෙ citizen ලාටත් ඒ තියරිය එහෙමම වලංගුයි.. මෙහෙම ලිව්වා කියල මම ඇමෙරිකන් ගැත්තෙක් නෙවෙයි.. මම ශ්‍රීලාංකිකයෙක්... උනන්දුව තියන කෙනෙකුට ඉතියෝපියාවේ හිටියත් දියුණු වෙන එක මහා දෙයක් නෙවෙයි.. උනන්දුව නැති එකාට ඩොලර් කන්ටේනර් එකක් ගෙනල්ල මිදුලෙ බෑවත් වැඩක් නැහැ .. ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ ජීවිත ගැන පොතක් ලියන්න අත්දැකීම් තියෙනව මට.. මිනිස්සු විඳින දුක් අනන්ත පියවි අහිං දැකල තියෙනවා..එත් ඒ බහුතරයක් මිනිස්සු දුක් විඳින්නෙ එයාලගේ වරදින් මිසක් රටේ වරදින් නෙවෙයි.. මිනිස්සු අනාගතේ වෙනුවෙන් වර්තමානය ආයෝජනය කරන්න බයයි.. ඒ හින්ද තමයි මිනිස්සු දුක් විඳින්නෙ ... වීඩියෝ වල පෙන්නුවට , කව්රුවත් කිව්වට කිසිම දෙයක් 100% ක් විශ්වාස කරන්න එපා.. කව්රුවත් තමුන්ගේ පැත්තේ වරද හෝ දුර්වලකම එළිපිට කියන්නේ නැහැ..
බොහෝම ඉස්තුතියි පොල්වත්තකොමෝ .. රේප් +
උඹ දන්නවද මේ ලිපිය නිසා හුඟක් දේවල් දැනගත්ත එලකිරිය ගැන.. සිරාගේ කාමරෙන් ඇතුල් වෙලා තව බ්ලොග් කීපයක ඇවිදලා පුදුම කලකිරීමකින් එලියට ආවේ.. ඉතිහාසය හරිම චී මචන් ...

මොකක්ද පොල් මාමෙ ඔයාගෙ වුර්තිය ?![]()
මෙහෙ තියන ආතල් නැති වෙනව නේ වෙන රටකට ගිය ගමන්
ඇමරිකාවෙ මේ දවස් වල පොලිසිය පිස්සු කෙලිනව නේ ? ගොඩක් එවුන් මලා නේ පහුගිය මාස 2-3 අතරෙ![]()
ලංකාවෙ තියන ආතල් කොහෙද බන් ලෝකේ කොතැනවත්.. අපිට එහෙම හිතෙන්නේ ලංකාව අපේ උපන් රට නිසා. මනුස්සයෙකුට තමුන් උපන් බිම තමයි ආතල්ම රට වෙන්නේ.. නීතිය හැමට එක සේ ක්‍රියාත්මක නිසා අපරාද හුඟක්ම අඩුයි බන්.. ලංකාවේ වගේ සල්ලි කොළ වලටයි දේශපාලනේටයි යට වෙන පොලිසියක් මෙහෙත් තිබ්බනම් මේ රටවල පාරේ බහින්න බැරි වෙනවා.. ලංකාවට වෙලා තියෙන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා මොනිස්සු වැරදි කරන්න බය නැහැ.. මෙහෙ එව්වා බැහැ .. හැම පොලිස් නිලධාරියෙකුගේම අතේ ගිනි අවිය අනිවාර්යයි.. එයාලට එයාලගේ ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියන්න පුළුවනි.. මෙහෙ citizen ලට පුද්ගලික ගිනි අවියක් පාවිච්චි කරන්න පුළුවන් නිසා නීතිය ක්‍රියාත්මක කරන්න එන ඕනෑම පොලිස් නිලධාරියෙක් ඕනෑම දෙකට ලැහැස්ති පිට තමයි එන්නෙ .. ඒ හින්ද රස්සාව නැති උනත් ජීවිත් බේරගන්න ඕන නිසා එයාල එයාලගේ අවම බලය පාවිච්චි කරනව .. පොලිසිය වැරදි තැන් ඇති.. එත් බුද්ධිය තියන මිනිස්සු ගැටුම් ඇතිකරගන්න යන්නේ නැහැ.. ලෝකෙ කොතනත් වගේ මොලේ නැති මෝඩ හරක් වෙඩි කන තැනට පත්වෙන්නේ එයාලගෙම මෝඩ වැඩ නිසා.. එක්කො බීමත්කම නිසා..එහෙම නැතුව පාරේ පාඩුවේ යන මිනිස්සුන්ට පොලිසියෙන් වෙඩි තියන්නේ නැහැ.. පාරේ පාඩුවේ යන වාහන නවත්තල බලපත්‍ර තියෙනවද බලන්නෙත් නැහැ..
ඇමෙරිකාවේ අවුරුද්දට එකෙක් දෙන්නෙක් පොලිසියෙන් වෙඩි කාල මැරෙනවා ඇති.. එත් අපේ රටේ අවුරුද්දකට කී දෙනෙක් පොලිසිය හින්ද විවිද අයුරින් පීඩාවට පත්වෙනවද, ගුටි කනවද, නොකරපු වැරදි වලට හිරේ තපිනවද.. එහෙම දේවල් දන්නා විදිහට මෙහෙ නැහැ..
සමහර වෙලාවට ලංකාවෙන් කව්රුහරි කෝල් කරපු වෙලාවක කියනකම් අපි දන්නෙත් නැහැ මෙහෙ වෙන දේවල්.. ලංකාවේ මාද්‍ය වලට කියන්න ප්‍රවුර්ති නැති උනාම කොහෙන් හරි කුණු ගොඩක් හොයල මිනිස්සුන්ට කියනවා.. එත් රට ඇතුලේ ඊට වඩා දාහක් දැවෙන ප්‍රශ්න තියෙද්දී.. දක්ෂයින්ට දියුණු වෙන්නත් මෝඩයින්ට නැතිවෙන්නත් සුපිරි භූමියක් මේක..
එළකිරි කතාව පොල්වත්ත. උඹ කොහොම කිව්වත් තේරෙන්නේ නැති, විමල් වීරවංසගේ ජාතියේ සෙට් එකක් ඉන්නව ලංකාවේ. උන්ට කොහොම කිව්වත් තේරෙන්නෙ නැහැ. ගොඩක් උන් වෙන රටකට තියා ප්ලේන් එකකටවත් නැගල නැති උන්. උන් ෆිල්ම් බලල තමයි රටවල් ගැන දැන ගන්නෙ. ෆිල්ම් බලල ලංකාව ගැන දැනගන්න විදියක් නැහැ මොකද ලංකාවට අප්සෙට් වෙන ෆිල්ම් මෙහෙ පෙන්නන්න දෙන්නෙ නැති නිසා. ඇමරිකාවේ ඕනේ පුකක් පෙන්නන්න දෙනවා ඒ රටේ තියෙන නිදහස නිසා. මෙහෙ උන් හිතාගෙන ඉන්නෙ රටත් ඒ වගේ කියල.
ගොඩක් උන්ට තියෙන්නෙ ඊරිසියාවයි කුහක කමයි.
හැබැයි මම ඇමරිකාවට අකමැති එකම දෙයක් තියෙනවා. ඒ තමයි උන්ගේ විදේශ ප්‍රතිපත්තිය. හැබැයි ඉතින් ලංකාවේ දෙස්පාලුවන්ටත් ඇමරිකාවේ වගේ බලයක් තිබුන නම් අපේ උනුත් මොනවා නොකරයිද මේ ලෝකෙට. ඇමෙරිකන් උන් හොඳයි කියල හිතෙයි.

ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති ගැන මටත් ගැටළු සහගත තැන තියනව් මචන්.. එත් රටවල් බලන්නේ තමුන්ගේ රටේ රට වැසියා සැපෙන් සුවෙන් තියන්න පුළුවන් විදිහේ විදේශ ප්‍රතිපත්ති හදන්නයි.. එතැනදී ඇමෙරිකාව ඒ පැත්තෙන් හරි ඇති.. ඕනෑම කෙනෙක් බලන්නේ තමුන් නැගී හිටින්න තමයි..
අපිට බෞද්ධ ශිෂ්ඨාචාරය ඇතුලේ ආත්මාර්ථය කියන දේ වැරදි සහ පවු සිද්දවෙන ලජාසහගත දෙයක් විදිහට බුදුරජානන් වහන්සේ උගන්වපු නිසා අපි ඒ දිහා බලන්නේ වෙනස් ආකාරයෙන්.. සත්‍ය වශයෙන්ම බුදු දහම අනුව ඒ ප්‍රතිපත්ති සමහර වෙලාවට අනෙකුත් අයට හානිදායකයි..
එත් ලංකාවේ අපේ රටේ ජීවත්වෙන එක සමාජ ස්තරයක් ජීවිතේ ගෙනියන්නේ ඇමෙරිකාව ලෝකෙට දක්වන ප්‍රතිපත්තියෙන්ම තමයි කියල තේරෙන්නේ නැද්ද මචන්.. අනෙක් එකාට හෙන ගැහුවත් එයාල එයාලගේ ජීවිතේ සැපෙන් සුවෙන් පහසුවෙන් අරන් යනවා.. මිනිස්සු එයාලට ඒ ජීවන තත්වය ගෙනියන්න බදු බර අදිනව..සමහර වෙලාවට ඇමෙරිකාව ලෝකෙට දක්වන සාධාරණ භාවය වත් ආපේ රටේ පාලක පන්තිය ජනතාවට දක්වන්නේ නැහැ.. ඕනෑම වෙලාවක දේශපාලන වාසියක් වෙනුවෙන් රටම උනත් උගසට තියන්න තරම් අපේ රටේ පාලකයින් ජරාජීරණ වෙලා.. එහෙව් රටක ජනතාව වෙච්ච අපි අපේ ප්‍රශ්න දිහා හරි ආකාරයෙන් බලල එව්වට විසඳුම් හොයන්නේ නැතුව ඇමෙරිකාව ඊශ්‍රායලයට හෝ පලස්තීනෙට දක්වන ආකල්පය ගැන හිතන එක හරිම විහිළුවක් බන්.. ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට මම අපිව දකින්නේ වතුර රත්වෙනකම් හට්ටියේ දිය කෙලින කකුළුවෝ ටිකක් වගේ.. රටක් විදිහට කිසිම සාර්ථක ආර්ථික ක්‍රමවේදයක් නැති ක්‍රමයක් එක්ක, කුඩු කාරයෝ, පාතාලයෝ, අටටවත් ඉස්කෝලේ නොගිය එවුන් පාලනය කරන රටක පුරවැසි අපි ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරන එකත් විහිළුවක් බන්...ඇත්තටම හරිම කනගාටුයි අපේ රට සහ අපි ගැන..
ලංකාවෙ තියන ආතල් කොහෙද බන් ලෝකේ කොතැනවත්.. අපිට එහෙම හිතෙන්නේ ලංකාව අපේ උපන් රට නිසා. මනුස්සයෙකුට තමුන් උපන් බිම තමයි ආතල්ම රට වෙන්නේ.. නීතිය හැමට එක සේ ක්‍රියාත්මක නිසා අපරාද හුඟක්ම අඩුයි බන්.. ලංකාවේ වගේ සල්ලි කොළ වලටයි දේශපාලනේටයි යට වෙන පොලිසියක් මෙහෙත් තිබ්බනම් මේ රටවල පාරේ බහින්න බැරි වෙනවා.. ලංකාවට වෙලා තියෙන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා මොනිස්සු වැරදි කරන්න බය නැහැ.. මෙහෙ එව්වා බැහැ .. හැම පොලිස් නිලධාරියෙකුගේම අතේ ගිනි අවිය අනිවාර්යයි.. එයාලට එයාලගේ ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියන්න පුළුවනි.. මෙහෙ citizen ලට පුද්ගලික ගිනි අවියක් පාවිච්චි කරන්න පුළුවන් නිසා නීතිය ක්‍රියාත්මක කරන්න එන ඕනෑම පොලිස් නිලධාරියෙක් ඕනෑම දෙකට ලැහැස්ති පිට තමයි එන්නෙ .. ඒ හින්ද රස්සාව නැති උනත් ජීවිත් බේරගන්න ඕන නිසා එයාල එයාලගේ අවම බලය පාවිච්චි කරනව .. පොලිසිය වැරදි තැන් ඇති.. එත් බුද්ධිය තියන මිනිස්සු ගැටුම් ඇතිකරගන්න යන්නේ නැහැ.. ලෝකෙ කොතනත් වගේ මොලේ නැති මෝඩ හරක් වෙඩි කන තැනට පත්වෙන්නේ එයාලගෙම මෝඩ වැඩ නිසා.. එක්කො බීමත්කම නිසා..එහෙම නැතුව පාරේ පාඩුවේ යන මිනිස්සුන්ට පොලිසියෙන් වෙඩි තියන්නේ නැහැ.. පාරේ පාඩුවේ යන වාහන නවත්තල බලපත්‍ර තියෙනවද බලන්නෙත් නැහැ..
ඇමෙරිකාවේ අවුරුද්දට එකෙක් දෙන්නෙක් පොලිසියෙන් වෙඩි කාල මැරෙනවා ඇති.. එත් අපේ රටේ අවුරුද්දකට කී දෙනෙක් පොලිසිය හින්ද විවිද අයුරින් පීඩාවට පත්වෙනවද, ගුටි කනවද, නොකරපු වැරදි වලට හිරේ තපිනවද.. එහෙම දේවල් දන්නා විදිහට මෙහෙ නැහැ..
සමහර වෙලාවට ලංකාවෙන් කව්රුහරි කෝල් කරපු වෙලාවක කියනකම් අපි දන්නෙත් නැහැ මෙහෙ වෙන දේවල්.. ලංකාවේ මාද්‍ය වලට කියන්න ප්‍රවුර්ති නැති උනාම කොහෙන් හරි කුණු ගොඩක් හොයල මිනිස්සුන්ට කියනවා.. එත් රට ඇතුලේ ඊට වඩා දාහක් දැවෙන ප්‍රශ්න තියෙද්දී.. දක්ෂයින්ට දියුණු වෙන්නත් මෝඩයින්ට නැතිවෙන්නත් සුපිරි භූමියක් මේක..

sira kathaawa machan 

Youtube බලල නිගමන වලට එන මෝඩ යක්කු එක්ක තර්ක කරල වැඩක් නැති නිසා මේ නොකර සද්ද ඉන්නේ...

Umbath moda thadiyekda ban? Yako oya nikan YouTube videos newei US wala news!
Suddoth kiyanawa unge ratawal amu chater kiyala umbala wage Lankawen giya goda suddo kiyanawa US supiri ratak kiyala.
Lankawe oya US wala tharan murders wenawada? Laminta iskola ethulatama gihin wedi thienawada? Umba kiyanne ohe underworld,drugs na kiyalada? mata mewa okkotama stats denna puluwan. Umbala wage US walata kade yana ewun ekka katha karala wedak na![]()
මචන් උඹ නිව්ස් හෝ වීඩියෝ බලල ද ඇමරිකාව ගැන නිගමනයකට ආවේ ?
උඹ මෝඩ තඩිය කියන පොල්වට්ටේ ඉන්නේ ඇමරිකාවේ
දැන් වීඩියෝ වල පෙන්නන දේද පිළිගන්නේ ඒ රටේ ඉන්න අපේ එකා කියන දේ ද ?
Location: USA wuna paliyata umba danne kohomada meya eththatama USA da kiyala? meya eththatama USA wunath meya samaniya pudgalayek nisa boru kiyanna puluwan namuth news wala dena ewa 99% hari
නිව්ස් වල 99% හරි කියල ඔයා කියන්නේ කොහොමද ඔයා එහෙ ගිහින් බැලුවදනිව්ස් වල 99% හරි කියල ඔයා කියන්නේ කොහොමද ඔයා එහෙ ගිහින් බැලුවද