ඇමරිකාවේ_ජීවිතය

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මමත් DC වල ගැස් ස්ටේෂන් එකෙක වැඩ කළා ඉස්සර ග්ලාස් එකේ වෙඩි තියපු පාරවල් 3ක් තිබ්බ රැට තමා ඉන්න බයම එලියට යන්නන තියන්නේ ඈතුල්වෙන දොරෙන්ම තමයි කල්ලෙක් ඇවිත් ඔලුව කුඩුවෙන්න තියයි ද කියල බයේ හිටියේ ,,,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    සුබපැතුම් මචන්... දැන්නම් උබ ස්ටබල් ඇති කියල හිතනවා...
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ආශ්වාද බලාපොරොත්තුවෙන් නේද මචන් ඔච්චර කට්ටක් කන්නේ. අර බලාපොරොත්තු නිසා විදින දුක වැහෙනවා. තියෙන පමණින් තමුන්ගේ රටට වෙලා ජීවත් වෙන මට්ටමට හිත හදා ගත්තනං ඔයිට වඩා හොඳ නැද්ද?මේක දැම්මේ අනාගතේ ඔය කට්ට කන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නැවත හිතන්න සලස්වන්න
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආශ්වාද බලාපොරොත්තුවෙන් නේද මචන් ඔච්චර කට්ටක් කන්නේ. අර බලාපොරොත්තු නිසා විදින දුක වැහෙනවා. තියෙන පමණින් තමුන්ගේ රටට වෙලා ජීවත් වෙන මට්ටමට හිත හදා ගත්තනං ඔයිට වඩා හොඳ නැද්ද?මේක දැම්මේ අනාගතේ ඔය කට්ට කන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නැවත හිතන්න සලස්වන්න

    මේ රටේ ගොඩයන්න අවස්තා ඕන තරම් තියනව :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මමත් DC වල ගැස් ස්ටේෂන් එකෙක වැඩ කළා ඉස්සර ග්ලාස් එකේ වෙඩි තියපු පාරවල් 3ක් තිබ්බ රැට තමා ඉන්න බයම එලියට යන්නන තියන්නේ ඈතුල්වෙන දොරෙන්ම තමයි කල්ලෙක් ඇවිත් ඔලුව කුඩුවෙන්න තියයි ද කියල බයේ හිටියේ ,,,
    සැප විදින්නඩනම් දුක්විදිනඩ වෙනවා පොඩි කාලෙකට හරි ඒ වුනාට කවදාවත් බන් ලයිෆ් එක රිසක් එකට තියන්ඩ හොද නැ ඊට වැඩිය හොදයි මේ රටේ ඉන්න විදිහට ඉන්නවා මට නම් හිතෙන හැටියට.

    ආශ්වාද බලාපොරොත්තුවෙන් නේද මචන් ඔච්චර කට්ටක් කන්නේ. අර බලාපොරොත්තු නිසා විදින දුක වැහෙනවා. තියෙන පමණින් තමුන්ගේ රටට වෙලා ජීවත් වෙන මට්ටමට හිත හදා ගත්තනං ඔයිට වඩා හොඳ නැද්ද?මේක දැම්මේ අනාගතේ ඔය කට්ට කන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නැවත හිතන්න සලස්වන්න
    :yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    වැදගත් :love:
    abc0d3be6c68b4d4b07908e699c43403_18098.png
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට එන අයත් උත්සාහ කරන්නෙ.

    ග්‍රීන් කාඩ් ලොතරැයියෙ ජයග්‍රාහකයෙක් විදියට මෙහෙට පය තියලා මගේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් ලැබෙනකං ලේසියෙන් පහසුවෙන් හොයාගන්න පුලුවන් සුපිරි වෙළඳ සැලක රැකියාවකට මමත් එකතු උනා. පස්සෙ කාලෙක වෘත්තීය සුදුසුකම් අනුව රස්සාවක් ලැබුනත් මම අදටත් සෙනසුරාදා රාත්‍රිය මේ සුපිරි වෙළඳසැල් ජාලයේ ශාඛාවක තට්ට තනියම සේවය කරන්නෙ අපි ඇමරිකාවට ආවෙ හැකි තරමක් සල්ලි එකතු කරගෙන ආයෙත් ලංකාවට එන්න බව තවමත් මට අමතක නැති හින්දයි.

    මගේ සේවා ස්ථානය

    IMG_1849.JPG


    සෙවන් ඉලෙවන් කියන්නෙ ලෝකයේ බොහෝ රටවල තියෙන සුපිරි වෙළඳසැල් ජාලයක්. මේ වෙද්දි ලෝකය පුරා ශාඛා 53000 කට කිට්ටුව තියෙනවා කියලයි කියන්නෙ. මේ ව්‍යාපාරයේ ආරම්භය 1927 දක්වා දුරකට විහිදෙනවලු. ඇමරිකාවෙ ටෙක්සාස් වල තියෙන මව් සමාගමේ අනුමත ශාඛාවන් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. මේ යටතෙ ගොඩාක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් මේ ශාඛා පවත්වාගෙන යනවා. මම සේවය කරන තැනත් ප්‍රධානියා ඉන්දියානුවෙක්. ඉන්දියානුවන්ට වගේම ලංකාවෙ අයටත් මේ අය රැකියාවන් ලබාදෙනකොට ප්‍රමුඛතාවය දෙන්න‍ෙ ඇමරිකාවෙ ඉන්න අපේ රටේ අය වැඩට කම්මැලි නෑ කියලා නමක් හැදිලා තියෙන නිසයි.

    සෙවන් ඉලෙවන් සුපිරි වෙළඳසැල් ජාලයෙ 1946 වෙනකං තිබිලා තියෙන්නෙ වෙන නමක්. 46 දි විවෘතව පවතින වෙලාව උදේ 7 ඉඳන් රාත්‍රී 11 දක්වා වෙනස් කරපු නිසා අලුතින් තමන්ගෙ ලාංජනය හදලා ඒ කථාව එතනට සම්බන්ධ කරලා. වර්තමානයේ මේ වෙළඳසැල් පැය 24 ම විවෘතව තිබුනත් තවමත් පරණ ලාංජනයම තමයි යොදාගන්නෙ.

    මේ වෙළඳසැල් ජාලයේ ශාඛාවකට සේවකයෙක් විදියට එකතු උනාම මුලින්ම ලැබෙන අභියෝගය තමයි මුදල් රෙජිස්ටරය හරියට හසුරවන විදිය ඉගෙන ගන්න එක. මෙලෝ සංසාරයක් නොදන්නා කෙනෙකුට උනත් දවස් 3ක් ඇතුලත එය පුරුදු වෙන්න පුලුවන්.


    IMG_1840.JPG


    සාමාන්‍යයෙන් සේවා මුරයක් පැය 8 යි. දවසකට පැය අට බැගින් සතියකට පැය හතලිහක සේවා කාලයක් එක සේවකයෙකුට ලැබෙනවා. මේ පැය 40 ඇතුලෙ ඉටු කල යුතු වගකීම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් පිරිසිදු කිරීම් වලට ඉහළ ස්ථානයක් හිමි වෙනවා. අඩුම වශයෙන් දිනකට තුන් වරක් වත් පොළව හෝදන්න ඕනෙ. මේ වැඩේ තමයි මට නම් අපහසුම වැඩකට තියෙන්නෙ.

    IMG_1839.JPG


    ගොඩාක් තැන් වල දවල් කාලයට සේවකයො දෙන්නෙක් ඉන්නවා. ගණුදෙනුකාරයො විශාල ප්‍රමාණයක් ගැවසෙන කොට දෙන්නම භාණ්ඩ විකුණනවා. එහෙම නැත්තං එක්කෙනෙක් භාණ්ඩ විකුණනකොට අනිත් කෙනා පිරිසිදු කරන වැඩ ටික කරනවා. අපිට කරන්න තියෙන තවත් අපහසුම කාර්යයක් තමයි අධිශීතකරණ තුල භාණ්ඩ ගබඩා කිරීම. පළපුරුද්ද තියෙන කොට මේ වැඩේ හරිම ලේසියි. විවිධ වෙළඳ නාම යටතේ අති විශාල කෑම බීම වර්ග ප්‍රමාණයක් ගබඩා කරන එක සෙල්ලං නෑ. ඒ ඒ වෙළඳ නාමයට හිමි ස්ථානයේ ඒවා තිතට නූලට ගබඩා කරන්න ඕනෙ. විශාල කාමර වගේ තියෙන අධිශීතාගාර ඇතුලෙ තියෙන සීතල දරාගනිමින් මේ වැඩේ කරන එක මුල් කාලෙ නම් වහ කනවා වගේ වැඩක්.

    IMG_1842.JPG


    සෙවන් ඉලෙවන් වෙළඳ සැල් අැතුල‍ෙ විවිධාකාරයේ බීර වර්ග හා වයින් වර්ග විකිණීමට තියෙනවා. මම ජීවත් වෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව මධ්‍යසාර මිළදී ගැනීමට වයස 21 සම්පූර්ණ කල යුතුයි. දුම්වැටි සඳහා වයස 18 සම්පූර්ණ කල යුතුයි. හැම වෙලාවෙම තරුණ තරුණියන්ට මධ්‍යාසාර හෝ දුම්වැටි අළෙවි කරද්දි හැඳුනුම්පත පරීක්ෂා කරලා වයස තහවුරු කරගන්න අවශ්‍යයි.

    IMG_1841.JPG


    මේ කාර්යයන්ට අමතරව සෑම පැය 2-3 කට වරක් කෝපි හදන්න ඕනෙ. සෙවන් ඉලෙවන් ඇතුලෙ කෝපි වර්ග 10 -15 අතර ප්‍රමාණයක් තියෙනවා. සිල්ලර බඩු විකුණනවට අමතරව පැත්තකින් ලොතරැයි විකිණීමකුත් තියෙනවා. මේක හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕන‍ෙ වැඩක්. ලොතරැයි අළෙවි කරනවා වගේම ජයග්‍රාහකයන්ට එවලේම මුදල් ලබාදීමත් කරන්න ඕනෙ. ඩොලර් 500 ට අඩු ජයග්‍රහණ වලට විතරයි එවලේම සල්ලි දෙන්නෙ.

    IMG_1847.JPG


    ඇමරිකාවට ආව අයගෙ ජීවිත රෝසමල් යහනාවක් කියලා ලංකාවෙ ගොඩාක් දෙනා හිතනවා ඇති. නමුත් ඒක එහෙමම නෙමෙයි. මේ ජීවිත ඇතුලෙ සතුට වගේම දුකත් ඇති පදම් තියෙනවා. ඇමරිකාව ජීවන වියදම ඉහළ රටක් නිසා සමහර වෙලාවට එක රැකියාවක් විතරක් කරලා ලැබෙන ආදායමෙන් වියදම් ටික අඩු කලාම ඉතිරියක් කරන්න වෙන්නෙ අඩුවෙන්. ඒ නිසා ගොඩාක් දෙනා දහවලේ කරන රැකියාවට පස්සෙ රාත්‍රී කාලයේ සුපිරි වෙළඳසැලක සේවය කරන්නේ අමතරව කීයක් හරි හොයාගන්න චේතනාවෙන්. රාත්‍රියට සේවය කරනකොට අතිකාලත් ගෙවන නිසා එවැනි අයට මේක ඉතාමත් වටිනා රැකියාවක්.

    ලංකාවෙන් අපි එද්දි හිත් වල පුරවගෙන ආව හීන ලේසියට පහසුවට සැබෑ වෙන්නෙ නෑ. ඒ සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකාව කැනඩාව වගේ රටවලට පැමිණෙන බොහෝ දෙනෙක් ස්ථිරවම මේ රටවල පදිංචි වෙනවා. තවත් පිරිසක් ආයෙමත් ලංකාවට යනවා. මම ඉන්න‍ෙ මේ අයගෙන් කොයි ගොඩේද...මට තවමත් හිතාගන්න බෑ

    සෙවන් ඉලෙවන් ජාලයට විවිධ භාණ්ඩ අරගෙන දිනපතා සැපයුම් කරුවන් රාශියක් පැමිණෙනවා. ඔවුන් රැගෙන එන භාණ්ඩ සේවකයන් විසින් හොදින් පරීක්ෂා කරලයි බාර ගන්න ඕනෙ. පරිගණක ගත කරන ලද ක්‍රමවේදයක් තියෙන නිසා මේ කටයුත්ත එතරම් අපහසු නෑ. ඒ වැඩසටහනට පින් සිද්ධ වෙන්න සංඛ්‍යාත්මක තොරතුරු වරදින්න තියෙන ඉඩකඩ අවමයි.


    IMG_1838.JPG


    මම මුලින්ම කිව්වා වගේ රස්සාවක් හොයාගෙන අැමරිකාවට එන බොහෝ දෙනෙක් තමන්ගෙ ගමන හා පුරා කියලා පටන් ගන්නෙ සුපිරි වෙළඳසැලක සේවය කිරීමෙන්. අඩියෙන් අඩිය ඉහළට ආවට පස්සෙ ඒ අය තමන් අතීතයේ දවසක නිරත වෙච්ච රැකියාවේ වර්තමානයේ නිරත වන්නන් දෙස බලන්නේ වපර ඇහැකින්. මම මේ කාරණේ අත්විඳලා තියෙනවා. ලාංකිකයන් අතර මේ තත්වය ඉතා සුළභයි.

    සමහර කෙනෙක්ට ඇමරිකාවෙ තමන්ග‍ෙ මුල්ම රැකියාව අවසාන රැකියාව බවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. තවත් කෙනෙක් අධ්‍යාපනය අවසන් කරන තුරු දැරිය යුතු වියදම් පියවා ගන්න මේ රැකියාව කරනවා. අනෙක් කොටස තමාට සරිලන රැකියාවක් ලැබෙන තුරු ජීවන වියදම දරාගැනීම පිණිස මෙවැනි රැකියාවක නිරත වෙනවා. කුමන අරමුණකින් රැකියාව කලත් මේ හැමෝම දකින්නෙ එකම හීනයක්. ඒ තමන් මව් රටින් මෙහෙට එද්දි ගෙනාව හීන සැබෑ කරගන්න එක.

    සුපිරි වෙළඳ සැල් වල මේ රැකියාව දීර්ඝ කාලීනව කරන්න අමාරුයි. අනෙකුත් රැකියා වලට සාපේක්ෂව ඇමරිකාවේදී මේ රැකියාවට ලැබෙන්නේ පුංචි වැටුපක්. ඒ වැටුප ලබාගැනීමටත් බොහෝ සේ මහන්සි වෙන්න ඕනෙ. ඇමරිකානු ජන සමාජය ගැන අවබෝධයක් ගන්න මේ රැකියාව ඉතාම ගැලපෙනවා. මාස කීපයක් වැඩ කලාම ඇමරිකානු ක්‍රමය ගැන වගේම මේ මිනිස්සු හිතන පතන විදිය ගැනත් පොඩි අවබෝධයක් ලැබෙනවා.

    සෙනසුරාදා දවසෙ රාත්‍රී සේවා මුරයෙ මට වැඩිපුරම විකුනන්න ලැබෙන්නෙ කොණ්ඩම්. කොණ්ඩම් ගන්න ජෝඩුවම මෙතනට ආවත් කොල්ලො ගොඩාක් වෙලාවට ලැජ්ජා කාරයො. කෙල්ලො තමයි භය නැතුව ඒවා තියෙන තැන් වලින් තෝරලා ගන්නෙ.

    මේ දෙකෙන් කොයි එකද හොඳ...සමහර වෙලාවට සුදු නංගිලා‍ කොණ්ඩම් දෙකක් පෙන්වලා මගෙන් අහනවා...හත් දෙයියනේ තනිකඩ මම කොණ්ඩම් වලින් බැලුම් පුම්බන්නද...එහෙම වෙලාවට මට හිතෙන එකක් හොදයි කියලා තෝරලා දෙනවා. සති අන්තය එළඹෙන නිසා වෙන්න ඇති සෙනසුරාදා රෑට කොණ්ඩම් වලට මේ තරම් ඉල්ලුමක්...


    enhanced-buzz-10063-1387823290-28.jpg


    මේ වෙළඳ සැල් වලට යන එන උදවිය අතර විවිධ ජාතීන් ඉන්නවා. ඔවුන් ගෙන් ඇතමෙක් රාත්‍රියට බීමතින් තමයි එන්නෙ. බීමතින් එන අය නිසා සමහර වෙලාවට නොසිතූ කරදරත් සිද්ධ වෙනවා. ඒ අස්සෙ හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් අඩුවකුත් නෑ. රාත්‍රියට සේවය කරන සේවකයන්ට තමයි මේ දේවල් වලට බහුලව මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.

    තනියම සුපිරි වෙළඳ සැලක් බලාගෙන මහ රෑ ඉන්නවා කියන්නෙ අවධානම් සහගත වැඩක්. කථා කරන්නත් කෙනෙක් නැති නිසා කට්ට පාලුයි. පරණ සිංහල සින්දුවක් අහගෙන ඉද්දි ලංකාවෙ මගේ අතීතය මතක් වෙනවා. සමහර වෙලාවට සින්දු අහන ගමන්ම නින්ද යනවා. උදේ 6 ට ආයතනයෙ කළමණාකාර වරයා එනකං මම විතරයි. එයා ආවම මුදල් ටික ගැනලා බාර දීලා මම ගෙදර යනවා. ඔන්න ඔහොමයි මගේ රාජකාරියෙ ස්වභාවය. මම මේ අවධානම් සහගත වැඩේ දැන් සෑහෙන කාලයක ඉඳන් කරන්නෙ අනාගත බලාපොරොත්තු ගැන කල්පනා කරලා හිත තද කරගෙන. කොහොමත් මට දැන් භයක් දැනෙන්නෙ නෑ. මොකද මගේ පවුලෙ අයට මම උපයන හැම ඩොලර් එකම වැදගත් හින්දා. ඒ ගැන හිතුවාම ඕනෙ රෙද්දක් කියලයි මට හිතෙන්නෙ.

    Source: http://siragekamare.blogspot.com

    අහම්බෙන් දැකලා කියෙව්වේ... දැන් කොහොමද මචං? තාම කලිෆොනියා වලද?