ඇම්ඩාගේ මල්ලි

peena

Member
Oct 9, 2007
257
122
0
ඔන්න දවසක් අපේ ඇම්ඩා වැඩ ටිකක් කලින් ඉවර වෙලා ගෙදර ආවා. ඒ එනකොට උගේ කාමරෙන් අමුතු සද්දයක් එනවලු. නිකන් කෙඳිරි ගානවා වගේ. ඇම්ඩත් ඉතින් දඩ බඩ ගාලා කාමරේට දිවුවලු.

මෙන්න බොලේ…… ඇම්ඩගේ හාමිනේ ඇඳේ ඉන්නවලු ඇඳුම් මුකුත්ම නැතුව වෙව්ල වෙව්ල. දාඩිය දාලා, මූන සුදුමැලි වෙලා, බය වෙලා. ඇම්ඩා ඇහුවලු ” මේ මොකද ඕයි මේ?” කියලා. හාමිනේ කීවලු “අනේ මගේ පපුව රිදෙනවා අනේ…” කියලා. ඇම්ඩත් ඉතින් වයිපරේට ෆුල් ලව් එකලු. ඉතින් මිනිහා දනි පනි ගාලා දිව්වලු ලෑන්ඩ් ෆෝන් එක ලඟට.

එතකොටම ඇම්ඩගේ පොඩි පුතා ඇවිත් කියනවලු ” තාත්තේ තාත්තේ…. අන්න පොඩි ඇම්ඩා මාමා (ඇම්ඩාගේ මල්ලි ) තාත්තලාගේ කාමරේ කබඩ් එකේ හෙලුවෙන් ඉන්නවා හැන්ගිලා” කියලා. ඇම්ඩාගේ ලිමිට් පැන්නලු ඒ කතාවට. “යමන් බලන්න” කියලා පොඩි එකාවත් ඇදගෙන ගියාලු කාමරේට. ගෑනි තාමත් වෙව්ල වෙව්ල ඉන්නවලු. දාඩිය බේරෙනවලු. ඇම්ඩා ඇරියලු කබඩ් එකේ දොර.

මෙන්න බොලේ… ඇම්ඩගේ මල්ලි අමු හෙලුවෙන් ඉන්නවලු කබඩ් එක ඇතුලට වෙලා. මිනිහා ඇම්ඩාගේ මූන බලන්නෙත් නැතිලු. ඇම්ඩට හොඳටම මල පැනලා මල්ලිට බැන්නලු.

“අනේ යකෝ… තෝ වගේ සහොදරයෝ… තොපිට සහගහනවා මේ කරන දේවල් වලට. බලපන්. මගේ ගෑනි පපුවේ අමාරුව හැදිල මැරෙන්න යනවා. උඹ ඒ අස්සේ රෙදි ගලවගෙන ඒක දැක්කේ නෑ වගේ පොඩි එවුන් බය කරනවා…..”
:D:D:D