ඇම්ඩා ගේ ඉස්කෝලෙට පරීක්ෂක මහත්තය ඇවිත් .
ඇම්ඩා ගේ ඉස්කෝලෙට පරීක්ෂක මහත්තය ආපු දවසේ ඇම්ඩා ගේ ටීචර් ට හරිම ප්‍රෙෂර් එක. ඇයි ඉතින් මූව පරීක්ෂක මහත්තයට නොපෙනෙන මානෙක තියන්නත් එපාය. ඇම්ඩා ෂුවර් නැති පොරනෙ. කොහොම හරි ටීචර් කිව්වා ඇම්ඩා ට
” ඇම්ඩන්, ඔයා පන්තියේ අන්තිම පේලියටම ගිහින් ඉඳ ගන්න. පරීක්ෂක මහත්තය ආවාම කිසිම දෙයක් කියන්න කරන්න යන්න එපා. නිශ්ශබ්දව ඉන්න ඕන .තේරුනාද” කියල.
ඇම්ඩාත් ඉතින් හා කියල අන්තිම පේලියේ බංකුව උඩට වෙලා හාවක් හූවක් නැතුව ඉඳගෙන හිටිය. ටික වෙලාවකින් පරීක්ෂක මහත්තය ඉස්කෝලේ ලොකු සර් එක්ක පන්තියට ආවා. ලොකු සර් මුලින්ම
“ආයුබෝවාන් ළමයි ” කිව්වා. ළමයි ටිකත් එකා වගේ නැගී හිටලා මහත්තුරුන්ට ආයුබෝවාන් කිව්වා. ඊට පස්සේ පරීක්ෂක මහත්තය ළමයින්ගේ දැනුම මට්ටම පරීක්ෂා කරන්න ගත්තා. මේක තමයි ලොකු සර් ගෙයි ටීචර් ගෙයි ලොකුම බය . මොනවා හරි අප්සෙට් එකක් වුනොත් ජොබ් එකත් ගහල යනවනේ. පරීක්ෂක මහත්තය මුලින්ම ගණන් ප්‍රශ්නයක් ඇහුව ඉස්සරහම ඉන්න ළමය සුනිල් ගෙන්
“ඔය ළමය කියන්න අට වරක් අට කීයද කියල.”
සුනිල් ගත්ත කටටම කිව්වා.”අසූ පහයි” කියල .
ලොකු සර් ටීචර් දිහා ඔරවල බැලුව. පරීක්ෂක මහත්තය කිව්වා
“වැරදියි. ඊ ලඟ ළමය දන්නවද හරි උත්තරය ?”.
ඊ ළඟ ළමය නිමල් කිව්වා “හතළිහයි” කියල.
පරීක්ෂක මහත්තය ගේ මූණ නරක වුනා. “ඔය ළමයත් වැරදියි. කවුද දන්නේ හරි උත්තරය ?” දැන් දැන් ටීචර් ටයි ලොකු සර් ටයි හීන් දාඩිය දාගෙන එනවා. පන්තියේ කව්රුවත් හරි උත්තරය දන්නා පාටක් නෑ. මහත්තය පොඩ්ඩක් සද්දෙට ඇහුවා
“මේ පන්තියේ කවුරුවත්ම දන්නේ නැද්ද මේ වාගේ සුළු ප්‍රශ්නයකට වත් හරි උත්තරය?”
එතකොටම අන්තිම පේලියේ ඉඳන් ඇම්ඩා ටීචර් දිහා හොරැහින් බල බල හෙමින් හෙමින් අත ඉස්සුවා. ටීචර්ට නිකම් තමන්ව සලිත වෙලා යනවා දැනුනා.මේ පොරිසාදය මොන මගෝඩි උත්තරයක් දෙයි දන්නේ නැති නිසා. මහත්තය කිව්වා
” ඔය පිටිපස්සේ ඉන්න ළමය, මොකක්ද හරි උත්තරය?”
ඇම්ඩා චන්ඩිය වාගේ කිව්වා.” හැට හතරයි” .
පරීක්ෂක මහත්තය පොඩි හිනාවක් දාල කිව්වා ” හරියට හරි . හොඳ ළමය.” කියල . ටීචරුත් හැපී . ලොකු සර්රුත් හැපී . ඊට පස්සේ පරීක්ෂක මහත්තය තව ගණන් ප්‍රශ්න කීපයක් ඇහුව . පන්තියේ එකෙකුටවත් බෑ. ඇම්ඩා විතරයි උත්තර දුන්නේ. ඌ පැන පැන උත්තර දෙනවා . ඔක්කොම උත්තර හරි. ඇම්ඩා ට ෆෝම් වෙච්ච තරම කිව්වොත් ඌට ටීචර් උදේ කට වහගෙන ඉන්න දීපු ඕඩර් මොකුත් මතක නෑ.
ඊ ලඟට මහත්තය බුද්ධාගම පාඩමෙන් ප්‍රශ්න අහන්න ගත්ත. ඉස්සෙල්ලම ඇහුව නිමල් ගෙන්.
” කියන්න දළදා මාලිගාව තියෙන්නේ කොහෙද කියල ?”
නිමල් කියපි “පොළොන්නරුවේ ” ….
බලන් යනකොට ඉස්සරහ පේලියේ ඉන්නේ ඔක්කොම ගල් මැට්ටෝ ” මහත්තය තමන්ටම කියා ගත්තා .
මහත්තයට ආපහු කේන්ති යාගෙන එනවා. එත කොටම පිටිපස්සේ ඉඳන් ඇම්ඩා අත උස්සගෙන ඉන්නවා.මහත්තය කිව්වා.
“ඔය ළමය උත්තර දෙන්න.”
ඇම්ඩා දුන්න උත්තර.” මහනුවර ”
ඒකත් හරි. ඔය වාගේ බුද්ධාගම , ඉතිහාසය වගේ මහත්තය අහපු අහපු ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නේ දුන්නේ ඇම්ඩා විතරමයි. ඇම්ඩා ට ෆුල් ලකුණු. ඊට පස්සේ මහත්තය ඇහුව
” කාටද පන්තිය ඉස්සරහට ඇවිත්
කතන්දරයක් කියන්න පුළුවන්” කියල . ඇම්ඩා විතරමයි ඒකටත් ඉදිරිපත් පත්වුණේ. මහත්තය කිව්වා ” මේ ළමයට විතරයි ඉදිරිපත් වීමේ හැකියාව තියෙන්නේ කියල”.
ඇම්ඩා පන්තිය ඉස්සරහට ඇවිත් ” මුළු පන්තියෙන් අවසරයි , මම මෙතනට පැමිණියේ කතන්දරයක් කීමටයි.”කියල කතාව පටන් ගත්ත.
ඇම්ඩා ට කතාව ඉවරකරන්න හම්බවුනේ නෑ පරීක්ෂක මහත්තය පැනපු ගමන් ඇම්ඩා ගේ බෙල්ලෙන් අල්ලලා කනට දෙකක් ගැහුවා .ඊට පස්සේ ලොකු සර් වයි, ටීචර් වයි , ඇම්ඩා වයි තුන් දෙනාම ඉස්කෝලේ ඔෆිස් එකට අරන් ගියා. ගිහිල්ල ලොකු සර්ට හොඳටම දෙහි කපල රිපෝට් එකකුත් ලියල අස්සන් කරගත්ත. ඊට පස්සේ පරීක්ෂක මහත්තයට තවමත් නහුතෙටම තදවෙලා එලියට බැහැල යන්න ගියා. මහත්තය එලියට බැහැපු ගමන් ලොකු සර් ඇම්ඩා ට තව කනේ පාරවල් දෙකක් ගහල
” තෝ හෙට තොගේ තාත්ත එක්ක උදේම ඉස්කෝලෙට වර.. මම තෝව මේ ඉස්කෝලේ තියාගන්නේ නෑ. දැක්කයින් දැක්කේ නෑ තෝ වගේ අස්ම්මජ්ජතියෙක් .දැන් ගෙදර පලයන් ” කියල එළවලා දැම්මා .
ඇම්ඩා ඉතින් කොහේ ගෙදර යන්නද , ඌ ඉස්කෝලෙන් එලියට ඇවිත් ඉස්සරහ තියෙන බෝක්කුව උඩට වෙලා මොනවද කරන්නේ කියල නොදැන ඔහේ බකන් නිලාගෙන ඉන්නවා. ඔහොම ඉඳිද්දී ඇම්ඩා දන්නෙත් නෑ ඉස්කෝලෙත් ඇරුන. අවසාන සීනුව වැදිච්ච ගමන් උගේ පන්තියේ සුනිල් දුවගෙන ආව එක පිම්මට ඇම්ඩා ගාවට . ඇවිත් ඇහුව “ඉතින් ඉතින් ඇම්ඩන් , ඊට පස්සේ නරිය කොහෙද ගියේ?” කියල . ඇම්ඩා සුනිල් දිහා ඔරවල බලල කිව්වා
” නරිය ගියා උඹේ ….. …..න !!!” කියල .

“ඔන්න එකමත් එක කැලෑවක හාවෙකුයි නරියෙකුයි වාසය කළා. අනිත් හාවෝ සහ නරියන් වාගේ නෙවෙයි මේ දෙන්න හොඳ අඹ යාළුවො. හරි සමගියෙන් දෙන්න ට දෙන්න උදව් පදව් කරගෙන ජීවත් වුණා.” (මෙහෙම කියාගෙන යන කොට පරීක්ෂක මහත්තයත් ටීචර් සහ ලොකු සර් දිහා බලල මේ ආදර්ශමත් කතාව ගැන හිස වනල අනුමත කරනවා.) “හැබැයි නරිය සහ හාවා ගති ගුණ වලින් ටිකක් වෙනස් . හාවා කඩිසර වගේම සකසුරුවමට වැඩ කරනව. නරියා විනෝදයට කැමතියි . හාවා සමහරවිට නරියට අවවාද කරනවා
” යාලුවේ ඔහොම සෙල්ලන් කර කර ඉඳන් කොහොමද , ටිකක් ඉස්සරහ ගැන කල්පනා කරලා වැඩ කලානම් හොඳයි නේද කියල.”
එත් නරිය ඒවා ගණන් ගන්නේ නෑ .මෙහෙම ඉඳිද්දී පායන කාලය ආව. පායන කාලයේදී හාවා හොඳටම මහන්සිවෙලා ආහාර එකතු කරගෙන හොඳ ශක්තිමත් ගහක මුල බෙනයක් ඇතුලේ තැන්පත් කරලා ගස් බෙනයත් වැස්ස කාලෙට හාවට ඉන්නට සීතල නොවෙන්නට සූදානම් කළා. නරිය මේ කිසි දෙයක් ගැන නොසිතා වෙනදාටත් වඩා විනෝදයෙන් කල් ගත කළා.
ටික කාලයකින් පායනා කාලය අවසාන වෙලා වස්සාන කාලය පටන් ගත්ත. හාවා තමන් හදා ගත්ත බෙනයට ගිහින් සනීපෙට ජීවත් වෙන්න පටන් ගත්ත. යාලු නරියාට වැස්සට ඉන්න තැනකුත් නෑ කන්න කිසිම දෙයක් ඇත්තෙත් නෑ. දවසක් නරියා මහා වැස්සේ තෙමි තෙමි සීතලේ ගැහි ගැහි තමන්ගේ යාලු හාවව බලන්න ගස් බෙනය ගාවට ආවා. නරිය හාවාගේ දොරකඩට ඇවිත් කතා කළා.
” හා හාමි ,හා හාමි. දොර අරින්න . මම ඔහේගේ යාළුවා නරි නයිදේ.”
හාවා දොර ඇරලා බලනකොට නරිය හොඳටම තෙමිලා බත් වෙලා. හාවා ඇහුව නරියගෙන් මොකද වුනේ කියල. නරිය කිව්වා
” අනේ හා හාමි මට වැස්සට ඉන්න තැනක් නෑ . කන්න කිසිම දෙයක් නෑ. මට ඉන්න බැරිද ඔහෙත් එක්ක මේ ටික කාලයේදී?”
හාවා ගත්කටටම කිව්වා “ ඒ හින්ද තමයි මම කිව්වේ ඔහෙට පායන කාලයේදී ආහාර ටිකක් එකතු කරගෙන ඉන්න තැනක් හදාගන්න කියලා.ඔහේ මොනවද කලේ පායන කාලේදී ? ”
එතකොට නරිය කිව්වා,” අනේ හා හාමි එහෙම කියන්න එපා මම පායන කාලේදී ඉතින් සින්දුවක් කියල ටිකක් විනෝද වුණා ”
එතකොට හාවා ගස්සල කිව්වා “ හා, පායන කාලේදී සින්දු කිව්වනම් දැන් වැස්ස කාලේ එලියට බැහැල නටනවා , මෙහෙ එන්න එපා.” කියල හාවා බෙනය ඇතුලට ගිහින් දොර වහගත්ත.
එක ඇහුවම නරියට හොඳටම කේන්ති ගියා. නරිය කෑගහලා කිව්වා “ අඩෝ හාවා , වැස්ස කාලේ බෙනේ ඇතුලේ රිංගගෙන තමයි උඹ ලොකු ටෝක් දාන්නේ …. පායන කාලයේදී තෝ එලියට බහින්න එපා , අල්ලලා දෙකට නවල තොට … ගහනවා , කැ* හාවා “කියල හොඳ සුද්ද සිංහලෙන් කියල දැම්ම ” .