කතා වල්ල #හතලිස් නවය
ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරල, ඇම්ඩගෙ අය්ය ටය්සන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව, එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැන්ද. හැබය් එයාලට පැණිහඳ ගත කොරන්න හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ. දෙන්න කුළුඳුල් මංගල රාත්රිය ගත කොලේ ටය්සන්ලගේ ගෙදරමය්.

උදේ ඇම්ඩ කාල බීල එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා, උංගෙ අම්මගෙන් ඇහුව, අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. ඇම්ඩ කියන්න ලෑස්ති වුනා “මං හිතන්නෙ ඒ දෙන්න………” , එච්චරය් ඌට කියන්න ලැබුනේ, උඹ හිතන ඒව මට වැඩක් නැහැ, පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉං නැතුව කියල, අම්ම ඇම්ඩව එලෝල දැම්ම.

ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල, ඇම්ඩ ආයෙමත් අම්මගෙන් ඇහුව, අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. “මං හිතන්නෙ ඒ දෙන්න………” කියල ඇම්ඩ කියන්න ලෑස්ති වුනා විතර අම්ම ආයෙ පාරක් “උඹ හිතන ඒව මට වැඩක් නැහැ, කාල පලයන් පන්ති” කියල ඇම්ඩව එලෝල දැම්ම.

ඇම්ඩ, ටියුෂන් පන්ති ඇරිල ඇවිල්ල ආයෙත් ඇහුව අම්මගෙන්, “අම්මෙ අරුන් දෙන්න නැගිටල එලියට ආවද” කියල. අම්මගෙ උත්තරේ පරණ එකමය්, “තාම නැහැ”. ඒ පාර යාන්තන් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩට. “මං හිතන්නෙ ඒ දෙන්න එලියට එන්න බැරුව ඉන්නව ඇත්තෙ” කියල කියපි ඇම්ඩ . අම්මට මල පැනල ඇහුව “ඒ මොකද බොල ඒ” කියල...

“ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අය්ය ඇවිල්ල මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුව, මං කරුවලේ දීල තියෙන්නෙ, සුපර් ග්ලූ එක”