ඇමෙරිකාවට_එරෙහිව
ඇමෙරිකාවට එරෙහිව දිල්ලියේ විරෝධතා
අවසාන යාවත්කාලීන කිරීම : 2013 දෙසැම්බර් 18 බදාදා - 19:07 GMT
BBC News 1
නිවුයෝක් නුවරදී පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන ඇඳුම් ගලවා පරීක්ෂා කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය යලි සිය රට ගෙන්වා ගන්නා බව ඉන්දීය බලධාරීහු අවධාරණය කරති.
ඇයට සලකන ලද ආකාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ඉන්දියාවේ ජනතා කෝපය උත්සන්න වෙමින් තිබියදීයි, ආණ්ඩුව එම ප්‍රකාශය කළේ.
හින්දු ජාතිකවාදී ශිව සේනා ව්‍යාපාරයද නව දිල්ලි නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටියේය.
විරෝධතා පාඨ ලියවුන බැනර් රැගෙන ඇමෙරිකාවට එරෙහිව විරෝධතාවයන්හි යෙදී සිටි උද්ඝෝෂකයෝ "ඔබාමා! පිබිදෙනු! න්දියානුවන්ට අවමන් කිරීම නතර කරනු!”වැනි සටන් පාඨ හඬ නැගූහ.
නිවුයෝක් නුවර නියෝජ්‍ය කොන්සල් ජනරාල් දිව්‍යානි කෝබ්රාගාඩේ වහාම යලි සිය රට ගෙන්වා ගැනීම සිය වගකීම බව විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
වීසා විධිවිධාන උල්ලංඝනය කළ බවට සහ සිය නිවසේ මෙහෙකාරියට නිසි වැටුප් නොගෙවූ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව, දිව්‍යානි කෝබ්රාගාඩේ අත් අඩංගුවට ගත් එක්සත් ජනපද බලධාරීහු ඇය සිර කූඩුවක රඳවා තැබූහ.
මේ සිදුවීම ඉන්දියාව සමඟ පවතින පුළුල් සම්බන්ධතාවලට බලපෑමක් කළ යුතු නැතැයි පවසමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එය එතරම් වැදගත් සිදුවීමක් නොවන බව හුවා දැක්වීමේ උත්සාහයක යෙදින.
BBC News 2
දිව්යානිට එරෙහි චෝදනා ඉවත් කර ගන්නා මෙන් ඉල්ලීමක්
අවසාන යාවත්කාලීන කිරීම : 2013 දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා - 12:37 GMT
තම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකට එරෙහිව එල්ල කොට ඇති වීසා වංචා කිරීමේ චෝදනා ඉවත් කර ගන්නා මෙන් ඉන්දියාවේ විදේශ ඇමති,සල්මන් කුර්ෂිඩ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියි.
දිව්‍යානි කොබ්රගඩේ (Devyani Khobragade) නම් තම නිලධාරිනිය කිසිසේත් ම අත්අඩංගුවට ගනු නොලැබිය යුතු වූ බවයි, ඉන්දියාවේ විදේශ ඇමතිවරයා කියා සිටින්නේ.
නිව්යෝර්ක් නගරයේ ඉන්දියානු නියෝජ්‍ය කොන්සල්වරිය හැටියට කටයුතු කරමින් සිටි දිව්‍යානි කොබ්රගඩේ, සිය ගෘහ සේවිකාවගේ වීසා බලපත්රයෙහි සඳහන් කර තිබුණ ප්‍රමාණයට වඩා අඩු දීමනාවක් එම සේවිකාවට ගෙවා ඇතැයි චෝදනා කරමිනුයි අත්අඩංගුවට ගෙන තිබුණේ.
දිව්‍යානි අත්අඩංගුවට ගනු ලැබීම තානාපති වරප්‍රසාද උල්ලංඝනයක් බවත් පැවසෙයි
අත්අඩංගුවට ගනු ලැබුණ නියෝජ්‍ය කොන්සල්වරිය ගේ දෑතට මාංචු දමා ඇඳුම් ඉවත් කරමින් ඇය පිරික්සා ඇති අතර, එම පුවත ඉන්දියාව තුළ මහජන කෝපය ඇවිලීමට හේතු විය.
එහෙත් එක්සත් ජනපද නීතිපතිවරයාගේ කාර්යාලය, දිව්‍යානි කොබ්රගඩේ සිද්ධියේදී ඔවුන් කටයුතු කරන ලද ආකාරය යුක්ති සහගත කරයි.
ගෘහ සේවිකාවට සහ ඇයගේ සහකරුට සලකා ඇති වැරදි ආකාරය දෙස නොව තානාපති නිලධාරිනිය ගැන අවධානය යොමු කරන්නේ කුමක් නිසාදැයි ඇමෙරිකානු නිලධාරීහු විමසති.

Last edited: