ඇමෙරිකාව හොරකම් කළ නාසින්ගේ Stealth Bomber

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ඇමෙරිකාව හොරකම් කළ නාසින්ගේ Stealth Bomber

    stealth bomber යනු විශාල ප්‍රමාණයේ යානා වර්ගයක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ඉල්ලක්කය කරා හොර රහසේම ඇතුල්වීමේ හැකියාවයි. මෙම තාක්ෂණය මේ වනවිට වැඩිපුරම බාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    මෙම තාක්‍ෂණය ඇමෙරිකාව නතු කරගන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර් ගේ පරාජයත් සමගය. ඇමෙරිකාව යටත් කරගත් ජර්මානු ප්‍රදේශ වල සියලු වටිනා දැ ඔවුන් අත්පත් කරගන්නා අතර, රුසියාව නැගෙනහිර ප්‍රදේශයේ පාලනය අතට ගනී.
    නමුත් බොහෝ වටිනා දේ ස්තානගත කර තිබුණේ බටහිර ජර්මානු ප්‍රදේශවල බව නොරහසකි.

    HORTEN BROTHERS

    PH2fQcQ.jpg


    XDa2JiA.jpg


    ජර්මනිය නිෂ්පාදනය කල STEALTH BOMBERS එහි සැකිල්ල

    912f85b7-bdbe-4ce6-a7e9-8d5f05b91cd9.jpg


    8a414274-8ea5-4db3-a6f5-b5c13066bc56.jpg


    ඇමෙරිකාව රැගෙන ගිය යානය

    56b74d8c-e2df-46e7-90b2-42742f3a541e.jpg


    unnamed1.jpg


    ගුවන් ගතකිරීමට යන අවස්ථාවක්

    unnamed-21.jpg


    unnamed-11.jpg


    (Horten brothers) ජර්මානු නාසි ගුවන් හමුදාවේ නව නිර්මාණ සොහොයුරන්ය. (stealth bomber) නිර්මාණයේ පළමු අයිති කරුවන් වන්නේ මෙම සොයුරන්ය. ජෙට් එන්ජිමක් මගින් බලගැන්වෙන ප්‍රථම ගුවන් යානය නිර්මාණය කිරීමද මොවූන්ගේ කාර්යයකි. මෙම යානා නාසි ගුවන් හමුදාව විසින් කෙටි කලක් බාවිතා කල අතර, මිත්‍ර පාර්ශවිය ගුවන් නියමුවෝ මෙම යානා දැකීමෙන් විමතියට පත් විය. මෙම යානා වල වේගය ඔවුන්ගේ යානා මෙන් දෙගුණයක්වූ බව කියැවේ. මෙම හැකියාවෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගැනීමට හිට්ලර් හට නොලැබුණේ යුද්ධයේ අවසාන බාගය එලබ තිබීමයි. මෙම යානා වලින් උපරිම ප්‍රයෝජන ලබාගත්තානම් දෙවන ලෝක යුද්ධය මිට වඩා වෙනස් වන්නට තිබුණා.

    දැන් දැන් මෙම තාක්‍ෂණය භාවිතා කිරීම මගින් සහ එය වැඩි දියුණු කිරීම අතින් රුසියාව සහ චීනය ඇමෙරිකාවට වැඩ ඉදිරියෙන් සිටිනවා එසේම ඔවුන් ගේ ප්‍රහාරක යානා මිලෙන් අඩු වීමද විශේෂ සිද්දියකි.

    unnamed-31.jpg


    unnamed-41.jpg


    ඉස්සුවෙ මෙතනින්.

    logoblacksmaller.png