ඇම කැ මාලුවා බොට්‍ටුවට ගේම දෙයි

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙය දුටු විට මට මතක් වෙන්නේ ලොව ශ්‍රේෂ්ඨතම ගත්කතුවරයෙකු වූ අර්නස්ට් හෙමිංවේ ගේ "මහල්ලා සහ මුහුද - The old man and the sea" නවකථාව...:yes: :yes: :yes:

    දැන් මාළුවෙකු සිටින බවත් තමාගේ කැපුනු දෑතේ හා පිටේ වේදනාව හීනයක් නොවන බවත් මහල්ලා දැන ගත්තේය. යොතට කැපුණු දෑත ඉක්මනට සනීප වේවියැයි මහල්ලා කල්පනා කළේය. මම කැපුණු තැන්වල හොඳට ලේ අරන් දැම්මා. කරදියට අත සනීප වේවි. සැඬ පාරේ කාස්ටක දිය ඉතාම හොඳ ඖෂධයක්, දැන් මවිසින් කළයුතු හොඳම දෙය හොඳ සිහියෙන් කටයුතු කිරීමයි. මගේ දෑත තමන්ට අයත් කටයුත්ත හොඳට ඉෂ්ට කළා, දැන් අපි කිසිම කරදරයක් නැතිව හොඳට යාත්‍රා කරනවා. මාළුවත් කට වහගෙන බාව කෙළින් තියාගෙන මාත් එක්ක හොඳ සහෝදරයෙකු වගේ යාත්‍රා කරනවා. අනතුරුව මහල්ලාගේ සිහිය ටිකක් අවුල් විය. මම මාළුවා අරගෙන යනවද, නැතිනම් මාළුවා මා අරගෙන යනවද?යි ඔහු කල්පනා කළේය.

    *******

    තමා මහ මාළුවෙකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වූයේ ඔහුට පළමුවන මෝරා පහර දීමට පැයකට කලින්ය. මෝරාගේ පැමිණීම අහම්බෙන් සිදුවූවක් නොවේ. අඳුරු ලේ වලාකුළු මුහුදේ පතුලේ සැතපුමක් පමණ යටට පැතිර යනවාත් සමග මෝරා මුහුදු පතුලේ සිට පැමිණියේය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව වේගයෙන් පැමිණි මෝරා මුහුදේ නිල් දිය දෙබෑ කරගෙන උඩ විසි වුණේය. ආයෙත් මුහුදට වැටුණු මෝරා ඔරුව හා මාළුවා යාත්‍රා කළ මාර්ගය ඔස්සේ ඉව අල්ලාගෙන ලුහුබැඳ ආවේය.

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොප්පරා කියන්න පොල් වේලල ගන්න එකක් නෙ මචං
    සහෝ... කොප්පරා කියලා මාලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ උබ කාලා නැහැ කියන එකනේ...:no: මමනම් ආසම කොප්පරා කරවල වලට. බේරුවල පැත්තේ යනවනං ඔය පාර අයිනේ තියන කරවල විකුණන තැනකින් පොඩ්ඩක් අහලා බලන්න "කොප්පරා" කරවල තියනවද කියලා. මම කියනවට නිකන් එක දවසක් කාලා බලන්න. :D
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    8.gif
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සහෝ... කොප්පරා කියලා මාලුවෙක් ඉන්නවා. ඒ කියන්නේ උබ කාලා නැහැ කියන එකනේ...:no: මමනම් ආසම කොප්පරා කරවල වලට. බේරුවල පැත්තේ යනවනං ඔය පාර අයිනේ තියන කරවල විකුණන තැනකින් පොඩ්ඩක් අහලා බලන්න "කොප්පරා" කරවල තියනවද කියලා. මම කියනවට නිකන් එක දවසක් කාලා බලන්න. :D

    එල මචං. මම කාල නෑ නෙ බන්. උඹ කියන නිසාම දවසක කාල බලමු