ඇයගේ ආදරයට ගරු කරන්න...(අම්ම)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉරට හොරෙන් නුඹ නැඟිටින්නේ
    සීතල නැතිදෝ අපෙ අම්මේ
    පාන්දරින් කිරි කපන්න යනකොට
    මට ඇඬෙනවා මගෙ සුදු අම්මේ

    පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ
    හිත නුඹ ගැනමයි දිව යන්නේ
    මම ලොකු වීලා කාසි සොයනවා
    එදාට දුක දෙන්නෑ අම්මේ

    පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ
    ගස් කට්ටියටයි දිව යන්නේ
    පොල්කටු වල කිරි අකුලනවා මම
    බඩගින්නක් නෑ මට එන්නේ

    කිරි ගැවුනු කළු ලස්සන රෙද්දට
    තුරුළු කරන් මගෙ සුදු අම්මේ
    ගල උඩ ඉඳගෙන කතා කියනකොට
    බත් කන්නට ආසයි අම්මේ

    පන්තියෙ අය මට ඔච්චම් කරන්නෙ
    කිරි පැල්ලම් සුදු කමිසෙ මගේ
    තනියම අඬලා මම සැනසෙනවා
    අම්මට කියන්න බෑනෙ අනේ

    හැමදාමත් දෙයියෝ දුක දෙන්නෑ
    කියන කතා සුදු අම්මා මගේ
    හිතේ තියාගෙන පාසල් යන්නම්
    පරමල් නෑ මගෙ දෙවැට දිගේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොල්ලො ඔය අන්තිමට දාපු පිංතූරෙ කොහෙන්ද හොයාගත්තෙ..?
    මීට අවුරුදු තුන හතරකට කලින් මං හදපු පිංතූරයක්..
    ඉස්සර FB එකේ මං නිතරම නිසඳැස් ලියලා දානවා..
    පස්සෙ මං FB එකෙන් අයින් වුණා..
    මේ ළඟදි තමා ආයෙම ජොයින් වුනේ..

    මචන් මෙක මට උබමයි අවුරුදු ගානකට ඉස්සෙල්ල එලකිරි එකෙන්ම හදලා දුන්නෙ...මෙක දාද්දි මට උබව මතක් උනා:)
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    484183_491476854244143_291691111_n.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: