මේ ලෝක කුසලානය පිළිබඳව ජයග්‍රාහී බලාපොරොත්තුවක් මුල ඉදලම මට තිබුණේ නැහැ.
ඒක කණ්ඩායම පිළිබඳව සෘණාත්මක ආකල්පයක් ම නෙවෙයි.
කිරලා මැනලා බැලුවම හැඟෙන, සාමාන්‍ය දෙයක්.
ශ්‍රී ලංකා පිතිකරණයේ විශාල ගැටලුවක් නොමැති බව ලෝක කුසලානය ආරම්භ වෙන්න කළින් ඉඳලම මම කිව්වා.
කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිතිකරුවා වෙනු ඇති බවත් කිව්වා.
ඔහු ඒ බව ඔප්පු කරමින් සිටිනවා.
මෙන්ඩිස් මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටින්නේ අප ඔහුගෙන් මින් පෙර නොදුටු අලුත් තාක්ෂණයකින්.
ඔහු සිය ඉරියව්ව තරමක් දුරට වෙනස් කරලා, පන්දුව යටට ගොස් ක්‍රීඩා කරනවා.
මේ තනතීරු, කෙටි හතරේ සීමා සියල්ල ඒ සඳහා ඉතා හොඳින් ගැලපෙනවා.
කොහොමත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයෙන් ඉහළම පිතිකරුවා ඔහු.
සිය දක්ෂතාවය ට සරිලන කැපවීමක්, උනන්දුවක් ප්‍රදර්ශනය කළ හැකි නම් කුසල් මෙන්ඩිස් ලොව හොඳම පිතිකරුවන් පහ අතර සිටිනා ක්‍රීඩකයෙක්.
ඔහු ගේ ක්‍රීඩාවේ ගැටලුව වුණේ ඒ අවශ්‍ය කැපවීම සහ උනන්දුව ඔහුගෙන් නොලැබීම පමණයි.
එසේ නොමැතිව දක්ෂතාවයේ අඩුවක් මෙන්ඩිස් ට කිසිදිනෙක තිබුණේ නැහැ.
ලෝක කුසලානයේ අපේ ගැටලුව තියෙන්නෙ පන්දු යැවීම ඇතුලේ.
කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නෙක් අපිට නැහැ.
අන්ත දෙකෙන්ම පීඩනය ස්ථාවරව පවත්වා ගෙන යා හැකි පන්දු යවන්නන් යුවළක් ශ්‍රී ලංකාවට නැහැ.
මහීෂ් තීක්ෂණ කඩුලු නිර්මාණය කරනා පන්දු යවන්නෙක්.
ඔහු නිර්මාණය කරනා කඩුලු දවා ගත යුත්තේ අනෙක් අන්තයෙන්.
නමුත් ඩිල්ෂාන් මදුෂංක හැරුනුකොට සෙසු සෑම පන්දු යවන්නෙක් ම ඒ සඳහා අසමත්.
මතීෂ පතිරණ පිළිබඳව මහේන්ද්‍ර සිං දෝනි කිව්වේ ඔහු එක්දින සහ ටෙස්ට් ආකෘති වලට නොගැලපෙන පන්දු යවන්නෙක් ය කියලා.
ඔහු ගැලපෙන්නේත්, ඔහු දක්ෂත් පන්දු වාර හතරේ ක්‍රීඩාවට බව දෝනි කිව්වා.
ඉදිරිය දැකිය හැකි, විශාල ක්‍රිකට් බුද්ධියකින් හෙඹි දෝනි ගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇතැමෙක් විවේචනය කළා.
නමුත් කාලය විසින් දෝනි ගේ ප්‍රකාශය කොතරම් සත්‍යයක් දැයි ඔප්පු කරමින් සිටිනවා.
මතීෂ පතිරණ එක්දින කණ්ඩායමට කැඳවීම වැරදි තීරණයක් වී තියෙනවා.
එක්දින තරගයක පන්දුවාර දහයක් යොමු කිරීමට අවශ්‍ය පාලනයත් විනයත් ඔහු සතුව නොමැති බව දැන් පැහැදිලියි.
ඔහු විසින් ලබා දෙන අතිරේක ලකුණු තරගයක ප්‍රතිඵලය පවා වෙනස් කළ හැකි තරමට විශාලයි.
කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රධාන වේග පන්දු යවන්නෙකුගේ ස්ථානය චාමික කරුණාරත්න ට වෙන් කර දී තිබුණා.
ඔහු ඒ වගකීම බොහෝ දුරකට සාර්ථකව ඉටු කළා.
පිතිකරුවෙක් ලෙසත් ඔහු ඇතැම් අවස්තා වල කණ්ඩායම බේරා ගත්තා.
චාමික කරුණාරත්න ට අවසන් එකොලොස්දෙනා අතර ස්ථානය අහිමි වීම පාඩුවක් බව ඊයේ තරගයේ දී පැහැදිලි වුණා.
පන්දු යවන්නෙක් ලෙසත් පිතිකරුවෙකු ලෙසත් ඊයේ වැනි තරගයක ඔහුට වෙනසක් කළ හැකිව තිබුණා.
ඔහු එක්දින ආකෘතියේ අසාර්ථක වූ ක්‍රීඩකයෙක් නොවෙයි.
නායකත්වය හැරුනුකොට දසුන් ශානක ට වඩා, ඒ ස්ථානයේ ක්‍රීඩා කිරීමට සෑම අතින්ම සුදුස්සා චාමික.
කොහොමත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ තේරීම් කමිටුවට, ආකෘති වරද්දා ක්‍රීඩකයන් විනාශ කිරීමෙහි ඉතිහාසයක් ද තියෙනවා.
නමුත් ගැටලුව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අති විශාල නිල නොවන බලයක් හිමි, කණ්ඩායම තේරීමට පවා සෘජුව මැදිහත් වන මහේල ජයවර්ධන විසින් ද එම වැරදි සිදු කිරීමයි.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා වූ කාලයේ පටන් මහේල ජයවර්ධන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල බලයක් හිමි පුද්ගලයෙක්.
ඔහු තේරීම් කමිටුවටත්, ප්‍රධාන පුහුණුකරුවාටත් වඩා ඉහළ බලයක් සහිත පුද්ගලයෙක්.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙන්වා ඉහළම වගකීමක් ලබා දී ඇති ඔහුගේ ආධිපත්‍යය, ක්‍රිකට් ආයතනයෙන් හෝ ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.
ජාතික කණ්ඩායමේ තිරය පසුපස සැඟවුණු, නිල නොවන බලධරියා මහේල.
කණ්ඩායමේ බොහෝ වෙනස්කම් වල අවසන් අනුමැතිය මහේල ට යටත්.
මහේල විසින් ද මෙවැනි සරල අත්වැරදීම් සිදුවීම පුදුමසහගතයි.
කණ්ඩායමේ සමබරතාවය ගිලිහෙන ඉතිරි ප්‍රධාන ගැටලුව දසුන් ශානක.
පිත්තෙන් හෝ පන්දුවෙන් ඔහුගෙන් බලාපොරොත්තු වන කිසිඳු වගකීමක් මේ මොහොතේ හරිහැටි ඉටුවෙන්නේ නැහැ.
ඊයේ තරගයේ අවසන් පන්දුවාර දහයට, ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 61ක් පමණයි.
තවත් ලකුණු 30 ක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුණා.
එසේ නම් තරගයේ ප්‍රතිඵලයත් වෙනස් වීමට තිබුණා.
ඒ ලකුණු ලබා ගැනීම නොම්මර හය, හත පිතිකරුවන්ගේ වගකීම.
නමුත් 'පවර් හිටර්' ස්ථානයක ක්‍රීඩා කරන දසුන් ශානක ඊට අසමත්.
ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ නායකත්වය කෙසේ වෙතත් ඔහුගේ ස්ථානය පිළිබඳව සිතා බැලිය යුතුමයි.
උපනායක ධනංජය ද සිල්වා ටත් ක්‍රීඩා කළ තරග දෙකෙහි ම සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වුණේ නැහැ.
නමුත් මෑත කාලයේ කඩා වැටෙන බොහෝ ඉනිම් වල ඔහු එක් අන්තයක් අල්ලා ගෙන හිටියා.
එවැනි තරග වල ඔහු ලකුණු පනහක් - හැටක් ලබා ගත්තා.
ධනංජය ද සිල්වාගේ මා දකින විශේෂත්වය නම් ඔහු බොහෝ විට සාර්ථක වන්නේ පරදින තරග වලයි.
මුල් පෙළ බිඳ වැටෙන, කඩුලු දැවී ගොස්, පීඩනයක් ඇති මොහොතක ඔහු අන්තය අල්ලා ගෙන හුදකලා ඉනිමක් ක්‍රීඩා කරනවා.
සෙසු ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්, සාර්ථක, පීඩනය අඩු තරග වල ඔහු දැවී යනවා.
ඇතැම් විටෙක ඔහුගේ පිතිකරණයේ උපරිමය ලැබෙන්නේ මුල් හෝ මැද ඕවර වල පමණක් විය හැකියි.
මෙය පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය නීරික්ෂණය කර විසඳා ගත යුතු තැනක්.
බොහෝ කාලයක පටන් වැරදි නිවැරදී වී කණ්ඩායම තරග ජය ගන්නා තුරු ප්‍රේක්ෂකයන් බලා සිටිනවා.
ඒ සෑම මොහොතකම කලමනාකාරීත්වය ප්‍රේක්ෂකයන්ගෙන් කාලය ඉල්ලා සිටියා.
දීප්තිමත් අනාගතයක් පිළිබඳව පොරොන්දු වුණා.
මම හිතන්නේ දැන් රසිකයන් විසින්, කණ්ඩායමටත් කලමනාකාරීත්වයටත් ඕනෑවටත් වඩා කාලය ලබා දී තියෙනවා.
වැරදි නිවැරදි කර ගැනීමටත්, අත්දැකීම් ලබා ගැනීමටත්, ඉගෙනීමටත් මේ ලබා දුන් වසර පහ හයක කාලය අතිශය ප්‍රමාණවත්.
කලක පටන් පොරොන්දු වූ දීප්තිමත් අනාගතය ලබා දීමට දැන් හොඳම කාලය උදා වෙලා.
කණ්ඩායමත්, ක්‍රිකට් බලධාරීනූත්, කලමනාකාරීත්වයත් ඒ සඳහා උපරිම අවංක උත්සාහයක් හෝ දැරීමට මේ හොඳම කාලයයි.
- ෆ්බී එකෙන් ඉස්සුවෙ
2023. 10. 11