ඇයි අපි පරදින්නෙ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මේ ලෝක කුසලානය පිළිබඳව ජයග්‍රාහී බලාපොරොත්තුවක් මුල ඉදලම මට තිබුණේ නැහැ.

    ඒක කණ්ඩායම පිළිබඳව සෘණාත්මක ආකල්පයක් ම නෙවෙයි.

    කිරලා මැනලා බැලුවම හැඟෙන, සාමාන්‍ය දෙයක්.

    ශ්‍රී ලංකා පිතිකරණයේ විශාල ගැටලුවක් නොමැති බව ලෝක කුසලානය ආරම්භ වෙන්න කළින් ඉඳලම මම කිව්වා.

    කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිතිකරුවා වෙනු ඇති බවත් කිව්වා.

    ඔහු ඒ බව ඔප්පු කරමින් සිටිනවා.

    මෙන්ඩිස් මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටින්නේ අප ඔහුගෙන් මින් පෙර නොදුටු අලුත් තාක්ෂණයකින්.

    ඔහු සිය ඉරියව්ව තරමක් දුරට වෙනස් කරලා, පන්දුව යටට ගොස් ක්‍රීඩා කරනවා.

    මේ තනතීරු, කෙටි හතරේ සීමා සියල්ල ඒ සඳහා ඉතා හොඳින් ගැලපෙනවා.

    කොහොමත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයෙන් ඉහළම පිතිකරුවා ඔහු.

    සිය දක්ෂතාවය ට සරිලන කැපවීමක්, උනන්දුවක් ප්‍රදර්ශනය කළ හැකි නම් කුසල් මෙන්ඩිස් ලොව හොඳම පිතිකරුවන් පහ අතර සිටිනා ක්‍රීඩකයෙක්.

    ඔහු ගේ ක්‍රීඩාවේ ගැටලුව වුණේ ඒ අවශ්‍ය කැපවීම සහ උනන්දුව ඔහුගෙන් නොලැබීම පමණයි.

    එසේ නොමැතිව දක්ෂතාවයේ අඩුවක් මෙන්ඩිස් ට කිසිදිනෙක තිබුණේ නැහැ.

    ලෝක කුසලානයේ අපේ ගැටලුව තියෙන්නෙ පන්දු යැවීම ඇතුලේ.

    කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නෙක් අපිට නැහැ.

    අන්ත දෙකෙන්ම පීඩනය ස්ථාවරව පවත්වා ගෙන යා හැකි පන්දු යවන්නන් යුවළක් ශ්‍රී ලංකාවට නැහැ.

    මහීෂ් තීක්ෂණ කඩුලු නිර්මාණය කරනා පන්දු යවන්නෙක්.

    ඔහු නිර්මාණය කරනා කඩුලු දවා ගත යුත්තේ අනෙක් අන්තයෙන්.

    නමුත් ඩිල්ෂාන් මදුෂංක හැරුනුකොට සෙසු සෑම පන්දු යවන්නෙක් ම ඒ සඳහා අසමත්.

    මතීෂ පතිරණ පිළිබඳව මහේන්ද්‍ර සිං දෝනි කිව්වේ ඔහු එක්දින සහ ටෙස්ට් ආකෘති වලට නොගැලපෙන පන්දු යවන්නෙක් ය කියලා.

    ඔහු ගැලපෙන්නේත්, ඔහු දක්ෂත් පන්දු වාර හතරේ ක්‍රීඩාවට බව දෝනි කිව්වා.

    ඉදිරිය දැකිය හැකි, විශාල ක්‍රිකට් බුද්ධියකින් හෙඹි දෝනි ගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇතැමෙක් විවේචනය කළා.

    නමුත් කාලය විසින් දෝනි ගේ ප්‍රකාශය කොතරම් සත්‍යයක් දැයි ඔප්පු කරමින් සිටිනවා.

    මතීෂ පතිරණ එක්දින කණ්ඩායමට කැඳවීම වැරදි තීරණයක් වී තියෙනවා.

    එක්දින තරගයක පන්දුවාර දහයක් යොමු කිරීමට අවශ්‍ය පාලනයත් විනයත් ඔහු සතුව නොමැති බව දැන් පැහැදිලියි.

    ඔහු විසින් ලබා දෙන අතිරේක ලකුණු තරගයක ප්‍රතිඵලය පවා වෙනස් කළ හැකි තරමට විශාලයි.

    කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රධාන වේග පන්දු යවන්නෙකුගේ ස්ථානය චාමික කරුණාරත්න ට වෙන් කර දී තිබුණා.

    ඔහු ඒ වගකීම බොහෝ දුරකට සාර්ථකව ඉටු කළා.

    පිතිකරුවෙක් ලෙසත් ඔහු ඇතැම් අවස්තා වල කණ්ඩායම බේරා ගත්තා.

    චාමික කරුණාරත්න ට අවසන් එකොලොස්දෙනා අතර ස්ථානය අහිමි වීම පාඩුවක් බව ඊයේ තරගයේ දී පැහැදිලි වුණා.

    පන්දු යවන්නෙක් ලෙසත් පිතිකරුවෙකු ලෙසත් ඊයේ වැනි තරගයක ඔහුට වෙනසක් කළ හැකිව තිබුණා.

    ඔහු එක්දින ආකෘතියේ අසාර්ථක වූ ක්‍රීඩකයෙක් නොවෙයි.

    නායකත්වය හැරුනුකොට දසුන් ශානක ට වඩා, ඒ ස්ථානයේ ක්‍රීඩා කිරීමට සෑම අතින්ම සුදුස්සා චාමික.

    කොහොමත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ තේරීම් කමිටුවට, ආකෘති වරද්දා ක්‍රීඩකයන් විනාශ කිරීමෙහි ඉතිහාසයක් ද තියෙනවා.

    නමුත් ගැටලුව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අති විශාල නිල නොවන බලයක් හිමි, කණ්ඩායම තේරීමට පවා සෘජුව මැදිහත් වන මහේල ජයවර්ධන විසින් ද එම වැරදි සිදු කිරීමයි.

    නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා වූ කාලයේ පටන් මහේල ජයවර්ධන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල බලයක් හිමි පුද්ගලයෙක්.

    ඔහු තේරීම් කමිටුවටත්, ප්‍රධාන පුහුණුකරුවාටත් වඩා ඉහළ බලයක් සහිත පුද්ගලයෙක්.

    ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙන්වා ඉහළම වගකීමක් ලබා දී ඇති ඔහුගේ ආධිපත්‍යය, ක්‍රිකට් ආයතනයෙන් හෝ ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.

    ජාතික කණ්ඩායමේ තිරය පසුපස සැඟවුණු, නිල නොවන බලධරියා මහේල.

    කණ්ඩායමේ බොහෝ වෙනස්කම් වල අවසන් අනුමැතිය මහේල ට යටත්.

    මහේල විසින් ද මෙවැනි සරල අත්වැරදීම් සිදුවීම පුදුමසහගතයි.

    කණ්ඩායමේ සමබරතාවය ගිලිහෙන ඉතිරි ප්‍රධාන ගැටලුව දසුන් ශානක.

    පිත්තෙන් හෝ පන්දුවෙන් ඔහුගෙන් බලාපොරොත්තු වන කිසිඳු වගකීමක් මේ මොහොතේ හරිහැටි ඉටුවෙන්නේ නැහැ.

    ඊයේ තරගයේ අවසන් පන්දුවාර දහයට, ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 61ක් පමණයි.

    තවත් ලකුණු 30 ක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුණා.

    එසේ නම් තරගයේ ප්‍රතිඵලයත් වෙනස් වීමට තිබුණා.

    ඒ ලකුණු ලබා ගැනීම නොම්මර හය, හත පිතිකරුවන්ගේ වගකීම.

    නමුත් 'පවර් හිටර්' ස්ථානයක ක්‍රීඩා කරන දසුන් ශානක ඊට අසමත්.

    ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ නායකත්වය කෙසේ වෙතත් ඔහුගේ ස්ථානය පිළිබඳව සිතා බැලිය යුතුමයි.

    උපනායක ධනංජය ද සිල්වා ටත් ක්‍රීඩා කළ තරග දෙකෙහි ම සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වුණේ නැහැ.

    නමුත් මෑත කාලයේ කඩා වැටෙන බොහෝ ඉනිම් වල ඔහු එක් අන්තයක් අල්ලා ගෙන හිටියා.

    එවැනි තරග වල ඔහු ලකුණු පනහක් - හැටක් ලබා ගත්තා.

    ධනංජය ද සිල්වාගේ මා දකින විශේෂත්වය නම් ඔහු බොහෝ විට සාර්ථක වන්නේ පරදින තරග වලයි.

    මුල් පෙළ බිඳ වැටෙන, කඩුලු දැවී ගොස්, පීඩනයක් ඇති මොහොතක ඔහු අන්තය අල්ලා ගෙන හුදකලා ඉනිමක් ක්‍රීඩා කරනවා.

    සෙසු ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්, සාර්ථක, පීඩනය අඩු තරග වල ඔහු දැවී යනවා.

    ඇතැම් විටෙක ඔහුගේ පිතිකරණයේ උපරිමය ලැබෙන්නේ මුල් හෝ මැද ඕවර වල පමණක් විය හැකියි.

    මෙය පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය නීරික්ෂණය කර විසඳා ගත යුතු තැනක්.

    බොහෝ කාලයක පටන් වැරදි නිවැරදී වී කණ්ඩායම තරග ජය ගන්නා තුරු ප්‍රේක්ෂකයන් බලා සිටිනවා.

    ඒ සෑම මොහොතකම කලමනාකාරීත්වය ප්‍රේක්ෂකයන්ගෙන් කාලය ඉල්ලා සිටියා.

    දීප්තිමත් අනාගතයක් පිළිබඳව පොරොන්දු වුණා.

    මම හිතන්නේ දැන් රසිකයන් විසින්, කණ්ඩායමටත් කලමනාකාරීත්වයටත් ඕනෑවටත් වඩා කාලය ලබා දී තියෙනවා.

    වැරදි නිවැරදි කර ගැනීමටත්, අත්දැකීම් ලබා ගැනීමටත්, ඉගෙනීමටත් මේ ලබා දුන් වසර පහ හයක කාලය අතිශය ප්‍රමාණවත්.

    කලක පටන් පොරොන්දු වූ දීප්තිමත් අනාගතය ලබා දීමට දැන් හොඳම කාලය උදා වෙලා.

    කණ්ඩායමත්, ක්‍රිකට් බලධාරීනූත්, කලමනාකාරීත්වයත් ඒ සඳහා උපරිම අවංක උත්සාහයක් හෝ දැරීමට මේ හොඳම කාලයයි.

    - ෆ්බී එකෙන් ඉස්සුවෙ
    2023. 10. 11
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සියල්ල වැරදිලා තියන රටක ක්‍රිකට් විතරක් හරියයිද
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වල්ඩ් කප් එකක් දින්න මාස ගනකින් කරන්න බෑ.. එකට තියෙන්න ඔනේ ලොකු සැලැස්මක්. අඩුම දැන් ඉදන් පැලෑන් එකක් හැදුවොත් ලබන පාර වල්ඩ් කප් එකට ගන්න එක කෙසේ වෙතත් අවම වශයෙන් අන්තිම 4 දෙනාට ඉන්න පුලුවන් වෙයි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඇයි අපි පරදින්නේ ... 👇 👇 👇

    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif

    Collage-Maker-05-Apr-2023-12-00-AM-6776.jpg
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63

    ඉරේසාන් සිරිවර්දන aka ඉසාන් ජයසුරිය හෑලි බයියාගේ පල් හෑලි මේකේ ගෙනත් දාන්න එපා යකෝ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ ටීම් එකේ වැරදි නම් ගොඩයි , ලෝක කුසලානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ
    මේ පාර ලංකාවට නෙමේ ඉන්දියාවට ඇරෙන්න වෙන කිසිම ටීම් එකකට ලොකු chance එකක් නැහැ
    ඉන්දියාවේ චෝර දවසකට සෙමිය , ෆයිනල් වගේ උන්ට විරුද්දව කැරකුනොත් ඇරෙන්න අනිත් බොහෝවිට ඉන්දියාව 2011 පස්සේ ආයේ ලෝක කුසලානායක් ගෙන්න ඔක්කොම plan කරලා ඉවරයි
    උන්ට ඕනා විදිහට පිච් හදාගෙන ගහන මේ පර උන් කප් එක ගත්තේ නැත්නම් වැඩකුත් නෑ

    අපේ එවුන් ලොකු ලොකු දේවල් කරන්න ඕනා නෑ , BAN , NED & AFG මැච් ටිකයි 2019 දී එංගලන්තයට ගැහුවා වගේ කනාවට කැරකිලා එන මැච් එකකුයි දින්නම ඇති
    අතිත් මැච් වල හැබැයි ඉතින් ලංකාවේ cricket brand එක කාගන්නේ නැතුව ගහගන්න ඕනා
    ඉන්දියාවේ පිච් වල ගැහුවට හරිහමන් swing වෙන පිච් එකක් ආපු ගමන් එකෙක්ට අල්ලාගෙන ඉන්න බෑ වැල වගේ යන්න පටන් ගන්නවා
    කුසල් ජනිත් ආපු කාලේ ඔපෙන් ගැහුවට injury වලින් පස්සේ ඇවිත් හොඳට සෙල්ලම් කලේ මැදපෙළ , උ හොඳටම කර කර හිටපු තැන වෙනස් කරලා ආයේ ඔපෙන් වලට දැම්ම, දැන් උට ලකුණු 10ක් ගහගන්න බෑ
    form එකේ හිටපු අවිශ්ක එහෙම injury වුනා කරුමෙට
    දනන්ජයත් පතෝල වගේ මෙලෝ රසක් නෑ, මේ දවස් වල 300 පැනල වදින හින්ද උගේ weakness එක පෙන්නේ නෑ
    අසලන්කය වුනත් කිසිම consistency එකක් නෑ
    පින්ටෝ ඉතින් යන්තන් 60ක් ගහගත්තා, දැන් උට ඒක මේ world cup එක survive වෙන්න ඇති

    ටීම් එකේ බොලින් ගැන කිව්වොත් world cup දෙකක් ගැහුව චමීර නෑ , LPL එකක් ගහල වනිදුවගේ අන්ඩක් කඩාගත්ත WC එක ඔන්න මෙන්න තියෙද්දී, ඉස්සර ඉදලම බෝල් කරපු නුවන් ප්‍රදීප් වගේ experienced එවුන් නෑ death overs ටික ඇදගන්න
    චමින්ද වාස් , මාලිංග , කුලසේකර වගේ world class බොලරයෙක් නෑ , එන පාටක් පේන්නත් නෑ
    140+ ස්පීඩ් එකකින් T20 මැච් එකක ඕවර් 4 දැම්මා කියලා උ 50 world cup එකකට හරියන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අපේ ලොන්ත බෝලින් ඇටෑක් එක. :angry: :angry:
    එක දිගට මැච් 12කද කොහෙද all-out කරල ගත්තු ස්ව්‍යං වින්දනේ පේනවනෙ. දැන් එක විකට් එකක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ.
    අපේ එවුන් ඔක්කොම මැච් ටික පරදිනව සුවර්. :baffled:

    Edit:
    මාලින්ගය විදියට බෝලෙ දාන්න පුලුවන් වුනා කියල ටීම් එකට ආපු එකෙක් ඉන්නවනෙ. MS Dhoni ත් කිවුව ඕකව හරියන්නෙ නෑ කියල T20 හැර අනිත් ඒවට. අපේ එවුන් හෙන talk දුන්න Dhoni දන්න මගුලක් නෑ කිය කිය. දැන් ඇස් පනාපිටම පේනවනෙ කියපු ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: Mugen and IMUNA