මට මේකේ අද වැටිලා තියෙන replies ටික දැක්කහම තව දෙයක් හිතුනා. ලංකාවේ විශේෂයෙන් බෞද්ධයෝ බුද්ධදර්මයේ එන සමහර ඉගැන්වීම් අවියක් කරගන්නවා අපතය ගහල ඉන්න. ඕවා කරලා වැඩක් නෑ, කවද හරි යනකොට ගෙනියන්නද? උඹලට සල්ලි විතරයි, උඹලගේ සසර දිගයි කිය කිය. අවංකවම මෙහෙම කියන එක කමක් නෑ, ඒත් ගොඩක් උන් මෙහෙම කියන්නේ හිත හදාගන්න (සිත නිවන කතා) තමුනුත් කැමති සල්ලි කාරයෙක් වෙන්න. ඒත් කම්මැලි කමට, නැත්තන් වෙන එකෙක් ගොඩ යන එක බලාගෙන ඉන්න බැරි කමට තමයි ගොඩක් උන් ඕක කියන්නේ.
බොන්න ගිහාම, හතරවටේ ගෑනුත් එක්ක බුදියාගන්න ඕන උනාම, සූදු කෙලින්න ඕනේ උනාම, මස් කන්න ඕනේ උනාම ගොඩක් උන් බුද්ධ ධර්මය අලුතින් අර්ථ දක්වල හරි තමුන්ට ඕනේ දේ කරනවා. මේවගේ දේවල් වලදී සියලු දේ අනිත්යයි කියල කුසීත කමට ඉන්නවා.
මම physics class ගිය sir පින්නපොල sir ගේ ගෝලයෙක්. සමහර වෙලාවට class එක නවත්තල අපිව බන අහන්න එක්ක යනවා මාලිගාවේ. Sir හැමවෙලාවෙම කියපු දෙයක් තමයි ගිහියෝන්ට ජීවිතේ දුකක් කියල තේරෙනවා. ඒත් අවබෝධ වෙන්නේ නෑ කියල. තේරුම් ගැනීමයි, අවබෝධ කරගැනීමයි දෙකක්. අපිට හරියට අවබෝධ වෙලානම් ජීවිතේ දුකයි කියල අපි මේ හැමදේම අත ඇරලා මහණදම් පුරන්න යන්න ඕනේ නෙ. අපි එහෙම නොයන්නේ අපිට ජීවිතේ දුක හරියට අවබෝධ වෙලා නැති හින්ද. අපිට ඒ ඥානය පහල වෙලා නෑ තවම.
බුදුහාමුදුරුවෝ අපි වගේ අයට වෙනම උපදෙස් දෙන්න ඇත්තේ ඒකයි. නැත්තන් "උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න" කියල දේශනා කරන්න ඕනේ නෑනේ.
ඒක නිසා ගොඩක් එවුන් කරන්නේ කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්න එක. තමුන්ට තියෙන දෙයින් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් එකයි, තමුන්ගේ කම්මැලි කමට මෙලෝ දෙයක් නොකර දෙමව්පියන්ට ගෑනීට ළමයින්ට දුක් දෙන එකයි දෙකක්.
සමහර උන්ට කොච්චර සල්ලි තිබුනත් සතුටෙන් ඉන්න බෑ. තව තව සල්ලි හොයන්න ඕනේ ඒත් ඒවගෙන් කරන දේකුත් නෑ. උන් කෝටිපතියෝ උනත් කොච්චර ඉඩකඩම් යාන වාහන තිබ්බත් මැරෙන දවසේ ආපහු කල්පනා කරලා බැලුවොත් ජීවිතේ සතුටෙන් ඉඳල නෑ. අපි නවත්තන්න ඕනේ අන්න ඒ දේ.
"උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න"
මේක තමයි අනිත් දේ. අපි ළඟ තියෙන ප්රමාණය වැඩි නම් අපිට දෙන්න පුළුවන් ප්රමාණය වැඩි. ඒක නිසා අපි දෙන දෙයින් ලෝකෙට කරන්න පුළුවන් "impact" එක වැඩි. හොඳම උදාහරනේ Pet scanner එක ගන්න කෝටි 4ක් දීපු පුද්ගලයා. ඒ මනුස්සය ඕක නොදුන්නනම් ඔය scanner එක ගන්න එක තව සති ගානකින් පරක්කු වෙන්න තිබුනා. සමහරවිට ඒක හින්ද ජීවිත ගානක ඉරණම තීන්දු වෙන්න තිබුනා. පොඩි පොඩි ගණන් දීපු අපිව හෑල්ලු කරගන්නවා නෙවෙයි. අපි දුන්නේ අපිට පුළුවන් විදියට. ඒත් ඒ මනුස්සය කරපු දේ impact එක අපිට වඩා වැඩි.