ඇයි අපි පොහොසත් නැත්තෙ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆේස්බුක් එකේ ඉන්න යාළුවෝ ඔක්කොම අන්ෆලෝ කරලා තමන් ඉන්න ඉන්ඩස්ට්‍රි එකට අදාල පේජස් ටිකක් ෆලෝ කරපල්ලා (අඩුම ගානේ ඉංග්‍රීසී නිවුස් පේජස් ටිකක්වත්). මමනම් දැනට අවුරුදු 2ට විතර කලින් ඉදන් එහෙමයි ෆේස්බුක් යූස් කරන්නේ.

    I use Facebook as a news feed (internet marketing, technology and business). :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    අඩෝ මාත් මාර්කටින් වලට යූස් කරනවා,මගෙ ගොඩක් තියෙන්නෙ නිස්ව් පේජ් සෙට් එකයි.බිස්නස් ඉන්සයිඩර් වගේ ඒවයි ටෙක්නොලොජි ගන තියෙන පේජ් සෙට් එකයි තමයි.ෆේස්බුක්වලින් වැඩ ගන්න අපි එක අතකට දැනගන්න ඕනෙ:yes::yes::yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආයෙම පටන් ගමු,මමත් පොඩි වැඩ ටිකක් අවුල් වෙලා මේ දවස්වල පොඩ්ඩක් කලකිරිලා හිටියෙ.ඒත් කාටවත් මට කෙල උන එක වැදගත් නෑ,අපේ රිසල්ට් එකයි වැදගත්.අද මට කෙල උනාද නැද්ද කියන එක තව අවුරුදු 5කින් මට වැදගත් නැතිවෙයි,ඒක නිසා කෙල උන ඒවා අමතක කරලා වැරදි හදාගෙන ආයෙම යෑමක් තියෙන්නෙ.ඇත්තටම ඒක වඩ කරනවා.ඉස්සර මම දෙයක් වැරදුනාම ආයෙ මාස ගානකට බලන්නෙවත් නෑ.දැන් අද කෙල උනත් හෙට කොල්ලා ආයෙම වැඩ.මම දැන් මම ඉස්සරට වඩා ගොඩක් ඉස්සරහින් කියලා මට තේරෙනවා.

    මොකක්ද අපිව දුප්පත් කරන බලවේගය?

    අපිව දුප්පත් කරවන බලවේගය තමයි අපේම දුප්පත් හිඟන මානසිකත්වය,උදාහරනෙකට අපේ රට ගනින්.සමුර්දියෙන් කන උන් ලක්ෂ කීයක් ඉන්නවද අපේ රටේ?රටට බරක් වෙවී ජීවත් වෙන කාලකන්නියි,උන් පත් කරගත්තු තවත් රටට බරක් වෙච්චි දේශපාලකයොටි ඉන්න රටක් මේක.උන් හම එකාටම ඕනෙ නිකන් ඉඳගෙන කන්න.රාජ්‍ය සේවකයොන්ට ඕනෙ චුට්ටක් වඩ කරලා වැඩි පඩියක් ගන්න.හම එකාම නිකන් ඉඳගෙන හිඟන ජීවිත ගත කරන්නම තමයි ට්‍රයි කරන්නෙ.ඉතින් අපෙ රටවල් දියුනු වෙන්නෙ නෑ.
    දැන් ඇමෙරිකාව ගනින්,උන්ගෙ කවුරු කොහොම වැඩ කරත් උන්ට නිකන් කන්න දෙන්නෙ නෑ රජයෙන්,ඒ වගේම ඕනෙ වෙලාවක එහෙ වැඩ කරන මිනිහෙක් අස් කරන්නත් පුලුවන්.ඒක නිසා උන් හිඟන විදියට කන්නෙ නැතුව පුලුවන් තරම් දියුනු වෙන්නමයි බලන්නෙ.

    අපි ඉස්සෙල්ලම බලන්න ඕනෙ මෙන්න මේ හිඟන මානසිකත්වෙ අයින් කරගන්න.අපිට අනාගතේ ෆෙරාරියක් පදින්න ආසාවක් නැත්තන් අපි කවදාවත් දියුනු වෙන්නෙ නෑ,ලොකු ගෙයක් හදාගෙන ජීවත් වෙන්න ආසාවක් නැත්තන් අපි දියුනු වෙන්නෙ නෑ.කොටින්ම අද ගිහින් උඹෙ යාලුවො 10 දෙනෙක්ගෙන් අහපන් තව අවුරුදු 5කින් මොකක්ද කරන්න ඉන්නෙ කියලා.ඉගෙන ගන්න එකෙක්නම් කියයි ජොබක් කරනවා කියලා,වැඩට යන එකෙක්නම් කියයි ප්‍රමෝෂන් එකක් ගන්නවා,වෙන තැනක හොඳ පඩියට වඩට යනවා කියලා.එකෙක්වත් කියයිද කෝටිපතියෙක් වෙනවා,ලොකු කම්පනියක් සල්ලි දීලා ගන්නවා කියලා?කවුරුත් කියන්නෙ නෑ.හම එකාම කලින්ම අවසානෙට යන තැන තීරනය කරලා ඉවරයි.අපි ජොබකට ගිහින් වඩ කරලා පඩි අරන් අවුරුදු 55න් රිටයර් වෙනවා කියලා දැන්ම තීරනය කරලනම් කොහොමද අපි කෝටිපතියො වෙන්නෙ?කොහොමද අපි ලොකු කම්පනි ගන්නෙ?මොන මගුල කරන්නත් කලින් අඩුම ගානෙ එහෙම සිතුවිල්ලක්වත් පහල නොවී අපි කොහොමද පොහොසත් වෙන්නෙ?ඉස්සෙල්ලම ඔය හිඟන මානසිකත්වෙ අයින් කරගන්න අපි දැනගන්න ඕනෙ.ඕක තමයි අපිව දුප්පත් කරන ප්‍රධාන සාධකය.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    එකෙන්ම...මෙන්න මේකයි ඇත්ත කතාව...ජීවිතය විදින්න නෙවෙයි යන්තම් ගැටගහ ගන්නයි අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ..ඉතින් ජිවිතයට ලගා කරගන්න හීනයක් නෑ ..හීනයක් නැති නිසා අරමුණක් නෑ ..අරමුණක් නැති නිසා එදා වේල ජිවිතයකට මිනිස්සු හැඩගැහෙනවා....පොඩි කාලයේ ඉදන්ම හීන දකින්න , ඒවා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙනවා නම් අපි අද ගොඩක් පොහොසත් ..
     
    ඔව්,ගොඩක් උන් බොරුවට ෆේස්බුක් එකේ පෝස්ට්නම් ශෙයා කරනවා උන් ගන්න හිතන් ඉන්න කාර්,ගෙවල් ගැන.ඒ උනාට පහුවදා ඉඳලා වඩ කරන්නෙ පරන අවුරුදු 55 ටාර්ගට් එකටමයි.පොහොසත් මිනිස්සු හරිම බලාපොරොත්තු සහගතයි.නිකන් පය දෙක වැඩ කරලා උඩ බලන් ඉන්නෙ නෑ,ස්ටීව් ජොබ්ස් මැරෙන්න ඉන්නකොටත් බෝට්ටුවක් හද හදලු හිටියෙ.මිනිහත් දන්නවලු ඒක කවදාවත් මිනිහට පදින්න වෙන්නෙ නෑ කියලා,ඒත් මිනිහා වැඩේ නැවැත්තුවෙ නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඔව්,ගොඩක් උන් බොරුවට ෆේස්බුක් එකේ පෝස්ට්නම් ශෙයා කරනවා උන් ගන්න හිතන් ඉන්න කාර්,ගෙවල් ගැන.ඒ උනාට පහුවදා ඉඳලා වඩ කරන්නෙ පරන අවුරුදු 55 ටාර්ගට් එකටමයි.පොහොසත් මිනිස්සු හරිම බලාපොරොත්තු සහගතයි.නිකන් පය දෙක වැඩ කරලා උඩ බලන් ඉන්නෙ නෑ,ස්ටීව් ජොබ්ස් මැරෙන්න ඉන්නකොටත් බෝට්ටුවක් හද හදලු හිටියෙ.මිනිහත් දන්නවලු ඒක කවදාවත් මිනිහට පදින්න වෙන්නෙ නෑ කියලා,ඒත් මිනිහා වැඩේ නැවැත්තුවෙ නෑ.
    ෆේස්බුක් එකේ නම් කරන්නෙම තනිකර රැඟිල්ලක් බන් .ඔය ෂෙයාර් කරන එකෙක්වත් ඔය ටාර්ගට් කවර් කරන්නේ නැහැ.මම දන්න අපෙ වයසෙ එවුන්ගෙන් හොඳම ව්‍යවසායකයාට බස් එකකුත් තියෙනවා. ඌට ඉංග්‍රීසි නම් බැහැ වැඩිය. ෆේස්බුක් එන්න්ත් නැහැ වැඩිය. හැබැයි අනෙක් උන්ට තියෙන්නෙ ගෙදරින් එක්කො කසාද ගැනිගෙ දැවැද්දෙන් ලැබෙන මොකකින් හරි ලැබිච්ච දෙකින් ගත්ත වාහනයක් නැත්තම් ගෙයක් .ඔක තමා යථාර්තය .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ෆේස්බුක් එකේ නම් කරන්නෙම තනිකර රැඟිල්ලක් බන් .ඔය ෂෙයාර් කරන එකෙක්වත් ඔය ටාර්ගට් කවර් කරන්නේ නැහැ.මම දන්න අපෙ වයසෙ එවුන්ගෙන් හොඳම ව්‍යවසායකයාට බස් එකකුත් තියෙනවා. ඌට ඉංග්‍රීසි නම් බැහැ වැඩිය. ෆේස්බුක් එන්න්ත් නැහැ වැඩිය. හැබැයි අනෙක් උන්ට තියෙන්නෙ ගෙදරින් එක්කො කසාද ගැනිගෙ දැවැද්දෙන් ලැබෙන මොකකින් හරි ලැබිච්ච දෙකින් ගත්ත වාහනයක් නැත්තම් ගෙයක් .ඔක තමා යථාර්තය .
    මමත් දැන් නිකන් ගිහින් එනවා විතරයි බන්.එපා වෙලා තියෙන්නෙ ඒකත් දැන්.ගොඩක් උන් බොරු ෂෝ එක දාන තැනක් කරගෙන.සැබෑ ජීවිතේ නැති දේවල් වර්චුවල් ලෝකෙක මවා පෑමක් තියෙන්නෙ උන්ගෙ.උඹෙ යාලුවට කියපන් ඉංග්‍රීසි ටිකක් හදාගන්න කියලා.මොකද සල්ලි වගේම ඉගෙනීමත් වටිනවා.දැනුම පුලුල් වෙනකොට අලුත් මාර්ග පෑදෙනවා.එතකොට ඉස්සරහට යන්න ලේසියි.ඉගෙනීම කියන්නෙ ඉස්කෝලෙ පලයන් කියලා නෙවෙයි,සමාජීය ඉගෙනීම.අපෙ තාත්තා කඩයක් කරන්නෙ මචන්,මම පොඩි කාලෙ තාත්තා ස්පෝකන් ඉන්ග්ලිශ් ක්ලාස් ගියා.එයාට ප්‍රොමෝෂන් ගන්න නෙවෙයිනෙ,ඒ වගේම ගමේ එකෙක්වත් ඉංග්‍රීසි කතා කරන්නෙත් නෑ.ඒත් තාත්තා ආසාවෙන් ඉගෙනගත්තා හැමදේම.ඒක නිසා මුකුත්ම නැතුව ඉඳලා අද හොඳ තත්වෙක අපිව තියලා තියෙනවා.මමත් කවදාවත් ඉගෙනගන්න එක නවත්තන්නෙ නෑ,මැරෙනකල්ම අලුත් දේවල් ඉගෙනගන්නවා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට මේකේ අද වැටිලා තියෙන replies ටික දැක්කහම තව දෙයක් හිතුනා. ලංකාවේ විශේෂයෙන් බෞද්ධයෝ බුද්ධදර්මයේ එන සමහර ඉගැන්වීම් අවියක් කරගන්නවා අපතය ගහල ඉන්න. ඕවා කරලා වැඩක් නෑ, කවද හරි යනකොට ගෙනියන්නද? උඹලට සල්ලි විතරයි, උඹලගේ සසර දිගයි කිය කිය. අවංකවම මෙහෙම කියන එක කමක් නෑ, ඒත් ගොඩක් උන් මෙහෙම කියන්නේ හිත හදාගන්න (සිත නිවන කතා) තමුනුත් කැමති සල්ලි කාරයෙක් වෙන්න. ඒත් කම්මැලි කමට, නැත්තන් වෙන එකෙක් ගොඩ යන එක බලාගෙන ඉන්න බැරි කමට තමයි ගොඩක් උන් ඕක කියන්නේ.

    බොන්න ගිහාම, හතරවටේ ගෑනුත් එක්ක බුදියාගන්න ඕන උනාම, සූදු කෙලින්න ඕනේ උනාම, මස් කන්න ඕනේ උනාම ගොඩක් උන් බුද්ධ ධර්මය අලුතින් අර්ථ දක්වල හරි තමුන්ට ඕනේ දේ කරනවා. මේවගේ දේවල් වලදී සියලු දේ අනිත්‍යයි කියල කුසීත කමට ඉන්නවා.

    මම physics class ගිය sir පින්නපොල sir ගේ ගෝලයෙක්. සමහර වෙලාවට class එක නවත්තල අපිව බන අහන්න එක්ක යනවා මාලිගාවේ. Sir හැමවෙලාවෙම කියපු දෙයක් තමයි ගිහියෝන්ට ජීවිතේ දුකක් කියල තේරෙනවා. ඒත් අවබෝධ වෙන්නේ නෑ කියල. තේරුම් ගැනීමයි, අවබෝධ කරගැනීමයි දෙකක්. අපිට හරියට අවබෝධ වෙලානම් ජීවිතේ දුකයි කියල අපි මේ හැමදේම අත ඇරලා මහණදම් පුරන්න යන්න ඕනේ නෙ. අපි එහෙම නොයන්නේ අපිට ජීවිතේ දුක හරියට අවබෝධ වෙලා නැති හින්ද. අපිට ඒ ඥානය පහල වෙලා නෑ තවම.

    බුදුහාමුදුරුවෝ අපි වගේ අයට වෙනම උපදෙස් දෙන්න ඇත්තේ ඒකයි. නැත්තන් "උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න" කියල දේශනා කරන්න ඕනේ නෑනේ.

    ඒක නිසා ගොඩක් එවුන් කරන්නේ කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්න එක. තමුන්ට තියෙන දෙයින් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් එකයි, තමුන්ගේ කම්මැලි කමට මෙලෝ දෙයක් නොකර දෙමව්පියන්ට ගෑනීට ළමයින්ට දුක් දෙන එකයි දෙකක්.

    සමහර උන්ට කොච්චර සල්ලි තිබුනත් සතුටෙන් ඉන්න බෑ. තව තව සල්ලි හොයන්න ඕනේ ඒත් ඒවගෙන් කරන දේකුත් නෑ. උන් කෝටිපතියෝ උනත් කොච්චර ඉඩකඩම් යාන වාහන තිබ්බත් මැරෙන දවසේ ආපහු කල්පනා කරලා බැලුවොත් ජීවිතේ සතුටෙන් ඉඳල නෑ. අපි නවත්තන්න ඕනේ අන්න ඒ දේ.

    "උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න"

    මේක තමයි අනිත් දේ. අපි ළඟ තියෙන ප්‍රමාණය වැඩි නම් අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි දෙන දෙයින් ලෝකෙට කරන්න පුළුවන් "impact" එක වැඩි. හොඳම උදාහරනේ Pet scanner එක ගන්න කෝටි 4ක් දීපු පුද්ගලයා. ඒ මනුස්සය ඕක නොදුන්නනම් ඔය scanner එක ගන්න එක තව සති ගානකින් පරක්කු වෙන්න තිබුනා. සමහරවිට ඒක හින්ද ජීවිත ගානක ඉරණම තීන්දු වෙන්න තිබුනා. පොඩි පොඩි ගණන් දීපු අපිව හෑල්ලු කරගන්නවා නෙවෙයි. අපි දුන්නේ අපිට පුළුවන් විදියට. ඒත් ඒ මනුස්සය කරපු දේ impact එක අපිට වඩා වැඩි.
     
    ඕකනම් සිරාම කතාව බං,උටත් අඩි 6යි,මටත් අඩි 6යි.මාත මැරෙනවා ඌත් මැරෙනවා කිය කිය තමන්ගෙ කම්මැලිකම නොහකියාව වහගන්න අපේ උන් හරි දක්ෂයි.ඔය එකෙක්ට ටිකට් එකක් ඇදුනොත් අනේ මටත් මැරුනාම අඩි 6යිනෙ කියලා නොගෙන ඉඳියිද?ඕවා බන් උන්ගෙම හිත රවට්ටගන්න ගහන බොරු බයිලා.තව කොටසක් ඉන්නවා අපිට ඔහොම කියලා ගිහින් අපිටත් හොරෙන් අපි කියපුවා කරන.කරලා අපිටත් කෙලවලා ගොඩ යන්න තමයි උන්ගෙ ට්‍රයි එක.
    මුන් කියන විදියට කම්මැලිකමේ හිටියනම් බුදු හාමුදුරුවො බුදු වෙන්නෙත් නෑ බන්.මමත් පින්නපොල සර්ගෙ ක්ලාස් ගියෙ,ඒත් ඔය සර්ලා ගාථා කවි කරන සීන්වලට එහෙම මමනම් කැමති නෑ.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Good thread brother..Thanks for starting a thread like this....keep it up...& bohoma pin mewa anith ayath ekka beda ganna ekata