මුලින් ම කියන්න ඔන මේ ත්‍රේඩ් එක දාන්නේ දැන් සයිට් එකේ තියන මේ ත්‍රේඩ් එක දැකපු නිසයි

http://www.elakiri.com/forum/showthread.php?t=1131805

හරි ඒ ත්‍රේඩ් එක ගැන නෙමෙයි මෙන්න මේක දැන් කියවමුකෝ....

බලල තියෙනවද මේ සිංදුව? විඩියෝව මේකෙ අන්තිම හරියෙ යන දර්ශනයක් නිසාත්, මේ ලඟදි දැකපු එකක මාතෘකාවක් (ඔබේ බිරිඳගේ , පෙම්වතියගේ ෆොටෝ ගන්න එපා ඒවා නවතින්නේ මෙතන වගේ අදහසක් තියෙන්නෙ) නිසාත් නිකන් මේ ලියන්න හිතුනේ.

සිංදුවේ අන්තිම හරියේ යාලුවො එකතු වෙලා වීඩියෝ එකක් බලනවා තමන්ගේ පෙම්වතියගේ දර්ශන අඩංගු මේකෙනම් තියෙන්නේ එච්චර අසභ්‍ය එකක් නෙමෙයි ඒත් ඕක ඇත්තටම වෙන්නේ ඒක. ආදරේ නොකලට කමක් නැහැ ඒත් මුලු ජීවිතේම විනාස කරන එකනම් අපරාධයක්.

ගෑනු ලමයෙක් මෙහෙම දෙයක් කරන්නේ කොච්චර විස්වාස කරලද, මිනිස්සු එහෙම කරවන්න කියන කතා ටික ඇහුවම හිතෙනවා කෙල්ලො මෙච්චර මෝඩද කියලත්. ෆෝන් එකක තියෙන එකක් නම් ෆෝන් එක නැති උනාම, පරිගනකයක එකක් නම් ඒක හදන්න දුන්නම මේවා එලියට යන්වා සමහරු ඕනේ කමෙන්ම එලියට දාන්වා.

මටනම් තාම සැබෑ ජීවිතේදි මෙහෙම උන කෙනෙක් හම්බ වෙලා නැහැ ඒත් දන්න කියන දෙතුන් දෙනෙකුට වෙලා තියෙනවා. ඊට පස්සෙ කෙල්ලෙක් කොහොමද සමාජයට මුහුන දෙන්නේ. මොකද ඉතින් ඊට පස්සෙ දකින් දකින් කොල්ල හිතන්නේ හරි මෙයා බඩුව අපිටත් චාන්ස් එකක් තියෙයි කියලානේ. මෙහෙම හිටිය හැමෝම වල්ද? මන් නම් හිතන්නේ එක්කෙනෙක් වත් වල් අය නෙමෙයි ගොඩක් සිදුවීම් අතිශය විශ්වාසය මත සිදු උන ඒවා.

ලඟදි රජයෙන් ගත්ත පියවරක් නිසා යම්තාක දුරට මේවා ප්‍රචාරය වෙන එක අඩුවෙලා තියෙනවා. ඒත් නවතී කියලා හිතන්න බැහැ.

ඕන් ඉතින් කියන්න එපා මන් මහ ජරා යකෙක් ඕවා බලනවා කියලා. ඔව් මන් බලනවා මට 18 පැනල නේ ඉතින් මන් බැලුවම මොකෝ වෙන්නේ. අනික කවුරු හරි කොල්ලෙක් කියන්වනම් මට ඉන්ටනෙට් තියෙන්වා මන් නම් කවදාවත් ඕකක් බලලා නැහැ කියලා අන්න එයා භයානකයි මට වඩා.

මන් මේ උඔලට කියන්නේ මොනා කලත් කමක් නැහැ හැඩරුව හිතේ තියාගන්න මොකො මුද්‍රිත පිටපත් වගේ නෙමෙයි ඉලෙක්ට්‍රොනික පිටපතක් කියන්නේ ආයි ඉතින් ඉවරයි තමා.
ගෑනු දැරිවියන්ට කියන්නේ අනේ ඉර හඳ නෙමෙයි ලෝකෙම දෙනවා කිව්වත් ෆොටෝ ගහන්නවත් වීඩියෝ කරන්නවත් නම් ඉඩ දෙන්න එපා. මිනිස්සු වෙනස් වෙන්නේ කොයි වෙලේද කියලා කවුරුත් දන්නේ නැහැ.

මේ සයිට් එකෙත් කෙල්ලෝ ඉන්නවනේ ඉතින් ඒ අයටත් එක්කයි දැම්මේ...අනික තමයි මම අර මේතන දාපු සිංදුවට නම් කැමතියි..කෙල්ලෙක්ට කියන්න පුලුවන්නේ මොකක් හරි සින් එකක් උනොත්

මේක මගේ යාලුවෙක් නෙට් එකට දාපු එකක්...එයා කොහෙන් හරි ගත්තද නම් දන්නේ නෑ...මොනවා උනත් වැදගත් දෙයක් නිසා දැම්මා ඔන්න...:)
 
siraa mage yaaluwek mata genath dunna uge kellage picz Net ekata daanna kiyala
puduma balu yakku inne mee loke :(

ඔවා කරන්න යන්න එපා බන්..අන්තිමට අපේ ඇගෙත් නිකම් පව් ගැවෙනවා....
හැබැයි බලු වැඩ කරන කොල්ලෝ එක්කම තමයි හැබැයි කෙල්ලොත් යාලු වෙන්නේ...:dull:
 
  • Like
Reactions: kellsupun

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොන බලු වැඩේ කලත් කෙල්ලෙක්ට ඒවගේ දෙයක් කරන එක කාලකණ්නි වැඩක් මචන්.
    තව ජීවිතයක් විනාශ කරලා කී දෙනක් ඒකෙන් සතුටු වෙනවද :sorry:
     
    මොන බලු වැඩේ කලත් කෙල්ලෙක්ට ඒවගේ දෙයක් කරන එක කාලකණ්නි වැඩක් මචන්.
    තව ජීවිතයක් විනාශ කරලා කී දෙනක් ඒකෙන් සතුටු වෙනවද :sorry:

    කියලා වැඩක් නෑ අර බලපන්කෝ අර තව ත්‍රේඩ් එකක් දාගෙන තමත් ආතල් ගන්න හැටි...ජිවිතේට පාරේවත් බැහැලා යන්න බැරි වෙනවා...
     
    • Like
    Reactions: DLM

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රතු ඇස්කොට්;10199810 said:
    කියලා වැඩක් නෑ අර බලපන්කෝ අර තව ත්‍රේඩ් එකක් දාගෙන තමත් ආතල් ගන්න හැටි...ජිවිතේට පාරේවත් බැහැලා යන්න බැරි වෙනවා...
    :sorry::sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත කතාව...තමන්ගේ කෙල්ලගේ ෆොටෝ නෙට් එකේ දාන්න පුලුවන්නම්...යාලුවොන්ට පෙන්න පෙන්න උන්ටත් ආතල් දෙන්න පුලුවන්නම්.ඌ මහා තිරිසනෙක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    රතු ඇස්කොට්;10199778 said:
    ඔවා කරන්න යන්න එපා බන්..අන්තිමට අපේ ඇගෙත් නිකම් පව් ගැවෙනවා....
    හැබැයි බලු වැඩ කරන කොල්ලෝ එක්කම තමයි හැබැයි කෙල්ලොත් යාලු වෙන්නේ...:dull:

    :yes::yes::yes::yes::no::no::no::no::(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රතු ඇස්කොට්;10199778 said:
    ඔවා කරන්න යන්න එපා බන්..අන්තිමට අපේ ඇගෙත් නිකම් පව් ගැවෙනවා....
    හැබැයි බලු වැඩ කරන කොල්ලෝ එක්කම තමයි හැබැයි කෙල්ලොත් යාලු වෙන්නේ...:dull:
    මේකතාව සම්පුර්ණ ඇත්ත..ගොඩක් කෙල්ලන්ට ඕන සීනි බෝල ආදරයක්..හැමතිස්සෙම ළඟ ඉන්න, කතාකරන්න, තොන්දොල් වේවි ඉන්න..ඕව නැති උනාම හිතන්නේ ආදරේ නැහැ කියල..වැඩක් නැහැ කියල. ඒ උනාට ඔය විදියට හුරතල් කර කර ලඟට වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට 90%කම කපටියෝ..උන්ට ඕන දේ කරගත්ත මාරු උනා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය සුන්දරයි..
    ඒ සුන්දරත්වයේ ජිවිතය ගෙවිගෙන යද්දි..
    ඒ සුන්දර ජිවිතය වටා අපි බොහෝ සේ සිහිවටන වෙනුවෙන්..
    පින්තුර ඒ වගේම විහිළු තහළු වැනි දෑ.. බොහෝ සේ ලබා ගන්නවා..
    ඒත්..
    ඒ ආදරය නොසිතු විරු ලෙසින් අපිට නොලැබුනා නම්..
    බොහෝ දෙනෙක් කරන්නේ ඒ ආදරයට වෛර කිරිමක්.. ඒ කෙල්ල වෙන කොයි කොල්ලෙක්ට වත් නොලැබේවා කියන මට්ටමෙන් ඉදලායි..
    හිතන්න පටන්න යන්නේ..
    ඒ හින්දා බොහෝ විට ඒ අය ආදර කරන අතර තුර ගත්ත සිහිවටන තියාගෙන ඒ කෙල්ලගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා.

    මට නම් කියන්න තියෙන්නේ ඒ වගේ පහත් මානසිකත්වයෙන් හිතන්නේ..
    තිරිසන් හදවතක් තියෙන මිනිසුන් කොට්ටාංශයක් විතරයි කියලායි..

    ඇත්තටම අපි ඒ කෙල්ලට ආදරේ කරලා තියෙනවා නම්..
    කෙල්ල අපිට නොලැබුනත් ඒ දුක අපි හිතෙන් දරාගෙන ඒ කෙල්ලගෙන් පලිගන්න
    චේතනාවක් එන්න විදියක් නෑ..
    කෙල්ලෙක්ගෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න ඕනෑවට ආදරේ කරපු එවුන්ට විතරයි..
    ඒ වගේ පහත් මට්ටමේ වැඩ කරන්න හිතක් පහල වෙන්නේ..
     
    nirmanapro

    Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia

    well said brother..umba wage hithana kollo hugak adui me kalakanni samaje..