ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !

Oct 25, 2009
228
19
0
ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !

ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !


ලිව්වේ දුකා on Monday, October 5, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (4)



ගැහැනුන් මිනිසුන්
ජීවිතයෙන්
කුමට මරණය පතන්නෙම්දැයි
ඇසුවෙමි කලෙක
සෝපහාසයෙන්, තරහින්
දමා ගැසුවෙමි මා
අතට හසුවූ දරුනුම
වාග් ආයුධයන්ගෙන්
ජීවිතයෙන් පලා යන්නෝ
කොන්ද පන නැති නිවටයින්
දිරිය සිඳුනු නපුංසකයින් . . . . !
ලද මිනිස් දිවිය
කොට මහා පින්දම් . . . පාරමී
රැකිය යුතුමය වෙර වීරියෙන්
සැදුමට සෙත නොව පමනක් තමාටම
නොහැකි වුවත් සකල ලෝ වැසියනටම
දිගු කිරීමට දෑත් එකෙකුට හෝ
අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !
එනමුත් පසක් වූ පසු මටම
නට වූ පසු අවසන් අපේක්ෂාවත්
ලබනට දිවියේ සැපතක් නිදහසක්
නිරවුල් මනසක් . . . !
සැදුමට සෙත තියා අනුනට, මටවත්
නොහැකිව ළතවෙන දිවියට
පතනු හැර ජීවිතයෙන් "මරණය"
වෙන කිසිවකින්
ලද හැකිද සමාධියක්?
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ජීවිතයට කොහොමත් උරුම දෙයක් තමා මරණය

ඒත් බලාපොරොත්තු වෙන වෙලාවෙදී අපිට ලැබෙයිද ?
 

saman2008

Member
Jan 4, 2010
227
1
0
mama nam hithanne awashyathawaya wadi weddi athata pala yana
nopathana wewaka lan wena deyak maranaya
kohoma unath kawada ho dawasaka api pathuwath nathath apiwa hoyagena enawa
eka nam sthirai

oyage nirmanaya lassnai
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයේ යම් යම් කාල පරාසයන් තුල අපි මුහුන දෙන සමාජ විපර්යාසයන් හා බද්ධ වෙමින් හැල්මේ කර තබා ගෙන යන මේ අපේක්ෂා පිරුනු මහා සාගත මල්ල හිස් වෙන්නේ ඔය කියන අවසන් මරණය හමුවේ..ඒත් මේ භවයට විතරයි..කවුද දන්නේ අපි පසු පස ඔය සාගත මල්ල බවයෙන් බවය එයිද කියල..

සාර්ථක ප්‍රස්තූතයක් හා අන්තර්ගතයක් හොඳින් හසුරුවා ලිවීමේ මහඟු කුසලතාවය ඔබ මෙම නිර්මානයෙන් පසක් කොට තිබෙනවා..

දිගටම ලියන්න ..ඔබට ජය...
 
Oct 25, 2009
228
19
0
ජීවිතයට කොහොමත් උරුම දෙයක් තමා මරණය

ඒත් බලාපොරොත්තු වෙන වෙලාවෙදී අපිට ලැබෙයිද ?


m m m m . .. ow eth welawakata hitwenawa eka ikmanata labenawanam hodai kiyalaa. .. jeevite gana kala kirunu welawata . . eth passe maara loba kamak danenawa jeevitaya gana . . . .
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ජීවිතය පිළිබඳ වැනෙන සිතක් තියෙන පෘතග්ජන අපට ඔහොම හිතෙනවා. ඇත්තටම භෞතිකව මරණයට පත් නොවී, සිතින් පමණක් යළි උපදින්න ඇත්නම්...... ජීවිතය අලුතින්ම පටන් ගන්න ඇත්නම් ..... ඒත් අපි පහුගිය කාලය පුරාවටම ජීවිතයට එකතු කරගත්ත දේවල් අත හරින්න අපට පුළුවන්ද?....

ලස්සන නිර්මාණයක් සහෝ..
 

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපේ ජීවිතය අපේ ජීවිතය කිව්වට ජීවිතේ අපිට අයිති නෑ
එහෙව් එකේ අපි කොහොමද මියන දවස තීරනේ කරන්න
ජීවත් වෙන ටික කාලය සතුටින් ඉදීමයි කල යුත්තේ
අපූරු නිර්මාණයක්
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
බලාපොරොත්තු වන විට නොලැබෙන,බලාපොරොත්තු නොවන විට ලැබෙන සදාතනික දහමකි මරණය
අපූරැයි සහො
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah you have to be in some situations to realize some things which otherwise would look childish to us..death, of all is not the most painful. sometimes it does feel like an easy escape.

    O death come near me ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මරණය, මේ ලෝකෙට එද්දි අපිත් එක්ක ඇවිත් වෙලාව එනකම් අපිත් එක්කම සෙවනැල්ලක් වගේ පසුපස එන..... සීතල මරණය.

    අපූරු නිර්මාණයක්
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්... මට නම් මරණය හොදයි කියලා හිතිලා තියනවා විභාග වලට පාඩම් කරද්දී නම්...:rolleyes: හී හී ඒත් අපිට ඕන විදියට් මැරෙන්න බෑ නේ... :P අපිට ආදරය කරන අය තනි කරලා අපිට හිතු මනාපෙට කරන්න බෑනේ.එක ස්වභාව ධර්මයාම තීරණය කරන තෙක් අපිට බලාගෙන ඉන්න සිදු වෙනවා..:yes: