ඇයි බං අපි ඉපදුනේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    a kiyanne uba kalin account ekak thiyana dan fake eken ena ekek. hari theruna
    ඔව් 2010 පරණ එකක් තියෙනවා.
    ඒක වැඩක් නෑ ආයේ එන්නේ නෑ කවදාවත්.
    අත ඇරලා දැම්මා ඒක.

    අනික ෆේක් වලින් එනවා කියන එකේ තෙරුම කාට හරි මඩ ගහන්න අපහස කරන්න නැත්තං කුණු හරප අසහන ත්‍රෙඩ් දාන්න එන එකනේ.
    මට එහෙම කරන්න අවශ්‍ය නෑ.
    මම එහෙම දෙවල් කරන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    අපිට විතරයි බන් බියකරු.
    සමහර උන්ට පට්ට ප්‍රියකරුයි.
    පෙර කුසල් අකුසල් තමා, දැන් සැපට හිටියට ඊලඟ ජීවිතේ මොන විදියට ඉපදෙයිද දන්නෙ නෑනෙ (පාරෙ හරියට කෑමක් නැතුව ඉන්න බල්ලො, පූසොත් පෙර සැපට හිටිය මිනිස්සු වෙන්ඩ පුලුවන්) ඒක තමා ලැබිච්ච දුර්ලභ අවස්තාව වටින්නෙ.
     
    • Like
    Reactions: S_M_S and ElaBaba

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Ane manda bn matath oka hithagnna baruwa inne. Oluwa pissu watenawa. Ubatath monawa hari prashna athi. Ekai ohoma ewa hithenne :(
     
    • Like
    Reactions: corp

    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,475
    113
    Colombo
    හැම ආගමකම ඒක එහෙමයි.

    මුස්ලිම් නානල ගෑනු 72 ගන්න කැමැත්තෙන් මරාගෙන මැරෙන්නෙ.උන්ට පව් නෑ.කුට්ටමට හානි නොවී තිබ්බොත් හරි.
     
    • Haha
    Reactions: corp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පෙර කුසල් අකුසල් තමා, දැන් සැපට හිටියට ඊලඟ ජීවිතේ මොන විදියට ඉපදෙයිද දන්නෙ නෑනෙ (පාරෙ හරියට කෑමක් නැතුව ඉන්න බල්ලො, පූසොත් පෙර සැපට හිටිය මිනිස්සු වෙන්ඩ පුලුවන්) ඒක තමා ලැබිච්ච දුර්ලභ අවස්තාව වටින්නෙ.
    ඉතිං කාටවත් මොකද්ද බන් තියෙන අයිතිය අපි කරන දේවල් ගැන ඇද හොයන්න.
    කන්න නැති හින්දා හොරකම් කරන එක පවුලු.
    ඉතින් පවු නන් හොරකන් කරනකන් ඉන්නේ නැතුව අපිට ඒ දේවල් දුන්න නම් ඉවරනේ.
    මේ ලෝකේ වගේ සංකීර්ණ සිස්ටම් එකක් හදපු එකාට ඒක සුළු දෙයක් නේ බන්.
    එක්කෝ ඌ දෙන්න ඕනේ, ඌ දෙන්නෙත් නෑ,
    අපි කොහොමහරි කරලා කාල බීල ඉද්දි ඒකේ ඇද කියන්නද දැන් ඔය අපි මවපු මොකද එකා ඉන්නේ?

    Ane manda bn matath oka hithagnna baruwa inne. Oluwa pissu watenawa. Ubatath monawa hari prashna athi. Ekai ohoma ewa hithenne :(
    ප්‍රශ්න විතරනේ බන් අපිට තියෙන්නේ.
    ප්‍රශ්නයක් නැති දෙයක් මොකද්ද මේ ලෝකේ තියෙන්නේ?
    එහෙම දෙයක් නෑ.
    අපිව මොකද්ද ෆ්‍රේම් එකක හිර කරලා දාලා අපිව නටවන එක නේද ජීවිතේ වෙලා තියෙන්නේ අපේ.
    ------ Post added on Dec 24, 2022 at 9:02 PM
     
    • Sad
    Reactions: SHAN_22

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    ඉතිං කාටවත් මොකද්ද බන් තියෙන අයිතිය අපි කරන දේවල් ගැන ඇද හොයන්න.
    කන්න නැති හින්දා හොරකම් කරන එක පවුලු.
    ඉතින් පවු නන් හොරකන් කරනකන් ඉන්නේ නැතුව අපිට ඒ දේවල් දුන්න නම් ඉවරනේ.
    මේ ලෝකේ වගේ සංකීර්ණ සිස්ටම් එකක් හදපු එකාට ඒක සුළු දෙයක් නේ බන්.
    එක්කෝ ඌ දෙන්න ඕනේ, ඌ දෙන්නෙත් නෑ,
    අපි කොහොමහරි කරලා කාල බීල ඉද්දි ඒකේ ඇද කියන්නද දැන් ඔය අපි මවපු මොකද එකා ඉන්නේ?


    ප්‍රශ්න විතරනේ බන් අපිට තියෙන්නේ.
    ප්‍රශ්නයක් නැති දෙයක් මොකද්ද මේ ලෝකේ තියෙන්නේ?
    එහෙම දෙයක් නෑ.
    අපිව මොකද්ද ෆ්‍රේම් එකක හිර කරලා දාලා අපිව නටවන එක නේද ජීවිතේ වෙලා තියෙන්නේ අපේ.
    ------ Post added on Dec 24, 2022 at 9:02 PM
    එක තමයි මේ හිරවෙලා ඉන්න සංස්සාරෙන් ගැලවෙන්න කියල බුදු හාමුදුරැවො දේශනා කලේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එක තමයි මේ හිරවෙලා ඉන්න සංස්සාරෙන් ගැලවෙන්න කියල බුදු හාමුදුරැවො දේශනා කලේ
    ඉතින් මොකටද යකෝ අපිව මේකට හිර කලේ.
    හිර නොකර හිටියනම් ගැලවෙන්න දෙයක් නෑනේ.
    අපිව මේකේ හිර කරලා දාලා කියනවා හා දැන් පුළුවන් නම් ගැලවිල්ලා කියලා.
    අපි කරපු වරදකුත් නැතුව නිකම් මේකට හිර කරලා දාල තියෙන්නේ මොකටද?
    මේක අපිට කලේ මොකා උනත් ඇයි අපිට එහෙම කලේ?
    අපේ ජීවිත විහිලුවක්ද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් උඹ ඉපදිලා ඉවරයිනේ. උඹට අතක් පයක් තියෙනවා. ඉන්ටනෙටුත් තියනවා. එහෙව් එකේ උඹේ අඩුපාඩු වලට කොහෙහරි ඉන්න Imaginary Character එකකට සාප නොකර උඹේ වැඩක් බලාගනින්. එතකොට ඕවා හිතෙන එක අඩුවෙයි. අන්තිමට උඹම හොයාගනීවි ඇයි උඹ ඉපදුනේ කියලා.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දැන් උඹ ඉපදිලා ඉවරයිනේ. උඹට අතක් පයක් තියෙනවා. ඉන්ටනෙටුත් තියනවා. එහෙව් එකේ උඹේ අඩුපාඩු වලට කොහෙහරි ඉන්න Imaginary Character එකකට සාප නොකර උඹේ වැඩක් බලාගනින්. එතකොට ඕවා හිතෙන එක අඩුවෙයි. අන්තිමට උඹම හොයාගනීවි ඇයි උඹ ඉපදුනේ කියලා.
    හරි බන්.
    මන් අහන්නේ මේක කරන එකා මොකා උනත් ඌට මොකද්ද අපි එක්ක මෙච්චර තියෙන අවුල?
    ඇයි ඌ අපෙන් පලිගන්නේ?
    උබට මොකද හිතෙන්නේ, ඇයි ඌ එහෙම කරන්නේ?
     
    • Like
    Reactions: corp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේක බෑන් කරන්න ඕනේ නෑ.
    ඇඩ්මින් කෙනෙක්ට ඕනෙනං මගේ පරණ අක්වුන්ට් එක තියෙනවා ඒක දෙන්නම් බෑන් කරන්න.
    මට අක්වුන්ට්ස් දෙකක් තියෙන එකනේ අවුල.
    පරණ එක දුන්නම ඉවරනේ බෑන් කරන්න.
    එතකොට මේක විතරයි.

    බොරු කියන්න ඕනෙනම් මට මුල ඉදලම කියන්න තිබ්බනේ නෑ නෑ මේක විතරයි මට තියෙන්නේ කියලා.
    ඇත්තම කිව්වේ ඒකයි.
    පරණ අක්වුන්ට් එක දීලා මේක තියන්න.
    පරණ එක අවශ්‍ය නෑ මට මම ඒක අත ඇරලා දාලා තියෙන්නේ.

    @SLK_sri
    උබට මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවනම් මාව ඉග්නොර් ලිස්‍ට් දාන්න මචන්.
    ------ Post added on Dec 24, 2022 at 11:44 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක බෑන් කරන්න ඕනේ නෑ.
    ඇඩ්මින් කෙනෙක්ට ඕනෙනං මගේ පරණ අක්වුන්ට් එක තියෙනවා ඒක දෙන්නම් බෑන් කරන්න.
    මට අක්වුන්ට්ස් දෙකක් තියෙන එකනේ අවුල.
    පරණ එක දුන්නම ඉවරනේ බෑන් කරන්න.
    එතකොට මේක විතරයි.

    බොරු කියන්න ඕනෙනම් මට මුල ඉදලම කියන්න තිබ්බනේ නෑ නෑ මේක විතරයි මට තියෙන්නේ කියලා.
    ඇත්තම කිව්වේ ඒකයි.
    පරණ අක්වුන්ට් එක දීලා මේක තියන්න.
    පරණ එක අවශ්‍ය නෑ මට මම ඒක අත ඇරලා දාලා තියෙන්නේ.

    @SLK_sri
    උබට මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවනම් මාව ඉග්නොර් ලිස්‍ට් දාන්න මචන්.
    ------ Post added on Dec 24, 2022 at 11:44 PM

    thursday apu uba ekka thiya awurudu ganak inna kisima kenek ekka awulak neha. anika mama kisima kenek ignore dalath neha, danneth neha. mama methana patta athal eke, anunta athal digena life eke patta sathutakin inna dila ekak.

    uba ekka awulak thiyanam, ubage anith thread eke ubata help karanna katha karnawada yako.

    mata penne uba inne patta awul seen ekaka
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    thursday apu uba ekka thiya awurudu ganak inna kisima kenek ekka awulak neha. anika mama kisima kenek ignore dalath neha, danneth neha. mama methana patta athal eke, anunta athal digena life eke patta sathutakin inna dila ekak.

    uba ekka awulak thiyanam, ubage anith thread eke ubata help karanna katha karnawada yako.

    mata penne uba inne patta awul seen ekaka
    එහෙනම් ඉතිං මොන මගුලටද බන් මාව ඇඩ්මින් ලට රිපෝර්ට් කරන්නේ?
     
    • Like
    • Haha
    Reactions: corp and SLK_sri

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    යකෝ අපෙන් අහලත් නෙමෙයි අපිව ඉපැද්දුවේ, හැබැයි අපි දිවිනසාගත්තොත් ඒකත් පවක්.
    methana point ekak tiyenawa...... thamanata kamati welawaka me hutta dala yannat aitiyak tiyenna one bung minihekta..... ekata pawak kiyanawanam harima asadaranayak neda eka ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිය දිවි නසා ගැනීම දාර්ශනික ගැටළුවක් ලෙස

    කැමූ වරක් කියූ ලෙස ඇත්තේ එක බැරෑරුම් දාර්ශනික ගැටළුවකි. ඒ අප සිය දිවි නසා නොගන්නේ මන් ද යන ප්‍රශ්නයයි. බැලූ බැල්මට මෙය තරමක් උපහාසාත්මක වුවත් ජීවිතයේ අර්ථය කුමක් ද කියා ඇසුවොත්, මේ ප්‍රශ්නයට බැරෑරුම් ලෙස පිළිතුරු දීමට අප ගන්නා උත්සාහයන් හීදී පෙනී යන්නේ මෙම ප්‍රශ්නය තරම් සංකීර්ණ කිසිවක් අප ජීවිතය තුළ අත් නොදකින බවයි.

    ජීවිතය යනු පැවැත්ම වෙත විසිකරන ලද පැවැත්මකි. එනම් අප කවුරුත් තෝරා ගැනීමක් ලෙස ජීවිතය ආරම්භ කරන්නේ නැත. අපට යමක් කමක් තේරෙන කාලයේදී, අපට ආගමක් තිබේ, පවුලක් තිබේ(බොහෝ විට), ජාතියක් තිබේ. එනම් අප අරුත් සහගත ලෝකයක් තුළ සිටියි. මෙම අරුත් සහගත ලෝකය කඩා නොවැටෙන තාක් අපට ජීවිතය යනු කුමක් ද යන බැරෑරුම් දාර්ශනික ප්‍රශ්නය මුණ නොගැසේ.

    නමුත් එක්තරා නිශ්චිත මොහොතකදී මෙම ගැටළුවට අප අභිමුඛ වූ විට පෙනී යන්නේ මෙම ප්‍රශ්නයට අපට පිළිතුරු දිය නොහැකි සහ මෙයට පිළිතුරු දීමට උත්සාහා කරනා හැම විටම මෙය අපව වියවුලකට ඇද දමන ප්‍රශ්නයක් බවයි.

    ජීවිතයේ ඇති වියවුල් කාරී බව, පැවැත්මේ ඇති විඳවීමේ(suffering) ස්භාවය, නිස්සාර බව අපව ඇද දමන්නේ පතුළ නොපෙනෙන අඳුරු ගුහාවක් තුළටයි.

    පැවැත්මේ මෙම ස්භාවයට මුහුණ දිය යුත්තේ මම බැවින් මෙය දරාගත යුත්තේද මමම බැවින් මගේ ජීවිතය තීරණය කළ යුත්තේ මමම වේ. මරණය යනු අපගේ අරුත් සහගත ජාලය තුළ සාර්ථකව විසඳාගැනීමට අපහසු ගැටළුවකි.

    මෙම ප්‍රශ්නය අපි දාර්ශනික ප්‍රශ්නයක් ලෙස සළකන්නේ නම් එනම් අප මෙම ප්‍රශ්නය වෙත සබුද්ධික ප්‍රවේශ වීමකට උත්සාහා කරන්නේ නම් අප සමාජයේ දැනට ස්ථාපිත සාමාජීය සහ සංස්කෘතික වටිනාකම් වලින් මෙය කිරා බැලීම මොහොතකට නවත්වා ලිය යුතු ය. ඔබේ බොළඳ කවි වලින් මෙම ගැටළුව විසඳාගත නොහැක. ජීවිතයේ සාර්ථකත්වය යැයි ඔබ සිතනා මිල අධික භාණ්ඩ පරිභෝජනයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගත නොහැක. කෙනෙක් මරණයට පත් වීමට වඩා ජීවත් විම හොඳ යැයි සිතීමට අප අත්‍යන්තයෙන් පුරුදු වී ඇත්තේ අපට අප සමීපතයෙකු මිය යාම ක්ෂතිමය අත්දැකීමක් නිසා නොවේ ද?

    හිට්ලර් සිය දිවි නසා නොගෙන(හෝ මරුමුවට පත් නොවී) තව කාලයක් ඒ අයුරින්ම ජීවත් වූයේ නම් එය හොඳ යැයි ඔබ සිතන්නේද ?

    ප්‍රභාකරන් මිය නොගොස් ඒ අයුරින් තව දශකයක් පමණ ජීවත් වන්නේ නම් ඔබ ඊට එකඟ ද ?

    මෙම ප්‍රශ්නය වෙත අප සබුද්ධිකව ප්‍රවේශ වීමට උත්සාහා කිරීම අත්‍යාවශ්‍ය වේ.

    තමන්ගේ ජීවිතය තමන්ගේ ය. එහි විඳවීම සහ පැවැත්මේ අරුත් සුන් බවට මුහුණ දිය යුත්තේ තමන් ම ය. මම ඔබ සතුටු කළ යුතු, ඔබේ විනෝදය වෙනුවෙන් ජීවත් විය යුතු රූකඩයක් නොවේ. ඔබේ පමණක් නොව කාගේවත් විනෝදය වෙනුවෙන් ජීවත් විය යුතු රූකඩයක් නොවේ.

    මෙම ගැටළුවේදී අපිට මූලික වශයෙන් තල දෙකකදී ගණුදෙණු කිරීමට සිදුවේ. එකක් වන්නේ සිය දිවි නසාගැනීම ආචාරධාර්මිකව නිවැරදි ද යන ගැටළුවයි. දෙවැන්න සිය දිවි නසාගැනීමට අප ගන්නා තීරණය බුද්ධිමත් එකක් ද යන ගැටළුවයි.

    පළමු ගැටළුවේදී බොහෝවිට අපව ප්‍රශ්න කරන්නේ සංස්කෘතික ගොඩනැංවීම් මගිනි. එනම් ඔබේ මවට ඇති වන කම්පනය, මිතුරන්ට ඇතිවන කම්පනය සහ ඔබ මේ මඟින් සමාජයට ලබා දෙන පණිවිඩය නිවැරදිද යන ප්‍රශ්නයි. නමුත් මා ඉහත සඳහන් කළ පරිදි මා කාගේවත් විනෝදය වෙනුවෙන් ජීවත් විය යුතු රූකඩයක් නොවේ. මා ජීවත් වන්නේ සමාජයට පණිවිඩ දෙන්නත් නොවේ. ඒ නිසා ඔබ බුද්ධිමය අර්ථයකින් නොවන අකාරයෙන් අසන ප්‍රශ්න මෙහිදී මා සතපහකට මායිම් කරන්නේ නැත. එලෙසම මගේ පැවැත්මේ ඇති බර දරාගත යුත්තේ මම ය. මට එය ඔබ සමඟ බෙදාගැනීමට නොහැක. අනික මට ඔබ වැනි පල් මෝඩයෙකු ලෙස ජීවත් වීම තෝරාගැනීමට කොහොමටත් බැරිය. මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස භාරගන්නේම මා ඔබ වැනි පල් මෝඩයෙකු හෝ තක්කඩියෙකු නොවන නිසාම ය.

    පෙර කියූ පරි දි මා මෙම ජීවිතය තෝරාගැනීමක් ලෙස ආරම්භ නොකෙරෙවුමි. මා ජීවිතය වෙතට විසිකර දමා ඇතත් දැන් මා කෙසේ හෝ ජීවත් විය යුතු බව මෙම සමාජය ආධානග්‍රාහීව පවසයි. නමුත් මෙය මා සිදුකළ යුත්තේ ඇයිද කියා ඇසූ විට ඒ සඳහා කිසිම අයුරකින් බැරෑරුම් තාර්කික පිළිතුරක් ලබා දීම ඔවුන් සිදු නොකරයි. එලෙසම මා සිය දිවි නසා ගැනීමට ගොස් අසාර්ථක වුවහොත් නෛතික ගැටළු වලට ගොදුරු වේ. මෙය amt hkn සමාජයක් නොවේද පිංවතුනි?

    දැන් අප බැලිය යුත්තේ මම සියදිවි නසාගැනීම බුද්ධිමය තීරණයක් ද නැද්ද යන්න ය.

    බොහෝවිට මෙම තීරණයට එළඹුණහොත් මා මුලින්ම හැකි ඉක්මණින් කරන්නේ එම මනෝභාවයෙන් මිදීමට උත්සාහා කිරීමයි. මන්ද එම මනෝභාවය නිසා මම මේ තීරණය නිසි බුද්ධිමය පරීක්ෂාවකට ලක් නොකිරීමේ ඉඩක් ඇත. එනම් එම මනෝභාවය විසින් මා තව තවත් තල්ලු කරනු ඇත්තේ එම තීරණය වෙතටයි. එවිට මට මෙය සබුද්ධිකව කිරා මැන බැලීම අපහසු වේ. ඒ නිසා මා කළ යුත්තේ සිය දිවි නසා ගැනීමට තුන් හිතකවත් අපේක්ෂාවක් නැති මෙවැනි අවස්ථාවකදී එය පිළිබඳ සිතා බැලීමයි.

    එලෙසම අපට මෙය තීරණය කළ යුතු වන්නේ අවිනිශ්චිතතාවයේ මොහොතක සිට යි. එනම් යම් අවස්ථාවක මගේ පැවැත්ම මට දරාගත නොහැකිතරම් වියවුල් කාරී වුවත් එම මනෝභාවයෙන් මා මිදුන පසු මා එසේ නොකිරීම සම්බන්ධයෙන් සතුටු වනු ඇත.

    ඊළඟට මෙම ප්‍රශ්නයට ගොඳුරු වන මිනිසුන් එනම් තමන්ගේ ජීවිතය සිය දිවි හානි කරගැනීම තුළින් විසඳාගැනීමට පෙළඹෙන මිනිසුන් ගේ තාර්කිකත්වය වනුයේ ජීවත් වීමට වඩා මරණයෙන් මෙය අවසන් කිරීම වඩා යෝග්‍ය යැයි සිතීම ය. නමුත් ඔවුන් මෙම ගණන් බැලීම සිදු කරන්නේ අවිනිශ්චිතතාවයක සිටයි. මරණයෙන් එහා සිදුවන්නේ කුමක් ද යන්න කියා අප දන්නේ නැත. එය මීට වඩා විඳවීමකට පත් කරනු ඇති ද කියා මා දන්නේ නැත.

    මෙම ප්‍රශ්නයෙන් මා මිදීමට ගන්නා උත්සාහයන් දෙකකි. එකක් මා දාර්ශනිකව මෙම ප්‍රශ්නය බැරෑරුම් ලෙස භාරගැනීම යි. එනම් මරණය යනු කුමක් ද කියා දාර්ශනිකව සිතීමට භාරගැනීමයි. එවිට මේ ලෝකය මෙලෙස තිබිය යුතු වන්නේ ඇයි? මිනිසුන් ලෙස අප මෙලෙස ජීවත් විය යුතු වන්නේ ඇයි? යන ප්‍රශ්න මා බැරෑරුම් ලෙස සිතාබැලිය යුතු ය. මෙම උත්සාහයන් විසින් මට සාර්ථක ප්‍ර්ථිඵල අත්පත්කර දීම කෙසේ වෙතත් අවම තරමින් මෙම ගැටළු වල ස්භාවයේ සංදර්භය මා පුදුම කරනු ඇත. එමඟින් මිනිසුන් සිතනා ආකාරය, මිනිසුන් මෙම ගැටළුව පිළිබඳ සිතූ ආකාරය මා පුදුමයට පත් කරයි. සැබෑ ලෙසම ජීවත් වීම යනු කුමක්ද කියන ප්‍රශ්නයට සංස්කෘතික ගොඩනැංවීම් වලින් එළියට පැමිණ සිතා බැලිය හැකි තත්වයක් මෙමඟින් නිරාවරණය කරයි. මේ ප්‍රශ්නය විසින් මා දිශානත කරන්නේ අන් කුමකටවත් නොව සත්‍යය යනු කුමක්ද යන ප්‍රශ්නයට යි. එය සොක්‍රටීස් අත්තන යුෂ පානය කර මිය යෑම වඩා හොඳ යැයි තෝරාගත්තේ මන්ද යැයි තේරුම් ගැනීමට මට ඉඩ සලස්වයි. එලෙසම රම්‍ය සුරම්‍ය සුබ මාළිඟා තිබෙද්දී සිදුහත් කුමාරයා සත්‍යය කුමක්දැයි සොයා යාම විහිළු සහගත නොවන බව නිරාවරණය කරයි. මුළු ශිෂ්ඨාචාරයටම දෙදරුම් කෑ ප්‍රශ්නය එය යි. අප දාර්ශනිකයන් කියා හ‍ඳුන්වන්නේ මෙම ප්‍රශ්නය බැරෑරුම් ලෙස භාරගත් මිනිසුන්ව බව එම‍ඟින් මට නිරාවරණය කරයි. ලෝකයේ මා තනිවී නොමැති බවත් මම වැනි මෙම ප්‍රශ්නය බැරෑරුම් ලෙස සිතූ චින්තකයෝ ඇති බවත් එය මට නිරාවරණය කරයි.

    සිය දිවි නසාගැනීමට මාගේ ධෛර්යය බිඳ දමන අනෙක් මානය දේශපාලනය යි. එය විසින් අවම තරමින් මා තෘප්තිමත් වන ගැටළුවක් ලබා දේ. ඊට පිළිතුරු සෙවීමට මා උනන්ඳු කරවයි. මෙම ප්‍රශ්නය ඉතා සරල ලෙස සොක්‍රටීස් ඇසූ 'යුක්තිය' යනු කුමක් ද කියා අසනා ප්‍රශ්නයයි. මිනිසුන් මෙම ප්‍රශ්නය සමඟ අනවරත අලගලයක පොර බඳමින් සිටියි. ශිෂ්ඨාචාරය යනු මෙය යි. මෙහි පොර බදන්නෝද එක්තරා ආකාරයකින් ඉහත දාර්ශනික ප්‍රශ්නය බැරෑරුම් ලෙස සිතූවෝය. ඔබ නොදන්නවාට ඔවුන් ගේ දාර්ශනික පැහැදිලි කිරීම් මත එනම් පළමු ප්‍රශ්නය දාර්ශනික ලෙස භාරගන්නෙකුට මෙම දේශපාලනික ප්‍රශ්නය සඳහා පිළිතුරු ලැබේ. අවම තරමින් ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම අසාර්ථකයි කියා දාර්ශනිකව තේරුම් යන්නෙකුට පවා එසේ නම් දේශපාලනය, යුක්තිය සකස් විය යුතු ආකාරය පිළිබඳ අදහස් දැක්වීමට පුළුවන. උදාහරණයකට සත්‍යය කුමක් දැයි කියා කිසිවෙක් නොදන්නා බව හෝ එයට ප්‍රවේශ වීමට නොහැකි යැයි පවසනා දාර්ශනික කථිකාවට පසු අප අත්කරගන්නේ දේශපාලනය වෙනුවෙන් මිනිසුන් මැරිය නොහැකි බවයි.

    එනම් මා පෙර සිතා සිටී දාර්ශනික පැහැදිලි කිරීමකට වඩා වෙනත් දාර්ශනික පැහැදිලි කිරීමක් වඩා සංගත සහ පුළුල් යැයි මට අවබෝධ විය හැකි නිසා පළමු දාර්ශනික පිළිතුර විසින් කෙසේවත් මනුෂ්‍ය ඝාතනය යුක්ති යුක්ත කළ නොහැකි බව මට අවබෝධ වේ. එනම් රට වෙනුවෙන් හෝ වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් කිසිවෙකුට මනුෂ්‍ය ජීවිත පොළවෙන් ඉවත් කළ නොහැකි බව මට අවබෝධ වේ. යම් දිනක එම දාර්ශනික සත්‍යය වැරදි යැයි කවුරුන් හෝ පෙන්වනූ ලැබූවොත් මට නැවත ඒ ජීවිත මේ මහපොළව වෙත ගෙන ඒමට බැරිය.

    මෙය මගේ ජීවිතයටද එලෙසම වලංගු නිසා එනම් මම විසින් එළඹී ඇති දාර්ශනික පිළිතුරු යම් දිනක වැරදි ඒවා යැයි මට අවබෝධ විය හැකි නිසා මා කිසි දිනෙක සිය දිවි හානි කරගන්නට පෙළඹෙන්නේ නැත. මන් ද මා සිය දිවි හානි කරගැනීම වඩා යෝග්‍ය යැයි තීරණය කරද්දීම මට ඒත්තු යන්නේ ජීවිතය යනු කුමක්දැයි යන්න සඳහා මට සංගත පිළිතුරක් නොමැති බවයි. එසේ නම් මා ස්භාවික මරණයක් අත්වීමට පෙර දිනයේ හෝ ජීවිතය යනු කුමක්ද යන ප්‍රශ්නයට මට වඩා හොඳ තාර්කික සහ සංගත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව මා අපතේ හරින්නේ ඇයි. මෙය විසින් මා ඇද දමන්නේ ජීවිතය යනු කුමක්ද යැයි යන ප්‍රශ්නය සඳහා ජීවිතය යනු මෙයයි යනු කියනා සංස්කෘතික ගොඩනැංවීම් වලින් පිළිතුරු දීමට උත්සාහා කරනා පල් මෝඩයන්ගේ ගොඩට මිස අන් කිසිවකට නොවේ. සිය දිවි හානිකරගැනීම කිසිඳු ප්‍රශ්නයක් නැති වුවත් පල් මෝඩයෙකු ලෙස මෙම පැවැත්ම වෙත විසිකරන ලද පැවැත්ම භාරගැනීමට මම කැමති නැත. ජීවිතය සුන්දර වන්නේ චන්දිමාල් ජයසිංහ වැනි කිසිදා පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නය මුණ නොගැසෙන පල් මෝඩයන්ට බව මම දනිමි.

    එලෙසම මේ ලෝකයේ දැනට ස්ථාපිත වෙමින් යන දේශපාලනිකව නිවැරදී වීමේ රෝගය විසින් අපට චන්දිමාල් ජයසිංහ හෝ චින්තන ධර්මදාස වැනි මිනිස්සුන් පල් මෝඩයන් ලෙස නම් කිරීම තහනම් කර ඇත. සොක්‍රටීස් ගේ දාර්ශනික ආස්ථානයට කොපර්නිකානු පෙරළියක් කරමින් මා දැන් පවසා සිටිය යුත්තේ මෙම මිනිසුන් පල් මෝඩයන් බවත් එබැව් මා දන්නා බවත් ය. එසේ හෙයින් අනවරත අරගලයකින් තොරව මට විසඳාගැනීමට නොහැකි දේශපාලනික ගැටළුවක් මට ඇත. එය දාර්ශනිකය එලෙසම එය දේශපාලනිකය. එසේ හෙයින් මම සිය දිවි නසා නොගනිමි.

    A wise man once said "I drink and I know things".
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,532
    113
    දෙයියෝ හරි කවුරුහරි මොකටද බන් මේ ලෝකේ මැව්වේ?
    දැන් නිවන් යනවා කියන්නේ අපි කියන කෙනා නැති වෙලා අපි zero වෙනවා කියන එකනේ.
    ඉතිං අපිව මැව්වේ නැත්තං අපි නැති වෙලා යන්න ඕනේ නෑනේ බං.
    දැන් හිතපං මේ ලෝකේ කියලා දෙයක් නෑ,
    ගහක් කොලක් කියලා දෙයක් නෑ.
    එහෙම උනානන් අපිටත් කිසි කරදරයක් නෑනේ.
    දැන් දෙයියෝ හරි සොභාදහම හරි මොකා හරි කියන එකා අපෙන් අහල නෙමේනේ අපිව මැව්වේ, ඊට පස්සේ කියනවා දිවියලෝකේ හරි ස්වර්ගයේ හරි ජන්නාහ් එකේ හරි යන්න නං ඒ දෙයියෝ කියන විදිහට ඉන්න නැත්තං අපායේ දාල දඩුවම් දෙනවයි කියල.
    අපෙන් අහන්නෙත් නැතුව අපිව උපද්දලා උන්ට ඕන විදිහට තව ජීවත් වෙන්නත් කියනවා.
    මොන මගුලක්ද බන් අපිට ඕන විදිහට ජීවත් වෙන්න අපිට අයිතිවාසිකමක් නැද්ද?
    මල වදේ
    හූඇන්පී පොහොට්ටු බලු පූට්ටු සන්දානය හදාගෙන තක්කඩි අඩු කුලේ රාජපක්ශලා ට බල්ලො ගහන්න? 🤔