ඇයි බං අපෙ රටට හොද ජනහිතවාදි පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,855
    2,766
    113
    The politicians represent the public.
    Public corrupted, so does the politician

    Hence the expression,
    Like father like son

    In our case,


    Like people, the leader is



    #just-migrate
    The politicians represent the public.
    ඕක තමා හේතුව..හොදම උදාහරනේ කිරියේ බහුතරය හැසිරෙන හැටි බලපං.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මට නම් හිතෙන්නෙ රටකට එහෙම මනුස්සයෙක් ලැබෙන්න ඒ රටේ මිනිස්සුන්ගෙත් වාසනාවක් තියෙන්න ඕන. හොදම උදාහරණය සිංගප්පූරුව. පාතාල කේස් වලින්, smuggling වලින් හෙම්බත් වෙලා තිබ්බ, මැලේසියාවෙ කුණුගොඩ කියල නමකුත් පටබැදිල තිබ්බ සිංගප්පූරුව ලී ක්වාන්යූ නොඑන්න අදටත් වලපල්ලෙ. පාතාල කාරයොන්වත් ගොනාට අන්දගෙන ඔය හැමෝගෙම සපෝට් එක අරගෙන රටේ නායකය වෙලා මුලින්ම කලේ ඔක්කොම උන්ව කොනක ඉදන් සුද්ධ කරපු එක. ඊට පස්සෙයි step by step රට හැදුවෙ. ඒ විදිහට රටකට ඒ රටේ මිනිස්සුන්ට ආදරේ කරන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අවන්ක මිනිස්සු බොහොම විරලයි.

    මම හිතන්නෙ අපේ රටට බිහිවුන නායකයො හැම කෙනාම කලේ මිනිස්සුන්ව ගොනාට අන්දල තමන්ගෙ බලේ රැකගෙන තම තමන්ගෙ පවුල්වල ගොඩ යාම හදාගන්න එක විතරයි. ඒවට හරියන්න උන්ට කඩේ යන රටට අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගෙ ගොඩ යාම සිද්ධ වෙනවනම් කියල හිතන ආත්මාර්ථකාමී මිනිස්සු ටිකකුත් මේ රටේ ඉන්නව. අනික මේ රටේ මිනිස්සුත් බහුතරයක් බොරුවෙන් ජීවත් වෙන්නෙ. එහෙම ජීවත් වෙලා උන්ම දේශපාලකොයන්ටත් බනිනව. යක්කුන්ගෙ හැටියට තමයි විමානෙ.
    Ex : The manner of behavior and speech of the majority of Elakiri Community

    ඒ නිසා වෙන්න ඇති මෙච්චර කාලෙකට එහෙම අවන්ක නායකයො මේ රටට බිහිවුනෙත් නෑ ඉස්සරහට එහෙම කෙනෙක් මේ රටට බිහිවෙයිද කියන්නෙ දන්නෙත් නෑ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    මුලින් අපි අපි ජනහිතවාදි වෙන්න ඕනි. ඊට පස්සේ තමා අපි අතරින් එකෙක් පාලකයා වෙන්නේ

    නැත්තං ජනහිතවාදී ඒත් දැන් ඉන්න උන්ට හරකුන්ට වගේ තලන්න පුළුවන් එකෙක් ඕනි. ඊට පස්සේ පරම්පරාවට නිදහසේ ඉන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    නඩත්තු කරන්න පවුලක් නැති එකෙක්ට දිපල්ලා​


    හෙටක් නැති එකා තමයි සේරම විකුණලා අද දවසට කන්න බලන්නේ.

    මහින්ද ණය ගත්තත් නාමල් වෙනුවෙන් රාජ්‍ය දේපලක් ඉතිරි කරා
     
    • Wow
    • Like
    Reactions: dasun j and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,853
    113
    මාලඹේ
    ලංකාවේ මිනිස්සු පට්ටම ආත්මාර්ථකාමී යි කුහකයි
    හොඳ වැඩක් කරත් නරක වැඩක් කරත් බනින්න විතරයි දන්නේ
     
    • Like
    Reactions: NRTG and dasun j

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,317
    3,924
    113
    අපෙ කැමපස් එකෙ හිටිය ලැට් හෝදන අංකල් කෙනෙක්
    මිනිහත් එක්ක දවසක් කතාවට වැටුනම මිනිහ කියනව
    මිනිහට ඔය ලැට් හෝදන රස්සාව හදල දුන්නෙ චන්ද්‍රිකාලු
    එක නිසා මොනදේ වුනත් මිනිහ සහ මිනිහගෙ පවුලෙ ඔක්කොම චන්දෙ දෙන්නෙ
    චන්ද්‍රිකා ඉන්න පැත්තටලු

    ඉතින් නිදහස හම්බවුන දවසේ ඉදල කට්ටිය කරෙ මෙන්න මෙ වගෙ වහල්ලු ලක්ශ ගානක් බිහි කරපු එක තමයි
    හිතපන් මැතිනිගෙ කාලෙ ඉදන් රස්සාවල් කීදාහක් දෙන්න ඇතිද
    ඒ ගොඩක් උන් අද වෙනකන් චන්දෙ දෙන්නෙ ඒ පැත්තටම තමයි
    අර ඉස්සර කාලෙ ප්‍රවේණි දාස ක්‍රමය වගේ
     
    • Like
    Reactions: NRTG and dasun j

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ජනහිතවාදී පාලකයො බිහිවෙන්න ජනහිතවාදී මිනිස්සු ඉන්න එපෑ මේකෙ 🤣
     
    • Like
    Reactions: NRTG and dasun j

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    සර්ව සම්පුර්ණ පාලකයන් කොහෙවත් නැහැ.

    අපි බලන්න ඕනේ ප්‍රතිපත්ති දිහා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පාලකයන්ට නිසි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනේ. ආර්ථිකයේ දැවැන්ත වෙනසක් කරන්න ඕනේ.

    IMF යොජනා දිහා රකුසෙක් විදියට බලල, රාජ්‍ය අංශයේ වියාපාර පුද්ගලික අංශයට දීම විකිණීමක් විදියට දැකල, බහු ජාතික සමාගම්, විදේශ ආයෝජන රට විකිණීමක් ලෙස දැකල රටක් ගොඩ ගන්න බැහැ. රටේ අපනයන, පුද්ගලික අංශයේ වියාපාර මහා පරිමනෙන් ප්‍රවර්දනය කරන්න ඕනේ. රජයේ අරමුණු (1) රටේ ජනතාවට සේවා සැපයීම, (2) නීති සම්පාදනය (3) පුද්ගලික අංශය දියුණු කිරීමට සිමා කරන්න ඕනේ. මේවා කරන්න ආණ්ඩුවට බල කරන්න ඕනේ.

    බොලද විදියට රටේ හොරකන් කරන එවුන් අල්ලලා හිරෙදන්න ඕනේ කියන දේට වඩා පුළුල් විදියට හිතන්න ඕනේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Namal-Rajapaksa.jpg


    මං ගැනත් ඔයාල එහෙමද හිතන්නෙ,
    සජිත් ට චාන්ස් එකක් දීල
    අනුරටත් චාන්ස් එකක් දීල
    මටත් එකක් දෙනව නේද ඔයාල ?