ඇයි බං අපෙ රටට හොද ජනහිතවාදි පාලකයෙක් බිහිවෙන්නෙ නැත්තෙ?

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    අපේ හැමෝටම ජනතාව එක්ක යම් ආකාරයක ඇරියස් එකක් තියෙනවා. ඉතිං මෙච්චර කල් ආපු උන් කළේ ඒ ඇරියස් එක කවර් කරන එක
    මොන ඇරියස් කවර්ද බං මේ රටෙ බාගයක්ම ජිවත්වෙන්න පට්ට දුකක් විදිනවා....තියෙන එකාට හැමදාම තියෙනවා නැති එකා හැදිගැවිලාම යනවා...තියෙන එකා ඉට පස්සෙ නැති එකාට සොච්චමක් දිලා නැති එකාගෙන ආතල් ගන්නවා

    dan ehema uvamanava thiyana ekek avath inn rala ekka mukuth karanna ba..
    ape inna busddmath janathava ehema unta vote karenneth na :yes:
    පුළුවන් බං මෙ නරක උන් එක්ක බලයට ඇවිල්ල නුලෙන් ගේමගහල ඔය කාලකන්නි ටික ඉවරකරන්න ඕන
    ------ Post added on May 29, 2024 at 9:26 PM

    මට තේරෙන විදියටනම් මේකට ප්‍රධානතම හේතුවක් තමයි විද්‍යාපීට ගුරුවරු විසින් ළමයින්ගේ පවුර්ශය විනාස කිරීම.

    පාසල් පද්දතියේ බහුතරයක් වන විද්‍යාපීට ගුරුවරු ළමයින්ගේ නිදහස් චින්තනය මරලා දාලා තනිකර වහලෙක් එහෙයියෙක් කරනවා මේක තමයි ලොකුම ප්‍රශ්නය.

    ඉස්කෝලවල පිස්සු කෙලින ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් අතිබහුතරයක් විද්‍යාපීට ගුරුවරු.

    මේක එහෙම වෙලා තියෙන්නේ විද්‍යාපීට කියන්නේ වර්තමාන කාලයට අනුව වෙනස් නොවුන ගොබ්බ පිස්සෝ නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක්.

    තනිකරම හමුදා පුහුණුවක් වගේ නීති තියෙන තැනකින් දැඩි මර්දනයටලක්ව පුහුණුවක් ලබපු පුද්ගලයෙක්ට රටේ අනාගත පරපුර බරදුන්නම වෙන විනාසය අමුතුවෙන් කියන්න ඕන නැනේ.

    නිදහසේ හිතන්න පුළුවන් මනුස්සයෙක් විද්‍යාපීටවලට ගියාම එලියට එන්නේ මොලේ විකාර උන පිස්සෙක් වෙලා , ඔය විද්‍යාපීට පාලනය වෙන්නේ තනිකරම හමුදා නීතියට සමාන නීතිවලින් , අලුත් දෙයක් හිතලා කරන්න බෑ මොකද රාමුවකට කොටුකරපු නීති තියෙනවා ඒවායින් පිට කිසිම දෙයක් කරන්න බෑ ,

    අඳින්න ඇඳුම හැමෝගෙම සර්වසම වෙන්න ඕන කොටින්ම සරි හැට්ටයේ කර කපන්න ඕන දීලා තියෙන අඟල් ගානට අනුව මොකද එක තමයි නීතිය. ඉන්න ඕන නීතියට අනුව තමන්ට මොනතරම් අසාදාරනයක් උනත් ඊට විරුද්ධව කතාකරන්න බෑ එහෙම උනොත් ශිෂ්‍යභාවය අහෝසි කරනවා, එලියට පහලට යන්න දෙන්නෙත් නෑ, කොටින්ම ඇතුලේ ලවු කරන්නවත් බෑ , කරන්න ඕන පාලකයන් කියන දේවල් විතරයි.

    ඉතින් කොහොමද නිදහස් අදහස් තියෙන ගුරුවරයෙක් බිහිවෙන්නේ. ඒ වගේම විද්‍යාපීට පිරිමි ගුරුවරු ගෑනුන්ට අන්ත චීත්ත පොරවල්. මහලොකුවට අධ්‍යාපන මනෝවිද්‍යාව කටපාඩම් කරලා පාස් උනාට ඒක ප්‍රයෝගිකව භාවිතා කරන්න තරම් අවභෝදයක් නෑ

    නිදහසේ හිතන්න බැරි හමුදා නීතියට සමාන නීතිරාමුවකට කොටුඋන outdated එකෙක් කොහොමද ළමයින්ට නිවැරදි දේ නිදහසේ හිතලා කරන්න පුරුදු කරන්නේ , එකේ ප්‍රතිපලය තමයි මේ වගේ වහල් මානසිකත්වයක් තියෙන මිනිස්සු බිහිවෙන එක
    අම්මටසිරිවෙනවා 😑
    ------ Post added on May 29, 2024 at 9:30 PM

    මට නම් හිතෙන්නෙ රටකට එහෙම මනුස්සයෙක් ලැබෙන්න ඒ රටේ මිනිස්සුන්ගෙත් වාසනාවක් තියෙන්න ඕන. හොදම උදාහරණය සිංගප්පූරුව. පාතාල කේස් වලින්, smuggling වලින් හෙම්බත් වෙලා තිබ්බ, මැලේසියාවෙ කුණුගොඩ කියල නමකුත් පටබැදිල තිබ්බ සිංගප්පූරුව ලී ක්වාන්යූ නොඑන්න අදටත් වලපල්ලෙ. පාතාල කාරයොන්වත් ගොනාට අන්දගෙන ඔය හැමෝගෙම සපෝට් එක අරගෙන රටේ නායකය වෙලා මුලින්ම කලේ ඔක්කොම උන්ව කොනක ඉදන් සුද්ධ කරපු එක. ඊට පස්සෙයි step by step රට හැදුවෙ. ඒ විදිහට රටකට ඒ රටේ මිනිස්සුන්ට ආදරේ කරන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අවන්ක මිනිස්සු බොහොම විරලයි.

    මම හිතන්නෙ අපේ රටට බිහිවුන නායකයො හැම කෙනාම කලේ මිනිස්සුන්ව ගොනාට අන්දල තමන්ගෙ බලේ රැකගෙන තම තමන්ගෙ පවුල්වල ගොඩ යාම හදාගන්න එක විතරයි. ඒවට හරියන්න උන්ට කඩේ යන රටට අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගෙ ගොඩ යාම සිද්ධ වෙනවනම් කියල හිතන ආත්මාර්ථකාමී මිනිස්සු ටිකකුත් මේ රටේ ඉන්නව. අනික මේ රටේ මිනිස්සුත් බහුතරයක් බොරුවෙන් ජීවත් වෙන්නෙ. එහෙම ජීවත් වෙලා උන්ම දේශපාලකොයන්ටත් බනිනව. යක්කුන්ගෙ හැටියට තමයි විමානෙ.
    Ex : The manner of behavior and speech of the majority of Elakiri Community

    ඒ නිසා වෙන්න ඇති මෙච්චර කාලෙකට එහෙම අවන්ක නායකයො මේ රටට බිහිවුනෙත් නෑ ඉස්සරහට එහෙම කෙනෙක් මේ රටට බිහිවෙයිද කියන්නෙ දන්නෙත් නෑ.
    ඔය විදිහටමයි මාත් හිතන්නෙ ලි ක්වාන් වගෙ කෙනෙක් එන්න ඕන හොරු මතින් ඇවිල්ල හොරුන්ව ඉවර කරන
    ------ Post added on May 29, 2024 at 9:32 PM

    අපෙ කැමපස් එකෙ හිටිය ලැට් හෝදන අංකල් කෙනෙක්
    මිනිහත් එක්ක දවසක් කතාවට වැටුනම මිනිහ කියනව
    මිනිහට ඔය ලැට් හෝදන රස්සාව හදල දුන්නෙ චන්ද්‍රිකාලු
    එක නිසා මොනදේ වුනත් මිනිහ සහ මිනිහගෙ පවුලෙ ඔක්කොම චන්දෙ දෙන්නෙ
    චන්ද්‍රිකා ඉන්න පැත්තටලු

    ඉතින් නිදහස හම්බවුන දවසේ ඉදල කට්ටිය කරෙ මෙන්න මෙ වගෙ වහල්ලු ලක්ශ ගානක් බිහි කරපු එක තමයි
    හිතපන් මැතිනිගෙ කාලෙ ඉදන් රස්සාවල් කීදාහක් දෙන්න ඇතිද
    ඒ ගොඩක් උන් අද වෙනකන් චන්දෙ දෙන්නෙ ඒ පැත්තටම තමයි
    අර ඉස්සර කාලෙ ප්‍රවේණි දාස ක්‍රමය වගේ
    මැතිණියට නියම දැක්මක් තිබ්බා බං ඒ මනුස්සයට රට කරන්න දුන්නනම් අද අපෙරට හොද තැනක තියෙනවා කියල මට විශ්වාසයි....j.r මැතියගෙ ප්‍රජා අයිතියත් නැති කරල රට කන පලමු වෙඩි මුරය තිව්වෙ
    ------ Post added on May 29, 2024 at 9:41 PM
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    සර්ව සම්පුර්ණ පාලකයන් කොහෙවත් නැහැ.

    අපි බලන්න ඕනේ ප්‍රතිපත්ති දිහා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පාලකයන්ට නිසි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනේ. ආර්ථිකයේ දැවැන්ත වෙනසක් කරන්න ඕනේ.

    IMF යොජනා දිහා රකුසෙක් විදියට බලල, රාජ්‍ය අංශයේ වියාපාර පුද්ගලික අංශයට දීම විකිණීමක් විදියට දැකල, බහු ජාතික සමාගම්, විදේශ ආයෝජන රට විකිණීමක් ලෙස දැකල රටක් ගොඩ ගන්න බැහැ. රටේ අපනයන, පුද්ගලික අංශයේ වියාපාර මහා පරිමනෙන් ප්‍රවර්දනය කරන්න ඕනේ. රජයේ අරමුණු (1) රටේ ජනතාවට සේවා සැපයීම, (2) නීති සම්පාදනය (3) පුද්ගලික අංශය දියුණු කිරීමට සිමා කරන්න ඕනේ. මේවා කරන්න ආණ්ඩුවට බල කරන්න ඕනේ.

    බොලද විදියට රටේ හොරකන් කරන එවුන් අල්ලලා හිරෙදන්න ඕනේ කියන දේට වඩා පුළුල් විදියට හිතන්න ඕනේ
    ආන්ඩුවට බල කරල මදි ඒවා කරන්න මොලයක් තියෙන යමක් කමක් තේරෙන බුද්ධිමත් එවුන්ටිකක් ඉන්න ඕන 225 අස්සෙ එහෙම උන් අත් දෙකෙ ඇගිලි ගානටවත් ඉන්නවද ඕක අස්සෙ

    ලන්කාවෙ දේශපාලන ශාක්ශර තාවක් මිනිස්සුන්ට නෑ .
    එන ඕනම රැල්ලක ගහගෙන යනවා.
    උදා - බලන්න තාරුණ්‍ය අර ලඩි බස් පස්සෙ දුවන වගෙ . තේරුමක් නෑ . ලෝකේ ගැන දන්නෙ නෑ .

    කිරියම බලන්න කවුරු හරි වවැදගත් දෙයක් දැම්මම එකට කුනුහරුප දාන තරම. එහෙම රටක මිනිස්සු කොහෙද බන් පාලකයෝ තෝරාගන්නෙ ..🫣🫣
    ඔවු බං අැත්ත දැන් ඉන්න උන් පොන් එක බදාගෙන ඩිසල ගඳ බස්වල එල්ලිගෙන මොලෙ කලදක් නැති හරක්ටිකක් තමයි ඉන්නෙ
    ------ Post added on May 29, 2024 at 9:46 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    lankawe ewun chande denne benefit walata, aththa thathwe kiyla chande illuwoth kawruth chande denne naha..
    ithin hama daama dinanne bola bassanna puluwan ewun witharai..
    janathawage waradda...
     
    • Like
    Reactions: dasun j

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අැයි බං ඔය ඉන්නෙ..අපේ රනිල් මැතිඳු..❤️
    ඵතුමා ළමයි හැදුවේ නැත්තෙත් රට වෙනුවෙන්..රට ගැන හිතලා..❤️
    ඒක නම් හොඳයි.
    ගවුම් අඳින කොල්ලො කීප දෙනෙක් හිටියා නම් ලෝකෙ උන්ගෙන් විසුමක් වෙන්නේ නෑ.