මචන්ලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න. මම ඉස්සර නුවර හිටපු කාලෙත් ඕක දැක්කා. මේ ලඟදී නුවර ගිය වෙලාවෙත් ඒකෙ කිසිම වෙනසක් වෙලා නැහැ. ඇයි බං නුවර පැත්තේ සිල්ලර කඩවල මුදලාලිලා මෙච්චර ස්ලෝ?
මුන්ට කස්ටමර් කෙනෙක්ට ඉක්මනට බඩු ටික දීලා යවන්න කිසිම උවමනාවක් නැද්ද?
ගිය අවුරුද්දේ මම නුවර ගිය වෙලාවක රෑට කන්න මොනවා හරි ගන්න කඩ කිහිපයකට ගොඩ වුනා. මචන් මුදලාලිලා බඩු දාන්න ආපු සේල්ස්මන්ලා එක්ක මාර ඕපාදූපයක් දාගෙන ඉන්නවා. අපි බඩු ටික අරන් බිල් එක දාගන්න විනාඩි 30ක් විතර බලන් ඉන්න ඕනේ මුදලාලි අරූ එක්ක ගමේ තොරතුරු කතා කරලා ඉවර වෙනකම්. කිසිම ගාණක් නැහැ සෙනඟ පිරීගෙන එනකොටත්. හෙන බොරු වැඩ කර කර ඉන්නවා බිල් එක නොදා.
අපේ ගමේ ඉන්නවා නුවරින් ආපු එකෙක්, ඌ කඩයක් කරනවා. මූත් ඒ වගේමයි. කඩේට ගියාම සේල්ස්මන්ලා එක්ක පැය ගණන් කියවනවා. අපි බඩු ටික අරන් ඉවර වුනත් මුදලාලිගේ මූණ දිහා බලන් ඉන්න ඕනේ බිල් එක දාගන්න. මූ බිල් එක දාන්නේ නැතුව මොනවා හරි බොරු වැඩක් අල්ලගෙන ඉන්නවා.
තව මරු වැඩක් තියෙනවා, ඔය අස්සේ මුදලාලිගේ ගෑනි එනවා. ඇවිත් කියනවා "ඔයා ගිහින් තේ බීලා එන්න" කියලා. ඊට පස්සේ මුදලාලි තේ බොන්න යනවා, ගෑනි හෙමින් සැරේ බඩු දානවා. මේක නුවර පැත්තේ කඩවල මම සෑහෙන්න දැකපු දෙයක්.
මොකක්ද බං මේ සීන් එක? මුන් හිතාගෙන ඉන්නේ සෙනඟ කඩේ පිරීගෙන ඉන්නකොට ඒක මාර බිස්නස් එකක් කියලද? නැත්නම් මුන්ට ඇත්තටම කස්ටමර්ගේ වෙලාව ගැන වැටහීමක් නැද්ද?
නුවර ඉන්න එළකිරි කොල්ලෝ මොකද කියන්නේ මේ ගැන? උඹලටත් මේක මෙහෙමම දැනිලා තියෙනවද?