මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
