රුසියාවේවත් නැති සමාජවාදයක් කරපින්නා ගනිමින් හැම දේකම වැරදි පැත්ත පමණක් දකින, කොමියුනිස්ට් සංකල්ප අහුලා ගෙන සිටින, ඔබලා වැනි දුප්පත් මානසිකත්වයකින් පෙලෙන කුහක ගෝත්‍රිකයින්ට වඩා එංගලන්තයේ පුරවැසියන් බොහෝ වෙනස් ජාතියක්. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතික කොඩියත් අතැතිව, මහා මාර්ගය දෙපසට පෙළගැසී රැස්වී සිටියේ, ඔවුන්ගේ හදවතින්ම, නව යුවලට ශුභ පතන්නයි. මනුෂ්‍යයින් ලෙස මෙලොව ඉපදී, තිරිසන් සතුන්ටත් වඩා අන්ත ලෙස සිතන පහත ආකල්ප වලින් හෙබි මනුශ්‍යයින්ගෙන් මෙලොවට සිදුවන සේවයට වඩා වැඩි යහපතක් සිව්පාවන්ගෙන් මෙලොවට සිදුවෙන බව නම් මට සහතිකයි.
(විකුම් රංගන)
ප්රජාතන්ත්රවාදය ගැන මහ ඉහලින් කතා කරන අපේ නායකයින්ට උපදෙස් දෙන රටේ තාම පවතින්නේ රජ පෙලපත් සම්ප්රදායක්. මුලු රජ පවුලම යැපෙන්නේ මහජන මුදලින්. හැබැයි කවුරුවත් උද්ගෝෂණ කරන්නේ නැහැ. ඒ වගේම තවත් රටක බලගතු නායකයින් බිහිවෙන්න මොවුන් ඉඩ දෙන්නෙත් නැහැ . අපේ රටේ මිනිස්සු මේ යතාර්ථය තේරුම් ගත යුතුයි.
(Thilina)
ඉහලින් තියෙන්නෙ ලංකාදීප පත්තරේ තිබුන කමෙන්ට්ස් දෙකක්... තිත්ත ඇත්තක් මෙතන තියෙනව නේ..? යමක් ගැන කතා කරද්දි තමන්ගෙ දැනුම හරිම වැදගත්..නැත්නම් තමන්ගෙ දැනුමෙ ඇති හිස් බව අනෙක් අයට නිරැවත් වෙනව... ඒ වගේම අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ.. වහල්ලු.. නිවටකම.. වගේ කරුණු ගැන තර්කානුකූලව හිතන්න බැරිකමයි අපිට වෙලා තියෙන්නෙ... දැන්වත් මම මොකෙක්ද කියන එක හදුන ගනිමු....
ජය වේවා...