මට ඕක හිතුනෙ ඉස්කොලෙ යන කාලෙමයි බන්. එහෙම හිතෙන්න මඟ පෑදිච්ච කාරණා තිබ්බා. ඒත් හරි හමන් දැනුමක් නැහැ නෙ බන් කිසි දෙක ඒ කාලෙ. පොතෙ දැනුම විතරයි ඉස්කොලෙන් දෙන්නෙ. මම නම් ටියුෂන් හරියට ගියෙ ඒ ලෙව වලදි. ඕ ලෙවල් වලදි ගණන් සහ කොමර්ස්. හැබැයි ඒ පන්ති දෙකම ආතල් .පැය දෙකයි. තිබ්බෙ දෙකම .ගෲප් ක්ලාසස්. ඒක නිසා වැඩි මහන්සියක් තිබ්බෙ නැහැ ඒ කාලෙ. ඒත් බස් එකෙ යන එන එක නම් එපා වෙච්ච සීන් එකක්. ඔය වගෙ සීන් නිසා මට හිතුනා කවදා හරි අපිත් ජොබ් කරලා අපෙ ළමයිනුත් මෙ වගෙ ශිෂ්යත්වෙ ලියයි, ඔලෙවල් ලියයි ලකුණු මදි නම් අපිත් උන්ට කෑගහයි උනුත් අපි වගෙම චාටර් වෙයි කියලා .පස්සෙ මන් තීරණය කළා job කරනවාට වැඩිය තමන්ගෙ දෙයක් කරලා සැහෙයි කියලා .ඒත් එකට ඕන කරන දැනුම ,ප්රාග්ධනය කිසි දෙයක් මට තිබ්බෙ නැහැ .අදනම් මන් ජොබක් කරනවා. ඒත් ආසාවකින් නෙමෙ .කරගන්න දෙයක් නැති කමට. හොඳයි කියන්න පුළුවන් පඩියක් නම් හම්බ වෙනවා. ඒත් ඉස්සරහට රටෙ තත්වෙ එක්ක ඒකත් පඩියක් නෙමෙ ,
අනෙ මන්දා. වාහන ගෙවල් නම් හීන තමා. ගෙයක් කියලා ඕන නම් බ්ලොග් ගල් වලින් දඩි බිඩි ගාලා අටවලා ,තනිතට්ටුවෙන් සැහෙන්න වෙන්නෙ. තට්ටු දෙකනම් බොරු. ඉඩමක් උනත් හරි හමන් තැනකින් ගන්න බැහැ. අපෙ ගෙදර හදන්න ඉඩම ගත්තෙ පර්චස් එක 88,000 කට 2005 දි, දැන් මෙ පැත්තෙ පර්ච් එක ලක්ෂ 4 ක්. ඒ කාලෙ ලක්ෂ 5 ක් ලොන් එකක් ගැහැව්වා අපෙ තාත්තා .මට මතකයි ඒක ගෙවාගන්න කාපු කට්ට ,ඉතින් අද අපෙ පැත්තෙන් පර්ච් එක 4 ගානෙ ගන්න ගියොත් පර්ච් 10 ට ලක්ෂ 40 යි. ඉතිං ලොන් කියලා ඔච්චරක් ගහන්නද ? කවදා ගෙවලා ඉවර කරන්නද ?? මෙව්වා හිතෙද්දි හිතෙනවා මොන කරුම කාලෙකද ඉපදුනෙ කියලත්