ඇයි_job_එකක්_කරන්නෙ?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඇයි_job_එකක්_කරන්නෙ?

    ඇතුළට එන්න....
    28378751_10215743667607270_8862051040680664550_n.jpg




    පිස්සුද බං.... ඇයි රස්සාවක් කරන්නෙ??

    ඔයා අන්තිමට ට්‍රිප් එකක් ඒම ගියෙ කවදද?
    වයිෆ් එක්ක,බබාල එක්ක,අම්ම අප්පච්චි එක්ක රෑ කෑමකට එලියට ගියෙ අන්තිමට කවදද??

    මේක කියවන ගොඩක් අයට ඕක අහද්දිම මල පයිනවා..හේතු දෙකයි..
    එකක් සමහරුන්ට සල්ලි නෑ.. අනික සමහරුන්ට වෙලාව නෑ.. සල්ලි තියන ගොඩක් අයට වෙලාව නෑ..
    වෙලාව තියන ගොඩක් අයට සල්ලි නෑ… මේක තමා ඇත්ත කතාව.. හැබැයි ඔයා දන්නවද මේ ලෝකෙ සමහර මිනිස්සු ඉන්නව ඔය ඇති පදමට තියන අය..
    අපි අද පොඩ්ඩක් බලමුද කවුද ඒ .. ඇයි අපිට් ඒම බැරි කියල...

    දන්නවද… මේ ලෝකෙ මිනිස්සුනට සල්ලි හොයන්න ක්‍රම කීයක් තියනවද කියල..
    ඔයා හිතන්නෙ කීයක් තියනව ඇති කියලද??
    100ක්,10000ක්,5000000ක්???
    නෑ මිත්‍රවරුනි.. හරියටම කොටස් හතරයි…ක්‍රම හතරක් ඇතුලෙ ඉදගෙන තමා අපි සල්ලි හම්බකරන්නෙ.. මේකෙන් හරිම ක්‍රමේ තෝරගන්න අය තමා නිදහසේ සල්ලි හොදට හම්බකරගෙන ඉන්නෙ..

    මොනවද මේ ක්‍රම හතර.. මේක ගැන මම ඉගෙන ගත්තෙත් රොබර්ට් ටී කියොසාකි කියන කෙනාගෙ Cashflow Quadrant කියන පොතේ සම්පූර්නයෙන්ම තියෙන්නෙ මේක ගැන තමයි.

    මොකක්ද මේ Cashflow Quadrant කියල කියන්නෙ..
    මේකෙදි කියන්නෙ ක්‍රම හතරක් තියනව අපිට සල්ලි හම්බ කරන්න කියන එක. පහල තියෙන පිංතූරෙ බලන්න පොඩ්ඩක්..
    ඒකෙ තියනනෙ ඉංග්‍රිසි අකුරු හතරක්… මොනවද මේ කියල තියෙන්නෙ..
    E -Employee ඒ කියන්නෙ රැකියාවක නිරතවෙන පුද්ගලයො
    S- Self Employee ඒකෙන් කියවෙන්නෙ තමන්ගෙම රැකියාවක නිරතවෙන පුද්ගලයො
    B -Business මේකෙන් කියවෙන්නෙ ව්‍යාපාරයක නිරතවන පුද්ගලයො
    I- Investor මේකෙන් කියවෙන්නෙ ආයෝජකයෝ

    ඔයා අයිති මොන ගොඩටද??

    ගිය මාසෙ පුරා ඔයා ජීවත් උනේ මේකෙන් මොන ක්‍රමෙන් හම්බ කරපු සල්ලි වලින්ද??
    මම කියන්නද මේක කියවන අයගෙන් බහුතරයක් ඉන්නෙ වම් පැත්තෙ (E and S). ටික දෙනෙක් ඉන්නව දකුනු පැත්තෙ ( B and I ).. ඒ වම් පැත්තෙ ඉන්න අයගෙනුත් වැඩි දෙනෙක් ඉන්නෙ උඩ.. ( E ) දකුනු පැත්තෙ ඉන්න අයගෙන් වැඩි දෙනෙක් ඉන්නෙත් උඩ ( B )..

    මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩි හම්බකරන්නෙ අනුන්ට ගොඩක් හම්බකරල දීල තමන් පොඩ්ඩක් ගන්න එක.. ඒ කියන්නෙ ගොඩක් අය ඉන්නෙ අනුන්ගෙ තැනක රැකියාවක් කරන එක.. සමහරු ඉන්නව තමන්ගෙම කියල රැකියාවක් කරනවා.. තවත් සමහරු ඉන්නව තම්න්ගෙ බිස්නස් එකක් කරනව.. තව සමහරු ඉන්නව එයාල කරන්නෙ මනි ෆාම් එකක් දාන එක.. තමන්ගෙ මුදල් පැල කරල ඒවගෙන් තවත් මුදල් උපයනවා.. ආයෝජකයො කියන්නෙ එයාලට…
    හොදටම බලන්න ඔයා දන්න ලොකුම සල්ලි තියන මනුස්සය ඉන්නෙ මේකෙ දකුනෙද වමේද??

    මම දන්න ඔක්කොම හොදටම සල්ලි තියන අය ඉන්නෙ දකුනු පැත්තෙ(Business and Investor ).. වම් පැත්තෙ (Employee and Self Employee ) එහෙම අය ඉන්නෙ බොහෝම කලාතුරකින්.. ඈයි මේම වෙලා තියෙන්නෙ..
    වැඩිපුර මිනිස්සු ඉන්නෙ වම් පැත්තෙ. ඒ උනාට වැඩිපුරම සල්ලි තියෙන්නෙ දකුනු පැත්තෙ ඉන්න අයට.. ඇයි අප්පා එහෙම වෙලා තියෙන්නෙ… මිනිස්සුන්ට සල්ලි එපා වෙලාද??

    නෑ.. ඒම නෙමෙයි..

    මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නව.. එක කොටසක් කැමති රැකියා සුරක්ශිතභාවයට.. අනික් අය කැමති මූල්‍යමය නිදහසට..රැකියා සුරක්ශිතභාවය තියන අයට මූල්‍යමය නිදහස නෑ..මූල්‍යමය නිදහස තියන අයට රැකියා සුරක්ශිතභාවය නෑ..

    ලෝකෙ ගොඩක් අය කැමති මූල්‍යමය නිදහස තියෙන්න.. ඒ කියන්නෙ සල්ලි වලින් අඩුපාඩුවක් නැතුව ඉන්න.. හැබැයි ඒක හරිම අමාරුයි එතෙන්ට එන්න.. එතෙනට එන්න නම් ඔයා දකුනු පැත්තෙ ඉන්න කෙනෙක් වෙන්න වෙනව.. ඒ කියන්නෙ ඔයා බිස්නස් එකක් කරන්න වෙනව. ඒම නැත්තම් ආයෝජකයෙක් වෙන්න වෙනව..
    හැබැයි මේ දේකේම රැකියා සුරක්ශිතභාවය නෑ.. ඒ කියන්නෙ මාසෙ අන්තිමට පඩි හම්බෙන්නෙ නෑ.. අන්න එතන තමා පොයින්ට් එක...රැකියා සුරක්ශිතභාවය කියල කියන්නෙ ඔයාගෙ ජොබ් එක හින්ද ඔයාගෙ හිතට දැනෙනව ආරක්ශාවක්.. මොකද මාසෙ අන්තිමට පඩියක් එනව පර්ස් එකට.. ඒක ආපහු බැංකුවටයි අරවටයි මේවටයි දෙන එක වෙනම කතාවක්. ඒ උනාට පර්ස් එකට එනවනෙ ඒක..

    අර දකුනු පැත්තෙ ඉන්න අයට ඕක නෑ.. බිස්නස් එක පාඩු උනොත් කාල හමාරයි.. ඉන්වෙස්ට් එක ලොස් උනොත් වසල හමාරයි.. වම් පැත්තෙ ඉන්න අය ලොකු රිස්ක් එකක් ගන්නෙ..හැබැයි එයාල මූල්‍යමය නිදහස උපරිමයි. ඒක් එයාලගෙ දක්ශකම මත තීරනය වෙන්නෙ… එයාල එතනට එන්න ලොකු කැප කිරීමක් කරන්ව.. එයාල අර රැකියා සුරක්ශිතභාවය කියන එක බල්ලට දාල අතෙ සතෙ නැතුව හිට්පු කාල තියනව.. වටේම ඉන්න උන් හිගන්නෙක් වගෙ ඉන්නෙ නැතුව ජොබ් එකක් හොයාගනින් කියද්දි මැරිල හරි මගෙ දෙයක් පටන් ගන්නව කියල හිටපු උන් ලග තමා අර රැකියා සුරක්ශිතභාවය හොයාගෙන යන අය වැඩ කරනන්නෙ..

    අපිට අපේ ඉස්කෝලෙන් කවදාවත් මේව කියල දීල තියනවද…. කවදාවත් කියනවද ඉස්කෝලෙන් හොද ඉන්වෙස්ටර් කෙනෙක් වෙයන් කියල.. අම්මල කවදාවත් කියනවද තමන්ගෙ ලමය හොද ඉන්වෙසටර් කෙනෙක් කරන්න ඕනෙ කියල..ඈයි.. අපි බයයි.. දුක් විදින්න බයයි…

    හොදම කෑල්ල… කවුද ඉන්වෙස්ටර්ස්ලා කියන්නෙ.. ලෝකෙ උඩම ඉන්න සල්ලි කාරයො කවුද? බිස්නස් කරන අයද? එයාලට බිස්නස් තියනව ඒ උනාට එයාල කරන්නෙ එයාල හම්බකරන සල්ලි පැල කරන එක.. අපි කරන්නෙ මොකක්ද? හම්බකරන සල්ලි පුච්චන එක.. අපිට බැරිද සල්ලි පැල කරන්න..

    ඔයා ඉන්නෙ මේ කොටුවෙ කොතන උනත් ඔයාට පුලුවන් සල්ලි පැල කරන්න.. හැබැයි ඔයා පැලකරන සාත්තරේ ඉගෙනගන්න ඕනෙ.. කොහෙන්ද..

    තමන්ගෙ ගන්න පඩියෙන් 1/10 යොදවන්න ආයොජනයකට හැම මාසෙකම.. ඔබට ඒකට දැනුමක් නැතිනම් ඒක ගැන දැනුමක් තියන කෙනෙක්ව සම්බන්ද කරගන්න… හැබැයි මේසන් බාස් කෙනෙක්ට රත්තරන් අරගෙන දෙන්න කියල තමන්ගෙ සල්ලි දෙන්න එපා.. ඔබට අවශ්‍ය රත්තරන් ගන්න නම් රන්කරුවෙක් හොයාගන්න.. තමන්ගෙ මුදල් බූද්ධිමත් ලෙස ආයෝජනය කරන්න..

    ඊලග මාසෙ ඉදල උපයන මුදලෙන් 1/10 හංගල තියාගන්න.. අඩුවෙන් පඩි හම්බ වුනේ කියල හිතාගන්න.. දැන් හිතෙයි යකො හම්බෙන එකත් මදි කෝමද ඒකෙනුත් කැල්ලක් තියාගන්නෙ කියල.. ඒම හිතෙනව නම් උඹට වඩා 1/10 අඩුවෙන පඩි ගන්න එකෙක් හොයාගෙන බලපන් මාසෙකින් ඌ මැරෙනවද කියල.. ඌ මැරෙන්නෙ නෑනෙ.. එහෙනම් උබටත් ජීවත් වෙන්න පුලුවන්..

    https://web.facebook.com/ashan.kumarasiri/posts/10215743667927278
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Cash flow quadrant rich dad poor dad dekama kiyawala thiyanawa podi podi investment keepayakma kala thama hari ekak set wune na lokuwata invest karanna
     
    • Like
    Reactions: manarrow