ඇය යන්න ගියා මැකිලා

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
ඇය යන්න ගියා මැකිලා

ජිවිතෙ කියන්නෙ පුදුමාකාර දෙයක්, සිතිවිලි කියන්නෙ ඊටත් වඩා පුදුමාකාර දෙයක්,හැම තිස්සෙම වෙනස් වෙනවා...ඇය මගේ ජිවිතයට ආවෙ හෙමින් හමා යන සුලගක් වගෙ, අහම්බෙන් හමා ඇවිත් මගෙ ජිවිතයම ඒ සුලගින් වෙලා ගත්තා,ආදරය ජිවිතයට හෙමින් සැරේ කාන්දු කරා.ඔහේ පාවී යමින් තිබුන මගෙ සිතිවිලි හෙමින් සීරුවට ඇය මත්තෙ ගොඩ ගැහිලා ,පුදුමාකර ලෙස මටත් නොදැනෙන ලෙස ඇය මගෙ ජිවිතය ඇය සතු කර ගෙන,ජිවිතය තනි කමට උකස් කර තිබුනු මට නැවත ජිවිත ලැබිලා, ඒ ජිවිතය ඇය නමින් උකස් වී තිබුනා..නමුත් කාලය සමග ඒ සෑම දෙයක් ම වෙනස් වෙලා, සුලග කවදාවත් ලග නොර්‍රැදෙන සේ ඇය සෙමෙන් සිරුවට මගෙ ජිවිතය අත් හරිමින් තිබුනා.නැවතත් සුපුරුදු තනිකමට ජිවිතය උකස් වෙමින් කාලය සමග ජිවිතය පාවෙනවා.......මතකය පමනක් ඇය පිලිබද මා ලග ඉතිරි කරමින් ඇය මා ජිවිතයෙන් මැකි ගොස්ය, ඇය යලි නො එන බව පමනක් මා දන්න එකම සත්ය වේ,නමුත් මා එය කෙසෙ නම් පිලිගම්ද?

ඇය යන්න ගියා මැකිල
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලෙ
ඇය යන්න ගියා මැකිලා

පිනි කදුලක් මල් පෙති අග රදවා
මිහිදුම් සලුවෙන් මුහුණු වසා

නිල්ල නිලන නිල් කදු වැටි අතරේ
සද එලියෙ මන් පෙත සාදා
රහසක් සගවා ගොලු වූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යලි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කිවුවද
අද හා ගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නො එතැය් ගිම්හානයට පෙර
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

ගායනය අමරසිරි පීරිස් මහතා විසිනි



විරහ වේදනව මනා ලෙස ගැබ් වී ඇති පද වලකි.සංගීතය සමග මුසු උනු අමරසිරි පීරිස් මහතගෙ හඬ අපගෙ හදවත් ආමන්ත්‍රණය කරය්.තම පෙම්වතිය ගෙන් වියෝ වූ පසුඅව දැනෙන වේදනව අපූරුවට අපගෙ අතුලන්තයටම දනවන පරිදි ගලා යන සින්දුවකි.:yes:
 
  • Like
Reactions: prageeth119lk

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
machan man danna vidihata meka virahawa gabwunu sinduwak nemeyi
meke kiyanne Wassa (rain ) eka gana !!

:yes::yes: ow , eth apata mekata wiwida akaarayata arthakathana denna puluwan neda?? wassa kiyana eka sankethayak hatiyata gaththoth , aya kiyana eken nirupanaya wenne wassane, pudgala aropnayak siduwela thiyanawa ,ethakota aya kiyana eken adahas wenne wassa, eke yati arthaya hatiyata thaman adaraya keru thanathiya lesa gena me sinduwa apata widinna puluwan:yes:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමරසිරි පීරිම් මහතාගේ ගොඩාක් ලස්සන සිංදුවක්... :yes:

    ගොඩාක් හොඳ රසවින්දනයක් තියෙනවා වගේ ඔබට... ගොඩාක් ලස්සනයි... ස්තූතියි... :)
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    :yes::yes: ow , eth apata mekata wiwida akaarayata arthakathana denna puluwan neda?? wassa kiyana eka sankethayak hatiyata gaththoth , aya kiyana eken nirupanaya wenne wassane, pudgala aropnayak siduwela thiyanawa ,ethakota aya kiyana eken adahas wenne wassa, eke yati arthaya hatiyata thaman adaraya keru thanathiya lesa gena me sinduwa apata widinna puluwan:yes:

    ow Wenna puluwan.
    Man me sinduwa post kara mathaka hathiyata 2006/2007 wala elakiri eke.
    ea dawas wala me song eka gan ahoda comments thibuna.
    mata dan hariyata ewa mathaka na !!!
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    වික්ටර් රත්නායකෙග් ඒපා හිරු පායන්න අදින්පසු මෙග් ෙලාවට........... තවත් ලස්සන සිංදුවක්
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    ඔබේ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ
    හද දියව ගලා යයි
    රැළිලමින්සැලි සැලී
    මෙවන් සුව පෙර නොවිඳි...
    තුන් සිතම සලිත වෙයි
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ
    . .. . . .
    හිරු නිවී මුහුදු තෙර
    රාත්රිය එලඹිලා
    තරු කඩා වැටෙන විට
    අහස් ගඟ කලඹලා
    මට බලා ඉන්න බෑ
    ඔබේ නුවන් පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ
    . . .
    නා ගසක් දලු දමා
    වසන්තය එලඹිලා
    මද පවන් රැල් වැදී
    සැලෙන විට කැලඹිලා
    මට බලා ඉන්න බෑ
    දෙතොල් ඔබේ පෙනෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ
    . . .

    යුග ගණන් පැමිණි මඟ
    පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය
    ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ
    පෙර ඇසුර හැඟෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ
    . . . ..
    අහස් තල පොලෝ තල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ

    Nice Song _ Victor Rathnayake
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    අමරසිරි පීරිම් මහතාගේ ගොඩාක් ලස්සන සිංදුවක්... :yes:

    ගොඩාක් හොඳ රසවින්දනයක් තියෙනවා වගේ ඔබට... ගොඩාක් ලස්සනයි... ස්තූතියි... :)


    sthuthiy ayye:)
     

    narakaya

    Member
    Oct 30, 2006
    325
    3
    0
    Colombo
    එපා හිරු පායන්න
    අදින් පසු මගෙ ලොවට
    අදයි අවසන් දවස
    ඇගෙන් මා හා...
    මගෙන් ඈ සමුගන්න..
    ...
    සැදෑ තරු නොදිලෙන්න
    සරා සද නොනගින්න
    වෙලී යුගදුරු
    සතර අනු දිශා ගිලගන්න
    ගලා යන නදී දොල මිදී
    මිදී නැවතී ඉන්න...

    ලියමඩුලු තුරු සිරස
    එපා මල් පලදින්න
    වසන්තය නිමාවිය
    කොව්ලනේ ගොළුවන්න
    සොබාදම් නෑසියනි සැලී
    සැලී කම්පා වන්න...