ඔයාගේ ආරාධනාව පිළි නොගෙන ඉන්න තරම් ශක්තියක් මගේ හිතට නොතිබුනේ ඇයි කියන්න මම දැනන් හිටියේ නෑ.. මගේ හිත කිවුවේ මම ආදරේ කල ඔයාගේ ජීවිතේ ලස්ස්න දවසට ගිහින් ඔයාගේ සතුට බෙදා ගන්න කියලා.. ඒ නිසා වෙන්න ඇති මම කවුරු එපා කිවුවත් මේ ගමන එන්න හිත හදාගත්තේ.. අද අපේ ආදරේ අන්තිම දවස..
ලස්සනට සැකසුන මංගල පෝරුව මං ඉදිරියේ තියෙද්දි හිතට දුකක් නොදැනුනාම නෙමෙයි.. ඒ මම හිතින් මේ වගේම දවසක් ගැන හීන දැකපු නිසා.. ඒත් අපි අපෙන් ගොඩාක් දුරයි කියලා ඔයා ඉස්සෙල්ලාම කියපු දවසේ මම හිතින් හදාගෙන හිටපු ඒ මංගල පෝරුව කෑලි කෑලි කැඩිලා ගිය හැටි සමහර විට ඔයා නොදන්නවා ඇති.. මම කිවුවොත් ඔයා පිළි නොගනීවි මම එදා ඇඩුවා කියලා.. ඒත් මම එදා ඇඩුවා.. මං ලගදි සමහරදාට ඔයා අඬද්දි ඒ කඳුළු මං ආදරෙන් පිහදැම්මත් ඔහේ ගලාගිය මගේ කඳුළු ආදරෙන් පිහදාන්න ඔයා මගේ ලගින් හිටියේ නෑ..
“ අයියේ..”
“ සෙනුරි නංගී.. කෝ අක්කා?”
“ එයා තාම ලෑස්ති වෙනවා අයියේ.. අපි හිතුවේ නෑ අයියා ඒවි කියලා..”
“ ඒ ඇයි?”
“ නෑ අක්කා කිවුවා ඔයා එන එකක් නෑ කියලා..”
“ නෑ නංගී.. සමහරවිට මේ අපි දකින අන්තිම දවස වෙන්න ඇති.. ඒකයි මම ආවේ..”
“ නැකත් වෙලාව ලගයි අයියේ.. මම යනවා අක්කා ලගට.. ඔයා වාඩි වෙලා ඉන්න..”
ගෙවි ගිය පුංච් මොහොතක් උනත් මගේ හිත අරන් ගියේ අපේ මතකයන් අතරට.. කාලයේ නිනවුවක් නැතිව බලාගෙන හිටපු මට නුඹේ සුපුරුදු සුවද දැනෙද්දි ඉබේටම වගේ මගේ දෑස් ඔයාව හෙවුවේ ඒ අතීතයේ ආදරය නිසා වෙන්න ඇති.. සුදු පාට මංගල සාරියට වෙනදටත් වඩා ලස්සනට හිටපු ඔයා දිහා මං ගොඩක් වෙලා බලන් හිටියත් ඔයා මාව දැක්කේ නෑ..
මං ආදරෙන් හිත ලග තියා ගත්ත ඔයාගේ දෑත වෙන කෙනෙක් අල්ලගෙන මංගල මුදුව පලදවද්දි ඔය දෑස් එකම එක වරක් එසවිලා මං දිහා බලනවා මම දැක්කා.. ඒත් මට ඒ දෑස් කියවන්න උනේ නෑ.. ඔයාගේ ආදරණිය දෑස් ඉක්මනින්ම වගේ අන්සතු වෙද්දි වාතලයට නික්මුන මගේ හුස්ම පොද මගේ හිත නතර නොකලා පුදුමයි..
දවස පුරාවටම මට ඇහුන ඔයාගේ හිනා හඩ එකම එක දෙයක් මගේ හිතට තේරුම් කරලා දුන්නා.. ඒ ඔයා සතුටින් කියන එක.. අපි ආදරේ කරපු හැම මොහොතකම මං බලාපොරොත්තු උනෙත් ඒ දේම උනත් ඒ සතුට ඔයා ලගට අරං එන්න මට බැරි උනා.. ඒත් ඔහු මටත් වඩා හොදින් ඔයාව සතුටින් තියාවි කියලා මට දැනෙනවා..
මම කවදාවත් ප්‍රර්ථනා නොකලා උනත් අද අපේ ආදරේ අන්තිම දවස.. මේ වෙද්දිත් ඒ ආදරේ අතීතයට එකතු වෙලා යද්දි ඔයා සමහරවිට මං ගැන හිතනවා වෙන්න පුළුවන්.. මම සතුටින්ද? ඔව් ඔයාගේ ලස්සන අනාගතේ දිහා බලලා මම සතුටින් ඉන්නම්.. මේ මංගල පෝරුව ලගම ඔයා ගියාට පස්සේ ඔයාගේ මතකත් මම තනිකරලා යන්නම්..
කඳුළැලි සැලෙන
හැම මොහොතකම
ඒ කදුළු පිසලන්න
මම හිටියා ඔබේ ලගින්
ආදරයෙන් හදවතට තුරුළු කරන්..
හැමදාමත් සිනාසෙන්න
ඔබ පැතු මගේ ලෝකයට
නුඹම කඳුළක් උනා අද
නුඹටත් නොදැනිම
හදවතට වේදනා එක්කර..
ඔබෙ අතගෙන ආගන්තුකයකු
නික්මයන හැටි හැමදාටම
බලා උනිමි මම සැගව රහසින්
වසන් කරගෙන වැටෙන කඳුළු
නුඹට නොපෙනෙන්නට..
ඔහුත් සමග ඔහුගේ ලොවේ
ඔබ හිනැහේනම් හැමදාමත්
දිවුරම ඔබේ නමින් මම
නොසලන බවට එකදු කඳුළක්
නුඹේ නමින් මින් මතුවට..
හොදයි නම් හිතට දෙයක් දැනුනම් කොමෙන්ට් එකක් දාලා යන්න

Last edited: