ඇර_ඇර_යුරේනි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මගේ පතිවත ගැන ඔය කියන්නේ බොරු කතා



    jjjj.jpg


    මේ දවස්වල යුරේනි ගැන උණුසුම් පුවත් දෙකක්ම අන්තර්ජාලයේ පළවනවා

    ඉස්සර නම්, මං ගොසිප්කාරයන්ගේ වැඩ හින්දා හරියට හිත් රිදවාගත්තා. දැන් නම් ඒ වගේ වබේ සයිට් බලන්නෙවත් නැහැ. මගෙ යාළුවෝ ඕවා දැකලා මට කෝල් කළාම තමයි මමත් ඒවා දැනගන්නේ.

    සජීවි වැඩසටහනකදී යුරේනි එහි නිවේදකයාට කරන විහිළුවක් තමයි යුරේනි ගැන පළවන අලුත්ම ප්‍රවෘත්තිය.

    අයියෝ…. ඒක බොහොම පුංචි විහිළුවක්. වැඩසටහනට ආපු මමයි පැතුම්, රුක්ෂාන් ඇතුළු කට්ටියයි එකතු වෙලා වැඩසටහන කරපු නිවේදකයව බයිට් කළා එච්චරයි.

    ඒත් අන්තර්ජාලයේ පළවන Video Clip එකෙන් පෙනෙන්නේ යුරේනි කළ දේ විතරයි

    මමයි පැතුමුයි වැඩසටහනට ගියේ ඩෙනිම් කලිසම් ඇඳගෙන. අපේ ඇඳුම්වල දණහිස ඉරිලා තිබුණා. ඒ විලාසිතාවට ඒත් ‍ප්‍රෝග්‍රෑම් එක කරපු කෙනාගේ විලාසිතාව වුණේ දණහිසින් ඉහළ කොටස්. අපි ඒකට විහිළු කළා. ඒත් මම විහිළු කරපු ටික විතරයි ඔය අන්තර්ජාලයේ පළ වෙන්නේ.

    සජීවි වැඩසටහනකදී කැමරාවක් ඉදිරියේ කරන කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද?

    අයියෝ මම කැමරාවක් ළඟදී බොරු ප්‍රතිරූපයක් මවාගන්න උත්සාහ කරන කෙනෙක් නමෛයි. සාමාන්‍ය ජීවිතයේදී කරන කියන දේ හැසිරෙන විදිය කැමරාවක් ළඟදී වෙනස් කරන්නේ නැහැ.

    අනේ මම නම් කවදාවත් පතිවත රකින්නේ නැහැ කියලා යුරේනි ප්‍රකාශ කළෙත් ඒ හින්දද?

    ඔය ප්‍රවෘත්තියත් මේ දවස්වල අන්තර්ජාලයේ පළවනවා. එතැනදී වුණේත් වෙන දෙයක්.

    මොකක්ද?

    කිසිම සත්වයෙක්, එකම යුවළක් හැමදාම එකට ඉන්නේ නැහැ. එහෙම ඉන්න එකම සතා මනුෂ්‍යයා. ඒත් මනුෂ්‍යයා කියන්නෙත් සත්වයෙක්.

    ඒ හින්දයි එකම යුවළක් ජීවිත කාලෙම එකට ඉන්න කොට ගැටලු මතුවන්නේ. අනියම් සබඳතා ඇතිවන්නේ. දෙවැනි තුන්වැනි විවාහ වලට යන්නේ. ඔන්න ඔය කාරණය මම දීර්ඝව කතාකරපු සාකච්ඡාවක් ඔය. ඒත් එතැනින් වෙන වෙනම මම කියපු වාක්‍ය දෙකක් අරගෙන සංස්කරණය කරලා මට නම් පතිවත රකින්න බැහැ කියලා හදලා තමයි ඔය අන්තර්ජාලයට දාලා තියෙන්නේ.

    තමන් ගැන වැරදි පුවත් මාධ්‍යවල පළවුණාම ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ ඇයි ?

    එක වතාවක් එක්තරා පුවත්පතකට ගත්ත ඡායාරූප පෙළක එන පින්තූරයක මගෙ ගවුම ටිකක් මෑත් වෙලා තිබිලා තියෙනවා. එදා ඡායාරූප සිය ගණනක් ගත්තා.

    ඒත් අර ඡායරූප අරගෙන පත්තරේ පළකරලා තිබුණා. එදා නම් මම ඒ පත්තරේට කතාකරලා බැන්නා. ඒත් දැන් එහෙම මොකුත් කියන්න යන්නේ නැහැ.

    මම කර්මය විශ්වාස කරනවා. මේ ආත්මේ මම කිසි කෙනෙකුට හිත් රිදීම් කරලා නැහැ. ඒත් පෙර ආත්මවල කරපු පව් හා පින් පළදෙන එක වලක්වන්න බැහැ. එහෙම හිතලා මම හිත හදාගන්නවා. අනෙක දැන් කවුරු මොනව කලත් මගෙ හිත රිදෙන්නේ නෑ. ඔය වගෙ සිදුවීම්වලට මුහුණ දීලම දැන් මගෙ හිත ගලක් වෙලා.

    හැබැයි ඉතින් අන්තර්ජාලයේ පුවත් මවාගෙන ජනප්‍රිය වන අය ඉන්නවා කියලත් මතයක් තියෙනවා.

    ඇත්ත. එහෙම අය ඉන්නවා. ඒක ඒ අයගේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අය පව්. හැබැයි මම එතන නැහැ. අන්තර්ජාලයේ පුවත් මවාගෙන ලබන ජනප්‍රියත්වය මට නම් එපා.

    විවාහ වෙලා තැන්පත් වුණා නම් මේ කතා හැදෙන එක අඩුවෙයි.

    මම විවාහ වෙයිද, සදාකාලිකව තනිව ඉඳියිද මම දන්නේ නැහැ. සුදුසුම කෙනා හමු නොවුණොත් තනිකඩව ඉන්න එක හොඳයි.

    යුරේනි දැන් ප්‍රේමවන්තියක්ද?
    නැහැ.

    කී වතාවක් ආදරේ කරලා තියෙනවාද?

    හතර වතාවයි.:lol:

    ඒ ආදර සබඳතාවලට මොකද වුණේ ?

    මම ඒ හැම අවස්ථාවකම අවංකව ආදරේ කළා. ඒත් ඒ එක්කෙනෙක්වත් මට ඇත්තටම ආදරේ කරලා නැහැ කියලා දැන ගත්තේ පස්සේ.


    නෙත් එෆ්m
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yureri anith actresslata wada godak intelligent widiyata uththara denawa interview waladi..
    mokak hari education ekak athi.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කිසිම සත්වයෙක්, එකම යුවළක් හැමදාම එකට ඉන්නේ නැහැ. එහෙම ඉන්න එකම සතා මනුෂ්‍යයා. ඒත් මනුෂ්‍යයා කියන්නෙත් සත්වයෙක්.

    ඒ හින්දයි එකම යුවළක් ජීවිත කාලෙම එකට ඉන්න කොට ගැටලු මතුවන්නේ. අනියම් සබඳතා ඇතිවන්නේ. දෙවැනි තුන්වැනි විවාහ වලට යන්නේ. ඔන්න ඔය කාරණය මම දීර්ඝව කතාකරපු සාකච්ඡාවක් ඔය.



    :Dහතර වතාවක් අාදරය කරලා පැරදුන ගෑණියෙක්ගේ සිත නිවන කථා.:lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කිසිම සත්වයෙක්, එකම යුවළක් හැමදාම එකට ඉන්නේ නැහැ. එහෙම ඉන්න එකම සතා මනුෂ්‍යයා. ඒත් මනුෂ්‍යයා කියන්නෙත් සත්වයෙක්.

    ඒ හින්දයි එකම යුවළක් ජීවිත කාලෙම එකට ඉන්න කොට ගැටලු මතුවන්නේ. අනියම් සබඳතා ඇතිවන්නේ. දෙවැනි තුන්වැනි විවාහ වලට යන්නේ. ඔන්න ඔය කාරණය මම දීර්ඝව කතාකරපු සාකච්ඡාවක් ඔය.



    :Dහතර වතාවක් අාදරය කරලා පැරදුන ගෑණියෙක්ගේ සිත නිවන කථා.:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: