ඇල්ටෝ 800 කාර් එකේ බැටරිය ඕවර් චාර්ජ් වෙන්නේ ඇයි? ඊයේ හවස ගෙදර ඇවිත් කාර් එක නැවැත්වුවාම බැටරි ඇසිඩ් ගඳක් ආවා, බලද්දී බැටරිය ගොඩක් රත් වෙලා තිබුණා, අද උදේ බලද්දී බැටරියේ වතුර හිඳිලා ගිහින්, නැවත බැටරි වතුර පිරෙව්වා, කාර් එක ස්ටාර්ට් වෙනවා, මේක ලෙඩේ මොකක්ද කියලා බලලා හදා ගන්න හොඳ තැනක් කියන්න, බැටරිය අවුරුද්දකට කලින් දැම්මේ, ඇමරොන් එකක්, ඉන්නේ මිනුවන්ගොඩ, ස්තුතියි.
