මේ මනුස්සයා සල්ලි ගත්තෙත් නෑ. බඩු වලට විතරයි. කතා කරාම දුප්පත් වගේ දැනුනොත් බේත් ටිකත් නිකන් දෙනවා. එත් සල්ලි මදි නම් ගෙදර යන්න බස් එකටයි ත්‍රී වීල් එකටත් සල්ලි අතින් දීලා, බෙතුත් දීලා යවලා සතුටු වෙනවා.නිවන් සුව
ලංකාවේ වෙදකමයි, ඉන්දියන් ආයුර්වේද සීන් එකයි පට්ට ඇත්තක්, ඕව හරියට කරන මිනිස්සු ලංකාවේ අඩුයි, ඉන්නෙ හොර වෙද්දු. මාත් ඉස්සර මේ සීන් විස්වාස කරේ නෑ, පස්සෙ ඔපරේශන් එකක් කරන්න ඕන කියපු ලෙඩක්, තෙල් බේත් තව ගහක කොල අතු වගයක් සතියක් විතර බැඳලා ගොඩ දාල දුන්න, හැබැයි ඒ ඩොක්ටගෙ නම් කෙලිම්ම 10න් වගේ අඩුම ගනන් පටන් ගත්තෙ ඒ කාලෙත්, 40-50 ගිය දවසුත් තිබ්බා, ඒත් ලෙඩක් ගොඩ දානව නම හරියට සල්ලි කීයක් ගියත් අවුලක් නෑනෙ
අපිත් බේත් අරන්ගෙන තියනවා. එයාගේ ගාවින් මොකුත්ම බේතක් දුන්නේ නැති නම්, (එයා දෙන්නේ බේත් ජාති 4-5 ක් විතරයි*). බේත් කඩෙන් විතරක් ගන්න ලියලා දුන්නා නම් සතයක් ගන්නේ නෑ. බුලත් කොළ කීපයක් විතරයි වියදම. එකත් ඕනා නම් එයාගේ ගොඩින් අරගෙන දෙන්නත් පුළුවන්. එහෙම හොද මිනිස්සු නෑ දැන්....
* කුඩු ජාති 2ක්, තෙල් ජාති 3ක්, ගුලි ජාති 3-4 විතරයි, කලක වගේ අයිටම් 2ක් බොහෝ විට එයා දෙන්නේ. එකත් හැමෝටම දෙන්නත් නෑ. කසාය ඔක්කොම එක්කෝ අපි කැලෙන් කොළ මුල් හොයාගන්න ඕනා. නැති නම් කැමති සිංහල කඩේකින් ගන්න ඕනා.
Last edited:
