ඇල්ලියද්දේ දයාරත්න වෙදමහත්තයා අන්තරා උනා - අපේ කාලයේ ජීවකයෙක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,814
    13,001
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිවන් සුව
    ලංකාවේ වෙදකමයි, ඉන්දියන් ආයුර්වේද සීන් එකයි පට්ට ඇත්තක්, ඕව හරියට කරන මිනිස්සු ලංකාවේ අඩුයි, ඉන්නෙ හොර වෙද්දු. මාත් ඉස්සර මේ සීන් විස්වාස කරේ නෑ, පස්සෙ ඔපරේශන් එකක් කරන්න ඕන කියපු ලෙඩක්, තෙල් බේත් තව ගහක කොල අතු වගයක් සතියක් විතර බැඳලා ගොඩ දාල දුන්න, හැබැයි ඒ ඩොක්ටගෙ නම් කෙලිම්ම 10න් වගේ අඩුම ගනන් පටන් ගත්තෙ ඒ කාලෙත්, 40-50 ගිය දවසුත් තිබ්බා, ඒත් ලෙඩක් ගොඩ දානව නම හරියට සල්ලි කීයක් ගියත් අවුලක් නෑනෙ
    මේ මනුස්සයා සල්ලි ගත්තෙත් නෑ. බඩු වලට විතරයි. කතා කරාම දුප්පත් වගේ දැනුනොත් බේත් ටිකත් නිකන් දෙනවා. එත් සල්ලි මදි නම් ගෙදර යන්න බස් එකටයි ත්‍රී වීල් එකටත් සල්ලි අතින් දීලා, බෙතුත් දීලා යවලා සතුටු වෙනවා.

    අපිත් බේත් අරන්ගෙන තියනවා. එයාගේ ගාවින් මොකුත්ම බේතක් දුන්නේ නැති නම්, (එයා දෙන්නේ බේත් ජාති 4-5 ක් විතරයි*). බේත් කඩෙන් විතරක් ගන්න ලියලා දුන්නා නම් සතයක් ගන්නේ නෑ. බුලත් කොළ කීපයක් විතරයි වියදම. එකත් ඕනා නම් එයාගේ ගොඩින් අරගෙන දෙන්නත් පුළුවන්. එහෙම හොද මිනිස්සු නෑ දැන්....

    * කුඩු ජාති 2ක්, තෙල් ජාති 3ක්, ගුලි ජාති 3-4 විතරයි, කලක වගේ අයිටම් 2ක් බොහෝ විට එයා දෙන්නේ. එකත් හැමෝටම දෙන්නත් නෑ. කසාය ඔක්කොම එක්කෝ අපි කැලෙන් කොළ මුල් හොයාගන්න ඕනා. නැති නම් කැමති සිංහල කඩේකින් ගන්න ඕනා.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,814
    13,001
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිවන්සුව ලැබේවා.......!
    වෙදමහත්තයා කලින් ඉන්ජිනියර් කෙනෙක් නේද...
    ඔව්. මහවැලියේ වැඩ කළා ලු, මොරටුවේ කිව්වේ. වැරදිලා වත් ඉංග්‍රීසි වචනයක් දෙකක් දාලා සිංග්ලිෂ් වලින් දුන්නොත් දෙනවා දුවන්න රැජිනගේ ඉංග්‍රීසි වලින්. ඒ ඉංග්‍රීසි එක්ක අපිට හැරෙන්න වත් බෑ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    අවුරුදු 88ක් ආයු වැළඳු අපේ ඇල්ලියද්දේ දයාරත්න වෙදමහත්තයා 2022-10-13 දින අන්තරා උනා. අවසන් කටයුතු 2022-10-15 දින ප.ව. 3ට අමුණුගමදී සිදුකලා. හත් දවසේ දානය 18 වෙනිදා තියනවා. ඔයාල බෙහෙත් අරන් තියනවා නම් මේ වෙදමහත්තයාගෙන්, පුළුවන් විදියට එකට දායක වෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.

    මේ වෙද මහත්තයා ගැන අන්තර්ජාලයේ සදහන් වෙලා තියෙන්නේ බොහොම ටිකයි. ඉතින් මන් හිතුවා පොඩි සටහනක් තියන්න. මම පොඩි කාලේ ඉදන් ඇදුම රෝගයෙන් ගොඩක් දුක් විදපු කෙනෙක්. බීපු බෙහෙත් වල සැරට මගේ බඩවල් තුවාල වෙලා Gastritis ආව. එකට වෙනම බෙහෙත් කරන්න උනා. English බෙහෙත්වලින් සහනයක් නැති නිසා අපිට නෑ කෙනෙක්ගෙන් ආරංචි උන මේ වෙදමහත්තයා හමුවෙන්න ගියා 2017දී. ඒ කියපු විදියට කෑමෙන් බීමෙන් පරිස්සම්වෙලා, කසාය, බෙහෙත් කුඩු, තෙල් පාවිච්චි කරලා මගේ ලෙඩ සම්පුර්ණයෙන් හොද කර ගන්න මට පුළුවන් උනා.

    වෙදමහත්තයා හිටියේ නුවර මැණික්හින්න පාරේ වලල හන්දියෙන් බැහැල වමට තියන වාවින්න පාරේ (බස් එක නවත්තපු තැනින්ම උඩට තියන පාරේ) ටික දුරක් ගියාම. මේ වෙදමහත්තයා පාරම් පාරික වේද පරපුරකින් පැවතගෙන එන බොහොම දක්ෂ, අවංක, නිහතමානී කෙනෙක්. බොහොම සරල චාම් ජිවිතයක් ගතකරපු කෙනෙක්. මුදලක් අය කරන්නේ බෙහෙතක් දුන්නොත් විතරයි. ගොඩක් සල්ලි අගහිගකම් තිබුන අයට නොමිලේම බෙහෙත් දුන්නා. කැන්සර්, දියවැඩියාව, අංශබාගය, අධි රුදිර පීඩනය, අර්ශස්, පිනස, ආදී සියලුම රෝගවලට (සර්වාංග) මේ ජීවකයා බෙහෙත් කරා. සිය දහස් ගණන් මිනිසුන් සුවපත් කල කෙනෙක් මේ වෙදමහත්තයා. මේ වගේ වටිනා මිනිසුන් අද සමාජයේ ගොඩක් හිගයි. ගොඩක් අය මුදල් සුරා කන්න බලාගෙන ඉන්නේ ලෙඩ්ඩුන්ගෙන්. නමුත් මේ වෙදමහත්තයා තමන්ගේ විවේකය ගැනවත් බලන්නේ නැතුව, මුළු ජීවිතේම වෙදකමට කැපකරපු කෙනෙක්.


    තවත් තොරතුරු ඔයාලට මේ වලින් බලාගන්න පුළුවන්:
    https://elakiri.com/threads/අපේ-කාලයේ-ජීවකයෙක්.1544130/
    https://elakiri.com/threads/පීනසට-නිට්ටාවට-බෙහෙත්.1805859/page-23#post-25965875


    දැන් ඒ වෙදමහත්තයාගේ දුව ඒ ප්‍රතිකර්ම ඒ විදියටම කරගෙන යනවා. මෙන්න ජංගම දුරකතන අංකය: 0779986942

    View attachment 187149
    මාන්ගොඩ වෙදමහත්තයා කියල සිංහල වෙදමහත්තයෙ ක් ඉදල තියෙනවද නුවර තෙල්දෙණියේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔව්. මහවැලියේ වැඩ කළා ලු, මොරටුවේ කිව්වේ. වැරදිලා වත් ඉංග්‍රීසි වචනයක් දෙකක් දාලා සිංග්ලිෂ් වලින් දුන්නොත් දෙනවා දුවන්න රැජිනගේ ඉංග්‍රීසි වලින්. ඒ ඉංග්‍රීසි එක්ක අපිට හැරෙන්න වත් බෑ.
    එයාගේ දරුවෝ වෙදකම කරන්නේ නැද්ද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,814
    13,001
    113
    ලංකාවේ.. ලංකාවේ
    එයාගේ දරුවෝ වෙදකම කරන්නේ නැද්ද?
    ඇයි බන් ඔය ඔරිගීනල් පොස්ට් එකේ දාලා තියෙන්නේ දුව වෙදකම් කරනවා කියලා... නම්බරෙත් දාලා තියෙන්නේ.
    දුව කිව්වට ලෙලි තමා (ලොකු පුතාගේ නෝනා) එයා ආයුර්වේද දොස්තර කෙනෙක්. දැන් එයා සිංහල වෙදකම කරන්නේ....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම මේ වේද මහත්තයාව හොඳට අඳුරනවා,හොඳ කෙනෙක්,නැති උනා කියලා අදයි දන්නෙ...වේද කම් කලේ ඉතාමත් පැරණි ගෙදරක ඉඳන්,එ ගෙදරට යන්න තිබ්බේ ගස් අස්සෙන්..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇයි බන් ඔය ඔරිගීනල් පොස්ට් එකේ දාලා තියෙන්නේ දුව වෙදකම් කරනවා කියලා... නම්බරෙත් දාලා තියෙන්නේ.
    දුව කිව්වට ලෙලි තමා (ලොකු පුතාගේ නෝනා) එයා ආයුර්වේද දොස්තර කෙනෙක්. දැන් එයා සිංහල වෙදකම කරන්නේ....
    කියෙව්වේ නෑ සහෝ
    නිවන් සුව වේද මහත්තයට
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මාන්ගොඩ වෙදමහත්තයා කියල සිංහල වෙදමහත්තයෙ ක් ඉදල තියෙනවද නුවර තෙල්දෙණියේ
    ehema danne naha mcn.

    මම මේ වේද මහත්තයාව හොඳට අඳුරනවා,හොඳ කෙනෙක්,නැති උනා කියලා අදයි දන්නෙ...වේද කම් කලේ ඉතාමත් පැරණි ගෙදරක ඉඳන්,එ ගෙදරට යන්න තිබ්බේ ගස් අස්සෙන්..
    Puluwan kamak thiynawa nam daneta support ekak denna mcn. Eyala ahinsaka minissu. :love:
    ------ Post added on Oct 17, 2022 at 3:34 PM
     
    • Like
    Reactions: NRTG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මගේ තාත්තා, මම දෙන්නම මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් අරගෙන තියනවා.
    එතුමාගෙ සංසාර ගමන කෙලවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා