ඇල්ලේ සැගවුණු දියඇලි

diniduw

Member
Apr 7, 2019
4
10
0
ඇල්ලේ සැගවුණු දියඇලි

දැන් නිවාඩුවට ඇල්ලේ යන එකනේ ලංකාවේ අලුත්ම Trend එක වෙලා තියෙන්නේ. ඉතින් නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා. :shocked::shocked:

1)ඇල්ල වල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 23ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවාය කුමාරදාස ඉස්කෝලෙ ලගින් බැහින්න. කුමාරදාස ඉස්කෝලෙ ලග හන්දියෙ ඉදන් 2.5km වගේ තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන රුපියල් 400ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්. යන පාරේ ගෙවල් තියෙනවා, ඒවගෙන් අහගෙන යන්න පුළුවන් හැරෙන්න ඕනි තැන්.


















2)විසාරී ඇල්ල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 14ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් කරදගොල්ල හන්දියෙන් බහින්න. කරදගොල්ල හන්දියෙ ඉදන් 4km තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන රුපියල් 300ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්.

















3)දියළුම ඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 13ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.
















4)රාවණා ඇල්ල

ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.
















5)කළු වල ඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 4ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් 214km කනුව කිට්ටුව බැහින්න. මෙතනට යන්න පාර වැටිලා තියෙන්නේ කැලේ මැදින්. ඒ නිසා පාර හොයාගන්න අමාරුය්. ගමේ කාව හරි කතා කරගත්තොත් (පොඩි ගානක් දීලා) ඒ ගොල්ලෝ එක්කගෙන යනවා මෙතනට.





6)වැල්ලවාය දියඇල්ල

වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 2ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් Green View Hotel එක ලගින් බැහැලා විනාඩි 3ක් විතර පයන් යන දුරින් තියෙන්නේ.


 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    avatar555686_3.gif
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දියළුම ඇල්ල උඩ හරි පහත හරි නාන්න වගේම වැඩි වැඩ දාන්න යන එක තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැහැ. ජීවිතය ගැන කළකිරිලා නම් කමක් නැහැ. හපුතලේ නැගෙනහිර කදු මුදුන්වලට හිටි හැටියේ කඩා හැලෙන මුරුගසන් වර්ෂාවල විශාල ජල ප්‍රවාහ පූනාගල බෑවුමට එන්නේ කිසිම පෙර දැනුම් දීමකින් තොරවයි.