ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසසි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_84c5f8ac9e.jpg



    පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කනුව ප්‍රදේශයේදී මාර්ගය ට විශාල පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමත්, කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සක්‍රීය වී දැඩි අවධානමක් මතු වී ඇති හෙයින් අද (16) පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව ඇල්ල පොලිසිය පවසයි .

    දැනට විකල්ප මාර්ගය ලෙස ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

    විශේෂයෙන් අධික වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාමේ අවධානම වඩාත් වැඩිවි ඇති හෙයින් එම නාය යාමේ ස්ථානයේ පස්කදු ජලපහරක් සමඟ ප්‍රධාන මාර්ගයට ගලා යාම නිසාවෙන් මෙම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය භාවිතා කිරිම දැඩි අවධානම් බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා සදහන් කළේය .

    දැනට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිත වන බවත් ,ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තැනින් තැනට තව දුරටත් පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙ දැඩි අවධානමක් මතු වී ඇති බවත් හෙතෙම පැවසීය

    image_a040e55bf7.jpg