බොහෝම සැපසම්පත් විඳලත් දුක්විඳින දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත ගැනත් සංවේදි උන මේ වගෙ මනුස්සයෙක්ගෙ විවාහ ජීවිතය අසාර්ථක උනා කියල අහන්නත් පුදුමයි
අපේ රටේ වුනත් ඔයිට සාපේක්ෂව යන ගොඩාක් ප්‍රසිද්ධ නව කතා කරුවන්ගේ හා සාහිත්‍යය කරුවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වුන සිද්ධීන් එමට තියෙනවා..
නිර්මානකරුවා හරි සංවේදි පුද්ගලයෙක්...ඔහු සමහරවිට තම පවුල් කුඩුම්බියට වඩා වැඩි කාලයක් ගතකරන්නේ..අවධානයක් යොමු කරන්නේ කොටින්ම ඇලී ගැලී ජීවත් වෙන්නේ තමන්ගේ නිර්මානත් එක්ක..අන්න එතනදී අනෙත් පාර්ශ්වයේ ඉවසීම දෙදරා ගිය මොහොතේ එම පවුල් සංස්ථාව නොසිතූ මොහොත්හී බිඳ වැටුනු අවස්ථා බොහොමයි...
නිර්මානකරුවෝ අයිති වෙන්නේ මුලු මහත් සමාජයටම..එක ගැහැණියකට එක දරු පවුලකට පමනක් නෙවෙයි..
අන්න ඒක හරි හැටි හඳුනා නොගත් ගොඩක් නිර්මානකරුවන්ගේ පවුල්වල භේද භින්නවීම් බහුලයි....
පොඩි කරුනක් කියන්න ඕනා , අමනාප වෙන එකක් නෑ කියල හිතනව , පවුල් ජීවිතය මම දකින්නේ හරි සංකීර්ණ දෙයක් විදිහට , ආදරය ඔතනට ගොඩාක් වටිනව , නිර්මාණකරුවකු උවත් වැඩි කැපවීමක් තම පවුල වෙනුවෙන් කල යුතු වෙනවා , කුඩා කලදී ආදරය අඩු වුනු දරුවන් , වැඩි වියට පැමිණෙද්දි මානසික අසහන කාරීන් විය හැකියි , සමහර විට වෛර කරන්නත් බැරිකමක් නෑ , ඒ වගේම තම බිරිද , අදාල ආදරය , රැකවරනය නොඅඩුව ලැබිය යුතු වෙනවා , මම හිතනවා මධ්‍යස්ත බාවයකින් කටයුතු කොලොත් , ඉහත කී දෙකම සමව , නිරවුල්ව ගෙන ගිය හැකි වනු ඇතිබව



oya comment danne kohomada kiyala mama terum gatta....