ඇවන්ට්ගාඩ් සේනාධිපති සියලූ රහස් හෙළිකරයි
ඇවන්ට්ගාර්ඞ් සමුද්‍රාරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන ගැටලූව තවදුරටත් ඇවිළෙමින් තිබේ. පසුගිය සතියේ අපි විසින් මෙම ව්‍යාපාර ස්වභාවය හා එහි ආරම්භය ගැනත් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙනුත් යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කළෙමු.
ඒ අතර එම ව්‍යාපාරය තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා
පැවසුවේය. එහෙත් අධිකරණ ඇමැතිවරයා කීවේ එවැනි තීරණයක් නොගත් බවත් එම ව්‍යාපාරය නාවික හමුදාවට කළ හැකිද යන්න ගැන වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිට දැන්වූ බවත්ය. ඒ කෙසේ නමුත් පසු දින නාවික හමුදාව විසින් ඇවන්ට්ගාර්ඞ් පාවෙන අවි ගබඩාවල තිබූ අවි සියල්ල බාරගෙන තිබිණි. දැවැන්ත ව්‍යාපාරයක් මෙසේ හිටිහැටියේ කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලක් හෝ නොමැතිව රජය අත්පත් කර ගැනීම ව්‍යාපාරික ලෝකය ද කැළඹවීමට සමත්ව තිබිණි.
මේ අතර පසුගිය සතියේ අප පුවත්පත මඟින් හෙළි කළ තවත් කරුණක් වූයේ මෙම ව්‍යාපාරික අවස්ථාව ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ලබා දුන්නේ 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මිලියන 500ක අල්ලසක් ලබා දීමෙන් බවට අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනි. මේ අතර ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා කරන රාජිත සේනාරත්න මහතා මීට පෙර දී සේනාධිපති මහතාගෙන් කප්පම් මුදල් ලබා ගත් බව හෙළි කරන හඬපටයක් ද පසුගිය සතියේ වෙබ් අඩවිවලට ලැබී තිබිණි.
එම සිදුවීම ද මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර මේ තත්ත්ව සලකා බලා අප මෙවර ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගතිමු.
x මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට අවස්ථාව උදාකර ගත්තේ හිටපු ජනාධිපතිට රුපියල් මිලියන 500ක අල්ලසක් දීලයි කියලා ඔබේ ක්ෂේත්රයේම ව්‍යාපාරිකයකු වන විශ්‍රාමික මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා චෝදනා කරනවා?
2010ට ඉස්සෙල්ල මගේ ආයතනය ලැබූ මුදල් ගැන දේශීය ආදායම් එකට දීලා තියෙනවා. අද එක්ක බලද්දි 2010 දී මං හිඟන්නෙක්. අනෙක් බිස්නස්කාරයෝ වගේම 2010 දී මං ඡන්දයට උදව් කළා. ඒත් ඔය මිලියන පන්සීයක් නෙවෙයි පොඩි ගාණක්. ලක්ෂ 40 ක් හෝ 50ක් විතර. ඒ දිනවල මගේ ගේත් උකස් තියලා තිබුණේ. ගේ සින්න වෙන්න ගියා. බැංකුවෙන් ආපු ලියුම් තියෙනවා. ලංකාවේ එදා මට තිබුණේ සිකියුරිටි ෆර්ම් එක විතරයි. ඒකේ ආදායම මාසෙකට මිලියන පනහක් හැටක් වගේ. ඒකෙන් සියයට 85ක් විතර වැටුප්වලට ගියා.
මේ වත්කම්, ආදායම්, බැංකු ගිණුම් විස්තර ඔක්කොම මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම දැන් රජය අරගෙන තියෙන්නේ. මේ චෝදනාව ගැන දැන් රජයට හොයන්න පුළුවන්. ඒත් මේ චෝදනාව පට්ටපල් බොරුවක්.
x ඒත් ඔබට මෙහි ප්‍රමුඛත්වය ලැබෙන්න යම් රහසක් තියෙන්නෙ ඕනේ?
මේ ව්‍යාපාරය කරන ආකාරය හොයාගෙන ආවේ අපි. මම මේක සැලසුම් කළේ 2008 දී. එතකොට නාවික හමුදාව මේක ගැන හිතලවත් නෑ. මම බැන්කිමූන් මහත්තයට ලියුමක් ඇරියා මේක අපිට කරන්න දෙන්න කියලා. කොළ පනස් හතරක ව්‍යාපෘති වාර්තාවකුත් යැව්වා. 2010 ඔක්තෝබර් මාසයේ දී ආරක්ෂක අමාත්‍යාංශයට ලියුම අරිනකොට රක්නා ලංකා මෙරිටයිම් එක පිහිටුවලත් නෑ.
අවි ආයුධ මිලදී අරගෙන කරන්න පුළුවන් මෙන්න මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා කියලා අපි ආරක්ෂක ලේකම්ට ලියුමක් ඇරියා. ඒ එක්කම අපි ව්‍යාපෘති වාර්තාවක් යැව්වා. නමුත් අපිව හලල 2011 මාර්තු මාසයේ දී රක්නා ලංකා එක මේක පටන් ගන්නවා. ඒකට තව සමාගම් 24ක් සම්බන්ධ වෙලා හිටියා. ඒක සැප්තැම්බර් මාසය වෙනකම් කරගෙන ගියා. ඒත් අපිට දුන්නේ නෑ.
මේ ව්‍යාපාරය කරන්න අපිට අවස්ථාවක් දෙන්න කියලා 2011 සැප්තැම්බර් මාසයට කලින් අපි 10 වතාවකට වැඩියෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූවා. ආරක්ෂක බලපත්‍රයක් නෑ කියලා අපිට දුන්නේ නෑ. මේ කාලයේ දී ඔය නිශාන්ත රාජපක්ෂත් ඔන් බොර්ඞ් සිකියුරිටි කරනවා. අපිට දුන්නේ නෑ.
මං අල්ලස් දුන්න නම් මේක ලැබෙන්න ඕනෙ මටනේ. අපිට නොදී සමාගම් 24ක් මේක අවුරුද්දක් තිස්සෙ කළා. 2011 සැප්තැම්බර් මාසයේ දී අපිට තව සමාගමක උප කොන්ත්රාත්කාරයන් විදිහට මේකට එන්න අවසර ලැබුණා. රජය ඒ වෙලාවේ නාගෙන තිබුණේ.
මේ කාලයේදීම අපි ගුවනින් අවි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයට අවසර ඉල්ලූවා. අපි අධ්‍යයනයක් කරලා තිබුණ ධීවර යාත්‍රාවලට ආරක්ෂාව ලබා දීම ගැන. ඒකටත් අවස්ථාව ඉල්ලූවා. මේ තුනට 2012 ඔක්තෝබර්වල දී අවසර ලැබුණා. මේ තුනෙන් අපි වැඩ පටන් ගත්තා. අපි අපේ දක්ෂතාව පෙන්නුවා. අපිට ඉල්ලූම වැඩි වුණා. මෙහෙයුම් දෙසිය ගාණක් තිබුණු එක අපි හත්සිය ගාණට වැඩි කර ගත්තා. ඒ වෙනකොට එක්සත් ජාතීන්ගේ හමුදාවට පස්සේ මගේ පිරිස තමයි සෝමාලියානු මුහුදු තීරයේ හිටපු ලොකුම කණ්ඩායම. එතකොට අපිට හුඟක් සල්ලිත් ලැබුණා. අපි සමස්ත ආදායමෙන් ආණ්ඩුවට සියයට 12 ක් දුන්නා. මේ කාලයේ දී අපි ජාත්‍යන්තර සම්බන්ධකම් හදා ගත්තා. සෝමාලියාවට යාබදව තමයි ‘ජිබූටි’ තියෙන්නේ. එහෙ තමයි එක්සත් ජාතීන්ගේ හමුදාව හිටියේ. අපි එහෙ ගිහිල්ලා ඔවුන් සමඟ සම්බන්ධයක් හදාගෙන මේ වැඬේ ඉගෙන ගත්තා.


