ඇවන්ට්ගාඩ්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Nissanka-Senapathi.jpg


    ඇවන්ට්ගාඩ් සේනාධිපති සියලූ රහස් හෙළිකරයි

    ඇවන්ට්ගාර්ඞ් සමුද්‍රාරක්ෂක සමාගම සම්බන්ධයෙන් වන ගැටලූව තවදුරටත් ඇවිළෙමින් තිබේ. පසුගිය සතියේ අපි විසින් මෙම ව්‍යාපාර ස්වභාවය හා එහි ආරම්භය ගැනත් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙනුත් යම් තොරතුරු ප‍්‍රමාණයක් ඉදිරිපත් කළෙමු.
    ඒ අතර එම ව්‍යාපාරය තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා

    පැවසුවේය. එහෙත් අධිකරණ ඇමැතිවරයා කීවේ එවැනි තීරණයක් නොගත් බවත් එම ව්‍යාපාරය නාවික හමුදාවට කළ හැකිද යන්න ගැන වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිට දැන්වූ බවත්ය. ඒ කෙසේ නමුත් පසු දින නාවික හමුදාව විසින් ඇවන්ට්ගාර්ඞ් පාවෙන අවි ගබඩාවල තිබූ අවි සියල්ල බාරගෙන තිබිණි. දැවැන්ත ව්‍යාපාරයක් මෙසේ හිටිහැටියේ කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලක් හෝ නොමැතිව රජය අත්පත් කර ගැනීම ව්‍යාපාරික ලෝකය ද කැළඹවීමට සමත්ව තිබිණි.

    මේ අතර පසුගිය සතියේ අප පුවත්පත මඟින් හෙළි කළ තවත් කරුණක් වූයේ මෙම ව්‍යාපාරික අවස්ථාව ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ලබා දුන්නේ 2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මිලියන 500ක අල්ලසක් ලබා දීමෙන් බවට අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනි. මේ අතර ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා කරන රාජිත සේනාරත්න මහතා මීට පෙර දී සේනාධිපති මහතාගෙන් කප්පම් මුදල් ලබා ගත් බව හෙළි කරන හඬපටයක් ද පසුගිය සතියේ වෙබ් අඩවිවලට ලැබී තිබිණි.

    එම සිදුවීම ද මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර මේ තත්ත්ව සලකා බලා අප මෙවර ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගතිමු.

    x මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට අවස්ථාව උදාකර ගත්තේ හිටපු ජනාධිපතිට රුපියල් මිලියන 500ක අල්ලසක් දීලයි කියලා ඔබේ ක්ෂේත‍්‍රයේම ව්‍යාපාරිකයකු වන විශ‍්‍රාමික මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා චෝදනා කරනවා?

    2010ට ඉස්සෙල්ල මගේ ආයතනය ලැබූ මුදල් ගැන දේශීය ආදායම් එකට දීලා තියෙනවා. අද එක්ක බලද්දි 2010 දී මං හිඟන්නෙක්. අනෙක් බිස්නස්කාරයෝ වගේම 2010 දී මං ඡන්දයට උදව් කළා. ඒත් ඔය මිලියන පන්සීයක් නෙවෙයි පොඩි ගාණක්. ලක්ෂ 40 ක් හෝ 50ක් විතර. ඒ දිනවල මගේ ගේත් උකස් තියලා තිබුණේ. ගේ සින්න වෙන්න ගියා. බැංකුවෙන් ආපු ලියුම් තියෙනවා. ලංකාවේ එදා මට තිබුණේ සිකියුරිටි ෆර්ම් එක විතරයි. ඒකේ ආදායම මාසෙකට මිලියන පනහක් හැටක් වගේ. ඒකෙන් සියයට 85ක් විතර වැටුප්වලට ගියා.

    මේ වත්කම්, ආදායම්, බැංකු ගිණුම් විස්තර ඔක්කොම මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම දැන් රජය අරගෙන තියෙන්නේ. මේ චෝදනාව ගැන දැන් රජයට හොයන්න පුළුවන්. ඒත් මේ චෝදනාව පට්ටපල් බොරුවක්.


    x ඒත් ඔබට මෙහි ප‍්‍රමුඛත්වය ලැබෙන්න යම් රහසක් තියෙන්නෙ ඕනේ?

    මේ ව්‍යාපාරය කරන ආකාරය හොයාගෙන ආවේ අපි. මම මේක සැලසුම් කළේ 2008 දී. එතකොට නාවික හමුදාව මේක ගැන හිතලවත් නෑ. මම බැන්කිමූන් මහත්තයට ලියුමක් ඇරියා මේක අපිට කරන්න දෙන්න කියලා. කොළ පනස් හතරක ව්‍යාපෘති වාර්තාවකුත් යැව්වා. 2010 ඔක්තෝබර් මාසයේ දී ආරක්ෂක අමාත්‍යාංශයට ලියුම අරිනකොට රක්නා ලංකා මෙරිටයිම් එක පිහිටුවලත් නෑ.

    අවි ආයුධ මිලදී අරගෙන කරන්න පුළුවන් මෙන්න මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා කියලා අපි ආරක්ෂක ලේකම්ට ලියුමක් ඇරියා. ඒ එක්කම අපි ව්‍යාපෘති වාර්තාවක් යැව්වා. නමුත් අපිව හලල 2011 මාර්තු මාසයේ දී රක්නා ලංකා එක මේක පටන් ගන්නවා. ඒකට තව සමාගම් 24ක් සම්බන්ධ වෙලා හිටියා. ඒක සැප්තැම්බර් මාසය වෙනකම් කරගෙන ගියා. ඒත් අපිට දුන්නේ නෑ.

    මේ ව්‍යාපාරය කරන්න අපිට අවස්ථාවක් දෙන්න කියලා 2011 සැප්තැම්බර් මාසයට කලින් අපි 10 වතාවකට වැඩියෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලූවා. ආරක්ෂක බලපත‍්‍රයක් නෑ කියලා අපිට දුන්නේ නෑ. මේ කාලයේ දී ඔය නිශාන්ත රාජපක්ෂත් ඔන් බොර්ඞ් සිකියුරිටි කරනවා. අපිට දුන්නේ නෑ.
    මං අල්ලස් දුන්න නම් මේක ලැබෙන්න ඕනෙ මටනේ. අපිට නොදී සමාගම් 24ක් මේක අවුරුද්දක් තිස්සෙ කළා. 2011 සැප්තැම්බර් මාසයේ දී අපිට තව සමාගමක උප කොන්ත‍්‍රාත්කාරයන් විදිහට මේකට එන්න අවසර ලැබුණා. රජය ඒ වෙලාවේ නාගෙන තිබුණේ.

    මේ කාලයේදීම අපි ගුවනින් අවි ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයට අවසර ඉල්ලූවා. අපි අධ්‍යයනයක් කරලා තිබුණ ධීවර යාත‍්‍රාවලට ආරක්ෂාව ලබා දීම ගැන. ඒකටත් අවස්ථාව ඉල්ලූවා. මේ තුනට 2012 ඔක්තෝබර්වල දී අවසර ලැබුණා. මේ තුනෙන් අපි වැඩ පටන් ගත්තා. අපි අපේ දක්ෂතාව පෙන්නුවා. අපිට ඉල්ලූම වැඩි වුණා. මෙහෙයුම් දෙසිය ගාණක් තිබුණු එක අපි හත්සිය ගාණට වැඩි කර ගත්තා. ඒ වෙනකොට එක්සත් ජාතීන්ගේ හමුදාවට පස්සේ මගේ පිරිස තමයි සෝමාලියානු මුහුදු තීරයේ හිටපු ලොකුම කණ්ඩායම. එතකොට අපිට හුඟක් සල්ලිත් ලැබුණා. අපි සමස්ත ආදායමෙන් ආණ්ඩුවට සියයට 12 ක් දුන්නා. මේ කාලයේ දී අපි ජාත්‍යන්තර සම්බන්ධකම් හදා ගත්තා. සෝමාලියාවට යාබදව තමයි ‘ජිබූටි’ තියෙන්නේ. එහෙ තමයි එක්සත් ජාතීන්ගේ හමුදාව හිටියේ. අපි එහෙ ගිහිල්ලා ඔවුන් සමඟ සම්බන්ධයක් හදාගෙන මේ වැඬේ ඉගෙන ගත්තා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x රජය නාගෙන තිබුණයි කියන එකේ තේරුම මොකක්ද?

    රක්නා ලංකා, සමාගම් 24ත් එක්ක වැඩ කරන කාලයේ ආයුධ 195ක් නැති කර ගත්තා. ඔය අල්ලස් චෝදනාව කරන නිශාන්ත රාජපක්ෂගේ ආයුධත් නැති කර ගත්තා. මේවා හොර රහසේ විකුණලා කියලා චෝදනාවක් ආවා.

    ඊට පස්සේ මේ ආයුධ ගැන ප‍්‍රශ්න කරලා රජයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් එවනවා ලියුමක්. රජය ඒක නොසලකා හැරියා. දෙවැනි ලියුම ආවා ලංකාව ‘බ්ලැක් ලිස්ට්’ කරනවා කියලා.

    ජිබූටිවල දී එක්සත් ජාතීන්, ලංකාවට එවපු ලියුම් මට පෙන්නුවා. ඒ අවි ටික හොයල දෙන්න මං බාර ගත්තා. රටවල් 21 ක හොයලා අවි 184ක් ආපහු ගෙනල්ලා දුන්නා. මේවා ගැන විස්තර ලිඛිතව තියෙනවා. ඊට පස්සේ ශ‍්‍රී ලංකා රජය අපි කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත්තා. යළිත් අවි නැති වීම වළක්වා ගන්න ක‍්‍රමවේදයක් රජය අපෙන් ඉල්ලූවා. පාවෙන අවි ගබඩා දෙකක් අවශ්‍ය බව අපි කිව්වා. වෙන තැන්වල තිබ්බොත් ඒවා නැවත කුලියට දෙනවා. ඒක ලංකාවට හොරෙන් කරන්නේ. ඒකෙන් එයාලා වැඩිපුර මුදල් හෙව්වා. පෝලන්තයේ දී ඒක අහුවුණා.

    පාවෙන අවි ගබඩා දෙක දාන්න රක්නා ලංකා එක අපෙන් උදව් ඉල්ලූවා. එයාලට ඒ වැඬේට සල්ලි තිබුණේ නෑ. ඩොලර් මිලියන 2ක් යනවා. මම කිව්වා ධීවර යාත‍්‍රා ආරක්ෂාවෙන් ලැබුණු මුදල් තියෙනවා මම ඒකෙන් මේ දෙක දාන්නම් කියලා. මම මගේ සල්ලිවලින් ගල්ෆ් ඔෆ් ඕමාන්වල සහ රතු මුහුදේ නැව් 2ක් දැම්මා. ඊයේ පෙරෙයිදා වෙනකම් ලංකාවේ අවි ගබඩා කළේ ඒ නැව් දෙකේ. ලංකාවේ අවි ආරක්ෂා කර ගන්න ඩොලර් මිලියන 6.5ක් අපි වැය කරලා තියෙනවා. මේක අපිට විතරයි කරන්න පුළුවන් කියලා රජය සමඟ විශ්වාසයක් ගොඩනගා ගත්තා.


    x ගාල්ලෙ පාවෙන අවි ගබඩාව තමයි ප‍්‍රශ්නය වුණේ?

    ගාල්ලේ පාවෙන අවි ගබඩාව දැමීමට හේතු වුණේ නාවික හමුදාව තුළ යම්කිසි අකටයුතුකම් වගයක් වුණා. අපේ නාවික හමුදා කඳවුරේ නීත්‍යනුකූල නොවන අවි තිබුණ බව එයාල පරීක්ෂා කරද්දී අහු වුණා. ඒක එයාල පිළිගත්තා. ඒකෙන් නාවික හමුදාවට අපකීර්තියක් ඇති වෙන්න පුළුවන්කමක් තිබුණා. මොකද අපේ නාවික හමුදාවට ජාත්‍යන්තර වශයෙන් ලොකු කීර්තියක් තිබුණා. එයාලගෙන් වෙච්ච වැරැද්ද බොහොම මහත්මා විදිහට එයාලා පිළිගත්තා. ඒ ගැන මට එවපු ලියුම තියෙනවා. ඊට පස්සේ රජය තීරණය කළා මේක රක්නා ලංකා එකට දෙන්න.


    x ඒත් ඒක දැම්මේ රක්නා ලංකා නෙවෙයි?

    ඔව්. ගාල්ල පාවෙන අවි ගබඩාව කරන්න රක්නා ලංකා එක සූදානම් වුණත් ඒකටත් සල්ලි තිබුණේ නෑ. ක‍්‍රමවේදය දැනගෙන හිටියෙත් නෑ. අපිට කතා කළා. පාවෙන අවි ගබඩාවක් කරන එක ගැන, අවි ආරක්ෂා කර ගන්න ක‍්‍රමවේදය ගැන අපි කිව්වා. පස්සේ ගාල්ල පාවෙන අවි ගබඩාවක් දාන්න යනවා කියලා රක්නා ලංකා එක ප‍්‍රසිද්ධ නිවේදනයක් දැම්මා. ඒ වෙනකොට පැවැති සමුද්‍ර ආරක්ෂක ව්‍යාපාර 24 ටයි පිටරට සමාගම් පනස් ගාණකටයි. දවස් 45ක් ඇතුළත ඉල්ලූම් කරන්න, හරි විරෝධයක් තියෙනව නම් දන්වන්න කියලා. ඒ දවස් 45 ඇතුළත කාට හරි කියන්න තිබුණා අපි මේකට කැමැති නෑ අපිටත් මේකට ඉල්ලූම් කරන්න ඕනේ කියා කියන්න. කවුරුවත් විරෝධය පළ කළේත් නෑ, වැඬේ බාර ගන්න යෝජනා ගෙනාවෙත් නෑ. ඒකට ඩොලර් මිලියන 01ක් වියදම් වෙනවා. ඒක කවුරුවත් දැරුවේ නෑ. අපි වියදම් කරලා ඒක පටන් ගත්තා.

    දින 45 තුළ ආවේ එක ලියුමයි. ඒ ලංකාවේ නැව් හිමිකරුවන්ගේ සංගමයෙන්. එයාල ලියුමක් එව්වා එයාලගේ බෝට්ටු මෙහෙයුම් නවත්වන්න එපා කියලා. එච්චරයි ආවේ. ඒකට ආරක්ෂක අමාත්‍යාංශය ඉඩ දුන්නා. මේ හැම දෙයකටම මට ලිඛිත සාක්ෂි තියෙනවා.

    ඒ වෙනකොට මම පාවෙන අවි ගබඩා 2ක් කරනවා. මුළු අග්නිදිග ආසියාවෙන්ම ඒ අවසරය ලැබුණේ මට විතරයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x මේකෙන් නාවික හමුදාවට ලැබුණු ආදායම අහිමි වුණා?

    ඒ වෙනකොට නාවික හමුදාව එක මෙහෙයුමක් කළේ ඩොලර් 1000ට. නාවික හමුදාව කරල තිබුණේ මාසෙට උපරිම ඔපරේෂන් 510යි. මම මේක 800ක් වෙනකම් වැඩි කරල එක ඔපරේෂන් එකක් 3500ක් කළා. ඒ කියන්නේ නාවික හමුදාව මාසෙකට ගෙනාපු ඩොලර් ලක්ෂ 5 මම මිලියන 2.5 වෙනකම් වැඩි කළා. මේකද ජාතික අපරාධය? මේ සියලූ මුදල් මං ලංකාවට ගෙනල්ල තියෙනවා.

    2012 ඔක්තෝබර් පටන්ගෙන 2014 දෙසැම්බර් 31 වෙනකොට බිලියන 8.3ට ගෙනල්ල බිලියන 3.4ක ශුද්ධ ලාභය ආණ්ඩුවට දීලා තියෙනවා, පඩි නඩි රක්නා ලංකා එකටත් ගෙවලා. ඊට අමතරව ගාල්ල පාවෙන අවි ගබඩාවෙන් මම රැකියා 400ක් උත්පාදනය කළා. ඒ 400ට මාසෙකට පඩි ගෙවලා තියෙනවා රුපියල් මිලියන 68ක්. මේ ඔක්කොම අපේ රණවිරුවෝ. නාවික හමුදාවට පුළුවන් වුණාද එක රණවිරුවෙකුටවත් රස්සාවක් අරන් දෙන්න? බෑ. නාවික හමුදාව තියෙන්නෙ සල්ලි හම්බ කරන්නවත් බිස්නස් කරන්නවත් නෙවෙයි. යුද්දෙ දී ආබාධිත වුණු කාටවත් රස්සාවල් දෙන්න නාවික හමුදාවට බැරි වුණා. ඒත් අපි දුන්නා. දැන් ඒ ඔක්කොටමට රස්සාව නෑ. නාවික හමුදාව මේ අයට ආපහු රස්සාව දෙනවා නම් මම සතුටු වෙනවා.

    මේ පාවෙන අවි ගබඩාව පටන් ගත්තෙ මම මිලියන 500 ක් සල්ලි දීලා නම්, ඇයි මම අවුරුද්දක් තිස්සේ සාකච්ජා හතළිහකට විතර ගියේ? මට නොදී අනෙක් සමාගම් 24ටම දුන්නේ, අනිත් අය 2500 ගානේ දීලා නිසාද? නිශාන්ත රාජපක්ෂගේ සමාගමටත් දුන්නා. මේවා සියල්ල ලිඛිතව තියෙන දේවල්. ඒත් නිශාන්ත රාජපක්ෂලාට ඒක කරගන්න බැරි නිසා ෆේල් වුණා.


    x ජාත්‍යන්තර වශයෙන් මෙම ව්‍යාපාරය අනුමත කරල තිබෙනවා නම් එම ලියුම පෙන්වන්න කියලා ඔබට අභියෝගයක් තියෙනවා?

    බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ම මගේ මහනුවර පාවෙන අවි ගබඩාව අනුමත කරපු ලියුම මේ තියෙන්නේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අද ලෝකයේ තිබෙන පාවෙන අවි ගබඩාවලින් 15ක් අනුමත කරලා තියෙනවා. එයින් 5ක් ම මගේ. ලෝකයේ පාවෙන අවි ගබඩා 45ක් තියෙනවා. ලොයිඞ්ස් එකෙ තත්ත්ව වාර්තාව තියෙන්නෙ ලෝකයෙන්ම මට විතරයි. ලංකාවේ සමාගම් අතරින් අයිඑස්ඕ සහතිකය තියෙන්නේ මට විතරයි. අද්මිරාල්ලා 8 දෙනෙක්, ජනරාල්වරු 7 දෙනෙක් මගේ සමාගමේ ඉන්නවා. වෙන කිසිම සමාගමක එහෙම උපදේශකයන් නෑ. හිටපු නාවික හමුදාපතිවරු තුන්දෙනෙක් ඒකෙ ඉන්නවා. අපි ලෝකයේ හොඳම පරිපාලනයක් සහිත ආරක්ෂක සමාගම. අපිට මේ දේවල් ලැබුණේ ඒ නිසා.

    දැන් මේ කියන ඔක්කොම සම්ප‍්‍රප්පලාප. අපි හදපු බිස්නස් එක ඩැහ ගන්නයි හදන්නේ. අපි බබා හැදුවා දැන් ඒකට අයිතිවාසිකම් කියන්න කට්ටිය බලාගෙන ඉන්නේ. තව කට්ටියකට අපෙන් ගාණක් කඩා ගන්න බැරි වෙච්ච නිසා කෑ ගහනවා.

    ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ ව්‍යාපාරයට අවසර ගන්න අපි ලියුම් ගණනාවක් ඇරියා. සාකච්ඡා හතළිහක් විතර තිබ්බා. සමහර අවස්ථාවල රක්නා ලංකා එක අපේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නෑ. මං හිටපු ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා ‘සර් මටත් චාන්ස් එකක් දෙන්න’ කියලා. ඒ ලැබුණෙත් නෑ. අපි ගෙනාවා වෙන බිස්නස් එකක් වාණිජ නැව්වලට ආරක්ෂාව දෙන්න. නැව් සහතිකයක් නෑ කියලා ඒක දුන්නේ නෑ.


    x මහනුවර නැව ගාලූ වරායේ තිබීම වැරැදියි?

    මගේ ගැරෙජ් එකේ වාහනය ගහන්නෙ නැතුව අල්ලපු ගෙදර ගැරෙජ් එකේ වාහනය ගහන්නද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x නෑ. නීතිය අනුව එය ජාත්‍යන්තර මුහුදෙයි තිබිය යුත්තේ. මෙරට ගිනි අවි පනත අනුවත් වැරදියි?

    අපට තියෙනවා බ්ලැන්කට් ඇපෘවල් (පවතින නීතිමය තත්ත්වය මඟ හැරීමේ අනුමැති ලියවිල්ලක්) එකක්. මේ නැව ගාලූ වරායට එනකොට ඒක නීත්‍යනුකූල නැත්නම් නාවික හමුදාව වගකියන්න ඕනේ. ඇයි එයාලා මේ නීත්‍යනුකූල නොවන නැවක හිටියේ? මේ නැවේ ඔන් බෝර්ඞ් සිකුයුරිටි හිටියා නාවික හමුදාවේ 10ක්. අවි තිබුණේ ඒගොල්ලන්ගේ බාරයේ. අවි මුහුදට ගෙනියන්නෙත් ආපසු ගේන්නෙත් නාවික හමුදාව.

    මේක ඇතුළට එනකොට නැවේ අයිතිකාර සමාගම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියෙන් අවසරයක් ඉල්ලනවා. අවසර පත‍්‍රයට අත්සන් කරනවා. ඊට පස්සේ රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුමැතිය දෙන්න ඕනේ, වරාය ආරක්ෂක අංශය අත්සන් කරන්න ඕනේ. හාබර් මාස්ටර් අත්සන් කරනවා, දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ප‍්‍රධානියා අත්සන් කරනවා. කොහොමද කියන්නෙ නැව ආවේ නීති විරෝධීවයි කියලා. මේක නීත්‍යනුකූල නැතිනම් මේ ඔක්කොම වගකියන්න ඕනේ. අපිට එන්න දෙන්න බෑ කිව්ව නම් අපි යනවා මාලදිවයිනට.

    මේ ඔක්කොම සම්ප‍්‍රප්පලාප. මේ ඔක්කොම ගොඩ පෙරකදෝරුවෝ කියන කතා. මේ රටේ දැන් හිටපු නීතිපතිවරයාත් ජනාධිපති නීතිඥවරයකු වන අධිකරණ ඇමැතිතුමාත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේක කියලා තියෙනවා. දැන් කවුද මේක වැරැදියි කියන්නේ. නීතිය තියා හරියකට ඉස්කෝලෙත් ගිය නැති මිනිස්සු මේ කරන්නේ මේ රටේ නීතියට අභියෝග කිරීමක්.

    අපේ නීති පද්ධතිය හරි, ජිනීවාවලින් හයිබි‍්‍රඞ් එනකොට එපා කියනවා. ඒ කියල මෙහෙ කියනවා අධිකරණ පද්ධතිය දුෂිතයි නීතිපති දුෂිතයි කියලා. ඉතින් හයිබි‍්‍රඞ් එක ලංකාවට එනවා තමයි. හයිබි‍්‍රඞ් නෙවෙයි ෆුල්බි‍්‍රඞ් එන්නේ. අපි විසින් අපිව නහ ගන්න වැඩක් මේක.


    x නැවේ තිබූ ආයුධ සියල්ල හොර අවි කියනවා?

    කවුද කියන්නේ?


    x අනුර කුමාර දිසානායක මහත්තයා දිගටම කියන්නේ මේවා හොර අවි කියලා?

    වැඩිය මොකුත් කියන්න ඕනේ නෑ. දැන් නැවේ තිබුණ ආයුධ ඊයේ පෙරේදා නාවික හමුදාව ගත්තනේ. මේ අවි හොර අවි නම් දැන් නාවික හමුදාවත් බිස්නස් කරන්නේ මේ හොර අවිවලින්නේ. හරි නම් දැන් නාවික හමුදාපතිවත් හිර බාරයට ගන්න ඕනනේ. ලයිසන් නැති තුවක්කු නාවික හමුදාව අතට ගත්තාම ඒවා ලයිසන් තුවක්කු වෙනවද? වුණා නම් කොයි නීතියෙන්ද?

    මේ නැවේ තිබුණු අවිවලින් සියයට හැත්තෑවක් විතර බි‍්‍රතාන්‍ය රජයට අයත් ඒවා. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඒ රටේ Business, innovation and skills, defence, foreign affairs and international devolopment කමිටුව දුන්නු 2014- 2015 වාර්තාවේ ඒක පිළිඅරගෙන තියෙනවා. දැන් මේවා පිටරට හොර අවිද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x මේ පාවෙන අවි ගබඩාව ගාලූ වරායෙ තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්?

    ජාතික ආරක්ෂාවට තර්ජනය තියෙන්නේ දැනුයි. දැන් නාවික හමුදාව කඳවුර ඇතුළේ ඉඳලා විදේශික සමාගම්වල සී මාෂල්ලාට අවි නිකුත් කරනවා. ලෝකේ කිසිම රටක හමුදා කඳවුරක් තුළට ඇතුළු වීම විදේශිකයන්ට තහනම්. අපිට බෑ ලෝකෙ කිසිම රටක හමුදා කඳවුරකට යන්න. දැන් විදේශිකයන් දවසට 300 ක් විතර ආයුධ බාර දෙන්න බාර ගන්න යනවා එනවා. මේ විදේශිකයෝ කවුද කියලා නාවික හමුදාව දන්නවද? ඒවා පරීක්ෂා කිරීමක් කෙරෙනවද? නෑ. දැන් මේක නාවික හමුදාවට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද? මේ විදේශිකයන් අතර අයි එස් අයි එස් ත‍්‍රස්තයන් ඉන්න බැරිද? දැන් දවස් ගාණකට ඉස්සෙල්ලා අච්චර ආරක්ෂාවක් තිබුණු ප‍්‍රංශයේ 160 ක් මැරුවා මහ දවාලේ. ජනාධිපති ඉදිරිපිට. දැන් කොහොමද ඔය විදේශිකයන් කිහිප දෙනෙක් ඇවිල්ල කෑම්ප් එකට හරි වරායට හරි ගහල දැම්මොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අවි මුහුදේ තියලා තියන්නේ.

    ලෝකයේ කිසිම රටක කඳවුරකට හවස 6න් පස්සේ විශේෂ අවසරයක් නැතුව ඇතුළු වෙන්න දෙන්නේ නෑ. මම හිටපු කමාන්ඩෝ නිලධාරියකු නිසා මම දන්නවා මටවත් එහෙම මගේ රෙජිමන්ට් එකට යන්න අවසරයක් ලැබෙන්නෙ නෑ. ඒත් දැන් ?ටත් මේ විදේශිකයන් කඳවුරට යනවා. පාකිස්තානය වගේ ත‍්‍රස්තවාදීන් ඉන්න රටවල සී මාර්ෂල්ලත් මේ කෑම්ප් එකට යනවා එනවා. මේ අය කවුද කියලා නාවික හමුදාව දන්නවද?


    x මෙහෙම විදේශ ත‍්‍රස්තවාදීන් පැමිණිය හැකිනම් ඔබ පවත්වගෙන ගිය අවි පුහුණු කිරීමේ පාසලටත් මේ ත‍්‍රස්තවාදීන් පැමිණිය හැකියි නේද?

    අපි ආයුධ පුහුණුව දුන්නේ නෑ. ඒක වැරැදියි. සෙල්ලමට වතුර පිස්තෝලයකින්වත් වෙඩි තියල නැති අය තමයි මේ කතාව කියන්නේ. සාමාන්‍ය පුරවැසියකුට අවි පුහුණුවක් දෙන්න අඩු තරමින් හමුදාවක මාස තුනක්වත් පුහුණු වෙන්නේ ඕනේ. ආයුධයක් අල්ලන හැටි, ඉලක්කයක් ගන්න හැටි, ඔහොම ගොඩක් දේවල් තියෙනවා. අපේ පුහුණුවට ආපු සියලූ දෙනාම හමුදාවල හිටපු විශ‍්‍රාම ගිය අය. ඒගොල්ල එන්නේ සීරෝ එන්ඞ් (කුරුමාණම) එක හරි ගස්ස ගන්න. අපි බලන්නේ එයා අවියට හුරුද, අවියක් හසුරුවා ගැනීමේ වෘත්තීයමයභාවය තියෙනවද වගේ දේවල්.

    මේ අයව එවන්නෙ ආයතනවලින්. ඒ අය කාගේ කවුද කියන එක ඕන වෙලාවක පරීක්ෂා කරන්න පුළුවන්. මේක එක්සත් ජාතීන්ගේ සංගමය අනුමත කරපු එකක්. මේකට භූගෝලීය වශයෙන් සලකලා තෝරා ගත්තු එකම භූමිය ලංකාව. වෙන රටවල මේක කරන්න දෙන්නේ නෑ. වෙපන් අරන් ඇතුළට එන්න දෙන්නේ නෑ. තනනම්. ඒක අපේ රටේ දී කැඩුවා.

    දැන් මේ පුහුණුව කරන්නෙත් නාවික හමුදාවේ නිලධාරියකු හා එස් ටී එෆ් නිලධාරියකු ඉදිරිපිට. මේකට අත්සන් කරන්නේ දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ආඥාපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්. සහතිකයක් දෙනවා. ඒ සහතිකයට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඒක ලංකාවට කීර්තියක්. පුහුණුව දෙන්නේ එස් ටී එෆ් කඳවුර ඇතුළේ.

    ඉස්සර අපිට සුද්දෝ පුහුණු කළා. අපි දැන් සුද්දට පුහුණු කරනවා. හරි නම් මට තෑග්ගක් දෙන්න ඕනේ. මේ විදේශිකයන්ව ඒ රටවලින් නැව්වලට නග්ගන්නේ ආරක්ෂාව හොයලා බලල සහතික කරලා. අපිත් නැව්වලට නග්ගන්නේ මෙහෙ ලියාපදිංචි අය විතරයි. දැන් ඔය කට්ටියක් කෑ ගහනවා ඕන කෙනකුට නැව්වලට නගින්න දෙන්න කියලා. ඒක ආරක්ෂක අමාත්‍යාංශය නවත්තල තියෙන්නේ. සමාගම්වලට ඕන ඕන අය නග්ගන්න දෙන්නේ නෑ. පුහුණුවට සියයට හැටක් විතර එන්නෙ බි‍්‍රතාන්‍යයේ හිටපු සොල්දාදුවන්. ඒගොල්ල සුදුසුකම් පෙන්වල තමයි එන්නේ. ඒ එන්නේ පෞද්ගලිකව නෙවෙයි ආරක්ෂක සමාගමක ටීම් එකක් විදිහට. පුහුණුව ලබන හැමෝවම සමත් කරන්නේ නෑ. අසමත් වෙච්ච අයත් ඉන්නවා.


    x මේක රටේ නීතිය අනුව වැරැදියි කියලා ලොකු චෝදනාවක් තියෙනවා?

    මේක නීති විරෝධී නම් දැන් අපේ තියෙනවනේ ඉලක්කයට වෙඩි තැබීම ක‍්‍රීඩාව පුහුණු කරන ආයතන. ඒවට විදේශිකයෝ එනවා අවිත් අරගෙන. ලංකාවේ ‘සිවිලියන් ෆයරින් ක්ලබ්’ තියෙනවා. ඒවායේ ඉන්න අය ඔය හමුදා කඳවුරුවලට ගිහිල්ලා ගහල එනවනේ. ඒ අය ළඟ තියෙනවා සම්පූර්ණ ස්වංක‍්‍රීය අවි ඕන එකක්. ඒවත් වැරැදිනේ එහෙනම්.

    මේ චෝදනා ඔක්කොම බොරු. මොකද මේ බිස්නස් එකෙන් කොමිෂන් එකක් දුන්නේ නැති එකට. ඉල්ලන ඉල්ලන මැති ඇමැතිවරුන්ට මට දෙන්න බෑ. එහෙම දෙන්න තරම් මම මුදල් හම්බ කරන්නේ නෑ.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x ඇයි ප‍්‍රශ්නයක් තිබිය දී හදිස්සියෙම රතු මුහුදෙ තිබුණු නැවත් ගෙනාවේ?

    රතු මුහුදෙ ඉඳලා නැව ගෙනාවේ මේ ප‍්‍රශ්න නිසා ඒක පාඩු ලැබීම නිසා. ඒකෙ තිබුණේ රක්නා ලංකා එකේ ආයුධ. ඒකෙ රක්නා ලංකා එකේ ආමරියක් තිබුණේ. ඒක බාරව හිටියේ රක්නා එකේ නිලධාරීන්. ඒකේ යතුරු තිබුණේ ඔවුන් ළඟ. අපිට අත තියන්නවත් බෑ. අවි නිකුත් කරන්නෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපිවලට. ඒකේ ප‍්‍රශ්නයක් තියෙනව නම් ඒකට වගකියන්න ඕනේ රක්නා ලංකා එක. මට සම්බන්ධයක් නෑ. අපි නැව විතරයි චාටරින් (බදුදීම) කරල තියෙන්නේ. ඒක නොදන්න කට්ටිය ඔහේ කෑ ගහනවා.

    ගිය ජනවාරි මාසයේ දී වුණ ප‍්‍රශ්නය නිසා අපිට පාඩු වෙලා තියෙනවා ඩොලර් මිලියන 12ක්. ඒකෙ ගිණුම් සටහන් පෙන්වන්න පුළුවන්. ලංකාවෙන් විදේශිකයෝ අවි ගන්න එක අඩු කළා. මොකද දැන් බයයි. සී මාෂල්ලා ගන්නෙත් නෑ. අපිට තිබුණා තුන්සිය ගණනක් ඒක බැස්සා 80 ට. හෙට අනිද්ද වෙනකොට නැත්තටම නැති වෙයි. ධීවර ට්‍රෝලර් අපිට තිබුණා සීයක් විතර. අපෙන් අවි ගන්න එක නැවැත්තුව. ඔවුන් විදේශිකයන්ව ගත්තා.

    මේ වෙනකොට අපිත් එක්ක තරගකාරී ලෙස කටයුතු කළ තවත් විදේශ සමාගම් තිබුණා. ඒ අය මේ වෙන කොටත් ඉන්දියානු සාගරයට පාවෙන අවි ගබඩා ගෙනෙමින් තිබෙනවා. මැලේසියාවල අවි ගබඩාවක් දැම්ම. අපේ බිස්නස් ටිකක් එහෙට ගියා. ඉතුරු බිස්නස් ටික මාස 4 ක් ඇතුළත යනවා.

    බලාගෙන ඉන්න. මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම ලංකාවෙන් ගැලවිලා යනවා. මට කරන්න දෙයක් නෑ. ළඟදීම ගාල්ල මුහුද අවටට එයි. ලංකාවට තාර බිත්තරයක් තමයි ඉතුරු වෙන්නේ.


    x ඇයි ඇමැතිවරුන්ට සල්ලි දෙන්නේ? ප‍්‍රශ්නයක් තියෙන නිසා නේද?

    නෑ නෑ.. ඒගොල්ල ඒ ආණ්ඩුවේ ඉන්නකොට ඇවන්ට්ගාර්ඞ් මෙරිටයිම් එක නීත්‍යනුකූලයි. දැන් නීති විරෝධියි. ඒකද නීතිය? මේකද නීතිය? එදා රාජිත සේනාරත්න ලියුම් එවපුවා තියෙනවා එයාගේ අයව නැව්වලට දාලා දෙන්න කියලා. එයාගේ නැව් හයටම ආරක්ෂාව දුන්නේ මම. එතකොට ඒවා නීත්‍යනුකූලයි. එයාට කුට්ටිය ලැබෙන්නේ නැති වුණාම මේවා නීත්‍යනුකූල නෑ. මොන විහිළුවක්ද මේක!

    දැන් රටේ නීතිය තීරණය කරන්නේ රාජිත සේනාරත්න. රාජිත තමයි රට කරන්නේ කියන එක අපිට පිළිගන්න වෙලා තියෙනවා. රාජිතට මේ රටේ ඔක්කොම බයයිනේ. සල්ලි දුන් නැති වුණාමනේ මම හොරා කිය කිය කෑ ගහන්නේ. මේක ගැන පරීක්ෂණයක් පවත්වන්න. අතිගරු ජනාධිපතිතුමා කිව්වා. ඒත් මෙයා එළියට ඇවිල්ලා කිව්ව හෙට උදේ මේක බාරගන්නවා කියලා. ඒ රාජිත කියපු දේ නේද වුණේ. දේශපාලන තීන්දුවක් ගත්තේ.

    රාජිත මගෙන් සල්ලි අරන් තියෙන හැටි මං කියන්නම්. ඒ දුන්නු ගාණ මදි හින්ද තමයි මේ ගේම ගැහුවේ. චෙක් පත් ඒ සියලූ විස්තර මෙතන තියෙනවා.

    රාජිත ඇමැතිතුමාගේ කඩවල් ගිය ආණ්ඩුවෙන් කැඩුවාම ඒක ආණ්ඩුවට හොරෙන් හදල දුන්නේ මම. එහේ හිටපු ඇමැතිවරයෙක් මට තර්ජනය කළා මගේ කකුල් දෙක කඩනවා කියලා. ඊට පස්සෙ මන් ඔක්කොම සයුරු සමරසුන්දරට දීලා ආවා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x එතකොට චම්පික ඇමැතිතුමා විරෝධය දක්වන්නේ?

    චම්පිකට 2010 මහ මැතිවරණයේ දී උදව් කළා සිංහල බෞද්ධයෙක් කියල හිතාගෙන. මේ ගමනත් ඉල්ලූවා. ඒ ඉල්ලන වෙලාවේ මාත් එක්ක ජනාධිපති නීතිඥ සේපාල රත්නායක හිටියා. දුරකථනයෙන් කතා කළේ. මචං චම්පික ඇමැතිතුමා කතා කරන්නේ කියලා...

    මං ස්පීකර් දැම්මා. ඒ වෙලාවේ මගෙන් සල්ලි ඉල්ලූවම මට අර මනුස්සයා ඉස්සරහ ඉඳගෙන කියන්න බෑනේ සල්ලි දෙන්නම් කියලා. මං කිව්වා ‘‘අයියෝ ඇමැතිතුමා මේ පාර දෙන්න බෑ. ගිය පාර දුන්නේ ඔබතුමා මහින්ද රාජපක්ෂ එක්ක හිටපු නිසා. ඔබතුමා පැරදිලා ආවොත් මං දෙන්නම් කීයක් හරි ජීවත් වෙන්න.’’ කියලා. ඊට පස්සේ තරහයි. මේක මං පටිගත කරලා තියෙන්නේ. ඊට පස්සේ උදය ගම්මන්පිලගේ ප‍්‍රශ්නය. ඡන්දයක දි හැම පක්ෂයකටම ව්‍යාපාරිකයෝ උදව් කරනවා. එහෙම නැතුව මේ ඡන්ද කරන්න බෑ. මමත් එහෙම තමයි. මට හිතවත් අයට උදව් කළා. මේවා ඔක්කොම මම නීත්‍යනුකූලව හොයා ගත්තු මුදල්. විදේශ මුදල්.

    මට මිත‍්‍රයෙක් කතා කරලා කිව්ව ඡන්දෙට කෙනකුට උදව්වක් කරන්න ඕනේ කිව්වා. වාහනයකුයි කාර්යාලයකුයි හොයල දෙන්න කියලා. මං ජීප් එකක් යැව්වා. කාටද කියල දන්නේ නෑ. මං කිව්වාම මගේ කාර්යාලයෙන් යවල තිබුණා. මම පස්සෙයි දන්නේ ඒ උදය ගම්මන්පිලට කියලා. චම්පිකයි ගම්මන්පිලයි එක බත් පතේ කාපු අය. ඒගොල්ල ගහ මරා ගත්තාම ඒකට මම අහුවුණා. චම්පික එතැනිනුත් උරණ වුණා. මේවා මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්.


    x අර්ජුන රණතුංගත් ලොකු සටනක් දුන්නනේ?

    අර්ජුන මහත්තයාගේ ඒ දවස්වල ක‍්‍රියාකලාපය ගැන මම ඔබතුමාට කියන්න අවශ්‍ය නෑනේ. ඒ පුද්ගලික දේවල් ඔබතුමා දන්නවා. එයත් මගෙන් ඡන්දෙට සල්ලි ඉල්ලූවා. මම දුන්නේ නෑ. මං කැමැති කෙනාටනේ මම උදව් කරන්නේ. මගේ සල්ලි මං කැමැති කෙනෙකුට දෙන්න පුළුවන්.

    රක්නා ලංකා කියන්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක්. හම්බන්තොට වරායේ ආරක්ෂාවට දාලා හිටියේ රක්නා ලංකා එකේ 250 ක් විතර. ඒක කිසිම වගවිභාගයක් නැතුව ගලවලා බාර දුන්නේ එයාගේ යාළුවකුගේ සමාගමකට. ඒ විජිත වැලිකලට. එයාගෙත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් තියෙනවා. මේක ගන්න එයා අවුරුදු ගාණක් උත්සාහ කළා. බැරි වුණා. අර්ජුන ඇමැති වුණාට පස්සේ කිසිම ටෙන්ඩරයක් කැබිනට් අනුමැතියක් නැතිව මේක දුන්නා. ඒක නීත්‍යනුකූල නෑ. මම හිතන්නේ මෙගොල්ලො එකතු වෙලා මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය අතට ගන්න උත්සාහ කරනවා.

    ඊට පස්සේ මහරාජා. එතැන ඉන්නවා නිමල් කුක් කියල එක්කෙනෙක්. මෙයා මගෙත් එක්කත් ඞීල් එකක් දාන්න ආවා. විදේශිකයෙකුත් එක්කරගෙන. ඒ වෙලාවේ ආරක්ෂක අමාත්‍යාංශය කිව්ව විදේශයන්ගේ සල්ලි මෙහෙට ගේනවා මිසක් මෙහෙන් සල්ලි හම්බ කරගෙන විදේශයන්ට ගෙනියන්න දෙන්න බෑ කියලා. දැන් මේකට තව ගොඩක් අය උත්සාහ කරනවා. ඒත් අඩු ගානේ ගඟක බෝට්ටුවකින් ගිහිල්ල බිළී පිත්තක දාලා මාළුවෙක් අල්ලන්නවත් උත්සාහ කරපු කෙනෙක් මෙතන නෑ.


    x ඔබ නිතරම කියනවා මේක ගැන ඔබට වඩා දන්න කෙනෙක් නෑ කියලා?

    මම මේ පාවෙන අවි ගබඩා ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා රතු මුහුදට ගිහිල්ලා පාවෙන අවි ගබඩාවක දවස් 7 ක් වැඩ කළා. වැඬේ ඉගෙන ගත්තා. පස්සෙ ඕමාන්වලට ගිහිල්ලා මාසයක් නැව් නැගලා මේ ජොබ් එක ඉගෙන ගත්තා. කාටද මට තියෙන දැනීම තියෙන්නේ? මම මගේ සල්ලි වියදම් කරගෙන බෝට්ටුවල නැගල මේක ඉගෙනගෙනයි ආවේ.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x දැන් ඔබේ ව්‍යාපාරය මෙතැනින් ඉවරද?

    ඔව් ඉවරයි. මහ දවල් මංකොල්ල කෑවා. මන් දන්නේ නෑ පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු මේ ව්‍යාපාරය වත්මන් ආණ්ඩුවෙනුත් පිළි අරගෙන. ඒ විදිහටම ගිය ඔක්තෝබර් 20 වෙනිදත් ගිවිසුමක් අත්සන් කළා. එහෙම තියෙද්දී මට කිසිම දැනුම් දීමක් නොකර කොල්ල කෑවා. මං ලියුම් පහක් ඇරියා ආරක්ෂක අමාත්‍යාංශයට මේක ගැන අහලා. අද වෙනකම් කිසිම උත්තරයක් නෑ. රාජිත කිව්වනේ මේක අපි හෙට උදේ බාර ගන්නවා කියලා. ඉතිං එතුමා කියන නීතිය තමයි අපිට පිළිගන්න වෙලා තියෙන්නේ. එයා හිතන දෙයයි කියන දෙයයි තමයි රටේ නීතිය වෙලා තියෙන්නේ. මහජනතාවටත් දැන් පැහැදිලියි. මම දන්නෑ එහෙම රජයක් ගෙනියන්න පුළුවන්ද කියලා. මං දේශපාලනයට සම්බන්ධ නෑ. මං කැමැතිත් නෑ කිසි කෙනෙක් බිත්තියට හේත්තු කරන්න. ඒ නිසා රජය අපහසුතාවට පත් කරන්නත් මං කැමැති නෑ.

    මහනුවර පාවෙන අවි ගබඩාව ඇරස්ට් කළේ ඇයි කියන එක දන්නවා. ඒ නියෝගය දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ අය එහෙම කළෙත් මගෙන් සල්ලි ගන්න බැරි වුණ හින්ද කියලත් දන්නවා. ඒවා යථා කාලයේ දී සාක්ෂිත් එක්ක හෙළි කරනවා.

    මගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් ලංකාවෙන් යන අවි තියන්න තැනක් නෑ.


    x පාවෙන අවි ගබඩා සම්බන්ධ ව්‍යාපාරයට විතරයිනේ ප‍්‍රශ්නයක් වුණේ?

    නෑ. මේ බිස්නස් එකේ ව්‍යාපෘති 10ක් තියෙනවා. නාවික හමුදාවෙන් ගත්තෙ පාවෙන අවි ගබඩාව විතරයි. අනිත් ඒවා ඔක්කොම අපි ගෙනාවේ.

    ගුවනින් අවි ප‍්‍රවාහනය කිරීම, රංගල අවි ගබඩාව, අවි පුහුණුව, ආයුධ රහිත සී මාෂල්ලා සැපයීම, වාණිජ මෙහෙයුම්, ධීවර යාත‍්‍රා, බෝට්ටු නිෂ්පාදනය, චීන මුහුදේ පාවෙන අවි ගබඩා දෙක, ගිනිවල පාවෙන අවි ගබඩාව.

    මම ගිය සැප්තැම්බරයේ දී නයිජීරියානු ආණ්ඩුවත් එක්ක අත්සන් කරලා ආවා බෝට්ටු 200ක් හදන්න. ඒක ඩොලර් මිලියන 4 ක ගිවිසුමක්. මේ ව්‍යාපෘතිය පටන් ගන්න බෝට්ටු යාත‍්‍රාංගණය හදන්න ඩොලර් මිලියන 10 ක් යනවා. මේක හිටපු නාවික හමුදාපති දන්නවා. එයත් මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. ගානා, බෙනින්, සෙනගල්, ටොගෝ, කෙන්යා කියන රටවලට ගිහිල්ල කතා කරලා තිබුණා තව බෝට්ටු 1000 ක් හදන්න.

    මේකට නයිජීරියාවේ ගියාම රාජිත කියනවා මම බොකෝ හරාම්වලට අවි දෙනවා කියලා. ඊට පස්සෙ මොකද වුණේ, නයිජීරියානු තානාපති කාර්යාලයෙන් ලියුමක් එවනවා මේ රට කන්ඩෙම් කරලා. උඹලත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නේ නෑ කියලා. අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 200ක් උපයන්නයි අපි සැලසුම් කළේ. ඒ බිස්නස් එකත් ඉවරයි.

    ඊළඟට චීන මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් දාලා රැකියා 4000ක් විතර ගන්න පුළුවන් ව්‍යාපාරයක් සැලසුම් කළා අවුරුදු දෙකක් තිස්සෙ. ඒකත් ඉවරයි. අපි තිස් වතාවකට වැඩිය මැලේසියා, සිංගප්පූරු රාජ්‍ය අධිකාරින් හමුවෙලා කතා කරලා තිබුණේ. මැලේසියා පාර්ලිමේන්තුවෙත් මම මේ ගැන කතාවක් ඉදිරිපත් කළා. ජාතික ආරක්ෂක උපදේශකයන්ට. අද්මිරාල් ජනනාත් කොළඹගේත් ඒකට ගියා. ඒකත් ඉවරයි.
    නයිජීරියා, ටොගෝ, ගානා, සෙනගල් රාජ්‍යවල නාවික හමුදාපතිවරු ලංකාවට ගෙන්වලා අපි කතා කළා, ගල්ෆ් ඔෆ් ගිනීවල මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරන්න. ඒකත් ඉවරයි. ජොබ් 4000ක් විතර ලංකාවට ගන්න තිබුණා. මේක ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය හරහා කතා කරපු එකක්. ඒ රටවලට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා ආවා. ඒකත් දැන් ඉවරයි. දැන් ජොබ් 10,000ක් විතර ඉවරයි. තියෙන ජොබ් ටිකත් හෙට අනිද්දට ඉවරයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x ඒත් ඔබට එතරම් ප‍්‍රශ්නයක් නෑ. ඔබ මේකෙන් විශාල මුදලක් උපය ගත්තා?

    මේකෙන් මට මාසෙකට තියෙන්නෙ රුපියල් මිලියන 15 විතර. මම ගාල්ලේ පාවෙන අවි ගබඩාවෙන් රණවිරුවන්ට පඩි ගෙවල තියෙනවා මිලියන 68ක්. පුළුවන්නම් නාවික හමුදාවට ඒ මං ගෙවපු පඩිය ගෙවන්න කියන්න. මං ගෙව්වද නැද්ද කියලා බැංකුවෙන් බලා ගන්න පුළුවන්. මට මොනව කළත් කමක් නෑ. මට මේකෙන් ප‍්‍රශ්නයක් නෑ. ඒත් මහ දවල් කරපු මංකොල්ලයෙන් අපේ කොල්ලන්ට රස්සාවල් නැති වුණ එකයි මට දුක. මේකෙන් හම්බ කරපු සල්ලි කුට්ටිය පිටින් මං සාක්කුවේ දාගෙන නෑ. පඩිවලට රුපියල් මිලියන 68 යි. නැවක් දුවන්න ඩොලර් ලක්ෂ 3 ක් යනවා. නැව් 3 ට රුපියල් මිලියන 120 යි. එතන 190යි. හම්බ වෙන්නේ මිලියන 310 ක් 320 ක් විතර. ඉතුරු එකෙන් නේවි එකට 60 යි, රක්නා එකට 55ක් විතර ගෙවනවා. මට ඉතුරු වෙන්නෙ 15 ක් 20ක් විතර. ඇවන්ට්ගාර්ඞ් තහනම් කරපු අය මේක හරි ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. ඒකෙනුත් මම සමාජ සේවා වැඩවලට සෑහෙන ප‍්‍රමාණයක් බෙදනවා.

    මේකෙන් වුණේ රණවිරුවන්ගේ රස්සාවල් නැති වෙච්ච එක. ගැහුවේ සේනාධිපතිට, වැදුණේ රණවිරුවන්ට. මම අද මේ මිනිස්සුන්ගේ මුණ බලන්නේ කොහොමද? මං ඒ ගැන දුක් වෙනවා.


    x නමුත් ආරක්ෂක ලේකම්වරයා කියලා තිබුණා කාගෙවත් රැකියාවලට ප‍්‍රශ්නයක් නෑ කියලා?

    බොහොම හොඳයි. සන්තෝෂයි, එහෙම වෙනව නම්. මං ගෙවපු පඩියම ගෙවනවා නම් ස්තූතිවන්ත වෙනවා. ඒ පඩියම ගෙවන්න ඕනේ, මොකද ඒක තමයි වැදගත්ම දේ. මේ ඉන්න මගේ හාරසීයම එතුමා බඳවා ගන්න ඕනේ.

    ඒ විතරක් නෙවෙයි මට වෙච්ච පාඩුවට නීත්‍යනුකූලව අත්සන් කරල තියෙන ගිවිසුම් අනුව මට ගෙවන්න ඕනේ. මං නීත්‍යනුකූලව කටයුතු කරනවා.


    x ඔබතුමා වත්මන් ජනාධිපතිවරයාව මුණගැහිලා මේක බේරුමක් කර ගන්න උත්සාහ ගත්තේ නැද්ද? ජනවාරි 09 වෙනිදාත් ඔබ ඔහුව මුණගැහුණා?

    මම? කවුද කියන්නේ?


    x අනුර දිසානායක?

    නෑ එක බොරුවක්. ඔබතුමන්ලා දන්නවා ඇති මට ජනවාරි 08 වෙනිදා වෙඩි තිබ්බා කියලා. ඒ වෙනකොට මේ පාවෙන අවි ගබඩා ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. ජනවාරි 19 වෙනිදා අත්අඩංගුවට ගත්තේ. 08 වෙනිදා වෙඩි තැබීම ගැන මිරිහාන පොලීසියේ පැමිණිල්ල ඇති. මී.මී. 9 තුවක්කුවකින් වෙඩි 5ක් තිබ්බා. වෙඩි තියපු මිනිස්සුත් හිරේ ඉන්නවා.


    x වජිර අබේවර්ධන ඇමැතිවරයා එක්කයි ඔබ ගිහින් තිබුණේ?

    මම ජනාධිපතිව මුණගැහුණේ නෑ. මුණගැහෙන්න අදහසක් තිබුණෙත් නෑ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    x ඇවන්ට්ගාර්ඞ් හින්ද යහපාලන ආණ්ඩුව බිඳ වැටෙයිද?

    අනේ මගේ ඉතිහාසයේ කිසිම දවසක මම දේශපාලනය කරලත් නෑ. කරන්නෙත් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩ වෙලත් නෑ. පුළුවන්නම් පෙන්වන්න මම ඔය දේශපාලකයන් එක්ක ෆොටෝ එකකටවත් ඉඳලා තියෙනවද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්කවත් ෆොටෝ එකක් අරගෙන නෑ. එකක් ගත්ත විදේශිකයන් කණ්ඩායමක් ආපු වෙලාවක, එයාලගෙ අවශ්‍යතාවයට. හදිස්සියේ කාගේ හරි කැමරාවකට අහුවෙච්ච ඒවා නම් ඇති.


    x ඔබ වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවලට, වෙබ් අඩවිවලට මුදල් දීලා තියෙනවා නේද?

    දැන් මේකයි වෙලා තියෙන්නේ. සත්‍යය තත්ත්වය ගැන කතා කළොත් ඒක ඇවන්ට්ගාර්ඞ්ගේ පැත්ත ගත්තා වෙනවා. එහෙම කතා කරන හැම කෙනාම ඇවන්ට්ගාර්ඞ්කාරයාගෙන් සල්ලි අරගෙන. ඒක තමයි අලූත්ම ගේම. මට විරුද්ධව ලීවොත් ඒක හරි වෙබ් සයිට් එකක්.

    මම මේ කියන ඒවා සාක්ෂි ඇතිව ඔප්පු කරල, සාක්ෂිත් එක්කම දෙන්නේ. එතකොට මේ සත්‍යය දාන වෙබ් සයිට් එක මගෙන් සල්ලි අරගෙන? එහෙම ගෙවන්න මට සල්ලි නෑ. ගෙවන්න ඕනෙත් නෑ. ගෙව්ව නම් මගේ සියලූ ගිණුම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

    - සුභාෂ් ජයවර්ධන


    sathhanda

    http://sathhanda.lk/interviews/1242-2015-11-21-07-32-39[/SIZE]
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19332584 said:
    හොරාගෙ අම්මගෙන් පේන ඇසීම නෙවෙයි මේක හොරාගෙන් පේන ඇසීම.
    Anyway TFS :)

    porage patten pora kiyanna one de kiyala thiyenwane
    othana major Welikala kiyala thiyenne achala alasge husband
    dennama commando eke samakalin
    anika sathhadath yahapalaya genna sahenna mahasi una news paper ekakne
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19332604 said:
    සත්හඬ ගැන නෙවෙයි මම කිවුවෙ ඔය නිෂ්ෂංක සේනාධිපති ගැන. ඌ කියයිද ඔවු මම නීථි විරෝධී වැඩක් කලේ කියලා? :lol:

    edit kala
    pora nithi wirodida nadda kiyala issarahadi heli wewine
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    මූ ලැජ්ජ නැතුව රාජිතට මිලියන 50ක් දෙන්න හදපු එකානේ. වරදක් නැත්නම් මොකද දන්නේ නැහැ සල්ලි දෙන්නේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මූ ලැජ්ජ නැතුව රාජිතට මිලියන 50ක් දෙන්න හදපු එකානේ. වරදක් නැත්නම් මොකද දන්නේ නැහැ සල්ලි දෙන්නේ

    eka dila iwara una ekakne
    anika mu salli dila thiyenne katada kiyala kiyala thiyenawa meke
    e okkoma chande kala wala dunna ewa
    ona business karana ekek chande kale politicianlata salli denawane
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    edit kala
    pora nithi wirodida nadda kiyala issarahadi heli wewine
    ඔය ඌ කියලා තියන Clearance මොකුත් අරගෙන නෑ ගාල්ලට ඕක ගේද්දි. තනිකර කෙප්ප මූ කෙලින්නෙ. ඒ නැවේ කැප්ටන් කාරයා කිවුවෙ ඒ Clearance නැතුව ඌ නැව ගේන්න කැමති වුනෙත් නෑ කියලා උං තියපු ප්‍රෙස් එකේදිත්. බලමුකො ඇත්ත නැත්ත එලි වෙයිනෙ :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    eka dila iwara una ekakne
    anika mu salli dila thiyenne katada kiyala kiyala thiyenawa meke
    e okkoma chande kala wala dunna ewa
    ona business karana ekek chande kale politicianlata salli denawane

    ආදරේට නෙවෙයිනේ බන් දෙන්නේ. මෙන්න සල්ලි උබ යට ගහපන් කියලා දාන ඩීල් එකක් නේ. රාජිත එපා කිව්වා. ඌට සල්ලි නැති එකෙක් නෙවෙයි නේ.විජේදාසලා මාරපනලා ජරාව කෑවා.
    ඔය ඔක්කෝම අමතක කරලා දාපන්කෝ. මෙච්චර සල්ලි තොගයක් මූට හම්බවෙලා තියෙන්නේ ඇවන්ගාඩ් එකෙන් නේ. ඒ සල්ලි නාවික හමුදාවට ලැබුනා නම් අද කොච්චර සල්ලි ගොඩක් රජයට ලැබෙන්න තිබ්බද. මේ ඔක්කෝම ගියේ මූටයි ගෝඨගේ සාක්කුවටයි.
    රට කාපු හැතිකරේ නැති නිසා, ඒ ආදායමත් දැන් රජයට
     
    Last edited: