ඇසක්‌ වටින ලක්‍ෂ තුනක්‌ $

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇසක්‌ වටින ලක්‍ෂ තුනක්‌ $

    ඇසක්‌ වටින ලක්‍ෂ තුනක්‌

    eye.jpg
    මගේ පෙනීම තියෙන ඇහේ පෙනීමත් දැන් ටික ටික අඩුවේගෙන යනවා. ඒකට සැත්කමක්‌ කරන්න ඕනෙ කියලා ඩොක්‌ටර් කිව්වා.... මට ආයෙත් ඔයාලගෙ උදවු ඕනේ... සමහරවිට මේ මගේ ජීවිතයේ අවසන් සති කිහිපය වෙන්නත් පුළුවන්.... මෙලෙස මගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ගෙන පැවසුවේ නුවන් ප්‍රසාද් නමැති තරුණයාය.

    බොහෝ කාලයකට පසු ඇසුණු ඔහුගේ හඬ තුළින් සිතට සතුටක්‌ දැනුනත් ඔහු පැවසූ වදන්වලින් මා සිත සසල විය. මන්දයත් ඔහු මෙලෙස පවසන්නට තරම් මානසිකව ඇදවැටෙන තරුණයකු නොවන බැවිනි.

    මීට වසර හයකට එනම් 2006 නොවැම්බර් මස 10 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ අප නුවන් ගැන පළකළ ලිපිය පිළිබඳ තවම ඔහුගේ හද තුළ රැඳී පවතී. එදා අපි ඔහු ගැන රටට හෙළි කළෙමු. එනම් ප්‍රේම සම්බන්ධයක්‌ බිඳ වැටීම නිසා සිය පෙම්වතියව සිටි යුවතිය එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් ඔහුගේ ඇස්‌ දෙක අන්ධවී තිබිණි.

    ජාතික ඇස්‌ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නුවන්ට පවසා තිබුණේ යළි කිසි දිනෙක ඔහුගේ දෙනෙත් හි පෙනුම ලබාගත නොහැකි බවය. එය ඔහු පිළිගත්තේ නැත. "මගේ අම්මාත් සහෝදරියන් දෙදෙනාත් සහ සහෝදරයෝත් ඉගෙනුම ලබන්නේ මා රැකියාවක්‌ කළ ඉපැයූ වැටුපෙනි. ඔවුනට අත්වැල සපයන මා ඔවුනගේ කණවැල වන්නේ කෙසේද?

    රාවාඇළ තලාකොළවැව ප්‍රදේශයේ උපත ලැබූ නුවන් කොළඹට විත් විදුලි කාර්මිකයකු ලෙස සේවය කරමින් රැකියාවක්‌ නොමැති පියාත් මවත් සහෝදර සහෝදරියන් තිදෙනාත් ජීවත් කරන්නට වෙහෙසුණේය.

    හිත්පිත් ඉහිළුම් නොදෙන ෙ€දවාචකයෙන් දැස්‌ අඳ වූ නුවන් යළි ලෝකය දකින්නට වාසනාව ලැබුවේ ඉන්දියාවේ චෙන්නායි හි නේත්‍රාලය රෝහලේ වෛද්‍යවරුනට පිං සිදුවන්නටය. එදා ඔහුගේ සැත්කම් සඳහා අවශ්‍ය මුදල් සොයාගන්නට අප මෙන්ම තවත් සහෝදර මාධ්‍ය ආයතන කිහිපයක්‌ම නුවන් ගැන ලිපි පළ කළහ. අපි සියලු දෙනා නුවන්ගේ හද පාරන කථාව මාධ්‍ය තුළින් හෙළි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස හිත්පිත් ඇති මිනිස්‌සු නුවන්ට උදව් උපකාර කළහ.

    2004-08-14 වැනිදා නුවන්ගේ ජීවිතයේ සිදු වූ මහා ෙ€දවාචකය වන ඇසිඩ් ප්‍රහාරය එල්ලවීම නිසා මුහුණේ ඇති වූ විකෘතිතාවය දැන් නැත. නැවතත් ඔහුගේ ප්‍රසන්න පෙනුම ඇත. අව් කණ්‌ණාඩි පැළඳ ඔහු යනවිට කිසිවකුත් ඔහු එක්‌ ඇසකින් පමණක්‌ ලොව දකින තරුණයකු ලෙස සිතන්නේ නැත. එසේම අව්කණ්‌ණාඩි ඉවත් කළ පසු ඔහුගේ ඇස්‌දෙක දකින ඉතා සංවේදී අයකු නම් සිහිසුන්වනු නොඅනුමානය.

    eye1.jpg
    මගේ පෙනුම ලැබී තිබෙන ඇසට මගේ කටේ දතක්‌ ගලවා යොදා තිබෙනවා. දැන් එම තද දියවේගෙන යැමේ අනතුරට ලක්‌වෙලා. මට ප්‍රතිකාර කරන ඉන්දීය වෛද්‍යතුමන් පැවසුවේ ඒ සඳහා සැත්කමක්‌ කළ යුතු බවයි. එය 2012 වසරේ සැප්තැම්බර් මස 25 වැනිදාට නියම කර තිබෙනවා. ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ තුනක්‌ පමණ වැයවෙනවා. අවුරුදු හයක්‌ තිස්‌සේ නිතර සැත්කම්වලට යොමුවෙමින් ඇස්‌දෙකට බෙහෙත්කරමින් යන්තම් රැකියාවක්‌ කරගෙන ජීවත්වන මට රුපියල් ලක්‍ෂ තුනක්‌ කියන්නේ මහා විශාල මුදලක්‌. මම ආයෙත් ඔයාලගෙ උපකාරය බලාපොරොත්තු වෙනවා. මට තේරෙනවා දැන් මගේ පෙනුම තිබෙන ඇසේ පෙනීම අඩුවී ගෙන යන බව. වෙනදා වගේ යමක්‌ හරියට කියවන්න බැහැ. අනේ මගේ මේ ඇහැ අන්ධ වුණොත් වැඩක්‌ නැහැ. මට ජීවත්වෙලා ඇති වැඩකුත් නැහැ. එදා දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කළ නුවන් අද මෙලෙස බිඳුණු සිතින් පවසන්නේ සිය ජීවිතයේ විඳින දුක්‌ වේදනාවන්ගෙන් හෙම්බත් වී ඇති නිසාය.

    රුපියල් ලක්‍ෂතුනකට තරුණ ජීවිතයක්‌ නැතිවනු දැකීමට අප කිසිවකුට නොහැකිය.

    ඔබට යළි කිසිදා ලෝකය දකින්න බැහැ. සුදු සැරයටියට හුරුවන්න... එසේ පැවසූ අක්‍ෂි වෛද්‍යවරුන්ට අභියෝගයක්‌ කළ නුවන්, නේත්‍රාලය රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ පිහිටෙන් යළි ලොව දකින්නට වරම් උදාකරගත්තේය.

    ඔහුගේ දත් දෙකක්‌ ගලවා එම දත් ඇස්‌වලට බද්ධ කර ඇත. දත්වල ස්‌නායු ඇස්‌වලට සම්බන්ධ කර තිබේ. මෙලෙස ප්‍රාතිහාර්යයක්‌ බඳු සාත්කමක්‌ සිදුකළ පළමු අවස්‌ථාව ද විය. එම සැත්කමින් එක්‌ ඇසකට පෙනුම දී ඇත. අනෙක්‌ ඇසටද පෙනුම ලබාදෙන්න එම වෛද්‍යවරු සූදානම්ය. නමුත් ඔහුට ඒ සඳහා වැය කරන්නට මුදල් නැත.

    "මගේ මේ සැත්කම නොකළොත් ඇසේ පෙනීම නැතිවෙනවා කියලා වෛද්‍යවරු පැවසුවා. ඒකයි මම ඔයාලගෙ පිහිට පතාගෙන ආවේ." අද බස්‌ රථවලට නැගලා ආධාර ඉල්ලන්න බැහැ. මාවත් බොරුකාරයන්ගේ ගොඩට වැටෙයි. නුවන් පැවසූ කථාව සත්‍යයකි. අද ගල් පැලෙන බොරු කියමින් ඇතැම් තරුණයෝ බස්‌ රථවලට නැග සිඟාකති.

    වසර හයක කාලයක්‌ තිස්‌සේ අපි නුවන්ව හඳුනන්නෙමු. මා ගැන පුවත්පත්හි පළ වූ ලිපිවලට ගොඩාක්‌ ප්‍රතිචාර තිබුණා. මට මුදලින් උපකාර කළ පිංවත් ජනතාව නිසයි අද මම තවම ජීවත්වෙලා ඉන්නෙ. මේ මොහොතෙත් මා හට ඒ අය උදව් කරනු ඇතැයි විශ්වාස කරනවා. නුවන් බලාපොරොත්තු දල්වාගෙන පැවැසීය.

    රත් පැහැති දෙනෙත්හි යාන්තමට ඇති කළු ඉංගිරියාවෙන් මා දෙස බලා නුවන් තොරතූරු පවසන විට මා හට ඔහුගේ ඇසිඩ් ප්‍රහාරය එල්ලවීමට පෙර ඡායාරූපයක්‌ ද දැකගත හැකිවිය. සුසුමක්‌ පිට කරනු හැර වෙන කිසිවක්‌ ඒ මොහොතේ මට පවසාගත නොහැකි විය.

    නුවන්ගේ සැත්කමට අවශ්‍ය මුදල් ලංකා බැංකුවේ හයිඩ්පාර්ක්‌ ශාඛාවේ ආරම්භ කර ඇති ගිණුම් අංක 71434495 වෙත හෝ හැටන් නැෂනල් බැංකුවේ බියගම ශාඛාවේ විවෘත කර ඇති ගිණුම් අංක 047020089102 වෙත බැර කළ හැකිය.

    ඔහු හා සම්බන්ධ තවත් තොරතුරු දැනගැනීමට දුරකථන අංක 0723717102 හෝ 0771029918 මගින් පිළිවන.

    උපාලි ද සේරම්
    පිංතූර - ජූඩ් ඩෙන්සිල් පතිරාජ