ඇහැරිලාම ඉදපල්ලා...
අඩු ගානෙ කට්ටිය හිතං ඉන්න ගාඩ් උන්නෑහේ වෙච්ච.. චම්පික හරි.. රතන හිමි හරි.. මේ සාකච්චාවට වද්ද ගත්තා නම්...
හත්දෙයියනේ.. ජනාධිපති එක්ක රජය නියෝජනය කරලා තියෙන්න පොරවල් දෙක..
හංස රැගුම් බලලා නිදා ගන්නවා හෙම නෙවෙයි.. ඇහැරිලාම ඉදපල්ලා...
දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.ඊයේ (12) පස්වරුවේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගිවී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලිම් 05ක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම ඉල්ලිම් සදහා සාධාරණ විසදුම් බලාපොරොත්තු වන බවද දෙමළ ජාතික සන්ධානය මෛත්‍රිපාල සිරිසේනට දැනුම්දී ඇති බව සදහන්.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායක ආර්.සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරම් මේ සාකච්ඡාව සදහා සහභාගිවී තිබේ.
මෛත්‍රිපාල සිරිසේන උතුරු ,නැගෙනහිර පළාත් තුළ විශිෂ්ඨ ජයක් ලබා ගත්තේ දෙමළ ජාතික සන්ධානයට පිං අයිතිකරවීම සදහා බව අද වන විට නොරහසකී.විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගැනීමයි.ඒ සදහා මහින්ද රාජපක්ෂගෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම හේතුකොටගෙන දෙමළ ජාතික සන්ධානය මුට්ටිය දැම්මේ මෛත්‍රිපාල සිරිසේන වෙතටයි.දැන් මෛත්‍රිපාලට සිදුව ඇත්තේ පුහුල් හොරා කරෙන් දැනේ වැනි ක්‍රියාවකී.
සටන පටන් ගන්නේ දැන්.සියළු දෙනාටම සිදුව ඇත්තේ සිදු වන්නේ මොණවාදැයි බලා ගෙන සිටීමයි.මහින්දගේ පරාජයත් මෛත්‍රිපාලගේ ජයත් අභියස රටට පවතින අනතුර වන්නේද මෙයයි