ඇහේ පාවෙන අංශු (Eye Floaters)
ඇස්වලින් දකින දසුන තුළ වැඩි ආලෝකයක් ඇති තැන් වලදී පුංචි අංශු වගේ දේවල් අහසේ පාවෙනව වගේ පේනව ද?
ඒ ගැන මම ටිකක් හොයල බලන්න ඕනෙ වුනා මොකද මටත් යන්තමට ඒවගේ එකක් පේනව. 
හොයල බලද්දි මට දැනගන්න ලැබුණු විස්තර ටිකක් බෙදාගන්න හිතුණ මේක තියෙන අයටත් වැදගත් වෙයි කියල හිතන නිසා. 
මේවා ගැන තව හොඳට හොයා බලන්න... Internet එකෙන් ලබාගත්ත කරුණු තමයි මම මේ කියන්නෙ....
මේ පුංචි අංශු වගේ දේවල් අහසේ පාවෙන සිද්ධිය 100% ක් ම ලෙඩක් කියන්න බැහැ. මොකද ඒකෙන් ඇස්වලට අපහසුවක් නැහැ. නමුත් ඒක යම් රෝග ලක්ෂණයක් විය හැකියි කියල තමයි කියන්නෙ.
මේවා බොහොම තරුණ වයසේ අයට උනත් තියෙන්නෙ පුළුවන්.
මේ කිරියෙත් ඇති සමහර විට එහෙම තියෙන අය.
මේ අංශු පාවෙන සිද්ධියට හේතුව ඇස්වල ඇති යම් දුර්වලතා හේතුවෙන් ඇස් තුළ ජෙලි වැනි පදාර්ථ (මැලියම්) තරමක දියරයක් බවට පත් වීමෙන් ඒවාගෙන් පුංචි සෙවණැලි ඇතිවෙලා දෘෂ්ටි විතානය මත පතිත වීම හේතුවෙන් අංශු පාවෙනවා ලෙස පෙනෙයි. මේවාට Eye Floaters කියල කියනව.
පහළ පින්තූරයේ පේන්නේ ඒ වගේ Floaters
ඇස් දෙකට පෙනෙන විදිහ. ඇහැ වේගෙන් එහාට මෙහාට හොලවද්දි ඒවා පාවෙලා ගිහිං නතර වෙනව පේන්න පුලුවන්.
මේවා නිතරම දර්ශනය වෙන්නෙ නැහැ. ඇසේ පෙනෙන දේවල් වලට බාධාවකුත් නැහැ. වෙන වැඩක් කරනකොට ඒ ගැන අවධානය යොමු නොවෙනකොට ඒක කොහොමත් අමතක වෙලා යනව. නමුත් බොහොම විට අහස දිහා බලද්දි, වැඩි සුදු ආලෝකයක් ඇති තැනක් දිහා බලද්දි මේ Floaters පැහැදිලිව දකින්නට පුළුවන්.
සමහර අයගෙ මේවා එකක් දෙකක් තියෙද්දි සමහර අයගෙ බොහොම වැඩියෙන් ඇතිවෙන්න ඉඩ කඩ තියෙනව.
ඇස තුළ ජෙල් සාම්පලවලින් සියයට 80 ක් පමණ පිරී පවතින අතර එය ඇසේ රවුම් හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙන අතර කලක් යද්දි කාචය ටිකින් ටික ඇකිලෙන්නට පටන් ගන්නව. ඉතාම සියුම්ව. සෛල වල ලිහිල්වීම හේතුවෙන් කෙඳි සහිත ගැටයක් වගේ මේවා ඇතිවෙන බව තමයි කියන්නෙ. එක හැඩයක් නැහැ.
පහළ වීඩියෝවෙන් පෙන්නනව Eye Floaters තරමක් වැඩියෙන් තියෙන කෙනෙක්ගේ ඇහේ ඒවා තියෙන විදිහ.
ඇහැ ඇතුළෙ මේ දර්ශනය video කරන්න විශේෂ වර්ගයක කැමරා ජාතියක් තියෙනව කියල කියනව.
මේවා ස්වාභාවිකව නැතිවෙන්නටත් ඉඩ තියෙනව තමන්ගේ ශරීරයේ නිරෝගීතාවය සහ ඇසේ නිරෝගීතාවයත් ආහාර වලින් ලැබෙන පෝෂණ කෙටස් හොඳ නම්.
ඒ වගේම මේවා එහෙම ස්වාභාවිකව අයින් නොවෙන්නත් ඉඩ තියෙනව.
ඇස්වල පෙනීමට බාධාවක් නොවේ නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියල තමයි කියන්නෙ. නමුත් තමන්ට අවශ්‍ය නම් මේ ගැන වැඩි දුර වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා බලාගන්න එක සුදුසුයි කියල උපදෙස් දෙනව.
මේ Eye Floaters වලට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නම් නැහැ කියල තමයි කියන්නෙ. නමුත් ඒවා වැඩි වෙනව නම් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදවල භාවිතා කරල ඉවත් කරන ක්‍රම ද තියෙනව කියල තියෙනව.
Eye Floaters තියෙන අය ඉන්නව නම් මේ විස්තරෙන් යම් උදව්වක් වෙයි කියල හිතනව.දැනුමක් එකතු වුනා කියල සිතෙනව නම් සතුටුයි...
ඇස්වලින් දකින දසුන තුළ වැඩි ආලෝකයක් ඇති තැන් වලදී පුංචි අංශු වගේ දේවල් අහසේ පාවෙනව වගේ පේනව ද?

ඒ ගැන මම ටිකක් හොයල බලන්න ඕනෙ වුනා මොකද මටත් යන්තමට ඒවගේ එකක් පේනව. 
හොයල බලද්දි මට දැනගන්න ලැබුණු විස්තර ටිකක් බෙදාගන්න හිතුණ මේක තියෙන අයටත් වැදගත් වෙයි කියල හිතන නිසා. 
මේවා ගැන තව හොඳට හොයා බලන්න... Internet එකෙන් ලබාගත්ත කරුණු තමයි මම මේ කියන්නෙ.... මේ පුංචි අංශු වගේ දේවල් අහසේ පාවෙන සිද්ධිය 100% ක් ම ලෙඩක් කියන්න බැහැ. මොකද ඒකෙන් ඇස්වලට අපහසුවක් නැහැ. නමුත් ඒක යම් රෝග ලක්ෂණයක් විය හැකියි කියල තමයි කියන්නෙ.
මේවා බොහොම තරුණ වයසේ අයට උනත් තියෙන්නෙ පුළුවන්.
මේ කිරියෙත් ඇති සමහර විට එහෙම තියෙන අය.
මේ අංශු පාවෙන සිද්ධියට හේතුව ඇස්වල ඇති යම් දුර්වලතා හේතුවෙන් ඇස් තුළ ජෙලි වැනි පදාර්ථ (මැලියම්) තරමක දියරයක් බවට පත් වීමෙන් ඒවාගෙන් පුංචි සෙවණැලි ඇතිවෙලා දෘෂ්ටි විතානය මත පතිත වීම හේතුවෙන් අංශු පාවෙනවා ලෙස පෙනෙයි. මේවාට Eye Floaters කියල කියනව.
පහළ පින්තූරයේ පේන්නේ ඒ වගේ Floaters
ඇස් දෙකට පෙනෙන විදිහ. ඇහැ වේගෙන් එහාට මෙහාට හොලවද්දි ඒවා පාවෙලා ගිහිං නතර වෙනව පේන්න පුලුවන්.
මේවා නිතරම දර්ශනය වෙන්නෙ නැහැ. ඇසේ පෙනෙන දේවල් වලට බාධාවකුත් නැහැ. වෙන වැඩක් කරනකොට ඒ ගැන අවධානය යොමු නොවෙනකොට ඒක කොහොමත් අමතක වෙලා යනව. නමුත් බොහොම විට අහස දිහා බලද්දි, වැඩි සුදු ආලෝකයක් ඇති තැනක් දිහා බලද්දි මේ Floaters පැහැදිලිව දකින්නට පුළුවන්.
සමහර අයගෙ මේවා එකක් දෙකක් තියෙද්දි සමහර අයගෙ බොහොම වැඩියෙන් ඇතිවෙන්න ඉඩ කඩ තියෙනව.

ඇස තුළ ජෙල් සාම්පලවලින් සියයට 80 ක් පමණ පිරී පවතින අතර එය ඇසේ රවුම් හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙන අතර කලක් යද්දි කාචය ටිකින් ටික ඇකිලෙන්නට පටන් ගන්නව. ඉතාම සියුම්ව. සෛල වල ලිහිල්වීම හේතුවෙන් කෙඳි සහිත ගැටයක් වගේ මේවා ඇතිවෙන බව තමයි කියන්නෙ. එක හැඩයක් නැහැ.
පහළ වීඩියෝවෙන් පෙන්නනව Eye Floaters තරමක් වැඩියෙන් තියෙන කෙනෙක්ගේ ඇහේ ඒවා තියෙන විදිහ.
ඇහැ ඇතුළෙ මේ දර්ශනය video කරන්න විශේෂ වර්ගයක කැමරා ජාතියක් තියෙනව කියල කියනව.

මේවා ස්වාභාවිකව නැතිවෙන්නටත් ඉඩ තියෙනව තමන්ගේ ශරීරයේ නිරෝගීතාවය සහ ඇසේ නිරෝගීතාවයත් ආහාර වලින් ලැබෙන පෝෂණ කෙටස් හොඳ නම්.
ඒ වගේම මේවා එහෙම ස්වාභාවිකව අයින් නොවෙන්නත් ඉඩ තියෙනව.
ඇස්වල පෙනීමට බාධාවක් නොවේ නම් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියල තමයි කියන්නෙ. නමුත් තමන්ට අවශ්‍ය නම් මේ ගැන වැඩි දුර වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා බලාගන්න එක සුදුසුයි කියල උපදෙස් දෙනව.
මේ Eye Floaters වලට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නම් නැහැ කියල තමයි කියන්නෙ. නමුත් ඒවා වැඩි වෙනව නම් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදවල භාවිතා කරල ඉවත් කරන ක්‍රම ද තියෙනව කියල තියෙනව. Eye Floaters තියෙන අය ඉන්නව නම් මේ විස්තරෙන් යම් උදව්වක් වෙයි කියල හිතනව.දැනුමක් එකතු වුනා කියල සිතෙනව නම් සතුටුයි...