උඹේ හෑල්ල කියෙව්වම තේරුනේ උඹ ඒක විශ්වාස කරන දෙයක් කියන එක
නැ,
නිවන කියන්නේ පරමාර්ථයක්. නිවන ගැන අවබෝධයෙන් කියන්න දෙයක් නැහැ. කියන්න බැහැ. නිවන ක් කියලා සම්මුතික සංකල්පයක්, සසර ක් කියලා සම්මුතික සංකල්පයක් හදලා පැවැත්මක් සහ ඒකෙන් මිදීමක් ගැන කියන්නේ සම්මුතියේ ඇතුලේ, මේ එකක්වත් ඇත්ත/ බොරු නෙමෙයි, මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මුතිය ඇතුලේම හදපු සංකල්ප වලින් සම්මුතියේ ඇතුලේ ඇත්ත/ බොරු, ඇත/ නැත විදිහට හමුවෙන මුලාව අවබෝධ කරලා දෙන එක. සම්මා දිට්ටියට පත් වෙන්න උදව් කරන එක.
අවබෝධය ඇතුලේ මේ කියන දේවල් වලට, වචන, අකුරු, ත්‍රිපිටක.. කිසි දේකට වටිනාකමක් නැහැ. ඔක්කොම අසාරයි.
සම්මුතියේ ඇතුලේ විද්‍යාමාන වෙනවා කියලා බුදුන් ශධ් අසාදාරන වලින් දැකලා තමයි "සසර" ක් ගැන කිව්වේ. මේක ධර්මාවබෝධය තියෙන කෙනෙක්ටවත් ගෝචර වෙන්නැහැ, ඒ නැතත් ධර්මාවබෝධය තියෙන කෙනෙක්ට ඕක ගෝචර වුනත් ඒක නිකන් *දැනුමක්* විතරයි,
ඔය දැනුම විශ්වාස කරනවා කියන්නේ දෘස්ටිගත වීමක්,
ඒ කිය්නනේ එක්කෝ ඕක ඇත්ත/ නැත්තම් බොරු. ඔය දෙකම මිත්‍යා දෘස්ටිය.
"මෙතන ප්‍රශ්නේ ඔයා ඇත්තක් හොයන එක. ඇත්තක් ඔයාට හම්බෙන්නැහැ කවදාවත්." ඔය ඇත්ත කියන එක හොයන එක ඉවර කරලා දැන් ටිකක් කල්. ඒක ඔයා judge කලේ කොහොමද කියන්න මන් දන්නේ නෑ.
සරලව පෘථග්ජන = සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්චාව
ඉතින් ඔයා පෘථග්ජන කියලා උපකල්පනය කරලා කියන්නේ, නැත්තම් ඔයාට අහන්න ප්‍රශ්න තියෙන්න විදිහකුත් නැහැනේ. ප්‍රශ්න තියෙන්නේ සක්කාය දිට්ටිය, විචිකිච්චාව නිසා. ඔය 3 නැති මාර්ගඵල ලාබී කෙනෙක්ට මේ කියන ඔක්කොම නිකන්, ගන්න දෙයක් නැති "අසාර දේවල්" ටිකක් විතරයි.
මෙහෙම හිතන්න,
ඔයාගේ කව්රුහරි කලින් මැරුන නෑදැයෙක් ඉන්නවා,
මන් අහනවා එයාගේ නම කියලා, එයා මැරුනද?? කියලා.
ඔයා "ඔව්" කියයි.
ඉතින් ඇත්තක් හම්බෙලානේ ඔයාට.
කෙනෙක් මත පිහිටලා, එයා ඉපදෙනවා/ ඉපදෙන්නැහැ, මැරෙනවා/ මැරෙන්නැහැ කියන්නේ හදාගත්ත සංකල්පයක් වෙනවා/ නොවෙනවා කියලා ඉන්න දෘස්ටිය.
ඇත්ත හොයන්නැහැ.. කියලා හිතන් හිටියට ඇත/ නැත එක්ක තමයි ඔයාගේ මුලු ජීවිතේම බැදිලා තියෙන්නේ. හැම මොහොතකම ඇත/ නැත හම්බෙන එක තමයි ඔයාට වෙන්නෙම.
(ඇත/ නැත කියන්නේ ඇත්ත/ බොරු, තියෙනවා/ නැහැ, වෙනවා/ නොවෙනවා.. වගේ ඒවට පොදුවේ)
ඉතාම සරලව කිව්වොත් ආයේ ඉවරයි ඉතින්" වගේ statement එකක් confidently කියන්නේ
ඔයාගේ අතට හයියෙන් මිටි පාරක් ගැහුවොත් *රිදෙනවා* නේ? දුකක් නේ?
රහතන් වහන්සේටක් ඒකම දැනෙනවා, හැබැයි "දුක" වෙන්නැ. දුක කියන්නේ අවිද්‍යාව (මුලාවක්) ඇතුලේ හේතු-ප්‍රථ්‍යව විද්‍යාමාන වෙන දෙයක්.
දැන් රහතන් වහන්සේ කිව්වොත් අපෝ ඕක බොරුවක් මටනම් දුක නැ කියලා.. ඔයාට වැඩක් තියෙයිද?
මෙතෙන්දි ලෝකොක්තර POV එකක් ගන්න බැහැ. මොකද එහෙම කියලා ඔයාට ඇති වැඩක් නැ. ඔයාට දුක තියෙනවනේ. ඔයාට තියෙන දේවල් වලින් තමයි කියන්න වෙන්නේ.
සසර කියන්නේ මොහොත තුල පවතින දෙයක්, මොහොත තුලත් අවිද්‍යාව නිසා වෙන විද්‍යාමාන වීමක්. ලෝකෝතතර POV එකේදි අවිද්‍යාවත් නැතුව, මොහොත තුලවත් සත්වයෙක් ලෝකයක් විද්‍යාමාන නොවීම තුල අවබෝධය ගැන මොනවා කියන්නද? මේකම තමයි නිවනේ නිවීම. ශුන්‍යත්වය. අකාලික බව.
ඒත් ඔයාට ලෝකය තියෙනවා, ඔයා ඉන්නවා, සැප, දුක තියෙනවා. ඔයාට කාලයක් දැනෙනව. ඔයාට අතීතය, වර්තමානය, අනාගතය කියලා දැනීමක් තියෙනවා.
ඉතින් ඔයාට කියන්න වෙන්නෙම කාලය ත් අරගෙන ඔයා හදන් තියෙන කාලය, මරනය, උපත වගේ සංකල්ප ටික ඇසුරෙන්මයි.