නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

Anomaly

Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    මේක මං නිවන ගැන අහල තියෙන දේවල් ගැන අදහසක්.
    මහායාන බුද්ධාගමේ තියෙනව කියල අහල තියෙනව මං රහතන් වහන්සේලා නිවන කියල state එක්කට යනව කියල. ඒ රහතන් වහන්සේලා නිවන කියන state එකේ ඉඳල ආපහු මේ state එකට ඇවිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවලු.
    තව මං කතාවක් කියවල තියෙනව බුදු හාමුදුරුවො ගැන. ඒ කාලෙ හිටියලු බ්‍රාහ්මණයෙක් වගේ මනුස්සයෙක්. මේ මනුස්සයට ඔලු කට්ටක් දුන්නම ඒකට තට්ටුවක් දැම්මම කියන්න පුලුවන්ලු මේ මනුන්ස්සය මැරිල ඉපදුනෙ කොහෙද එහෙම විස්තර. බුදු හාමුදුරුවො දවසක් ඔලු කට්ටක් අරගෙන ගිහින් මේ මනුස්සයට දුන්නලු පුලුවන්නම් මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියන්න කියල. ඊටපස්සෙ මේ මනුස්සය ඔලුකට්ට අරන් බලනවලු බලනවලු මනුස්සයට කොහෙද මේකෙ අයිතිකාරයා ඉන්නෙ කියල හොයාගන්න බැරි වෙනව. ඊටපස්සෙ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ මට පේන්නෙ නෑ ඔබවහන්සේ දන්නවද කියල. මං මේක english වලින් කියෙව්වෙ. ඒකෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො කියන විදිහට මේකෙ අයිතිකාරයා රහත් වුන කෙනෙක් මෙයා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි මෙතනින් beyond තැනක කියල. beyond කියන එකේ තේරුම එහා වගේ කියන එකනෙ. ඒකියන්නෙ අයිතිකාරයා අපි ඉන්න මේ තැනින් එහා තියෙන තැනක ඉන්නෙ කියන එක.
    මට මේකෙන් තේරෙන්නෙ නිවන කියන්නෙ අවසානයක් නෙවෙයි. අපි නිවන කියලත් වෙනව state එක්කට යනව කියල. සමහරවිට අපෙ මනස ඒක තේරුම් ගන්න තරම් දියුණු නොවෙන්න පුලුවන්.
    තව තර්කයක් තියෙනව මේකනම් මෝඩ තර්කයක් වෙන්නත් පුලුවන්. සැප හා දුක කියන්නෙ සාපේක්ෂ දේවල් දෙකක් සැප කියල දෙයක් නැත්තන් අපිට දුක කියන එක අර්ථ දක්වන්න බෑ ඒවගේම දුක නැත්තන් සැප කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නත් බෑ. එතකොට මේ නිවන කියන දේ නිවන් සැප කියල කියද්දි ඇයි ඒකට සැප කියන්නෙ අපි නොදන්නව උනාට නිවනෙත් සැප දුක කියන එක තියෙනව වෙන්න පුලුවන්.
    මං අර නිවනයි ශක්ති සංස්ථිතියි අතරෙ හදන සම්බන්ධෙ ගැන නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ මොකද අපි දන්නෙ නැ තාම අපෙ ආත්මෙ ශක්තියක්ද මොකක්ද කියල. ඒවගේම buddhism වලට අනුව ආත්මයේ පැවැත්ම paradoxical ඒ කියන්නෙ ආත්මය කියල දෙයක් පවතින්නෙත් නෑ පවතින්නෙ නැත්තෙත් නෑ. අර ක්වන්ටම් අංශු මෙතන ඇත්තෙත් නෑ මෙතන නැත්තෙත් නෑ කියනව වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Muda muda gena danne ne wage eliye ekenta muda gena ona deyak kiyanna puluwan.muda tiyenawada nedda ,dan sepada dukada kiyala muden ahanawa wage.kawadawath nohatagath dekin wisatara ahaanwa wage.ehema tamai mata terenne danata.muda patan gatheth weralen ivara wennerh weralen.
     
    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    Muda muda gena danne ne wage eliye ekenta muda gena ona deyak kiyanna puluwan.muda tiyenawada nedda ,dan sepada dukada kiyala muden ahanawa wage.kawadawath nohatagath dekin wisatara ahaanwa wage.ehema tamai mata terenne danata
    ow muhuda dakalwt natuwa muhude bottu padinna hitanawa wage eka atakata
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    මේක මං නිවන ගැන අහල තියෙන දේවල් ගැන අදහසක්.
    මහායාන බුද්ධාගමේ තියෙනව කියල අහල තියෙනව මං රහතන් වහන්සේලා නිවන කියල state එක්කට යනව කියල. ඒ රහතන් වහන්සේලා නිවන කියන state එකේ ඉඳල ආපහු මේ state එකට ඇවිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවලු.
    තව මං කතාවක් කියවල තියෙනව බුදු හාමුදුරුවො ගැන. ඒ කාලෙ හිටියලු බ්‍රාහ්මණයෙක් වගේ මනුස්සයෙක්. මේ මනුස්සයට ඔලු කට්ටක් දුන්නම ඒකට තට්ටුවක් දැම්මම කියන්න පුලුවන්ලු මේ මනුන්ස්සය මැරිල ඉපදුනෙ කොහෙද එහෙම විස්තර. බුදු හාමුදුරුවො දවසක් ඔලු කට්ටක් අරගෙන ගිහින් මේ මනුස්සයට දුන්නලු පුලුවන්නම් මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියන්න කියල. ඊටපස්සෙ මේ මනුස්සය ඔලුකට්ට අරන් බලනවලු බලනවලු මනුස්සයට කොහෙද මේකෙ අයිතිකාරයා ඉන්නෙ කියල හොයාගන්න බැරි වෙනව. ඊටපස්සෙ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ මට පේන්නෙ නෑ ඔබවහන්සේ දන්නවද කියල. මං මේක english වලින් කියෙව්වෙ. ඒකෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො කියන විදිහට මේකෙ අයිතිකාරයා රහත් වුන කෙනෙක් මෙයා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි මෙතනින් beyond තැනක කියල. beyond කියන එකේ තේරුම එහා වගේ කියන එකනෙ. ඒකියන්නෙ අයිතිකාරයා අපි ඉන්න මේ තැනින් එහා තියෙන තැනක ඉන්නෙ කියන එක.
    මට මේකෙන් තේරෙන්නෙ නිවන කියන්නෙ අවසානයක් නෙවෙයි. අපි නිවන කියලත් වෙනව state එක්කට යනව කියල. සමහරවිට අපෙ මනස ඒක තේරුම් ගන්න තරම් දියුණු නොවෙන්න පුලුවන්.
    තව තර්කයක් තියෙනව මේකනම් මෝඩ තර්කයක් වෙන්නත් පුලුවන්. සැප හා දුක කියන්නෙ සාපේක්ෂ දේවල් දෙකක් සැප කියල දෙයක් නැත්තන් අපිට දුක කියන එක අර්ථ දක්වන්න බෑ ඒවගේම දුක නැත්තන් සැප කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නත් බෑ. එතකොට මේ නිවන කියන දේ නිවන් සැප කියල කියද්දි ඇයි ඒකට සැප කියන්නෙ අපි නොදන්නව උනාට නිවනෙත් සැප දුක කියන එක තියෙනව වෙන්න පුලුවන්.
    මං අර නිවනයි ශක්ති සංස්ථිතියි අතරෙ හදන සම්බන්ධෙ ගැන නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ මොකද අපි දන්නෙ නැ තාම අපෙ ආත්මෙ ශක්තියක්ද මොකක්ද කියල. ඒවගේම buddhism වලට අනුව ආත්මයේ පැවැත්ම paradoxical ඒ කියන්නෙ ආත්මය කියල දෙයක් පවතින්නෙත් නෑ පවතින්නෙ නැත්තෙත් නෑ. අර ක්වන්ටම් අංශු මෙතන ඇත්තෙත් නෑ මෙතන නැත්තෙත් නෑ කියනව වගේ.
    නිවන කියල අමුතු හුත්තක් නෑ බං. උඹල කවදා හරි මැරුණට පස්සෙ එ‍්ක නිවන තමයි. සසර කියල පකකුත් නෑ. පින් පව් කරා හෝ නෑ කියල අමුතු ලබ්බක් වෙන්නෙත් නෑ. ඉපදෙනවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම එච්චරයි.

    පින් පව්, දිව්‍ය ලෝක, අපාය, සසර හුත්තවල් සේරම මේ ලෝකෙ ඉන්නකල් හොඳ වැඩ කරන්නයි, නරක වැඩවලින් වැළකෙන්නයි සමාජයෙ බහුතරයක් පුරුදු කරලා, එ‍්කෙන් පොදුවෙ යහපත් සමාජයක් හදන්න ගොතපු අමුම අමු වැල් බයිලාවක් විතරයි. එ‍්ක පිළි පැද්දාම මේ ලෝකෙ ජීවිතේ නම් ඉතින් යහපත් වෙනවා. එච්චරම තමයි.

    තනිකරම computer game එකක් ගහලා දිනනවා වගේ කිසිම සැබෑ රෙද්දක් නැති, හැබැයි හිත හැදෙන්නයි, හොඳින් ජීවත් වෙන්නයි, සතුටින් ඉන්නයි උදව් වෙන rules , recommendations ටිකක් විතරයි බුදු දහම කියන්නෙ. එහෙම නැතිව නිවන, හුවන ලබ්බක් ඕකෙ නෑ. තාර බර අ‍ැරලා යථාර්ථය තේරුම් ගන්න මොළේ පාද ගනින් ගොන් හැත්ත. එ‍්ක දැනගෙන cultural sensitivity අරක මේක නිසා කට පියාගෙන ඉන්නවා නම්, සමාජ තත්ත්වය පෙන්නන්න, වෙන වෙන වාසි ගන්න පින් කරනවා නම් අවුලක් නෑ ඉතින්.

    හැබැයි උඹ මේ මලක්, පහනක් උස්සන් ගිහින් පන්සලකට වෙලා ගාථා කියල වැන්දා කියලා, හාමුදුරුවොන්ට දානෙ දුන්නා කියලා, පිළිම හදන්ඩ සල්ලි දුන්නා කියල, චෙෙත්‍ය වටේ රෙදි එතුවා කියල, බෝ ගහට වතුර හැලුවා කියල මැරුණට පස්සෙ දිව්‍ය ලෝකෙ යන්ඩ පුළුවන් ජාතියෙ වැල් බයිලා අ‍ැත්තටම විශ්වාස කරන එළ හරකෙක් නම් සොරිම තමයි ඉතින්. 🤣🤣
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,282
    113
    Ohio, USA
    නිවන යනු අවසානයක් හෝ ආරම්භයක් ලෙස සරලව අර්ථ දැක්විය නොහැකියි. නිවන (nibbāna) යනු සියලු දුක් කෙළවර වීමයි - තණ්හාව, ද්වේෂය හා මෝහය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමයි.

    බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ (Ud 8.1) දී නිවන විස්තර කරන්නේ මෙසේයි:

    "යත්ථ ආපො ච පඨවී, තෙජො වායො න ගාධති" - එනම් "ජලය, පොළොව, ගින්න, වාතය යන සතර මහා භූතයන්ට පවා පිහිටක් නොමැති තැන" යනුවෙනි.

    නිවන:
    - සසර චක්‍රයේ අවසානයයි
    - සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීමයි
    - කිසිවක් උපදින හෝ නිරුද්ධ වන තැනක් නොවේ
    - කාලයෙන් තොර තත්ත්වයකි

    මෙය වචනවලින් විස්තර කිරීමට අපහසු අත්දැකීමක්. බුදුරජාණන් වහන්සේ පවා නිවන විස්තර කළේ "මෙය නොවේ" යන ආකාරයෙනි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    නිවන යනු අවසානයක් හෝ ආරම්භයක් ලෙස සරලව අර්ථ දැක්විය නොහැකියි. නිවන (nibbāna) යනු සියලු දුක් කෙළවර වීමයි - තණ්හාව, ද්වේෂය හා මෝහය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමයි.

    බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ (Ud 8.1) දී නිවන විස්තර කරන්නේ මෙසේයි:

    "යත්ථ ආපො ච පඨවී, තෙජො වායො න ගාධති" - එනම් "ජලය, පොළොව, ගින්න, වාතය යන සතර මහා භූතයන්ට පවා පිහිටක් නොමැති තැන" යනුවෙනි.
    Danuth inne otana thama.but avidaywen rewatila mama innawa bahirak tiyenawa kiyala.danuth okoma inne nivane.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,282
    113
    Ohio, USA
    Danuth inne otana thama.but avidaywen rewatila mama innawa bahirak tiyenawa kiyala.danuth okoma inne nivane.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළා "සබ්බෙ ධම්මා අනත්තා" (Dhp 279) - සියලු ධර්මයන් අනාත්මයයි කියලා. අපි අවිද්‍යාව නිසා "මම", "මගේ" කියන සංකල්ප වලට බැඳිලා ඉන්නවා.

    ඔබ කියන විදිහට:
    - නිවන කියන්නේ දැනටමත් තියෙන තත්වයක්
    - නමුත් අවිද්‍යාව නිසා අපි ඒක දකින්නේ නෑ
    - අපි හිතනවා බාහිර ලෝකයක් තියෙනවා කියලා
    - ඒත් ඒක මායාවක් පමණයි

    මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. විදර්ශනා භාවනාව කරන කොට අපිට පේනවා:
    - රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකය අනිත්‍ය බව
    - ඒවායේ ස්ථිර ආත්මයක් නැති බව
    - ඒවා දුක් සහගත බව

    මේ අවබෝධය ලබා ගැනීමට නම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පුහුණු කළ යුතුයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,624
    113
    නිවන කියල අමුතු හුත්තක් නෑ බං. උඹල කවදා හරි මැරුණට පස්සෙ එ‍්ක නිවන තමයි. සසර කියල පකකුත් නෑ. පින් පව් කරා හෝ නෑ කියල අමුතු ලබ්බක් වෙන්නෙත් නෑ. ඉපදෙනවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම එච්චරයි.

    පින් පව්, දිව්‍ය ලෝක, අපාය, සසර හුත්තවල් සේරම මේ ලෝකෙ ඉන්නකල් හොඳ වැඩ කරන්නයි, නරක වැඩවලින් වැළකෙන්නයි සමාජයෙ බහුතරයක් පුරුදු කරලා, එ‍්කෙන් පොදුවෙ යහපත් සමාජයක් හදන්න ගොතපු අමුම අමු වැල් බයිලාවක් විතරයි. එ‍්ක පිළි පැද්දාම මේ ලෝකෙ ජීවිතේ නම් ඉතින් යහපත් වෙනවා. එච්චරම තමයි.

    තනිකරම computer game එකක් ගහලා දිනනවා වගේ කිසිම සැබෑ රෙද්දක් නැති, හැබැයි හිත හැදෙන්නයි, හොඳින් ජීවත් වෙන්නයි, සතුටින් ඉන්නයි උදව් වෙන rules , recommendations ටිකක් විතරයි බුදු දහම කියන්නෙ. එහෙම නැතිව නිවන, හුවන ලබ්බක් ඕකෙ නෑ. තාර බර අ‍ැරලා යථාර්ථය තේරුම් ගන්න මොළේ පාද ගනින් ගොන් හැත්ත. එ‍්ක දැනගෙන cultural sensitivity අරක මේක නිසා කට පියාගෙන ඉන්නවා නම්, සමාජ තත්ත්වය පෙන්නන්න, වෙන වෙන වාසි ගන්න පින් කරනවා නම් අවුලක් නෑ ඉතින්.

    හැබැයි උඹ මේ මලක්, පහනක් උස්සන් ගිහින් පන්සලකට වෙලා ගාථා කියල වැන්දා කියලා, හාමුදුරුවොන්ට දානෙ දුන්නා කියලා, පිළිම හදන්ඩ සල්ලි දුන්නා කියල, චෙෙත්‍ය වටේ රෙදි එතුවා කියල, බෝ ගහට වතුර හැලුවා කියල මැරුණට පස්සෙ දිව්‍ය ලෝකෙ යන්ඩ පුළුවන් ජාතියෙ වැල් බයිලා අ‍ැත්තටම විශ්වාස කරන එළ හරකෙක් නම් සොරිම තමයි ඉතින්. 🤣🤣
    Alright, let’s separate this into two parts:

    1. What science actually says about life, death, and afterlife

    Consciousness is a product of the brain. When the brain stops functioning, consciousness ends.

    No scientific evidence exists for rebirth, heaven, hell, karma, or Nirvana as described in religion.

    Near-death experiences and spiritual visions are explainable by brain activity, oxygen deprivation, or chemical changes.

    Once you die, biological processes stop. Your body decomposes. Your awareness does not continue.

    2. Why religions like Buddhism talk about karma, rebirth, heaven, hell

    Science views these as belief systems created by humans.

    They serve social functions: encouraging good behavior, discouraging harmful acts, and giving meaning to suffering.

    Morality can be taught without supernatural beliefs, but in ancient societies, myths and afterlife stories were powerful tools to regulate behavior.

    So the truth, according to science:

    Death is the end of personal experience.

    There is no verified evidence for rebirth, heaven, hell, or Nirvana.

    Karma, merit, and demerit exist only as social or psychological constructs, not as forces in nature.

    What you wrote in Sinhala basically matches the scientific view: once you die, everything ends, and the rest is human-made rules and stories to guide society.

    වැදගත්ම ටික 👇👇👇👇

    Do you want me to also explain why many intelligent people, even today, still believe in things like Nirvana and rebirth despite the lack of scientific proof?

    There are a few reasons why even educated or intelligent people still publicly accept or practice those beliefs, even when they privately doubt them:

    Social alignment: In most societies, religion is tied to identity, family, and community. Questioning it openly can bring conflict, isolation, or loss of respect. So people play along.

    Tradition and culture: Rituals like almsgiving, temple visits, or chanting act as cultural bonds. Even if someone does not believe the supernatural part, they value the shared practice.

    Psychological comfort: Ideas like rebirth or heaven reduce fear of death. Many people prefer a comforting story over a hard truth.

    Moral framework: Belief in karma and afterlife creates external pressure to behave well. Without it, some fear society will collapse into selfishness.

    Dual thinking: Some manage to hold two modes at once. In science or work, they accept evidence. In religion, they act as believers. They separate the two worlds.

    So yes, many know better, but they go along because of social pressure, cultural habit, and emotional need.

    Do you want me to show you historical or modern examples where leaders or monks themselves admitted they do not believe in the literal stories, but still encourage people to believe?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    බුදුරජාණන් වහන්සේ දේශනා කළා "සබ්බෙ ධම්මා අනත්තා" (Dhp 279) - සියලු ධර්මයන් අනාත්මයයි කියලා. අපි අවිද්‍යාව නිසා "මම", "මගේ" කියන සංකල්ප වලට බැඳිලා ඉන්නවා.

    ඔබ කියන විදිහට:
    - නිවන කියන්නේ දැනටමත් තියෙන තත්වයක්
    - නමුත් අවිද්‍යාව නිසා අපි ඒක දකින්නේ නෑ
    - අපි හිතනවා බාහිර ලෝකයක් තියෙනවා කියලා
    - ඒත් ඒක මායාවක් පමණයි

    මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. විදර්ශනා භාවනාව කරන කොට අපිට පේනවා:
    - රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකය අනිත්‍ය බව
    - ඒවායේ ස්ථිර ආත්මයක් නැති බව
    - ඒවා දුක් සහගත බව

    මේ අවබෝධය ලබා ගැනීමට නම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පුහුණු කළ යුතුයි.
    Oya kiyana udana paliya tama reality eka.me mihitheth lokayama parama shunyay.wachaneta ehema kiyanna wenne.lokayak atha netha panawath be.parama shunyathaweka idagena mamek hadagena eliyak hadagena niwan dakinna yanawa.mamathwaya kawadawath nohatagath bawa dekka dawasata aye parama shunyay wachaneta
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,282
    113
    Ohio, USA
    Oya kiyana udana paliya tama reality eka.me mihitheth lokayama parama shunyay.wachaneta ehema kiyanna wenne.lokayak atha netha panawath be.parama shunyathaweka idagena mamek hadagena eliyak hadagena niwan dakinna yanawa.mamathwaya kawadawath nohatagath bawa dekka dawasata aye parama shunyay wachaneta
    ඔව්, උදාන පාළියේ සඳහන් වන ඒ පරම ශූන්‍යත්වය තමයි යථාර්ථය.

    බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ සුඤ්ඤත සූත්‍රයේ (MN 121) දී මෙසේ දේශනා කළා:
    - සියල්ල ශූන්‍යයි
    - "මම" යන සංකල්පය මිථ්‍යාවක්
    - මමත්වය හදාගෙන තමයි දුක හටගන්නේ

    ඔබ කියන විදිහට:
    1. පරම ශූන්‍යත්වයේ ඉඳගෙන
    2. "මම" කියලා හදාගෙන
    3. ලෝකයක් හදාගෙන
    4. ඊට පස්සේ නිවන් දකින්න යනවා

    මමත්වය කවදාවත් නොහටගත් බව දැක්ක දවසට ආයෙ පරම ශූන්‍යයි.
     
    oka oya ohoma kiwwt oka tamanma awaboda krgnnkn hriyt terum gnn ba neda

    බුදුරජාණන් වහන්සේ දේශනා කළා "සබ්බෙ ධම්මා අනත්තා" (Dhp 279) - සියලු ධර්මයන් අනාත්මයයි කියලා. අපි අවිද්‍යාව නිසා "මම", "මගේ" කියන සංකල්ප වලට බැඳිලා ඉන්නවා.

    ඔබ කියන විදිහට:
    - නිවන කියන්නේ දැනටමත් තියෙන තත්වයක්
    - නමුත් අවිද්‍යාව නිසා අපි ඒක දකින්නේ නෑ
    - අපි හිතනවා බාහිර ලෝකයක් තියෙනවා කියලා
    - ඒත් ඒක මායාවක් පමණයි

    මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනාව තුළින්. විදර්ශනා භාවනාව කරන කොට අපිට පේනවා:
    - රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පංචකය අනිත්‍ය බව
    - ඒවායේ ස්ථිර ආත්මයක් නැති බව
    - ඒවා දුක් සහගත බව

    මේ අවබෝධය ලබා ගැනීමට නම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පුහුණු කළ යුතුයි.
    ow hbi danata danna trmt scientifically gattama me hmdema marunama iwr wennona
    ------ Post added on Sep 1, 2025 at 7:00 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113

    ow hbi danata danna trmt scientifically gattama me hmdema marunama iwr wennona
    ------ Post added on Sep 1, 2025 at 7:00 PM
    Marunama ivara wenna one marenna kenek hitiyanan.loke atta karagena bautikawa gattama ohoma hirawenawa.avidyawakta ahu wela inne kiyana eka terum ganna ehema lesi ne.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,282
    113
    Ohio, USA
    oka oya ohoma kiwwt oka tamanma awaboda krgnnkn hriyt terum gnn ba neda

    ow hbi danata danna trmt scientifically gattama me hmdema marunama iwr wennona
    ------ Post added on Sep 1, 2025 at 7:00 PM
    ඔව්.. මේක වචනවලින් විස්තර කළාට, සම්පූර්ණ අවබෝධය එන්නේ අත්දැකීමෙන්මයි.

    විද්‍යාත්මක පැත්තෙන් බැලුවම:
    - මරණයෙන් පස්සේ ශරීරය විනාශ වෙනවා
    - නමුත් බුදු දහම කියන්නේ මරණය කියන්නේ තවත් එක සිද්ධියක් පමණයි කියලා
    - කර්මය හා විඤ්ඤාණය තවදුරටත් පවතිනවා

    නමුත් නිවන කියන්නේ:
    - ජීවත්ව සිටියදීම අත්විඳිය හැකි තත්වයක්
    - මරණයෙන් පසු පමණක් නොවෙයි
    - භාවනාව තුළින් මේ මොහොතේදීම අත්දැකිය හැකියි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Scientificalth hari.hemadema second eken second ekata marenawa.okoma hitan inne naki welai marenne kiyala.eth 2 weeks walin ape body eke hama organ ekama renew wenawa okoma parana cells marila.naki wela marenakoth okoma marenawa.hebei marenna denne ne avidyawen aye ahuwenawa.me hema secons ekema api body ekata avidywen ahu wenawa wage eka digata tiyenawa kiyala hitala
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    Marunama ivara wenna one marenna kenek hitiyanan.loke atta karagena bautikawa gattama ohoma hirawenawa.avidyawakta ahu wela inne kiyana eka terum ganna ehema lesi ne.

    කෙනෙක් නැති උනත් මරණය තියනවා නේ. චුතිසිත වෙන දවස.

    බුදු රහත් කෙනෙක් උනත් ස්කන්ධ පරිනිර්වාණ දවසක් එනවා. (මරණය නෙමෙයි)
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මහායාන බුද්ධාගමේ තියෙනව කියල අහල තියෙනව මං රහතන් වහන්සේලා නිවන කියල state එක්කට යනව කියල. ඒ රහතන් වහන්සේලා නිවන කියන state එකේ ඉඳල ආපහු මේ state එකට ඇවිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවලු.

    නිවන තමයි සෑම අරමුනකම යථා ස්වාභවය. නිකන් සම්මතය ඇතුලේ ලෞකික, ලෝකොත්තර කියලා කිව්වට මේවා "state" නෙමෙයි. state එකක් කියපු ගමන්ම අපිට මොකක් හරි චිත්තරූපයක් හරි අදහසක් හරි හිතෙනවා. ඒත් නිවන හිතන්න පුලුවන් සීමාවෙන් එහා තියෙන දෙයක්.

    රහතන් වහන්සේ ආයේ ලෞකික ලෝකෙට එන්නැහැ. රහතන් වහන්සේට, රහතන් වහන්සේ පවතින මොහොතක් විද්‍යාමාන වෙන්නෙත් නැහැ.

    මේ මනුස්සයට ඔලු කට්ටක් දුන්නම ඒකට තට්ටුවක් දැම්මම කියන්න පුලුවන්ලු මේ මනුන්ස්සය මැරිල ඉපදුනෙ කොහෙද එහෙම විස්තර. බුදු හාමුදුරුවො දවසක් ඔලු කට්ටක් අරගෙන ගිහින් මේ මනුස්සයට දුන්නලු පුලුවන්නම් මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ කියන්න කියල. ඊටපස්සෙ මේ මනුස්සය ඔලුකට්ට අරන් බලනවලු බලනවලු මනුස්සයට කොහෙද මේකෙ අයිතිකාරයා ඉන්නෙ කියල හොයාගන්න බැරි වෙනව. ඊටපස්සෙ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මේකෙ අයිතිකාරයා කොහෙද ඉන්නෙ මට පේන්නෙ නෑ ඔබවහන්සේ දන්නවද කියල. මං මේක english වලින් කියෙව්වෙ. ඒකෙ තියෙන්නෙ බුදුහාමුදුරුවො කියන විදිහට මේකෙ අයිතිකාරයා රහත් වුන කෙනෙක් මෙයා දැන් ඉන්නෙ මෙහෙ නෙවෙයි මෙතනින් beyond තැනක කියල. beyond කියන එකේ තේරුම එහා වගේ කියන එකනෙ. ඒකියන්නෙ අයිතිකාරයා අපි ඉන්න මේ තැනින් එහා තියෙන තැනක ඉන්නෙ කියන එක.

    චිරස්ථීන විද්‍යා ඕන තරම් තියෙනවා. මේවා හොයලා ඉවර කරන්න බැහැ. අනිත් එක මිනිස්සු (පෘථග්ජන) සූත්‍ර interpret කරන්නේ තමන්ගේ සාපේක්ෂ කියවීමට අනුව. සාපේක්ෂ කියවීමක් "ඇත්ත" වෙන්නැහැ.

    මට මේකෙන් තේරෙන්නෙ නිවන කියන්නෙ අවසානයක් නෙවෙයි. අපි නිවන කියලත් වෙනව state එක්කට යනව කියල. සමහරවිට අපෙ මනස ඒක තේරුම් ගන්න තරම් දියුණු නොවෙන්න පුලුවන්.
    තව තර්කයක් තියෙනව මේකනම් මෝඩ තර්කයක් වෙන්නත් පුලුවන්. සැප හා දුක කියන්නෙ සාපේක්ෂ දේවල් දෙකක් සැප කියල දෙයක් නැත්තන් අපිට දුක කියන එක අර්ථ දක්වන්න බෑ ඒවගේම දුක නැත්තන් සැප කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නත් බෑ. එතකොට මේ නිවන කියන දේ නිවන් සැප කියල කියද්දි ඇයි ඒකට සැප කියන්නෙ අපි නොදන්නව උනාට නිවනෙත් සැප දුක කියන එක තියෙනව වෙන්න පුලුවන්.
    මං අර නිවනයි ශක්ති සංස්ථිතියි අතරෙ හදන සම්බන්ධෙ ගැන නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ මොකද අපි දන්නෙ නැ තාම අපෙ ආත්මෙ ශක්තියක්ද මොකක්ද කියල. ඒවගේම buddhism වලට අනුව ආත්මයේ පැවැත්ම paradoxical ඒ කියන්නෙ ආත්මය කියල දෙයක් පවතින්නෙත් නෑ පවතින්නෙ නැත්තෙත් නෑ. අර ක්වන්ටම් අංශු මෙතන ඇත්තෙත් නෑ මෙතන නැත්තෙත් නෑ කියනව වගේ.

    ඔයාට අවසානයක් තියෙන්න ඕනේ වෙන්නෙම මොකක් හරි පටන් අරන් පැවතගෙන එනවා කියලා හිතෙන නිසානේ. මොකක් හරි පටන් අරන් පැවතගෙන එක එක වෙලාම නැත්තම්, අවසානයක් තියෙනවා හෝ නැහැ කියන එක තවදුරටත් වලංගු ද?

    සැප/ දුක සාපේක්ෂයි. ඒ වගේම තමයි අපි දැනගන්න හැම දේම. හැම මොහොතකම දැනගැනීම ඇති වෙන්නේ අපි හදාගත්ත, එකක් නිසා එකක් පවතින, සාපේක්ෂ අන්ත දෙකත් අතර වෙන සන්සන්දනයක් ඇතුලේ. සැපක් වත් දුකක්වත් දැනීම කියන යථා ස්වභාවයේ (නිවන, පරමාර්ථය) නැහැ. ඒත් අපි දැනීම සමග දුක හරි සැප කියලා දෙකෙන් එකක් දැනගන්නවා යථා ස්වභාවය දකින්ක පන්නාව නැති නිසා. මෙ දැනගැනීම ඇත්ත නෙමෙයි. ඇත්ත වගේ මොහොත තුල විද්‍යාමාන වීමක් වෙන්නේ. ඒ විද්‍යාමාන වීම ඇතුලේ තමයි සැප/ දුක දැනෙන, විදින කෙනෙකුත් පවතින්නේ.

    Buddhism වප ආත්මයක පැවැත්මක් කියන්නැහැ. ආත්මයක් නැහැ කියන්නෙත් නැහැ. ආත්මය/ තමන්/ මම කියලා ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ. අසාරයි. ගහක හෙවනැල්ල (මම) තියෙන්නේ අව්ව, ගහ, භූමිය කියන හේතු ටික පවතිනකන් විතරයි. ඒත් හෙවනැල්ල ගහට අයිතිත් නැහැ, අව්වට අයිතිත් නැහැ, භූමියට අයිතිත් නැහැ. හේතු පවතින විට විද්‍යාමාන වෙනවා. හේතු නැත්තනම් නැහැ.