ඇෆ්ගන් යුද්ධයට වසර 15යි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇෆ්ගන් යුද්ධයට වසර 15යි

    rT4IhRP.png

    2001 වසරේ ඔක්තෝම්බර් මස 7 සිට 2014 දෙසැම්බර් මස 28 දක්වා එක්සත් ජනපදය ඇතුලුව නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් සිදුකරන ලදි.මෙම මෙහෙයුම් අවසන් කර සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගැනීම ඇරඹුණේ 2014 වර්ෂය අවසානයේදීය.තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයෙන් මුලිනුපුටා දැමීමට ඇමෙරිකාවට නුපුලුවන් විය.වසර ගණනක් තිස්සේ ඇමෙරිකානු හමුදාවේ පුහුණුව ලැබූ ඇෆ්ගන් ආරක්ෂක හමුදා පවා තලෙයිබාන් සංවිධානය ඉදිරියේ අසරණ වීම නිසා සහ තලෙයිබාන්වරුන් සටන් බිමේදී දිගින් දිගටම සාර්ථක වීම හමුවේ හමුදා අස්කර ගැනීම කල් ගියේය.දැනට සිටින 10,000ක පමණ ඇමෙරිකානු හමුදාවක් ඇෆ්ගනිස්ථානයේ සිටින අතර එම ප්‍රමාණය 2017 වන විට 5,500 දක්වා අවම කිරීමට බැරැක් ඔබාමා සැලසුම් කර තිබිණි.නමුත් තලෙයිබාන්වරුන්ගේ තර්ජන එන්න එන්නම ඉහළ යෑම හමුවේ එම සැලැසුම වෙනස් විය.ඒ අනුව ලබන වසර අවසන් වන තෙක් ඇමෙරිකානු හමුදා සෙබලුන් 8,400ක් ඇෆ්ගනිස්ථානයේ රැදෙනු ඇති.

    JFP7BS5.jpg
    කාබුල් නගරයේ බෝම්බයක් පිපිරීගිය ස්ථානයක රැකවල්ලා සිටින නේටෝ සෙබලෙක්​

    ඇෆ්ගනිස්ථානයේ සිටි නේටෝ හමුදාවෙන් විශාල පිරිසක් 2014 වන විට ඉවත් විය.එම වසර අවසන් වන විට විදේශීය හමුදාවන්ගෙන් 3,500ක් මරණයට පත්වූ අතර 33,000ක් තුවාල ලබා තිබිණි.මිය ගිය සෙබලුන්ගෙන් 2,400ක් ඇමෙරිකානුවන් ය.ඇමෙරිකානු සෙබලු 20,000ක් තුවාල ලැබූහ.බ්‍රිතාන්‍ය හමුදාවේ 453ක් මියගොස් 7,500ක් තුවාල ලබා ඇත.කැනඩාවේ සෙබලුන් 159 මියගොස් 1859ක් මියගොස් තිබේ.ප්‍රංශ එම ගණන් 89ක් සහ 725ක් වේ.මෙම ගණන්වලට පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් ඇතුලත් නොවේ.

    d1FHfeJ.jpg
    ඇමෙරිකානු මැරීන් හමුදාවේ සෙබලියන් දෙදෙනෙක් ඇෆ්ගනිස්ථානයේ​

    2001 වසරේ පටන් එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය නගාසිටුවීම සඳහා ඇ.ඩො. බිලියන 110ක් වැය කර තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය ගොඩනැගීමට ඉදිරිපත් කල "මාර්ෂල් සැලැස්මේ" වියදම පවා පරයා යමින්ය.2002 වර්ෂයේ පටන් ඇෆ්ගන් හමුදාව පුහුණු කිරීමට සහ සන්නද්ධ කිරීමට ඇමෙරිකාව ඇ.ඩො. බිලියන 60ක් යොදවා තිබේ.

    නමුත් යෙදවූ මුදල්වල ප්‍රතිඵල සීමා සහිත විය.

    2001 වර්ෂයේ පටන් තලෙයිබාන්වරුන් ඇෆ්ගනිස්ථානයෙන් වැඩිම භූමි ප්‍රමාණයක් පාලනය කරන්නේ මෙම වර්ෂය තුලදීය.එනම් මේවන විට එරට ආරක්ෂක තත්ත්වය අවිනිශ්චිතය.එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2016 මුල් භාගය තුල ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් තුවලා ලැබීම් 5,100ක් සහ මරණ 1,600ක් සිදුව තිබේ.






    2001 ඔක්තෝම්බර් මස 7 වනදා ඔසාමා බින්ලාඩන් මෙම වීඩියෝපටය විකාශය කරන ලද්දේ අනාවරණය නොකරන ලද ස්ථානය සිටිමින්ය.එදින ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව මෙම ප්‍රකාශ නිකුත් කරන ලදි.

    Prk3elR.jpg





    2001 ඔක්තෝම්බර් 7 වනදා ඇමෙරිකා-බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවන් පළමුවරට ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.බී-52, බී-1 බෝම්බ හෙලන යානා සහ බී-2 ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙන ඇෆ්ගනිස්ථානයට බෝම්බ හෙළන ලදි(රූපය:එක්සත් ජනපද ගුවන් හමුදාවේ බී-52 බෝම්බ හෙළන යානයක් මගින් එම්117 රාත්තල් 750 බෝම්බ හෙළන අයුරු)

    SYWVDgK.jpg





    2001 ඔක්තෝම්බර් මස 8 වනදා උදෑසන ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට හෙළු බෝම්බවල කැබැලි සහිතව සිටින ඇෆ්ගන් ළමුන් පිරිසක්

    b2RZt6R.jpg





    තලෙයිබාන් ඉලක්ක වෙත බෝම්බ හෙළන අයුරු(carpet bombing) නරඹන ඇෆ්ගන් සෙබලුන් දෙදෙනෙක්,2001 නොවැම්බර් 1,උතුරුදිග ඇෆ්ගනිස්ථානය,අයි-කානම් ගම්මානය.

    52qeFMy.jpg





    එක්සත් ජනපද මැරීන් සෙබලුන් බග්‍රෑම් ගුවන් තොටුපොල ආරක්ෂා කරමින්,2002 මාර්තු 2.එක්සත් ජනපද හමුදා උතුරු කාබුල් හි මෙම ගුවන් තොටුපොලේ රඳවා සිටියහ.

    WpBvfvA.jpg





    බිම් බෝම්බ ඇතුලු තලෙයිබාන් සටන්කාමීන් විසින් ඇටවූ මර උගුල් සොයායන රොබෝවෙක්,2002 ජූලි 29,ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර දේශසීමාව ආසන්නයේ.

    QxgvfjY.jpg





    හෙල්මෑන්ඩ් පළාත කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක කල "Operation Viper" මෙහෙයුම අතරතුර ඇමෙරිකානු සෙබලුන් ඇෆ්ගන් නිවසක් සෝදිසි කරන අයුරු,2003 පෙබරවාරි 24.දකුණුදිග ඇෆ්ගනිස්ථානය.

    7Ch5qC1.jpg





    ඇෆ්ගන් හමුදා සෙබලුන් පිරිසක් අසලින් ගමන් කරන ඇමෙරිකානු විශේෂ බලකා සෙබලෙක්,2003 ඔක්තෝම්බර් 22,ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හමුදා කඳවුර.

    alPNAhz.jpg





    Chinook වර්ගයේ හෙලිකොප්ටරයක් ජෙග්ඩෙලික් ගම්මානයට ඇමෙරිකානු සෙබලුන් රැගෙන එන අයුරු.2004 දෙසැම්බර් 24,ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කාබුල්.

    ZXZIHXH.jpg





    ඇමෙරිකානු සෙබලෙක් විසින් මුර පොළකදී ඇෆ්ගන් විවාහ මංගල රථ පෙළක් පරීක්ෂ කිරීමට සූදානමින්,2005 ජූලි 12,ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කාබුල්.

    QhMDvOP.jpg





    ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් සෙබලෙකුට පදක්කමක් පළඳවන අයුරු,2005 දෙසැම්බර් 22,කන්දහාර් නගරය.

    QvMPmJN.jpg





    කන්දහාර් හමුදා කඳවුරේ අලෙවි සැලකින් ආහාර ලබාගන්නා ඇමෙරිකානු සෙබලුන්,2006 අගෝස්තු 2.

    84wEF1m.jpg





    ගිනිකොණදිග කාබුල් හි නගරයක මුර සංචාරයේ යෙදෙන ඇමෙරිකානු සෙබලුන් පිරිසක් ඇෆ්ගන් දරුවෙක් ඉදිරිපිට නතරවී සිටින අයුරු,2007 අප්‍රේල් 20.

    E7Ww4lb.jpg





    මඩේ ඉරුණු රථයක් ගොඩගැනීම වෙරදරන ඇමෙරිකානු සෙබලෙක්,2007 අප්‍රේල් 23,ඇෆ්ගනිස්ථානයේ ගාස්නි ප්‍රදේශය.

    T8Ogyey.jpg





    වෛද්‍ය සායනයකට පැමිණි ඇෆ්ගන් වැසියන් පිරිසක් පාලන කිරීමට උත්සාහ කරන ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සෙබලුන් පිරිසක්,2008 පෙබරවාරි 26,කාබුල්.

    RyTYOCP.jpg





    හෙල්මෑන්ඩ් පළාතේ දී තලෙයිබාන් සටන්කාමීන් සමග සටනක යෙදෙන ඇමෙරිකානු සෙබලුන්.2008 මැයි.

    R3qg4HF.jpg





    ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් සහ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු සහ නේටෝ හමුදාවල අණදෙන්නා වන ජෙනරල් ඩේවිඩ් මැකියනෙන් වර්ඩැක් පළාතේ ඇෆ්ගන් නිලධාරින් සමග සාකච්ඡාවක,2009 මැයි 8.

    7gWAjBM.jpg





    මර උගුල් හඳුනාගන්නා රථයක් කුනාර් පළාතේ මාර්ගයක අක්‍රීය වී තිබෙන අයුරු,2009 ජූලි 30.

    8rJkCGs.jpg





    මියගිය සහෝදර සෙබලුන් වෙනුවෙන් දුක්වන ඇමෙරිකානු සෙබලුන් ,2010 පෙබරවාරි 8,සබුල් පළාත.

    LTewvym.jpg





    කන්දහාර් පළාතේ හමුදා කඳවූරක පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක්,2010 අගෝස්තු.

    DHHnjMz.jpg





    කැඩුණු කකුලක් සහිත ඇෆ්ගන් දරුවෙක් රැගෙන යන ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටරයක්,2010 අගෝස්තු 19.

    tQU8AE8.jpg





    කන්දහාර් පළාතේ සිට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ඇමෙරිකානු සෙබලුන්,2010 ජූනි 12.

    O3vw1Bc.jpg





    හෙල්මෑන්ඩ් පළාතේ ගෝර්ගක් කඳවුරෙන් පිටත ගමන් කරන ඇමෙරිකානු සන්නාහ සන්නද්ධ රථයක්,2011 ජූලි 5.

    K0aiZKT.jpg





    ඇමෙරිකානු හමුදාවේ සාජන්ට් මැක් මිලර් බර එසවීමේ යෙදෙන අයුරු,2012 මාර්තු 3,නැන්ගහාර් පළාත,ඇෆ්ගනිස්ථානය.

    K0aiZKT.jpg





    ඇමෙරිකානු සෙබලෙක් සහ ඇෆ්ගන් පොලිසියේ සාමාජිකයෙක් බාහු පොරයක යෙදෙන අයුරු,2013 ජනවාරි 28,කන්දහාර් පළාත.

    vibJLvY.jpg





    කාබුල් හි බග්‍රාම් ගුවන් කඳවුරට පැමිණි ඔබාමා සමග කතාබහෙහි යෙදී සිටින ඇමෙරිකානු සෙබලුන්,2014 මැයි 25.

    1a0PZL2.jpg





    නැන්ගහාර් පළාතේ ඇෆ්ගන් පොලිස් මුරපොළක් අසල ගැවසෙන ඇෆ්ගන් ළමුන් පිරිසක්,2014 දෙසැම්බර් 19.

    zmYX1nO.jpg





    කාබුල් නගරයේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ සෙබලෙකුට ප්‍රතිකාර කරන අයුරු,2015 ජූනි 30

    4ECw5Qz.jpg





    කාබුල් නගරයේ පිපිරීමක් සිදුවූ ස්ථානයක් අසල රැක සිටින ඇමෙරිකානු සෙබලෙක්,2016 ජනවාරි 4.

    Jzs2hg5.jpg




    source:businessinsider.com

    -HarshaLulzSec-