ඈත සිට මතුරා මිනිසුන් බිම දැමූ දිගාමඩුල්ලේ පැරැණියෝ

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    XJ8kY37.jpg

    බොහෝ දෙනකු අංගම් පොර නම් වූ සටන් කලාව පිළිබඳව දැන ගත්තත් ඈත දිගාමඩුල්ලේ මීට දශක ගණනකට පෙර තිබූ ”අංගම් පිඹීම” නම් වූ මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගැන නොදනී.

    මේ මාරාන්තික මෙන්ම අමුතුම වර්ගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය නිසා අතීතයේ දී මිනිසුන් බොහෝ දෙනකු රෝගාබාධයකට හෝ මරණයට පත්ව ඇති බව තවමත් දිගාමඩුළු වැව්ගම්පත්තුවේ පැරැණියෝ පවසති.

    මේ ”අංගම් පිඹීමේ” මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිළිබඳව වැඩිමනත් තොරතුරු තිබෙන්නේ දකුණු වැව් ගම්පත්තුවේය. (දමන) ඒ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය කනින් අසා, එහි කි‍්‍රයාකාරිත්වය දෑසින් දැක අනාගත පරම්පරාව වෙත දැන ගැනීමට සටහන් තැබූ එකම පුද්ගලයා මායා රංජන් නම් ආරූඪ නාමයෙන් ”දිගාමඩුල්ලේ ආශ්චර්ය” ඇතුළු පොත් කීපයක්ම රචනා කළ ගුරුවරයකු වූ මහනාම රාජපක්‍ෂයන්ය. 1940 දශකයේ අගභාගයේ දමන විද්‍යාලයේ සේවය කළ ඔහු, එවක ඒ ප‍්‍රදේශයේ තිබූ ”අංගම් පිඹීම” පිළිබඳවද සිය අවධානය යොමු කළේය.


    *මායාරංජන් නමැති රසවාදියා

    XWftVQT.jpg

    ”අංගම් පිඹීම අංගම් පොර මෙන් අතින් පයින් ගුටි ඇන ගන්නා, පොර බඳනා නිල බලා පහර දෙන ශිල්පයක් නොවේ. නමුත් මේ දෙකම මාරාන්තික බව සැබෑය.

    h2MZlMu.jpg

    දිගාමඩුල්ලේ ”අංගම් පිඹීමේ” මාරාන්තික මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ විස්තර මායාරංජන් ”දිගාමඩුල්ලේ ආශ්චර්යය” පොතේ මීට වසර 54 පෙර සඳහන් කර තිබෙන අයුරු අපි මුලින්ම බලමු.

    මුතුබංඩාගේ අප්පච්චි ඔහුට දුන් අවවාදය මට තවමත් මතකය.

    ”පුත, තැන තැන දුව පැන ඇවිදින්නේ නැතුං බලාගෙන එන්ඩ ඕනැ. එක එකා අංගම් පිඹිත්!”
    අංගම් ගැන තොරතුරු අපි පසුවද සෙවීමු. දමන ”පරිෂාරි” මට ඒ මන්තරයක් ද ලියා දුන්නේය. ගම්මිරිස් ඇට කීපයක් ඒ මන්තරයෙන් එකසිය අටවරක් මතුරා කටේ ලා සපා උඩු සුළඟින් සිට පිඹිය යුතු බැව් හේ කියයි. එහෙත් මා සත්ත බැලූවේ නැත.
    ඒ මායා රංජන් ”අංගම් පිඹීම” පිළිබඳව ඇසූ දුටු දෙයයි.

    මෙහි ”පරිෂාරි” ලෙස සඳහන් කර ඇත්තේ දමන ගමේ වෙදරාලටයි. ඔහුගේ නම සුදු බංඩාය. වෙදරාලට දෙමළින් කියන්නේ ”පරිෂාරි” කියාය. එකල දෙමළ, මුස්ලිම් අය මෙහි ආ ගිය නිසා ඔවුන් ඇමතූ ආකරයටම සිංහල අයද අමතන්නට පුරුදු වී තිබේ.
    මේ ”පරිෂාරි” ව යකුන්නැහේ ලෙසින්ද අමතා ඇත. යකුන් බැඳගෙන යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදිය කරන නිසා එනම ලැබී ඇති බව සමහරුන් කීවද දමන පදිංචි රම්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන මහතා (79) සඳහන් කළේ වෙල්ලස්සේ ”යකුන්නොහො” නම් ගමකින් පැමිණි නිසා ”යකුන්නොහෝ අයියා, යකුන්නොහෝ මාමා, යකුන්නොහෝ මල්ලි , වී පසුකාලීනව ”යකුන්නැහේ” වූ බවයි. අංගම් ශාස්ත‍්‍රය හොඳින් දන්නා ඔහු ඒවා සුව කිරීමටද දක්ෂයකු බව පැරණියෝ පවසති. කෙසේ හෝ දමන ”පරිෂාරි” ජීවිතයේ අවසන් භාගයේ සැදුනු රෝගාබාධ නිසා බොහෝ දුක් විඳ මිය ගොස් තිබේ.


    qVHejRQ.jpg

    වැව් ගම්පත්තුවේ පැරණියෝද පැවසුවේ මේ ”අංගම් පිඹීම” වැඩි වශයෙන් කෙරෙන්නේ සෙනග ගැවසෙන තැන්වල බවයි. බොහෝ විට එකල ගමේ සෙනග ගැවසෙන්නේ ගමේ පන්සලේය. ගමේ පන්සලේ පැවැත්වෙන පින්කම් අවස්ථාවලදී මේ ”අංගම් පිඹීම” කරති. තරහ පිරිමසා ගැනීම, පළිගැනීම, බලපුළුවන්කාරකම පෙන්වීම ආදී කරුණු මුල් කරගෙන මෙය කරන බව පැරණි ගම්වැසියෝ පවසති
    .

    MjbzAbv.jpg
    TZwyKeR.jpg

    තොට්ටම ගමේ පැරණි ගම්වැසියකු වන කේ.එම්. සුදුබණ්ඩා මහතා (75) අංගම් පිළිබඳව අදහස් පළ කළේ මෙසේය.

    ”සෙනග ගැවසෙන තැන්වලට යනකොට වැඩිහිටියන් කවුරුත් කියන කතාවක් තමයි ”අංගම් වලින්” පරෙස්සම් වෙන්න කියලා. මට මතකයි දවසක් අපි නඛා වෙහෙර (දීඝවාපි) වඳින්න යද්දි තාත්තා දෙහිගෙඩියක් මතුරලා දුන්නා. මේක අතේ තියා ගනින්, එහෙම නැත්නම් ඉනේ ගහගනිං, අංගම් පිම්බොත් වදින්නේ නෑ කියලත් කිව්වා. අපි ඒ කාලේ තොට්ටම ඉඳලා කරත්න බැඳගෙන යන්නේ. උදේ පිටත් වුණාම හවස් වෙද්දි නඛා වෙහෙර ළඟට යන්ඩ පුළුවන්. ? එලිවෙනකම් පින්කම් තියෙනවා. දවස් කීපයක්ම අංගම් වැදිච්ච ගෑනු, මිනිස්සු නහයෙං කටින් ලේ දාගෙන වැටෙනවා දැකලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම අංගමක් - අංගමක් කියලා කෑ ගහගෙන මිනිස්සු දුවනවා. වැටිච්ච කෙනා ළඟට බය නැති අය තමයි කිට්ටු වෙන්නේ. මම දැකපු හැම අවස්ථාවකම කවුරු හරි ”ගුරෙක්” (ගුරුන්නාන්සේ) ඇවිත් මතුරලා අංගම වැදිච්ච කෙනාව සනීප කරලා තියෙනවා. ඒක ඒ මොහොතෙම කරන වැඩක්, ඒ ඇරෙන්ඩ කවුරුවත් මැරුණු බවක් මට මතක නෑ.
    එක දවසක් මම අරං ගිය දෙහිගෙඩිය තැම්බිලා දුඹුරු පාට වෙලා තිබුණා. වැඩිහිටියො කිව්වේ කවුරු හරි පිඹපු අංගමක් මතුරපු දෙහිගෙඩියට වැදිලා ඇති බවයි. දෙහිගෙඩිය නොතිබුණා නම් අංගම මට වැදෙන බව ඒගොල්ලෝ කිව්වා”


    අංගමක් වැදුනු ස්වාමීන් වහන්සේ කෙනකු ගැන සඳහන් කළේ බක්මිටියාවේ බන්ඩා පුංචි බණ්ඩා (84) මහතා.

    ”මම මේ සිද්ධිය දැක්කේ 1939 දී. එතකොට මට වයස අවුරුදු 12 ක් විතර ඇති. මිරිහලේ පන්සලේ එදා පිංකම් තිබුනා. වෙනදනම් ඔය අංගම් පිඹීම කරන්නේ ?ටනේ. නමුත් මේක වුණේ පින්කම් ඉවරවෙලා පහුවදා උදේ. පින්කම් වලට දඹගල්ලෙන් (මොනරාගල දිස්ත‍්‍රික්කයේ) මැනිකා ගුරුන්නාන්සේ ඇතුළු කට්ටියක් තමයි ඇවිත් හිටියේ. ඒ අය හේවිසි ගැහුවා.
    පන්සලේ හාමුදුරුවෝ පහුවදා ආවාස ගේ පිටිපස්සේ මූණ හෝදමින් ඉන්නකොට තමයි අංගම ඇරියේ. ආවාස ගේ පිටිපස්සේ තවත් කීපදෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාට හරි ඇරපු අංගම තමයි හාමුදුරුවන්ට වැදුනේ. අංගම ඇරපු එකා හොයාගන්ඩ බැරිවුණා. හාමුදුරුවන්ගේ නම කේ. ධම්මාලෝක. උන්නාන්සේ මට මාමා වෙනවා. ඊට කලින් පන්සලේ හිටියේ මගේ බාප්පා වෙන දේවමිත්ත කියලා හාමුදුරු නමක්. උන්නාන්සේ සිවුරු ඇරියට පස්සේ තමයි ධම්මාලෝක හාමුදුරුවෝ පන්සලේ විහාරාධිපති වුණේ.
    ඉතින් හාමුදුරුවෝ නහයෙන් කටින් ලේ දාගෙන වැටුණනේ. පන්සල ඉස්සරහා හිටපු ඔක්කොම දුවගෙන ආවා. මැනිකා ගුරුන්නාන්සේ දුවගෙන ඇවිත් වතුර මතුරලා හාමුදුරුවන්ට ඉස්සට පස්සේ පියවි සිහිය ආවා. ලේ ගැලීමත් නතර වුණා. අංගම් අරින්නේ යක්කු බන්ධනය කරලනේ.
    මට හොඳට මතකයි මේ වැඬේ ගැන හොඳට හොයලා බලපු උහන පැත්තේ (වැව් ගම්පත්තුව උතුර) රටේ මහත්තයෙක් නඛා වෙහෙරෙදී (දීඝවාපිය) ඔය අංගම් පිඹින ගුරකුට හොඳටම අල්ලං ගැහුවා. එදායින් පස්සෙ අනිත් ගුරොත් බය වුණා. අංගම් පිඹිල්ල ටිකෙන් ටික නතර වුණා.

    වාවින්න 19 පදිංචි වනසිංහ මුදියන්සේලාගේ සුදු බණ්ඩා (69) මහතා අංගම් පිඹීම පිළිබඳව අපට අදහස් පළ කළේ මෙසේය.

    ”දවසක් මොනරාගල බුද්ධම පන්සලේ පිංකමක් බලන්ඩ අපිත් ගියා. සුවිසි විවරණ, බෝධිපූජා, මල්වට්ටි වෙන්දේසිය, බෞද්ධ නාට්‍ය ආදිය තමයි පන්සල්වල තිබුණේ. මධ්‍යම රාත‍්‍රිය වෙනකොට සියලූම වැඩ ඉවර වුණා. සමහරු වැටිච්චි වැටිච්චි තැන්වල නිදාගෙන හිටියා. තවත් සමහරු තැන තැන කතා කර කර හිටියා. අද වගේ විදුලිය තිබුණේ නෑ. පැට්‍රෝල් මැක්ස්, භූමිතෙල් ලාම්පු, පන්දම්, පහන් ආදියේ අඩ අඳුර තමයි තිබුණේ.
    පන්සලේ එක තැනක තේ කඩයක් තිබුණා. එතන පොල් ගහයට මැදිවයසේ තුන්දෙනෙක් කතා කර කර හිටියා. එතෙන්ට යම් පුද්ගලයෙක් ඇවිත් සුරුට්ටුවක් පත්තු කරගෙන දෙතුන් පාරක් ඉහළ දුම්ගුලි පිටකළා. මම ඒ දිහා බලාගෙනයි හිටියේ. ඔහොම ටික වෙලාවක් යනකොට එක සැරේම අර තුන්දෙනා අඩි 05-06 ක් උඩ ගිහිල්ලා බිම වැටිලා දඟලන්ඩ පටන් ගත්තා. නිදාගෙන හිටපු අයත් ඇහැරුනා. සමහරු ”අංගමක් වැදිලා - අංගමක් වැදිලා” කියලා කෑ ගැහුවා. ඔය සද්දෙට කැලේ නායක හාමුදුරුවොත් එතනට ආවා. ”අරකා තමයි මේක කරන්ඩ ඇත්තේ, ඕකට මම පාඩමක් උගන්නන්නම්කෝ” කියලා හාමුදුරුවෝ කිව්වා. ඒ කියලා ඉවරවෙලා මොනවදෝ හෙමිහිට මතුරලා හාමුදුරුවන්ගේ අතේ තිබුණ බස්තමෙන් අර වැටිච්ච තුන්දෙනාටම තට්ටු දැම්මා. ”හා හා දැන් ඉතින් නැගිටලා ගෙවල් වලට පලයල්ලා.” කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ අවසිහියෙන් වගේ හිටපු තුන්දෙනා නැගිට්ටා.
    මට පස්සෙ තමයි තේරුනේ අර මිනිහා සුරුට්ටු දුම ඇරියේ හුළං අත බලන්න කියලා. මිනිහා වැඬේ කරලා හෙමිහට මාරුවෙලා. කඳංකැටියේ ”නංහාමි ගුරුන්නාන්සේ’’ කියන්නේ මිනිහට තමයි. පහු කාලෙක ඒ ගුරුන්නාන්සේ ලෙඩ හැදිලා දුක් විඳලා මැරුණා.”

    අංගම් වර්ග කීපයක් තියෙනවා.
    එකක් තමයි උඩ තිරිංග අංගම. ඒක ඇරියම ටිකක් උඩ විසිවෙලා බිම වැටෙනවා.
    අනිත් එක තමයි ”සූරිය තිලක්කම” අංගමට පිම්ඹහම පහුවදා ඉර පායද්දි අංගම වදිනවා.
    අනික ”නර වැදීම” අංගම, රත් හඳුන්, සුදු හඳුන් උරච්චි කරලා මතුරලා අල්ලේ ගාගෙන අංගම යවන්ඩ ඕනැ කෙනාට දෑත් එකතු කරලා ”ආයුබෝවන්ඩ” කියන ගමන් එයාගේ සෙවණැල්ල පාගන්ඩ ඕනැ. එතකොට එයාට අංගම වදිනවා. ඒ වගේම නූල් මතුරලා යන එන පාරේ තිබ්බහම ඒක පෑගුනොත් අංගම වදිනවා.
    ”රීරි කඩවර යක්ෂණිගේ පුපුරාඩිය” අංගමෙන් තමයි කන් අඩි පුපුරලා ලේ ගලන්නේ.
    අංගමක් වැදුනට පස්සේ කොහෝ හරි ගුරෙක් ගෙනල්ලා සනීප කරන්ඩ ඕනෑ. නැත්නම් නිතර සිහි නැතිව වැටෙනවා. පිස්සු හැදෙනවා. ඔහොම ඉඳලා මැරිලා යනවා.

    වැව්ගම්පත්තුවේ පැරණියෝ පවසන අන්දමට, මෙහිදී සිදුවන්නේ මතුරා, සපා පිඹින ගම්මිරිස් කුඩු වල සැර සුළං අතත් සමග ගොස් නාසයට ආඝ‍්‍රහනය වීමයි. එසැණින් නහයෙන් කටින් ලේ දමාගෙන ඇද වැටීම. සුළං හමන දිශාව තමන්ගේ දෙසට තිබුණොත් එය තමන්ට වදින බව ඔවුහු කියති. එසේ වු අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙති.

    වැව්ගම්පත්තුවේ තොට්ටම ගමේ අංගම් ශාස්ත‍්‍රය දන්නා රද්දැල්ලේ ගුරුන්නාන්සේ නම් වු ගුරකු සිටි බවද ඔවුහු පෙන්වා දෙති. බොහෝ සෙනග ගැවසෙන තැන්වලට යද්දී ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනකු මැතිරූ දෙහි ගෙඩියක් ඉනේ සඟවාගෙන යන අතර අංගමක් වැදුණු විට එය උණු වතුරේ තැම්බූ කලෙක මෙන් අව පැහැ ගැන්වෙන බව කියයි. අංගම සැරනම් දෙහි ගෙඩිය පැළෙන බවද පැරැණියෝ කියති.

    අගංම් සාස්තරය දන්නා ගුරොන්ට ගමේ බොහෝ දෙනෙක් බය පක්‍ෂපාතීත්වය දැක්වූ බවද පැරැන්නන් පෙන්වා දෙන අතර දීඝවාපියේ දී රටේ මහත්තයකු අංගම් පිඹින ගුරෙකුට ඇති පදමට පහර දීමත් සමග අංගම් පිඹිල්ල නැති වී ගිය බවද කියති. එපමණක් නොව, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ආගමනයත් සමග ඉඩම් ලැබීම වෙනත් තැන්වලට යාමට සිදුවීම සමහර ආකල්ප ආදිය නිසාද මෙය ක‍්‍රමයෙන් නැති වී ගොස් තිබේ. එවක මේවා ගුණධර්ම ඇති කිසිදු මිනිසකු අනුමත නොකළ බව මට හමු වූ සෑම පැරැණියකුම කීය.

    මෑත භාගයේ දී මගේ මිතුරකු නොදන්නා කෙංගෙඩියක් කරන්න ගොස්, හාස්‍ය්‍යට ලක්වූ අයුරු තවමත් මතකය. මේ ගැන මතකය අවදි කරමින් ඔහුත් අපිත් අදටත් සිනාසෙමු. යම් පිළිවෙතකට කළ යුතු මේ ගැන කිසිදු අවබෝධයකින් තොරව කාගෙන්දෝ මන්තරයක් යැයි කියා දෙයක් අසා ගම්මිරිස් ඇට සපා කඩපිලේ සිටි තරහකරුගේ මුවට ළං වී එය පිඹ මොහු පැන දිව්වේය. නොසිතූ විටෙක සිදුවූ දෙයින් මුණ පුරා වැදුණු බුලත් කෙලත් ගම්මිරිස් ඇටත් පිස දැමූ මගේ මිතුරාගේ තරහකරු ”මේ යකාට පිස්සුද මන්ද” කියමින් ගෙදර ගියේය.

    මායා රංජන් දුටු පරිදි මෙන්ම අප ඇසූ පරිදිද මෙය හාස්කමක් බව සැබෑය. එහෙත් එදා මෙන්ම අදත් ශිෂ්ට සම්පන්න සමාජය මෙය අනුමත නොකරනු ඇත. එසේම ”අංගම් පිඹීම” නම් වූ අතුරුදන්ව ගිය සංස්කෘතියක් මේ සාමජයේ බොහෝ කාලයක් තිබූ බව සිහිපත් කරලනු වස් පමණක් මේ සටහන තැබූ බව සඳහන් කරමි.

    -දිගාමඩුල්ල සමන් දිසානායක
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිල්ලි අරිනවා කියල එකක් අහල තියෙනවද උඹලා..
    අවුරුදු 7ට අඩු පොඩි එකෙක් මැරුනම සොහොනෙ ඉදන් මිනියට මැතුරුවම ඒ මිනියට මල යකෙක් ආවෙස වෙලා(Zombie සීන් එකක් වගේ) පණ ආවම කඩුවක් අතට දෙනවලු ගුරා.. ඊට පස්සෙ මරන්න ඕනෙ හතුරු කෙනාගෙ නම කිව්වම ගිහින් මරණවලු.. ඉස්සර කතා බන්,,, ඇත්ත නැත්තනම් දන්නෙ නෑ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේක කරපු එවුන් එක කරන්න පන්සල තොරගෙනම තියෙන එකෙන් මුන් මහා මිත්යදුෂ්ටික ගොබ්බයො ටිකක් කියන එක තේරෙනව.
    ඔය වගේ ලබ්බක් නැතිවෙලාම ගිය එක හොඳයි
     
    • Like
    Reactions: IKL and castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ වගේ දේවල් ගැන දිගාමඩුල්ල පළාතෙ මගේ යාලුවෙක් විස්තර කියල තියනවා. මිනිහ අංගම් ඉගෙන ගත්ත කෙනෙක්. අංගම් ශාස්ත්‍රයේ ඉගෙනගන්න පැතිකඩවල් ගොඩක් තියෙනවා. එයාගේ තාත්තලා මුත්තලා එහෙම මෙව්වා හොඳටම දැනගෙන හිටියලු.
    සත්තු මෙල්ල කරගෙන කිසි කරදරයක් නැතුව හිටපු හැටි එහෙම කියල තියනවා. සමහර දේ හරිම පුදුමයි.
    මට නම් මේ දේවල් ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි ලෝබ කම, තරහව, දේවල් හරිහැටි වටහා නොගැනීම නිසා පවු කරොත් නැවත දුක් විඳින්න වෙනවා කියන එක නම් ප්‍රත්‍යක්ෂ වෙලා තියනවා. හැකි උපරිමේට පන්සිල් රකිනවා නම් සහ මස් වලින් වැළකෙනවා නම් සෑහෙන ආරක්ෂාවක් සිද්ද වෙන බවත් දැනිල තියනවා.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Better weapon . Sniper gun. Mathurana time (loading time) eka na. Reload karanna lesi. Target eka balala kill eka confirm karanna puluwan. Waradunoth ayeth thiyanna puluwan. Anith eka Oni kenekta poddak train unama use Karanna puluwan.

    Nikan hithapan oya mathurana goiyo tikakui Dan Inna Army ekai waliyata giyama kohomada. Mathurala iwara wenakota underwear ekak wath thiyeda danne na
     
    • Haha
    Reactions: IKL and 333sajith

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මහා දානපති Soysa ( Donor of National hospital) ට පිස්සු බලු පිල්ලියක් යැව්වා කියනවා.
     
    • Like
    Reactions: lilman and IKL

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Better weapon . Sniper gun. Mathurana time (loading time) eka na. Reload karanna lesi. Target eka balala kill eka confirm karanna puluwan. Waradunoth ayeth thiyanna puluwan. Anith eka Oni kenekta poddak train unama use Karanna puluwan.

    Nikan hithapan oya mathurana goiyo tikakui Dan Inna Army ekai waliyata giyama kohomada. Mathurala iwara wenakota underwear ekak wath thiyeda danne na
    Meka dn real weapon and human fight ekak kiyala hithanna onne, Fight (war) ekakta yanna onne, dn kale meka mentally health & physically strength ekata use karanna puluwan. Weapon nethi kale, e wage technology ekak thibba apita, dn apita eka eka jathiye school walin, ******* walin, lankawata sudda dunna culture walin, ewagena hina wena minissu kattiyak bihi karala.