ඈනුම බෝවෙන්නේ ඇයි

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඈනුම බෝවෙන්නේ ඇයි

    ඈනුම බෝවෙන්නේ ඇයි ?


    පරිස්සම් වෙන්න, වඳුරෙක්ගෙන්, චිම්පන්සියෙකුගෙන්, ගෝරිල්ලෙකුගෙන් වුණත් මේක බෝ වෙන්න පුළුවන්:shocked:
    ඈනුම එදිනෙදා ජීවිතයේදී අපට අරුම පුදුම දෙයක් නෙවෙයි.






    ඒත් , එහෙම කිව්වට ඈනුම කියන්නේ හරිම අරුම පුදුම දෙයක් තමයි. මොකක්ද මේ ඈනුමේ තියෙන පුදුමේ. හොඳට මතක් කරලා බලන්න,:eek: අන්න හරි , ඔයාට මතක් වුණා. අපට ඈනුමක් යනකොට අපේ අහල පහල ඉන්න අයටත් ඈනුම් යනවා දැකලා ඇතිනේ. :)





    ඒ වගේම අහල පහල අයට ඈනුමක් යනකොට අපටත් ඈනුමක් යන එක කොච්චර try කළත් නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දැනුත් මම ඈනුම ගැන මතක් කරනකොටම ඔයාට ඈනුමක් යන්න ඇති. එහෙම නේද ? ඒත් නිකමටවත් හිතුවද මේ ඈනුම බෝ වෙන්නේ ඇයි කියල ?



    අපි ඒ ගැන නොහිතුවට සෑහෙන කාලයක ඉඳලා වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව , සමාජ විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර වල අය ඈනුම බෝ වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවා.




    ටොන් ගණනක අධ්‍යයන කළත්, කිලෝ ගාණක න්‍යායන් හැදුවත් තාමත් කාටවත් පුළුවන් වුණේ නැහැ ඈනුම බෝ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිගත හැකි පිළිතුරක් දෙන්න.


    ඒත් පසුගිය දවසක ඉතාලි විද්‍යාඥයන් පිරිසක් ඈනුම ගැන බොහොම වැදගත් සොයාගැනීම් කීපයක් කරලා තියෙනවා. ඒ අයට අනුව ඈනුමක් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාව 20% ක් තරම් අගයක් ගන්නවා.





    ඒත් ඇයි මේ ඈනුම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්නේ ? ඉතාලි විද්‍යාඥයන් කණ්ඩායම ඒකටත් පිලිතුරක් සොයාගෙන තියෙනවා.





    ඔවුන්ට අනුව ඈනුම බෝ වෙන්නේ සමාන කම්පන තත්වයක් ඇති වුණාමයි. ඒක හරියට දෙදෙනෙක් සිප ගැනීමකදී ඒ දෙන්නා අතර ඇතිවන සහකම්පන තත්වයට සමාන බවයි කියවුණේ.





    අනික, ජානමය අතින් සමාන අය අතර තමයි මේ ඈනුම බෝ වෙන්නේ කියලා මේ අය සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඈනුමක් යනකොට , ඔයා ළඟ ඉන්න කෙනෙකුටත් ඈනුමක් යනවානම් ඒ කෙනා සහ ඔයා අතර මොකක් හරි ජානමය සම්බන්ධයක් තියෙනවා කියන එකයි.





    මේ ජානමය සම්බන්ධය නිසා වානර කුලයේ සතෙකුට ඈනුමක් යනකොට පවා අපට ඈනුමක් යන්න ඉඩ තියෙනවා කියලයි විද්‍යාඥයන් කණ්ඩායම කියන්නේ.



    ( මේවා මන් කියපු ඒවානම් නෙමෙයි හොඳේ.අන්තර්ජාලයේ තිබ්බේ. බලල කැමති එකක් දීල යන්නකෝ )
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මම ඈනුම් අරිද්දි මගේ ක්ලාස් එකේ එහා පැත්තේ ඉන්න කෙල්ලත් ඈනුම් අරිනවා... ඒකි‍ගේ අම්මලා කලින් ඉදලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ ලු !!!!!!
    :shocked::shocked::shocked:
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    වැඩ්ඩා;12293273 said:
    මම ඈනුම් අරිද්දි මගේ ක්ලාස් එකේ එහා පැත්තේ ඉන්න කෙල්ලත් ඈනුම් අරිනවා... ඒකි‍ගේ අම්මලා කලින් ඉදලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ ලු !!!!!!
    :shocked::shocked::shocked:

    පොඩ්ඩක් හොයලා බලපන්..ඩී,එන්,ඒ රිපොට් එකකුත් ගනින්:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    වැඩ්ඩා;12293273 said:
    මම ඈනුම් අරිද්දි මගේ ක්ලාස් එකේ එහා පැත්තේ ඉන්න කෙල්ලත් ඈනුම් අරිනවා... ඒකි‍ගේ අම්මලා කලින් ඉදලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ ලු !!!!!!
    :shocked::shocked::shocked:


    :lol::lol: