ඈම්ඩගේ තාත්තා

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....


    ඔන්න ඉතින් ඇම්ඩාලෑ නැන්ද කෙනෙක් හිටියලු පිටරට.ඒ නැන්දා ඇම්ඩාලෑ පවුලට එවුවලු අපුරැ තෑග්ගක්. ඒතමයි රොබෝ කෙනෙක්.මේ රොබෝගෙ පොඩි විශේෂත්වයක් තියනවලු. කවුරැ හරි බොරැවක් කිව්වහම,කම්බුලට ගහනවලු තරැ විසිවෙන්න....

    රොබෝ ගෙනාවට පස්සෙ දවසෙ ඇම්ඩා ඉස්කොලෙ ඇරිල ආවේ සෑහෙන්න පරක්කු වෙලාලු. ඇම්ඩාගේ තාත්තා ඇහුවලු

    "මොකද පුතේ අද මෙච්චර පරක්කු" කියලා...

    ඇම්ඩා කිව්වලු "තාත්තෙ, අද අපිට හවස පංතියක් තිබ්බනෙ ඒකයි" කියලා.

    එතකොටම කොහෙද හිටපු රොබෝ දුවගෙන ඇවිත් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු හොද පාරක්, ඇඩ්රස් නැති වෙන්න.....

    තාත්ත කිව්වලු," පුතේ දැන් බොරැ කියන්න හම්බෙන් නෑ, ඇත්ත කියපන් කොහෙද ගියේ " කියලා...

    ඇම්ඩාත් වැඩේ කොටඋඩ කියල තේරිල කිව්වලු,

    "තාත්තෙ මම චිත්‍රපටියක් බලන්න ගියා" කියලා

    ඒ පාර තාත්තා ඇහුවලු

    "ආ..කියපන් බලන්න බලපු චිත්‍රපටිය මොකක්ද කියලා....."

    ඇම්ඩා කියනවලු " තාත්තෙ ඒක ලමා චිත්‍රපටියක් කියලා "

    ඔක ඇහුනු ගමන් රොබෝ ආයිත් පාරක් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු කලින් එකටත් වඩා හයියෙන්. ඇම්ඩා හොදටම බයවෙලා තාත්තට ඇත්තම කිව්වලු, බැලිනම් මේ යෝධයා බලලා තියෙන්නෙ ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටියක්ලු. ඒක දැනගත්තු ගමන් තාත්තටත් යකා නැගලා....

    " ඈ..යකෝ උඔ මේච්චර පොඩිකාලේ ඉස්කෝලෙ යනවා කියලා ඔවද කරන්නේ...අපි ඒ කාලෙනම් කවදාවත් ඔවා කරේ නෑ....."

    කියල ඉවර වෙන්නවත් හම්බුනේ නැලු, රොබෝ පැනපු ගමන් තාත්තටත් දුන්නලු හොද කනේ පාරක්..
    මේ සීන් එක බලන් හිටපු ඇම්ඩාගේ අම්මා, තාත්තා කණ අල්ලන් ඉන්නවා දැකල කිව්වලු...

    " හ්ම්....පුතාගෙම තාත්තනේ ඉතින් ...." කියලා

    පැනපු ගමන් රොබෝ අම්මටත් දුන්නලු හොද කනේ පාරක් ........

    හි.. හි....



    Hina giyaa nam ++Rep Dila yanna
    000203FA.gif
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    බැරි වේද මේ robo දවස් 2 ක 3 කට එලකිරියට rent කරන්න :rolleyes::rolleyes::rolleyes::P:P