ඉංග්‍රිසි බෑ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉංග්‍රිසි බෑ

    STOP යන පදය මාර්ගයේ විදුලි සංඥ පුවරුවේ සඳහන්ව තිබියදී එය නොතකා මෝටර් රථය ධාවනය කිරිමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුණුවන ලද රියෑදුරෙකි. ඔහුගේ වාහනයේ අංකය CY 367 වේ.

    විනිසුරු තමා STOP කියා සංඥ කර තිබියදී වාහනය නතර නොකොට ධාවනය කළේ ඇයි?

    රියෑදුරු - අනේ ස්‌වාමීනි. මම ඉංග්‍රිසි දන්නෙ නැහැ.

    විනිසුරු - තමාට ඉංග්‍රිසි පොඩ්ඩක්‌වත් බැරිද?

    රියෑදුරු - ස්‌වාමීනි. මම ඉංග්‍රිසි අකුරක්‌වත් දන්නේ නැහැ.

    විනිසුරු - එහෙනම් කියනවා බලන්න තමාගේ වාහනේ අංකය.

    රියෑදුරු - බිංදුවෙන් භාගයයි කැටපොල් කරුවයි තුන්සිය හැටහතයි හාමුදුරුවනේ.

    :eek:

    හතේ හෙනහුරා·
    ඔහු ජෝතිෂ්‍ය පිළිබඳ දැඩි ඇල්මක්‌ දැක්‌වූ විදුහල්පතිවරයෙකි.
    පාසල් කාලය තුළදී පවා ඔහු සිය නිල කාමරය තුළට වී ජෝතිෂ්‍ය පිළිබඳ කරුණු හැදැරීමෙහි යෙදී සිටියේය.
    දිනක්‌ පාසල් පරීක්‌ෂකවරයෙක්‌ මෙම පාසලට පැමිණියේය.
    කෙළින්ම පංති කිහිපයක්‌ පරීක්‌ෂා කර බැලූ ඔහුට පෙනී ගියේ හත
    වසර පංතියේ කිසිදු ගුරුවරයකු නොමැති බවයි.

    වහාම විදුහල්පතිවරයා වෙත ගිය පරීක්‌ෂකවරයා "හතේ කවුද?" කියා ඇසුවේය.

    ජෝතිෂ්‍ය අදාළ රූප සටහනක්‌ අඳිමින් සිටි විදුහල්පතිවරයා
    "හතේ හෙනහුරා" යයි උස්‌ හඬින් පැවසුවේය.


    ::oo::baffled:

    ෂෝට්‌ හෑන්ඩ්·

    "මගේ නම අකුරු තුනකින් ලියන්න පුළුවන්" යෑයි මුදියන්සේ නමැත්තා සිය මිතුරන් හමුවේ කියා සිටියේය.

    අකුරු පහක්‌ සහිත නමක්‌ අකුරු තුනකින් කෙසේවත් ලිවිය නොහැකි බැව් මිතුරෝ තරයේ කියා සිටියහ.

    ඇයි බැරි.... මෙන්න බලපල්ලා... ඔහු කොළ කැබැල්ලක පහත සඳහන් පරිදි ලියා සියලු දෙනාටම පෙන්නුවේය.

    මුදි‍‍
    39957913.jpg
    ....

    :rolleyes:


    ජෝර්- ස්‌ටීවන්සන්·

    දිනපතා දුම්රියේ ගමන් කිරීමෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තරුණයෙකු හා තරුණියක අතර දැඩි පෙම් සබඳතාවයක්‌ ඇති විය.
    තරුණිය තරුණයාට ලියූ මුල් පෙම් හසුනේ මෙසේ සඳහන් කර තිබුණි.

    ජෝර්- ස්‌ටිවන්සන්ට පිං සිදුවන්නට අප දෙදෙනා එක්‌ කළේ
    දුම්රියයි.

    ::rolleyes::rolleyes:


    ගෙවල් හිඟයක්‌·

    එකම ගෙය දෙවරක්‌ බිඳීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුණුවන ලද චුදිතයෙකි.

    විනිසුරු - යුෂ්මතා එකම ගෙය දෙවරක්‌ බින්දා කියන්නෙ ඇත්තද?

    චුදිතයා - ඇත්ත ස්‌වාමීනි. නගරයේ විශාල වශයෙන් ගෙවල් හිඟයක්‌ තියෙන බව ඔබතුමාට දැනෙන්නෙ නැද්ද?

    :eek::lol:

    වංගුව ඉවරයි·
    බස්‌ රථයක ගමන් කරමින් සිටියදී එක්‌තරා වංගුවකදී මැදිවියේ පුද්ගලයෙක්‌ කාන්තාවකට හේත්තු වී සිටියේය.
    වංගුව පසුවීමෙන් පසුවද ඔහු ඒ අයුරින්ම හේත්තු වී සිටීම ගැන කෝපයට පත් කාන්තාව.

    මහත්තයා දැන් වංගුව ඉවරයි කියා රවා බලමින් පැවසුවාය.

    මම මේ ඉන්නෙ ඊළඟ වංගුව එනකල් මැදිවියේ පුද්ගලයා ඇඟට පතට නොදැනී
    පිළිතුරු දුන්නේය.

    :oo::angry:


    හිසරදයක්‌·

    ගුරුතුමා - සුනිල්, ඔබ හාර දහස්‌ අටසිය අනූහයට හය දහස්‌ නවසිය
    හතලිහක්‌ එකතු කර එම පිළිතුර දාහතෙන් බෙදා එහි වර්ග මූලය සොයාහය දහස්‌ නවසිය හතලිහක්‌ අඩු කළොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්‌ද?

    සුනිල් - හිසරදයක්‌, සර්...

    :lol::lol:
    11.gif


     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රියෑදුරු - බිංදුවෙන් භාගයයි කැටපොල් කරුවයි තුන්සිය හැටහතයි හාමුදුරුවනේ.:lol::lol: