ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක්

kentatoki

Junior member
  • Oct 28, 2021
    11
    26
    13
    ඉංග්‍රිසි වචන මතක තියා ගන්න හදපු Flashcard Set එකක් ඕනේ අය පහළ ලින්ක් එකෙන් ගන්න.

    English - Sinhala Basic Vocabulary දැනගත යුතු ඉංග්‍රිසි වචන 4500


    https://quizlet.com/join/fEqznDBPd

    Flashcards ගැන දන්නේ නැති අය පහළ ටික කියවන්න.

    පාඩම් මතක තියාගන්න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?​

    1. ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවටද?​

    01-37.jpg


    ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ පාඩම් කරන එක කිසිම කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් එක්තරා විදියේ සෙල්ලමක්. සරලවම කිව්වොත් මෙහෙමයි… හිතන්නකෝ ඔයා පොතක ප්‍රශ්නෙයි උත්තරෙයි ලියලා ඒක පාඩම් කරනවා කියලා. ඒක මහා කම්මැලි වගේනේ වෙලාවක් යද්දි (හැමෝටම නෙමේ) ඒත් මේ ක්‍රමේ නම් ගොඩාක් වෙලා කරන්න පුළුවන්, කිසි කම්මැලි නැති වැඩක්.



    2. කොහොමද ෆ්ලෑශ් කාර්ඩ් හදන්නේ?​

    02-36.jpg


    මේක අපිට කැමති විදියකට නිර්මාණශීලී විදියට හදන්නත් පුළුවන්. සරලවම හදන හැටි කිව්වොත් මෙහෙමයි. කොටුවට කපාගත්ත කොළේක හරි කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක හරි එක පැත්තක ඔයාට අමාරු විෂය ප්‍රශ්නයක් ලියන්න. අනික් පැත්තේ උත්තරේ ලියන්න. මේ වගේ දහයක් විතර හදන් ශෆල් කරන්න ඊට පස්සේ කාර්ඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරේ කියන්නයි තියන්නේ. ඒ වගේ කාර්ඩ් ඔක්කොම හරියට කියනකම්ම මේක කරන්න.



    3. ප්‍රශ්න සහ උත්තරවලට අමතරව වෙන මොනවාද ලියන්න පුළුවන්?​

    003-4.jpg


    ප්‍රශ්න වලට උත්තරේම ඇරෙන්න මේකේ පාඩම් කරන්න කෙටි ක්‍රම වගේ දේවලුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එක පැත්තක දිශා අට නම් කරන්න. අනික් පැත්තේ අපි හැමෝම දන්න “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” ලියන්න. මේ වගේ වෙනත් පාඩමට ලේසි දේවල් සහ අදාළ දේවල් වුණත් ලියන්න පුළුවන්…



    4. හැම එකටම ගැළපෙනවද ?​

    04-34.jpg


    මෙහෙමයි, මේක එක් එක්කෙනාට සාපේක්ෂයි. සමහර අයට හැම එකටම ෆ්ලෑශ් කාර්ඩ් හදන්න පුළුවන්. ඒත් සමහර ඒවා වලට බෑ. දැන් ගණිතය වගේ එකක් ගත්තොත් ඉතින් ෆ්ලෑශ් කාර්ඩ් හදන්න ට්කක් අමාරුයි. විද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන්ට මේ ක්‍රමය ගොඩාක් ගැළපෙනවා.



    5. ෆෝන් එකෙන් බැරිද?​

    05-32.jpg


    ෆ්ලෑශ් කාර්ඩ් හදන ඇප්ස් ගොඩාක් තියනවා. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරල වුණත් මේවා හදන්න පුළුවන්. තව Quizlet වගෙ ඇප් වලත් ගොඩාක් තියනවා හදපු ෆ්ලෑෂ් කාර්ඩ්. ඒ වුනාට අපි හිතන්නේ ඇප්ස් වලට වඩා තමන්ම තමන්ගේ ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන එක ගොඩාක් ඵලදායී වෙයි කියලයි…



    6. ෆ්ලෑශ් කාර්ඩ්ස් හදන්න උදවු වෙන ඇප්ස්​

    06-34.jpg


    අතින් ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න කම්මැලි අයට ස්මාට් ෆෝන් එක භාවිතා කරලා ෆ්ලෑෂ් කාර්ඩ්ස් හදාගන්න උදවුවෙන ඇප්ස් කීපයක් පහතින් අපි කියන්නම්.





    ෆ්ලෑෂ් කාර්ඩ් භාවිතා කරල පාඩම් කිරීමේ මේ ක්‍රමය නම් කිසිම කම්මැලි කමක් නැතුව කරගන්න පුළුවන් විනෝදෙන්. ඒක ඔයාලටත් තේරෙන්න ඇතිනේ. ඔයත් පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම මේ ක්‍රමේ පාවිච්චි කරන්න. යාළුවන්ටත් කියන්න.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,197
    113
    Mother Earth
    මේ මොන විකාරයක්ද බන් මේ. Flashcard හොඳයි ඔටිසම් තියෙන උන්ට. natural විදිහට ඉගෙන ගන්න.
    what a nonsense is this ? Flashcards are good for people with autism. just learn in a natural way.